කෝවිඩ් 19න් ගොඩ එන්න රජය ජනතාවට දුන් සහන පැකේජය | සිළුමිණ

කෝවිඩ් 19න් ගොඩ එන්න රජය ජනතාවට දුන් සහන පැකේජය

චීනයේ වුහාන් ප්‍රාන්තයෙන් ආරම්භ වී මේ වන විට ලෝකය පුරා පැතිර යමින් තිබෙන කොවිඩ් 19 නැතිනම් නෙකාරෝනා වයිරසය නිසා මේ මොහොත විශ්වයම ඉති තීරණාත්මක එකක් බවට පත් වී තිබේ. ලෝක වසංගතයක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ කොරෝනා වයිරසය පැතිර යෑම නම් කොට ඇත.

 

එවන් ලෝකයටම බලපාන වසංගතයක් හමුවේ ලෝ වැසි සියලු ජනතාව තිගැස්සි, යම් බියකට පත්වී ජීවත් වන තත්වයක් උදා වී ඇතැයි කීවද එහි වරදක් නැත. මේ අවස්ථාවේ මුව ලෝකයමඑක එක මට්ටමින් අඩපණ වීම් නතර කිරීම් වලට බඳුන් වී තිබේ. එය රටින් රටට, සමාජයෙන් සමාජයට අඩු වැඩි වශයෙන් කරන බලපෑම් යහපත් එවා යැයි කිව නොහැකිය.

මුළු ලෝකයම lokdawn පවතින අවස්ථාවක ඉන් අපේ රටේ සමාජ, ආර්ථික අංශවලට එල්ල කරන බලපෑම් අවම කර ගැනීමට ජනපති- අගමැති උපදෙසින් විවිධ වැඩපිළිවෙල ක්‍රියාත්මක කොට තිබේ. වසංගත රෝග පීඩාවන් තත්වය හමුවේ රටේ සාමාන්‍ය සාමාන්‍ය ජන ජීවිතය, රටේ අර්ථිකය පසුබෑමකට ලක්වීම ස්වාභාවිකය. නමුත්! එම අයහපත් තත්ත්වයන් හැකි තරම් දුරුකොට රටේ ජනතාවගේ අපහසුතා, ආර්ථිකයේ බිඳ වැටිම් අවම කිරීමට රජය දැනටමත් ආර්ථික වශයෙන් ජනතාවට ශක්තියක් වීමට සහන පැකේජයක් යෝජනා කොට, එය ක්‍රියාත්මක කිරීමට අදාළ අංශවලට උපදෙස්, මඟ පෙන්වීම් ලබා දෙමින් සිටිති.

අපගේ මේ ලිපියේ අරමුණ රජය රටේ සමස්ත ජනතාවට සහනයක් වීමට යෝජනා කළ සහන පැකේජයේ ප්‍රතිලාභ හිමිවන සෑම කොටසක් ගැනම අවධානය යොමු කොට, එය සැබැවින්ම ජනතාවාදි වැඩ පිළිවෙලක් බවට පත්කිරීමට යම් හෝ අත්උදව්වක් සැපයිමය. ඒ පිළිබඳ මතවාදයක් ගොඩනඟා ජනතාවට මෙය උරුම කරදීමට බලගැන්වීමය.

ඒ අරමුණින් අපි, පළමුව රජය ලබාදුන් සහන පැකේජයේ කරුණු එකින් එක විමසා බලමින් ඉදිරියට යමු. ඒ පිළිබඳ ප්‍රවිණ ආර්ථික විශේෂක වින්සන් මර්වින් ප්‍රනාන්දු මහතා පවසන්නේ මෙවන් අදහසකි.

එදිනෙදා කුලී වැඩක් කර යම් මුදලක් උපයාගෙන ඉන් තමන්ගේ පවුලේ සාමාජීක සාමාජිකාවන්ගේ ආහාරපාන හා අනෙකුත් වියදම් සරිකර ගන්නා බොහෝ පිරිසක් අප රටේ ජීවත් වෙති. මේ අයගේ සමාන්‍ය ජන ජීවිතය බිඳ නොවැටී ආර්ථික වශයෙන් සවිමත් කිරීමට රුකුල් දීමට රජය ආර්ථික සහන පැකේජයෙන් සහන රැසක් ලබාදී තිබේ. තමන්ගේ එදිනෙදා වියදම් අතර වැඩිබරක් දරන්නට වන මාසික විදුලි බිල, ජල බිල, රියැදුරු බලපත්‍රය අලුත් කිරීමේ දිනය ඇතුළු ගෙවිම් සිදු කිරීමට ඇත්නම් ඒවා ලබන අප්‍රේල් මස 30 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ගත් තීරණය සහනයකි. එපමණක් නෙව ණය කාඩ්පත් මඟින් රුපියල් 50,000 ට අඩු ගනුදෙනු සඳහා මුදල් ගෙවීමද එදින දක්වා දීර්ඝ කර තිබේ. මේ ණය ගෙවීම් ප්‍රමාද කිරීම හා ඊට අය කරන උපරිම පොලී ප්‍රමාණය සියයට 15 ක් විය යුතු බව ජනාධිපතිවරයා නියම කොට ඇත. මේ සාමන්‍ය මධ්‍යම පාන්තික හා ඊට පහළ සමාජ ස්ථරයේ සිටින ජනතාව වෙනුවෙන් රජය පිරිනැමු විශාල සහනයකි.

