නොදි­යුණු පෙම නිමිත්ත | සිළුමිණ

නොදි­යුණු පෙම නිමිත්ත


වික්ටර් රත්නා­ය­ක­යන්ගේ ‘ස’ ප්‍රසං­ගයේ මුල් සමයේ සිටි එක් පෙම් යුව­ළ­කගේ ප්‍රේමය පවුල්වලට හෙළි වී ඇත්තේ, ඔවුන් දෙදෙන ද ඇතු­ළත් ‘ස’ ප්‍රේක්ෂ­කා­ගා­ර­යක විශාල සමීප රූප­යක් එකල නිකුත් වූ ‘ස’ ගී තැටි කංචු­ක­ය­කට යෙදී, එය දැකී­මෙන්ය යන සත්‍ය පුවත මිතු­ර­කු­ගෙන් අසා ඇත්තෙමි.)

ඉර, සඳ, තරු, ගස්, වැල්, ඇළ, දොළ
පෙම්ව­තුන්ගෙ රහස් දකි­නවා, සොය­නවා කියල
ඉස්සර කවි­යන් ලිව්ව කවි, සින්දු
දැන් නම් විහිළු කියල
ඔයාට හිතෙන් නැද්ද, ආදරී?

පෙම් හසුන් කටු­ගෙට යවපු
මොබ­යිල් ෆෝන් එක දෙවි­ය­කුම වුණත්,
එයයි, එයාගෙ සනු­හ­රේම අයයි නේද?
අනිත් අතට ‘නවීන උකුසු ඇස්’ මානන්නෙ?

සාප්පු­ව­කට, අව­න්හ­ල­කට, රඟ­හ­ල­කට
සින­මා­හ­ල­කට, ගෙස්ට් හවු­සි­ය­කට යනු තබා
නග­රයේ වීදි දිග ඇවි­දි­න්න­වත් හැකිද?

දන්න කියන, හොර හිත් ඇත්තෙකු
ෆොටෝ එක­කට, වීඩියෝ එක­කට අපව නොග­ත්තත්
සී.සී.ටී.වී.වල නම් අපව ඇඳෙ­නවා නිය­ත­මයි.
පෙමට, පෙම්ව­තුන්ට හොඳම තැන නම්
නොදි­යුණු ලෝක­ය­මයි කියල
ඔයාට හිතෙන් නැද්ද, ආදරී?

• දේ.වී. ගාල්ලගේ

-------------

පාපෝ­ච්චා­ර­ණය

පිංපෙ­ට්ටියෙ
සල්ලිත්
මදි වුණා
අම්මගෙ පෙට්ටි­යට

• අජිත් ලිය­නගේ

-------------

පුංචි මල්

නම නොදන්නා
පුංචි මලක්
බලා හිඳි...
අහස උසයි
දිය බිඳක්
තෙමන තුරු
පුංචි මල්
දෙතොල් පෙති...

• මේදනී මැණි­ක්කු­ඹුර



තාරු­ණ්‍ය­යට

අවු­ල් කර ගත්තට කොණ්ඩය
ඔබට නෑ කිසිම අවු­ලක්
අවු­ල් කර ගත්තොත් හිස
ඔබේ මුළු ජීවි­තය අවු­ලක්

• ජෝ. නව­රත්න

--------------

 
සැඟ­වු­ණිද සොයුරු නුඹ

මගෙයි නුඹෙයි පොඩි සංදියෙ අපේ ගෙදර වත්ත පහළ
සොයුර එකල සෙල්ලම් කළ තැන මත­කද වෙලෙන් ඉහළ
සැඟ­වෙ­න්නට කියාපු තැන ඒ මහ දර­ගො­ඩෙහි ඇතුළ
මුත්ත සෙව්ව හැංගි - හැංගි ඇත මගෙ මත­ක­යෙහි පතුල...

