‘MAXXIS තුරු වියන’ දෙවැනි අදියර | සිළුමිණ

‘MAXXIS තුරු වියන’ දෙවැනි අදියර

 ශ්‍රී ලංකා­වාසී සියලු දෙනාගේ අනා­ගත අභි­වෘ­ද්ධිය සඳහා සහ මතු පර­පුර සඳහා දෙනු ලබන දායා­ද­යක් ලෙස ජීවයේ පැවැ­ත්මට අති­ශ­යින් වැද­ගත් ජීව ඔක්සි­ජන් වායුව නිෂ්පා­ද­නය සඳහා අවශ්‍ය රුක් වගාව සංව­ර්ධ­නය කිරීම අපගේ වග­කී­මක් ලෙස සලකා ඉහත ව්‍යාපෘ­තියේ දෙවන පිය­වර සී/ස ටයර් හවුස් සමූහ ව්‍යාපා­රයේ MAXXIS THURU VIYANA, MAXXIS ටයර් සන්නා­මය යටතේ දියත් කරන ලදී. පසු­ගිය මාර්තු 10 වන දා ප්‍රවීණ රංග­ධර ආචාර්ය රවීන්ද්‍ර රන්දෙ­ණිය මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් අඹේ­පුස්ස සිංහ රෙජි­මේ­න්තුවේ යුධ හමුදා පරි­ශ්‍රයේ දී දියත් කරන ලදී. ඡායා­රූ­පයේ වමේ සිට ශ්‍රී ලංකා යුද හමුදා පාබළ අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකා සිංහ රෙජි­මේන්තු අධි­පති මේජර් ජෙන­රාල් මනෝජ් මුද­න්නා­යක, මධ්‍ය­ස්ථාන සේනා විධා­යක බ්‍රිගේ­ඩි­යර් අජිත් පල්ලා­වල, කළ­ම­නා­කාර අධ්‍යක්ෂ- ටයර් හවුස් සමූහ, සුනිල් ෆොන්සේකා සහ ප්‍රවීණ රංග­ධර ආචාර්ය රවීන්ද්‍ර රන්දෙ­ණිය.

Comments