රටේ සමාජයේ ප්‍රධානම පාර්ශ්වකරුවන් වන්නේ යම් ආර්ථිකයක නියැළි සිටින ලොකු කුඩා පරිමාණායේ ව්‍යවසායකයින්ය. ඒ බවට විවාදයක් අප තුළ නොපවති. ඒ අනුව මේ ව්‍යවසායක ව්‍යාපාරික ජනතාවගේ ආර්ථික ක්‍රියාකාරකම් අඩපණ වීමට ඉඩ නොදී සාර්ථකව ඉදිරියට ගෙනයෑමට රජය ලබාදී ඇත්තේ විශාල පිටුබලයකි. ව්‍යවසායකයා දක්නා පැතිරුණු පරාසයන් සියල්ලම ආවරණය වන පරිදි ලබාදීමට යෝජනා කළ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා පැවැසීය.

අපි මුලින්ම කුඩා ව්‍යවසායකයා ගනිමු. මේ වන විට සමාජයේ ත්‍රිවිලර් රථ, කුඩා ලොරි රථ, කාර් වෑන් රථ යොදාගෙන ප්‍රවාහන සේවා සපයන බොහෝ පිරිසක් වෙති. ඔවුන්ගේ මුළු ආදායම් මාර්ගයන්ම කොරෝනා වයිරසය හමු වේ බිඳ වැටි ඇත. ඒ නිසා තමන් ජීවනෝපාය ලෙස යොදාගත් ක්‍රියාකාරකම් ඇනහිට ඇත. නමුත්! ඒ සඳහා යොදා ගන්නා මුලින් කී රථවාහන සඳහා ලබාගත් ලීසිං නැතිනම් කල්බදු වාරිකය හා පොලීය මාසයක් මාසයක් ගෙවීය යුතුව තිබේ. මේ පිරිස්වලට සහනයක් ලබා දීමේ අරමුණින් ත්‍රීවිලර්, කුඩා ලොරි රථ, පාසැල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් බස් රථ ඇතුළු පොදු ප්‍රවාහනයට සම්බන්ධ වාහන වලට ආපසු ගෙවිය යුතු ලීසිං වාරික හා පොලී ගෙවිම් අවශ්‍යතා මාස හයකට අත්හිටුවා ඇත. මෙය රටේ ජනගහනයෙන් ලක්ෂ 40 වු පාසැල් දරු දැරියන් ඇතුළු විශාල මගී ජනතාවගේ සිතට සැහැල්ලුවක් ලබාදෙන

විශේෂයෙන් එම රථවාහන හිමියන් විශාල පිරිසකට ලබදෙන මිල කළ නොහැකි ගින්දර නිවූ සහනයක් වනු ඇත.

අප රටේ රාජ්‍ය සේවයේ නියුතු ලක්ෂ පහළොවකට ආසන්න සේවක පිරිස හා ලක්ෂ 50 කට ආසන්න පෞද්ගලික අංශ සේවක පිරිස තම තමන්ගේ විවිධ පෞද්ගලික අවශ්‍යතා මත නිවසක් ඉදිකර ගැනීමට යතුරු පැදියක් මිලදී ගැනීමට ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට යනාදියට බැංකු හා මුල්‍ය ආයතන වලින් ණය මුදල් ලබාගෙන ඇත. මේ පිරිස් ලබාගෙන ඇති ණය මුදල සඳහා වාරික හා පොලී මුදල් සෑම මාසයකම මුල්‍ය ආයතන වලට ගෙවිය යුතුය. එය මේ අවස්ථාවේ දුෂ්කර කාර්යයක් බවට රජයට හැගි ගොස් ඇත. ඒ අනුව මේ පිරිස්වලට සහනයක් ලබා දීමේ අරමුණින් මාස තුනකට මේ ආපසු ගෙවීම් අත්හිටුවා ඇත.

අප රටේ ඇගළුම්, සංචාරක, සුව හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඇතුළු ආර්ථිකයේ වර්ධනයට විශාල දායකත්වයක් ලබාදෙන පිරිසක් සිටිති. මේ අයගේ ව්‍යාපාර මේ වන විට විශාල ලෙස අභියෝගයකට ලක්වී අඩපන වී ඇත. ඒ අඩපණවීම් වලින් ඔවුන් නිදහස් කර නැවත නැඟි සිටීමට ඔවුන්ට දිරි දීමට රජය ඉතා සහනදායි වැඩ පිළිවෙලක් යෝජනා කොට ඇත.

