නිරෝධායන මධ්‍යස්ථාන 46ක 2,423ක් | සිළුමිණ

නිරෝධායන මධ්‍යස්ථාන 46ක 2,423ක්

විදේශයන්හි සිට පැමිණ මඩකළපුව පුනානි, පොළොන්නරුව කන්දකාඩු, දියතලාව ඇතුළු නිරෝධායන මධ්‍යස්ථාන 46කදී මේ වන විටත් දින දහහතරක නිරෝධායනයට ලක්වන පිරිස 2,423 කි. දින 14ක නිරෝධායනය අවසන් කළ 1,121 දෙනෙකු මාර්තු 27 වන දා වන විට වෛද්‍ය උපදෙස් මත මුදාහැර තිබේ.

එමෙන් ම සිය නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්වී සිටින පිරිසද 2,910කි. මෙයට දඹදිව වන්දනාවේ ගොස් යළි පැමිණි1,198ක්ද අයත් වේ. මේ පිරිස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හරහා ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙන අතර ඔවුන් අධීක්ෂණය කිරීමට ආරක්ෂක අංශ නිලධාරින්ද යොදවා තිබේ. ගෘහස්ථ ස්වයං නිරෝධායනයේ නිරතව සිටින එම පුද්ගලයින්ට දින 14ක් වන තෙක් කිසි විටෙක නිවෙස්වලින් සමාජගත වීමට ඉඩ නොදී කටයුතු කරන අතර අදාළ නිවෙස්වලට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ගොස් අවශ්‍ය උපදෙස් ලබාදෙන බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ ඊයේ පැවැසීය.

Comments