දිනෙන් දින පුළුල් වන වියළි කලා­පයේ මායිම | සිළුමිණ

දිනෙන් දින පුළුල් වන වියළි කලා­පයේ මායිම

අභ්‍ය­ව­කා­ශයේ ඇති මිලි­යන ගණ­නක් වන තාරකා සහ දහස් ගණ­නක් වන ග්‍රහ­ලෝක අත­රින් නිල් පැහැ­යෙන් දිස් වන්නේ පෘථි­විය පම­ණ­ක්මය. ඊට හේතුව මේ විශ්වයෙ අති­ශය දුර්ලභ වස්තු­වක් වන ජලය එහි පැව­තී­මයි. පෘථි­විය ජීව­යෙන් පිරී­ගිය අති සුන්දර ග්‍රහ­ලෝ­ක­යක් බවට පත් වන්නේද ජලය පැව­තීම හේතු­වෙනි.

මේ ජලය⁣ හෙවත් හයි­ඩ්‍ර­ජන් අණු දෙක­කට ඔක්සි­ජන් අණු­වක් එක්වී­මෙන් හැදෙන රසා­ය­නික සංඝ­ට­කය අප මිහි­ත­ලය මත ඇති 'මැජි­ක්එක'ලෙසින් හැඳින් වූවාට වැරැ­ද්දක් නැත. මේ මැජි­ක්එක මුළු ලොවම ජීවත් කර­ව­න්නේය. මේ ලියන්නේ ඒ මැජි­ක්එක ගැනය. අප ජීවත කර­වන මැජි­ක්එක ගැනය.

ශ්‍රී ලංකා⁣වේ අපි ඉතා වාස­නා­වන්ත වෙමු. ඒ අන් කිසි­වක් නිසා නොව අප රටේ පිහි­ටීම නිසාය. අපි මහා­ද්වී­ප­යක කෙළ­ව­රෙහි එයට සම්බන්ධ නොවෙ­මින් මහා සාගර ජල තල­යක රැදී සිටිමු. මේ හේතු­වෙන් අපට ගෝලීය දේශ­පා­ල­න­යේදී ලැබෙන අව­ධා­නය සහ වාසි විශා­ලය. එප­ම­ණක්ද නොව ස්වභා­වි­ක­වද අපි මෙත­රම් පහසු ජීවිත අත්වි­ඳින්නේ ද මේ පිහි­ටීම හේතු­වෙනි.

අප පෙර සඳ­හන් කළ මහා ජල­ත­ලය පීර­මින් එන සිසිල් සුළඟ වස­ර­කට දෙව­රක් මාස කීප­යක් පුරා අප රටට යහ­මින් වර්ෂාව ලබා දෙන්නේය. අපේ රටේ ජන­තාව පර­ම්පරා ගණ­නා­වක් මේ වර්ෂාව අනුව තම ජීවිත හැඩ­ගස්වා ගනි­මින් වගා කට­යුතු වල යෙදු­නහ. ජලයේ වැද­ග­ත්කම ඔවුන්ට අමු­තු­වෙන් පහදා දිය යුතු වූයේ නැත. එහෙත් කාලා­නු­රූ­පව පැමිණි නාග­රී­ක­ර­ණය සහ කාර්මි­ක­ක­ර­ණය හේතු­වෙන් ඔවුන්ගේ ජීවන රටා­වන් බිඳ වැටෙ­න්නට විය. ඔවුන්ගේ දරු මුණු­පු­රන් ගොවි­තැ­නින් ඉව­ත්වීම පම­ණක් නොව කලට වැසි නොලැ­බී­මද එයට ප්‍රබල හේතු­වක් විය.