තමන් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරයේ සියුණුවට අවශ්‍ය මුල්‍යමය අවශ්‍යතා ඉතා අඩු පොලී අනුපාතයකට , ඉතා ඉක්මනින් ලබා ගැනීමට යෝජනා කාට ඇත. සියයට 04 ක් තරම් වු පොලී නුපාතයකට රුපියල් ලක්ෂ 25ක් 50ක් පමණක් නොව රුපියල් ලක්ෂ 100ක් 150ක් වුව බැංකු මගින් කාරක ප්‍රාග්ධනය ලබාදීමට රජය දැනටමත් බැංකු හා මුල්‍ය ආයතන වලට උපදෙස් දී ඇත.

මේ සදහා වන තමන්ගේ ව්‍යාපාරික සැලැස්ම බැංකු වෙත යොමු කොට මේ පහසුකම ලබා ගැනීමට අප්‍රේල් 30 වැනිදා දක්වා ඉල්ලුම් කිරීමට පහසුකම් සපයා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්. ඒ කරුණාරත්න මහතා ලියුම් සමඟ සඳහන් කළේය. ඒ සදහා අවශ්‍ය කරන අරමුදල් සැපයීමට රුපියල් බිලියන 50ක් (රුපියල් කෝටී 5000) ක් දැනටමත් වෙන් කොට ඇතැයි ද නියෝජ්‍ය පඩිපතිවරයා විස්තර කළේය.

මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නිරත වී සිටින ව්‍යාපාරික ප්‍රජාවට වත්මනේ කෙටි කාලින සහ න සැලසීමේ අරමුණින් වැට් බදු සම්බන්ධයෙන් සහන හතරක රජය ලබා දී ඇත.

මේ වන විට වැට් බදු අය කිරීම සම්බන්ධයෙන් ලියාපදිංචි වී සිටින වෙළදුන් වෙත මේ සහන ලැබී ඇත. වැට් බදු සාමාන්‍යෙයන් ගනුදෙනුකාර පාරිභෝගික ජනතාවගෙන් ලබාගෙන එය සෑම මාසයකටම වරක් දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවීමට මේ ව්‍යාපාරිකයෝ ක්‍රියා කරති. ඒ අනුව මේ වසරේ පෙබරවාරි මාසයට එකතු වු වැට් බදු මාර්තු මාසයේ 20 වැනිදා දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවීමට නියමිතව තිබුණි. මේ ගෙවීම් අප්‍රේල් 30 දින දක්වා දීර්ඝ කිරීමට රජය යෝජනා කළේය. ඒ අනුව ව්‍යාපාරික ප්‍රජාව විසින් පාරිභෝගික ජනතාවගෙන් අය කර ගන්නා පෙබරවාරි හා මාර්තු මාසවල වැට් බද්ධ පවා දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට ලබා දීමට අප්‍රේල් 30 වැනිදාය. මේ නිසා තමන් අත එකතු වූ වැට් බදු බැංකු පද්ධතිය තුළ ඉතුරුම් ලෙස පවත්වා ගනිමින් ව්‍යාපාරික පිරිසට යම් පොලී ආදායමක් ලබා ගැනීමට අවස්ථාව සැලසී ඇත.

ඊට අමතරව වැට් ඉදු අයකරමින් පිට රටින් භාණ්ඩ ගෙන්වීමට ආනයනකරුවෝ සෑම මාසයකට වරක්ම දේශීය ආදායම් දෙපාරත්මේන්තුවෙන් ලබා ගතයුතු අවසරය කල් ඉකුත් වී ඇත්නම් , එයව අප්‍රේල් 30 දක්වා දීර්ඝ ලෙස සැලකීමට අවසරය ලැබී ඇත. වැට් බදු රහිතව භාණ්ඩ ආනයනය කිරීමේදී ද මාසයකට වරක් අවසරය ගත යුතුය. මේ දෙආකාරයටම ලබා ගතයුතු අවසරයන් කල් ඉක්මවා තිබිය ද ලබන අප්‍රේල් 30 දක්වා, දැනට ලබාගෙන තිබෙන අවසරය භාවිතා කොට භාණ්ඩ ගෙන්වීමට ඉඩ ලැබීම ව්‍යාපාරික ආනයනකරුවෝ ලැබූ සහනයක් බව දේශීය අදායම් කොමසාරිස් ජනරාල් හදුන් ගුරුගේ මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම වැට් බදු අය කළ සෑම මාසයක් සදහාම වූ ඒ පිළිබවාර්තා තම දෙපාර්තමේන්තුව වෙත ව්‍යාපරිකයින් විසින් ඉදිරිපත් කළ යුතුව ඇත. මේ මාසික වාර්තා ඉදිරිපත් කිරිමේ අවශ්‍යතාවය එසේ තිබුණ දඒවාද ලබන අප්‍රේල් 30 දක්වා අත්හිටුවා තිබීම ව්‍යාපාරික ප්‍රජාවට හිමි වූ සහනයක් බව හදුන් ගුරුගේ මහතා පවසයි.

