කාන්තා­වන්ට සුවි­ශේෂ විශ්‍රාම සැල­සු­මක් | සිළුමිණ

කාන්තා­වන්ට සුවි­ශේෂ විශ්‍රාම සැල­සු­මක්

AIA රක්ෂණ සමා­ගම විසින් AIA Smart Pensions නමින් සැල­සු­මක් නිර්මා­ණය කර ඇත. මෙම විශ්‍රාම සැල­සුමේ සිත් ඇද­ගන්නා සුළු විශේ­ෂාං­ග­යක් වන්නේ විශ්‍රා­ම­යේදී හිමි­කර ගැනී­මට කැමති මාසික ආදා­ය­මක් තෝරා ගැනී­මට ඔබ­ටම හැකි වීමයි. ‍ඔබ නැති කල­කදී ඔබේ පවුල හොඳින් රැක­බලා ගැනී­මට ඔබට අවශ්‍ය නම්, අබ අන‍ෙ­ප්ක්ෂිත ලෙස වියෝ වුව­හොත් ඔබේ යැපෙ­න්න­න්හට ජීවිත රක්ෂණ ප්‍රති­ලා­භ­යක් හිමි­වන අතර එය එක­වර හෝ මාසික ආදා­ය­මක් ලෙස ලබා ගන්න­වාද යන්න ඔබේ යැනේ­නන්ට තෝරා ගත හැකියි. ඊට අම­ත­රව AIA විසින් ඔබ වෙනු­වෙන් වාරික ගෙවීම සිදු­ක­ර­මින් ඔබ සැල­සුම් කරන ලද විශ්‍රාම අර­මු­දල, විශ්‍රාම දිනයේ සිට එක­වර ‍හෝ මාසි­කව ඔබේ ප්‍රති­ලා­භී­න්හට ලැබී­මට කට­යුතු කරයි.

ඔබට වාරික ගෙවීමේ කාල සීමාව වසර 15 - 30 දක්වා අතර කාල­යක් සඳහා තෝරා ගැනී­මට හැකි­යාව ඇති අතර, වයස අවු­රුදු 18 - 61 දක්වා සීමාවේ සිටින අය‍ට මේ සැල­සුම මිලදී ගන්නට හැකිය. එලෙ­සම ජීවිත රක්ෂ­ණය කල්පි­රුණු පසුව ඔබේ විශ්‍රාම අර­මු­දල එක­වර හෝ මාසික විශ්‍රාම ආදා­ය­මක් ලෙස ලබා­ගැ­නීමේ හැකි­යාව මේ සැල­සුම ඔස්සේ ලබාදී තිබේ.

Comments