 මේ තත්ත්වය ශ්‍රී ලංකාවේ අපට පම­ණක් නොව මුළු මහත් ලෝක­ය­ටම තර්ජ­න­යක් විය. කලට වැසි නොලැ­බීම මෙන්ම ප්‍රමා­ණ­වත් වර්ෂා­වක් නොලැ­බී­මද මිනිස් ජීවි­ත­ව­ලට විවි­ධා­කා­ර­යෙන් තර්ජන එල්ල කර­න්නට විය. මිනිස් ජීවි­ත­යට ජලයේ ඇති වැද­ග­ත්කම සහ ජලය සුරැ­කීමේ වැද­ග­ත්කම, අව­ශ­තාව සම්බ­න්ධව මිනිසා අව­ධා­නය ද යොමු කිරී­මට පටන් ගත්තේ ඉන්ප­සු­වය. සෑම වස­ර­කම මාර්තු මස 22වැනිදා ලෝක ජල දිනය සැම­රෙ­න්නේද ඒ අනු­වය. අපේ රටේ පෞරා­ණික රාජ­ධානි මාරු­වීම සලකා බැලු­ව­හොත් අපේ රටේ ජන­තාව සහ ජලය අතර සබ­ද­තාව මනාව වටහා ගත හැකිය. රාජ­ධානි එකින් එකට මාරු වීම සිදුවී ඇතතේ ජලා­ශ්‍රිත පරි­ස­රය පාදක කර ගනි­මිනි. අව­සා­නයේ වැඩි ජන­ග­හ­න­යක් බස්නා­හිර පළාතේ ස්ථාවර වන්නේ නිරිත දිග මෝස­මෙන් වැඩිම වර්ෂා­වක් ලබා ගන්නා සශ්‍රී­කම ප්‍රදේ­ශය එය වන බැවිනි. එහෙත් අප රටේ සමස්ත භුමි ප්‍රමා­ණය සලකා බැලු­ව­හොත් ඒ අත­රින් වැඩි ප්‍රමා­ණය අයත් වන්නේ වියළි කාල­ප­ය­ටය. එය සමස්ත භූමි ප්‍රමා­ණ­යෙන් සිය­යට හැත්තෑ­වකි. අපේ රටේ ජන­තා­වෙන් බහු­ත­ර­යක් වර්ෂාව බහුල ප්‍රදේ­ශයේ ස්ථිරව පදිංචි වුවද කෘෂි­කා­ර්මික ජීවන රටා­වක් පවත්වා ගත්තේ ඔවුන් අත­රින් ඉතා සුළු පිරි­සක් පමණි. කෘෂි­කා­ර්මික ජීවන වෘත්තීන්හි නිරත සෙසු බහු­ත­රය වියළි කලා­පයේ එලෙ­සින්ම වගා කට­යු­තු­වල නිරත වෙමින් දිවි ගෙවුහ. එබැ­වින්ම වාරි­මාර්ග නිසි පරිදි පව­තිවා ගැනී­මත් කලට වෙලා­වට අහස් දිය ලැබී­මත් මේ ජන­තා­වගේ ජීවන තත්ත්ව­යට මෙන්ම රටේ ආර්ථි­ක­ය­ටද ඉතා වැද­ගත් විය.

 එහෙත් මෑත­කා­ලී­නව බැලු විට පෙනී යන්නේ ශ්‍රී ලංකා­වට ලැබෙන වර්ෂා ර⁣ටාවේ පැහැ­දිලි වෙන­ස්කම් දක්නට ලැබෙන බවයි.

  මීට පෙර කලට වේලා­වට ලැබුණු වර්ෂාව වෙනු­වට දැන් ඇත්තේ මාස ගණන් දිගට ඇදෙන නිය­ඟ­යයි. 2019 ගෝලීය කාල­ගුණ අව­දා­නම් දර්ශ­ක­යට අනුව කාල­ගුණ විප­ර්යා­ස­ව­ලට මුළු ලෝක­යෙන්ම දෙවැ­නි­යට මුහුණ දීමට සිදු­වන රට වන්නේ ශ්‍රී ලංකා­වය. මේ ලියන මොහොත වන විටත් අප රටේ වියළි කලා­පයේ මායිම් විශාල වෙමින් පව­ති­න්නේය. වර්ෂාව ලැබු­ණද එය ප්‍රමා­ණ­වත් නොවී­මෙන් වගා කට­යුතු අසා­ර්ථක වන්නේය. මේ සිය­ල්ලෙන් වඩාත් වැඩි පීඩා­ව­කට මුහුණ දෙන්නේ සුළු පරි­මාණ ගොවි ජන­තා­වය.