අප රටේ ලක්ෂ 18ක් තරම් වූ සමෘද්ධිලාභි සංඛ්‍යාවක් සිටිති. ම් පිරිස මේ වනවිට ඇදිරිනීතිය පනවා ඇති නිසා යම් යම් ආර්ථික අපහසුතාවන්ට ලක්ව ඇත. ඔවුන්ට ක්ෂණික යම් සහනයක් ලබාදීමේ අරමුණින් රුපියල් දස දහසක මුදලක් ලබාදීමට දැනටමත් රජය කටයුතු යොදා තිබේ. මේ ක්ෂණික ණය මුදල මාස හයක් යන තුරු ගෙවීමට අවශ්‍ය නොවේ. මේ මාස හයක සහන කාලයෙන් පසු ගෙවීමට ආරම්භ කොට වසර එකහාමාරකින් මේ මුදල පියවා නිම කළ යුතුවේ. එදිනෙදා තම ජීවිතය ගෙන යෑමට කටයුතු කරන ජනතාව ඇතුළු සමස්ත පාරිභෝගික ජනතාව වෙත සහන මිලට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මල්ලක් තම තමන්ගේ නිවෙස් වෙතම රැගෙන ගොස් ලබාදීමේ වැඩපිළිවෙලක් හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් යුතුජනාධිපති කාර්යසාධන බලකාය හරහා ක්‍රියාවට නංවා ඇත.

රටපුරා ගොවිතැන් හී නිරත වී සිටින ගොවි ජනතාවගේ අස්වන්න නෙළිමේ කටයුතු වලට පනවා ඇති ඇදිරි නීතිය බාධාවක් කර නොගැන්නයි රජය දැනටමත් දැනුම් දී තිබේ. එපමණක් නොව , රටේ ආර්ථික වර්ධනය හා ව්‍යාපාර දියුණු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වහා රැස් වී සිය පොලී අනුපාත අඩුකොට ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මේ ප්‍රතිපත්තිමය පොලී අනුපාත අඩු කිරීම් හරහා ද නිල තැන්පත් සංචිත අවශ්‍යතා මත බැංකු විසින් තැන්පත් කළ යුතු මුදල් ප්‍රමාණය අඩුකළ නිසා ද වැඩි වැඩියෙන් , ඉතා ඉක්මනින් රටේ ජනතාවට ණය මුදල් ලබාදීමට බැංකු හා මුල්‍ය ආයතනවලට ඉඩ ලැබී තිබේ. මේ පිළිබද මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා , ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ මහතා, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිනි කේශිලා ජයවර්ධන මහත්මිය සහ ප්‍රාදේශිය සංවර්ධන බැංකුවේ සභාපති මහින්ද සාලිය මහතා ඉතා ධනාත්ම අදහස් සහිතව ජනතාවාදි සහන වැඩ සටහන් ඉදිරියේ තම තම බැංකු හරහා ක්‍රියාවට නංවන බව සදහන් කළහ.

කොළඹ ව්‍යාපාරික සංගමයේ ප්‍රධාන ලේකම් චමින්ද විදානගමගේ මහතා ප්‍රකාශ කර සිටියේ කොරෝනා වයිරසය පැතිර යාම වැලැක්වීමට රජය ගන්නා පියවර අගය කරන බවයි. ඊට අමතරව මෙවන් ව්‍යසනයක් හමුවේ බි නොවැටී ශක්තිමත්ව ඉදිරියට යෑමට ඉතා ඉක්මනින් අප ජාතියක් ලෙසවහාම දේශිය කෘෂිකර්මාන්තයට, දේශිය ආයුර්වේද ක්‍රමවේදයන්ට දේශිය පාරම්පරික අහාර වට්ටෝරුවන්ට යළිත් පන පොවා දියුණ කළ යුතු බවයි.

මෙලෙස ශ්‍රී ලංකා ආර්ථිකය යළි දේශීයත්වය, අපේකම, සුරැකෙන පරිදි ගොඩනගා ගැනීමට අප සමත්වුවහොත් වටියි. එය අපි කොරෝනා වයිරසය තුළ පවා නොවැටි, නොසැලි සිටීමට පාඩමක් කියා දී, ඉන් අප පාඩමක් ඉගෙන ගත් ජාතියක් වන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.

 

 

Comments