වසං­ගත සිහි­ග­න්වන මුද්දර | Page 4 | සිළුමිණ

වසං­ගත සිහි­ග­න්වන මුද්දර

එදා වරින් වර ඇතිවූ වසං­ගත තත්ව­යන් හමුවේ ලෝක ජන­තාව දැඩි අව­දා­නම් සහ­ගත තත්ව­යන්ට මුහුණ දුන් අතර වර්ත­මා­න­යේදී ඇතිවී තිබෙ­නු­යේද ඊට සමාන පරි­ස­ර­යකි. මේ වන විට ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය මඟින් නව කොරෝනා හෙවත් කොවිඩ් - 19 ලොව වෙළා­ගත් වසං­ග­ත­යක් බවට අන­තුරු අඟවා තිබේ. අතී­තයේ උගත් පාඩම් නැවත නැව­තත් ආව­ර්ජ­නය කර ගැනීම සඳහා මුද්දර මත­ක­යන් ඔබට උප­කාරී වනු ඇත.

 

මැලේ­රියා වසං­ග­තය

1930 දශ­කයේ ලංකාවේ සෞඛ්‍යය අන්ත­ය­ටම පිරි­හෙ­මින් මැලේ­රි­යාව රට­පුරා පැතිර ගියේය. 1935 වසරේ මුල් සති හය ඇතු­ළත ළම­යින් 3500ක් මිය­ගිය බව පුව­ත්පත් වල වාර්තා වූ අතර මැලේ­රියා මර්ධ­නය සඳහා හමු­දාව ස්ව කැමැ­ත්තෙන් ඉදි­රි­පත් වීම එදත් දක්නට ලැබුණු විශේ­ෂිත ලක්ෂ­ණ­යකි. ලංකා සම සමාජ පක්ෂය මූලික කර­ගත් "සූරිය මල් ව්‍යාපා­රය" මැලේ­රි­යා­වෙන් විප­තට පත් ජන­තා­වට ආධාර උප­කාර කිරීම සඳහා මහත් වෙහෙ­සක් ගත්තේය. වෛද්‍ය පහ­සු­කම්, ආහාර සහ­නා­ධාර ලබා­දී­මට ඔවුහු මූලික වූහ. සම සමා­ජයේ ආචාර් ය එන්. එම්. පෙරේරා "පරිප්පු මහ­ත්තයා" බවට පත් වූයේ මෙම සහ­නා­ධාර වැඩ­පි­ලි­වෙළ ක්‍රියා­ත්මක කිරී­මට නාය­ක­ත්වය දුන් නිසා­වෙනි. මැලේ­රි­යාව මෙතෙක් මෙර­ටින් වාර්තා වූ දරු­ණු­තම වසං­ග­තය වූ අතර ඉන් ජීවිත 125,000 කට අධික සංඛ්‍යා­වක් රටට අහිමි විය. 1962 අප්‍රේල් 7 වැනිදා මැලේ­රියා මර්ධන ව්‍යාපා­රය නිමිති කොට ගෙන ශත 25ක සමරු මුද්ද­රක් නිකුත් කොට ඇත.

ක්ෂය රෝගය

වර්ෂ 1600 දී පමණ ලොව ජන­ග­හ­න­යෙන් මිලි­යන 1.5 කට ආසන්න සංඛ්‍යා­වක් මෙම රෝග­යෙන් පීඩා විඳි අතර ඉන් 80% ක්ම සංව­ර්ධ­නය වෙමින් පව­තින රට­වල ජන­තාව විය. ක්ෂය රෝගය නිවා­ර­ණය සඳහා රජය අවශ්‍ය සිය­ලූම පහ­සු­කම් සපයා දී ඇති අතර වැලි­සර පිහි­ටු­වන ලද ළය රෝහල ඒ අතු­රින් ප්‍රමු­ඛය. ක්ෂය රෝග කාර­කය සොයා ගනු ලැබූ වෛද්‍ය රොබට් කොක් සම­රනු වස් ශත 50ක සමරු මුද්ද­ර­යක් 1982 සැප්තැ­ම්බර් 21 දින ඉති­හා­ස­යට එක් විය.

ලාදුරු රෝගය

අතී­ත­යේදී නම ඇසූ පම­ණින් තැති ගැන්මට ලක් වන මෙම රෝගය, අද වන විට නිට්ටා­වට සුව කළ හැකි රෝග අත­රට එක්ව ඇත්තේය. ලාදුරු රෝගය වෙනු­වෙන් ප්‍රති­කාර ලබා­දීම සඳහා මෙරට රෝහ­ලක් ඉඳි­වන්නේ ලන්දේසි පාලන සම­යේ­දීය. ඒ වර්ෂ 1708 දීය. හැඳල පිහිටි මෙම මධ්‍ය­ස්ථා­නය මෙරට ප්‍රථම කොරෝනා නීරෝ­ධා­යන මධ්‍ය­ස්ථා­නය ලෙස නම් කෙරු­ණද එහි කට­යුතු ව්‍යර්ථ විය. ලාදුරු රෝහල ඉඳි­කර වසර 300ක් ගත­වීම නිමි­ත්තෙන් 2009 අප්‍රේල් 23 දින රු. 5.00ක සමරු මුද්ද­ර­යක් නිකුත් කර තිබේ.

ඒඩ්ස් රෝගය

සෑම වස­ර­කම දෙසැ­ම්බර් 01 වනදා ලෝක ඒඩ්ස් දිනය ලෙස නම් කර ඇති අතර රෝගය පිළි­බඳ දැනු­වත් භාවය ඉහල නැංවී­මට මෙම දිනය මූලික කර­ගෙන ලොව පුරා ක්‍රියා­කා­ර­කම් රැසක් සිදු වේ. ලෝක ඒඩ්ස් දිනය වෙනු­වෙන් 1980 නොවැ­ම්බර් 30 දින රු. 8.00 හා රු. 1.00 බැගින් වූ සමරු මුද්දර දෙකක් නිකුත් කර තිබේ.

කොළඹ ජාතික රෝහල

වර්ෂ 1864 දී අක්කර 32ක භූමි­යක ඇරඹි කොළඹ ජාතික රෝහල ලංකාවේ ප්‍රධා­න­තම ශික්ෂණ රෝහ­ලයි. එය ලංකාවේ අව­සන් යොමු ස්ථාන­යද වේ. වර්ෂ 2015 දී කොළඹ ජාතික රෝහල ස්ථාප­නය කර වසර 150ක් ගත­වීම නිමි­ත්තෙන්, සමරු මුද්ද­ර­ය­කින් උප­හාර දක්වා තිබේ. එහි වටි­නා­කම රු. 10.00කි. මීට අති­රේ­කව, කොළඹ වෛද්‍ය විද්‍යා­ලය, රතු කුරුස සමා­ජය, ලේ දන්දීමේ ව්‍යාපා­රය, ලෝක හෙද දිනය, අක්ෂි­දාන සංග­මය, අනු­රා­ධ­පුර ශික්ෂණ රෝහල, ලෝක ජල­භී­තිකා දිනය, ළමා ප්‍රති­ශ­ක්තී­ක­ර­ණය ආදී තේමා­වන් රැසක් වෙනු­වෙන් මුද්දර නිකුත් කර තිබේ. ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉති­හා­සය කියවා ගැනීම සඳහා මෙම මුද්දර කදිම මූලා­ශ්‍රය.

Comments