සැඟවී සිටි මා කොහි­දැයි දර­ගොඩ පෙර­ළ­මින් සෙව්ව
සම්බ වුණේ නැති කොට මට බය සිතෙනා ලෙසින් රැව්ව
සැඟ­වුණු නුඹ ඇසි­ල්ල­කින් මා සෙවු­මුත් නැතැයි කිව්ව
අම­නා­පය සුළු මොහො­තයි යළි අප අත් බැඳන් දිව්ව....

මතක හිමෙන් බිම වැටු­ණෙමි සොහො­යුරු පෙම මහද පෙළයි
සුදු­කොඩි ගොක්කොළ අත­රින් දෙනු­වන් නුඹෙ රුවම සොයයි
දර­ගොඩ මගෙ නෙතග ගැටෙයි නමුදු වෙනස හදට දැනෙයි
සෙල්ලම් ගෙය චිත­කය වී කපොල මතින් කඳුළු ගලයි...

සුදු දුම් කඳු දර සෑයෙන් නැගී සොයුරු රුවම පෙනේ
තරහ ගියත් සිනා­ව­මයි ඒ මුහුණේ පෙනුණි සෙනේ
දකින විටදි නොව නොද­කින විටදි වැඩිය දැනෙයි ගුණේ
සොයා­ගන්න අයියේ! නුඹ අද­ නම් මට නොහැක අනේ

• සරත් කුමාර වික්‍ර­මගේ
 

-------------

බිඳුණු අපේක්ෂා

බත් පතේ රැඳුණු කෙස් ගසක් දැක
රොස් වෙමින් නැඟූ හඬ අසා සිට
“උදෙත් නෑවා” කියා සිනාසී
නෙත් දිහා බැලූ හැටි සිහි වේය...

දැන් ඉතින් ආයෙ ටික දව­ස­කට
මේව මට ඕනැ නෑ කිය­මින්ම
නෙක පනා කොණ්ඩ කටු ඉවත් කර
සිනා­සුණු සැහැ­ල්ලුව අරු­ම­යකි...

නෙත් පතුල එබී බල­නවා විටෙක
රැඳුණු වේදනා රැස සඟ­ව­මින
උක­ටලී නොවී ජීවි­තය දෙස
සිනා­වෙන් බලනු දැක, මම හඬමි...

මුඩු හිසට කෙසඟ සිරු­රට බියව
සිතින් ළංවී ගතින් වෙන්ව ඉමි
පිළි­කාව, ඔබ තුළින් ඉවත් කළ
ඔඩු දුවනු හැ‍ඟේ මා සිරුර තුළ...

• කුමු­දිනී වේලා­රත්න
 

-------------

අම්මේ...

සිදඟනන් විහඟ ගී සමඟ හිම කුමරි
සින්ඩ­ර්රෙලා මිරි­වැ­ඩිය සොයා ආ රජ කුමරි
කාලයේ සිය­තුන් රැගෙන ගොස් ඈත­කට
විසල් වූ හද­ව­තෙහි හිස් බවක් සාද­මින

පිවි­තුරු වූ විශ්ව­යක් ඔබ එදා කියා දුන්
දකි­න්නට නොහැ­කිය කිසිඳු දින­යක දැන්
කටුක බොල් පොළොව රිදුම් දෙයි නිර­න්තර
ජීවි­තය විඩා­වෙන් මිරි­ක­මින් තව තව ද

මිනිස් සිත් සතන් සපුන් සේ විස­කු­රුය
එකම ලෙය ඇතිව එරෙහි වී එකි­නෙ­කට
විය­ස­නය හමුවේ හෙළ­න්නට කඳුළු නැත
නෙතු යුගද විය­ළිලා දවයි සිත නිතින

දවා­ලන සිත සත­පවා සන­සන්න
විඩා­බර ජීවි­තය එයින් මුද­වා­ලන්න
යමුද අපි අම්මේ තටු සොයා ගෙන­විත්
සුන්දර වූ ලොව­කට සිය­තුන් ගී ගයන

• චාන්දනී දේවිකා පුංචි­හේවා

Comments