ඇසින් දුටු සාක්ෂි නොමැ­තිව මහා­ධි­ක­ර­ණ­යෙන් දුන් මරණ දඬු­වම අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යෙන් ස්ථිර වෙයි | සිළුමිණ

ඇසින් දුටු සාක්ෂි නොමැ­තිව මහා­ධි­ක­ර­ණ­යෙන් දුන් මරණ දඬු­වම අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යෙන් ස්ථිර වෙයි

මිනී­මැ­රුම් දෙකක් හා බර­ප­තළ තුවාල සිදු­කි­රී­මක් සම්බ­න්ධ­යෙන් ඇසින් දුටු සාක්ෂි නොමැති මුත් පරි‍ෙ­ව්ෂ­ණීය සාක්ෂි මත වර­ද­කරු කර­මින් චුදි­ත­ය­කුට මහා­ධි­ක­ර­ණය මඟින් ලබා­දුන් මරණ දඬු­වම අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යෙන් ද ස්ථිර කිරීමේ සත්‍ය කථා පුව­තක් අධි­ක­ර­ණ­යෙන් වාර්තා විය.

කුසු­මා­වතී ගෘහ­ණි­යක් වූ අතර ඇගේ සැමියා රැකි­යාව කළේ පෞද්ග­ලික ආය­ත­න­ය­කය. ඔවුන්ගේ දිය­ණිය, උත්පලා කැල­ණිය විශ්ව විද්‍යා­ලයේ දෙවන වසරේ ඉගෙ­නුම ලැබූ අතර පුතා රැකි­යා­වක නිරත විය. ඔවුන් පදිං­චිව සිටියේ හලා­වත ආන­ම­ඩුව ප්‍රදේ­ශ­යේය. ඔවුන් පදිං­චිව සිටින අක්කර එක­හ­මා­රක වත්ත ඥාති පවුල් තුන­කට උරු­ම­කම් තිබූ අතර එය නොබෙදූ ඉඩ­මක් විය. එම ඉඩමේ මෑතට වන්නට තවත් ඥාති පවුල් දෙකක් පදිං­චිව සිටි අතර එයින් එක් පවු­ලක් හා කුසු­මා­ව­තීගේ පවුල අතර දිගු කාල­යක් තිස්සේ ඉඩම් ආර­වු­ලක් තිබුණි. මෙම ආර­වුල විස­ඳා­ගත නොහැකි වූ තැන ඔවුන් නඩු­ම­ගට බැස අධි­ක­ර­ණයේ පිහිට පැතූහ. එක් නඩු වාර­ය­කට පසු ඊළඟ නඩු­වා­රය සඳහා නඩුව මාස ගණ­නා­ව­කින් කල් යන අතර විස­ඳු­මක් පෙනෙන තෙක් මාන­ය­ක­වත් නොති­බුණි.

මේ පවුල් දෙක අතර පව­තින අන­ව­රත අර­ග­ල­යද නිමක් නැත. බොහෝ දුරට කුසු­මා­ව­තීගේ පවුල නිහ­ඬව සිටී­මට උත්සාහ ගන්නා මුත්, සම­ර­නා­යක පවුලේ වෛරය නිමක් නොවීය. පවුල් දෙක අතර කිහි­ප­ව­තා­වක්ම බහි­න්බ­ස්වීම් ද සිදු­විය. මේ අතර කුසු­මා­ව­තීගේ සැමි­යාට පාදයේ ඇතිවූ ආබා­ධ­යක් හේතු­වෙන් රෝහ­ල්ග­තවී ප්‍රති­කාර ගැනී­මට සිදු­විය.

එදින සිකු­රාදා දින­යක් වූ අතර කුසු­මා­ව­තීගේ දරු­වන් දෙදෙනා නිවසේ නොසි­ටි­යේය. වෙලාව වස 5ට ආස­න්නවී තිබුණු අතර කුසු­මා­වතී නිවස සමී­පයේ වූ ඇළට දිය නෑම සඳහා පිටත් වූවාය. ඇළට යාමට තිබුණේ ඉඩම් ආර­වුල් තිබූ පවල් දෙකේ නිවාස පසු­ක­ර­මිනි.

කුසු­මා­වතී සම­ර­නා­ය­කගේ නිවස පසු­කර යත්ම, නිවස තුළ සිට කැත්තක් රැගෙන ඈ වෙත දිව­ගෙන ආ සම­ර­නා­යක කැත්තෙන් ඇගේ පිටට පහර දුන්නේය. පහ­ර­කෑ­මට ලක්වූ ඇය බිම ඇද වැටුණු අතර, ඈ නැගී සිටී­මට උත්සාහ ගත්තාය. සම­ර­නා­යක කඩු­ව­කින් හා පොල්ල­කින් ඇගේ දෙඅත් හා දෙපා­ව­ලට පහ­ර­දුන් අතර නැගී සිටී­මට උත්සාහ ගත්විට වේග­යෙන් හිසට පහර දුන්නේය. ඈට ක්ලාන්ත ගති­යක් දැණුනු අතර ඇය මැරුණු බවක් අඟ­ව­මින් බිම වැද හොත්තේය. චුදිත ඇයව ඇද­ගෙන ගොස් ඇළට දැම්මේය.

