සංජීවී සමුගනී | සිළුමිණ

සංජීවී සමුගනී

ලේක්හවුස් ආයතනයේ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ ව්‍යාපාරික කර්තෘ ලෙස සේවය කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දිනී සංජීවනී ජයසූරිය ඉකුත් මාර්තු දා හදිසි අනතුරකින් අභවප්‍රාප්ත වූවා ය.

කොළඹ විශාකා විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යාවක වන ඇය උපත ලැබූයේ 1967 ජූනි 28 දා ය. උසස් අධ්‍යාපනයෙන් අනතුරුව බැංකු ක්ෂේත්‍රයට එක්වු ඇය පුද්ගලික බැංකු කිහිපයක සේවය කරමින් සිටියදී ජනමාධ්‍ය ක්ෂේත්‍රයට එක් වූයේ උපාලි පුවත්පත් සමාගමේ දි අයිලන්ඩ් පුවත්පතේ කර්තෘ මාණ්ඩලිකයකු වශයෙනි. අනතුරුව ලේක්හවුස් ආයතනයේ ඩේලිනිවුස් පුවත්පතේ ව්‍යාපාරික මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කළ ඇය, මිය යන විට සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ ව්‍යාපාරික කර්තෘ ලෙස සේවය කළාය.

කොළඹ කිරුළුපන පදිංචි සංජීවනි ජයසූරියට සොයුරියන් දෙදෙනකු සිටින අතර; ඇයගේ අවසන් කටයුතු පසුගියදා කොළඹදී සිදු කරන ලදී. සිළුමිණ කර්තෘ මණ්ඩලයේ ශෝකය ඇයගේ පවුලේ සැම වෙත මෙසේ පළ කර සිටිමු.

 

Comments