මද වේලා­ව­කින් ඇයට දුව කෑග­සන ශබ්දය ඇසුණි. බුදු අම්මේ මිනී මර­නවා බේර­ගන්න යන වචන කුසු­මා­ව­තීට ඇසු­ණත්, නැගී සිටී­මට තරම් ප්‍රාණ­යක් ඈට නොති­බුණි. ඒ වන විට වෙලාව සවස 6.30 පමණ විය. රාත්‍රී 7.30 පමණ ඇය බොහෝ අප­හ­සු­වෙන් බඩ­ගා­මින්, දණ­ගා­මින් නිවස සමී­ප­යට පැමි­ණෙන විට, සියල්ල සිදුවී හමා­රව තිබුණි. ඇගේ දිය­ණි­යගේ මෘත ශරී­රය නිව­සට යන අඩි­පා­රේත්, පුතාගේ මෘත ශරී­රය නිවස සමී­ප­යේත් තිබී සොයා­ගෙන තිබුණි. පිරිස වහාම කුසු­මා­ව­තී­වද රෝහ­ල්ගත කළාය. මේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් පොලි­සිය මඟින් අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කෙරුණි. නීති­පති මඟින් චුදි­තට විරු­ද්ධව හලා­වත මහා­ධි­ක­ර­ණයේ අධි­චෝ­දනා ගොනු කෙරුණි. නඩුව එහි විභාග වූ අතර මිනී­මැ­රුම් දෙක සම්බ­න්ධ­යෙන් ඇසින් දුටු සාක්ෂි කිසි­වක් ඉදි­රි­පත් නොවීය. තමන්ගේ දිය­ණිය තමන්ව බේරා­ගන්නා ලෙස කෑග­සන ශබ්දය තමන්ට ඇසුණු බවත් මෙම චුදිත තමන්ට බර­ප­තළ තුවාල සිදු­කළ ආකා­ර­යත් කුසු­මා­වතී අධි­ක­ර­ණ­යේදී කියා සිටි­යේය. කුසු­මා­ව­තීගේ සාක්ෂියේ පර­ස්ප­රතා හා ඌනතා සල­කුණු නොවිනි.

කුසු­මා­වතී වෙනු­වෙන් ඉදි­රි­පත් වූ ජනා­ධි­පති නීති­ඥ­වරු පවුල් අතර පැවැති දිගු­කා­ලීන අර්බු­දය පිළි­බඳ අධි­ක­ර­ණයේ අව­ධා­නය යොමු කළහ. එසේම චුදිත විසින් කුසු­මා­ව­තීට මර­ණීය තුවාල සිදු­ක­රන ලද බවත් ඒ සම්බ­න්ධ­යෙන් ඇය විසින් ලබා දුන් සාක්ෂි හා අනි­කුත් කරුණු ද සැල­කි­ල්ලට ගැණුනි. කුසු­මා­ව­තීට පහර දුන් කැත්තද අධි­ක­ර­ණයේ සාක්ෂි සඳහා ඉදි­රි­පත් කෙරුණි. එම කැත්ත සොයා­ගනු ලැබු­වේද චුදිත භාරයේ තිබි­ය­දීය. මිනී­මැ­රුම් සඳහා එම කැත්තද යොදා­ගෙන තිබූ බව රස පරී­ක්ෂක වාර්තා­ව­ලින් ඔප්පුවී තිබුණි.

‍ෙම් අනුව සිය­ලුම පරි­වේ­ෂ­ණීය සාක්ෂි වලින් මෙම මිනී­මැ­රුම් දෙක සඳහා වැර­දි­කරු චුදිත බව සාධා­රණ සැක­යෙන් ඔබ්බට ඔප්පුවී තිබුණි. ඒ අනුව හලා­වත මහා­ධි­ක­ර­ණය මඟින් චුදිත සම­ර­නා­යක සියලු චෝද­නා­ව­ලට වර­ද­කරු ‍කරමින් මරණ දඬු­වම නියම කළේය.

චුදිත මෙම මරණ දඬු­ව­මට එරෙ­හිව අභි­යා­ච­නා­ධි­ක­ර­ණයේ, අභි­යා­චනා පෙත්ස­මක් ඉදි­රි­පත් කර තිබුණි. එහිදී චුදිත සම­ර­නා­ය­කගේ නීති­ඥ­ව­රුන් විසින් මහා­ධි­ක­ර­ණයේ පැමි­ණිල්ලේ සාක්ෂි අභි­යෝ­ග­යට ලක් නොක­ළේය. එසේම පැමි­ණි­ලි­කාර කුසු­මා­ව­තීගේ සාක්ෂියේ පර­ස්ප­රතා හෝ ඌනතා කිසි­වක් සල­කුණු නොකෙ­රුණි. මෙම මිනී­මැ­රුම් සිදු­කි­රීම සඳහා කාල­යක් තිස්සේ පවුල් දෙක අතර පැවැති ඉඩම් ආර­වු­ලද සැල­කි­ල්ලට ගැණුනි.

‍ෙම් අනුව මෙම මරණ දෙක චුදිත විසින් සිදු­ක­රන ලද බව සාධා­රණ සැක­යෙන් ඔබ්බට ඔප්පු­වන බව අභි­යා­ච­නා­ධි­ක­ර­ණ‍ෙය්දී ද සනාථ විය. එම නිසා හලා­වත මහා­ධි­ක­ර­ණය විසින් චුදි­තට ලබා­දුන් මරණ දඬු­වම අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යේදී ස්ථිර කළේය.

(සත්‍ය කථා­වක් වන අතර නම් ගම් මනඃ­ක­ල්පි­තය. මෙම නඩුවේ පැමි­ණිල්ල වෙනු­වෙන් එව­කට අති­රේක සොලි­සි­ටර් ජෙන­රාල් වර්ත­මාන නීති­පති දප්පු­ලද ලිවේරා මහතා පෙනී සිටි­යේය.)

සිතු­වම - හර්ෂ ගුණ­ව­ර්ධන

Comments