  නිය­මිත පරිදි වර්ෂාව නොමැති වීමෙන් ඔවුන්ගේ වගා විනා­ශ­වන අතර ඔවුන්ට ආදා­යම් අහිමි වේ. එම­ඟින් සිදු වන්නේ ඔවුන් තව තවත් ණය බරෙහි ගිලී යෑමය. එවැනි වූ පවුල් රාශි­යක් එක්වූ විට උද්ගත වන්නේ සමාජ ප්‍රශ්න­යකි. අනික් අතට රටේ ජන­තා­වට ප්‍රමා­ණ­වත් ආහාර නිෂ්පා­ද­න­යක් සිදු නොවී­මෙන් ආහාර ආන­ය­නය කිරී­මට සිදු­වන අතර එම­ඟින්ද සිදු­වන්නේ රටේ ණය බර වැඩි­වී­මය.

  මෙලෙස චක්‍ර­යක් සේ ක්‍රියා­ත්මක වන දුර්වි­පාක හේතු­වෙන් බල­පෑම සමස්ත රට­ට­මය. මේ චක්‍ර­යෙන් ගොඩ­ඒ­මට නම්‍ ­අප ජලය ආරක්ෂා කර ගත යුතුය. එප­ම­ණක්ද නොව කාල­ගුණ විප­ර්යාස සිදු­වී­මට තුඩු දෙන ක්‍රියා­කා­ර­ක­ම්ව­ලින් බැහැර කල යුතුය. අප රකිනා මැජික් බලය හෙවත් ජලය ආරක්ෂා කර ගත යුතුය. ඒ සඳහා අප විසින් අනු­ග­ම­නය කළ යුතු ක්‍රියා­මාර්ග රාශි­යකි.  ඒ අත­රින් අප විසින් ප්‍රථ­ම­යෙන්ම කළ යුතු වන්නේ අප සතු වනා­න්තර ආරක්ෂා කර ගැනී­මය. වර්ෂාව ලැබී­මට මෙන්ම එය සාමාන්‍ය පරිදි ලැබී­ම­ටද වනා­න්තර ලබා දෙන්නේ ප්‍රබල පිටු­බ­ල­යකි. මෝසම් වර්ෂාව පම­ණක් නොව සංව­හන වර්ෂාව ලැබී­මේදී ද  වනා­න්තර ඉටු කරන්නේ අත්‍ය­වශ්‍ය සේව­යකි. වර්ෂාව ඇති­වී­මට නම් ප්‍රමා­ණ­වත් ජල­වාශ්ප වළා­කු­ළු­වල එක්ව ඝනී­භ­ව­නය විය යුතු අතර උත්ස්වේ­ද­නය මඟින් මේ කාර්ය­යට සම්පූර්ණ දාය­ක­ත්වය ලබා දෙන්නේ වනා­න්තර විසිනි.

 එහෙත් අපේ රටේ වනා­න්තර දිගින් දිග­ටම විනාශ කෙර­මින් පව­ති­න්නේය. වර්ෂාව අඩු­වී­මට මෙය හේතු­වක් වන බව වටහා ගැනී­ම­ටත් ක්‍රියා­ත්මක වීම­ටත් දැන් කාලය ප්‍රමා­ණ­වත්ය. අනෙක් ඉතා වැද­ගත් කරුණ වන්නේ කාල­ගුණ හිත­කර කෘෂි­ක­ර්මය යොදා ගැනී­මය. ඇතැම් වගා­වන් ස්වභා­වික පරා­ස­රය විනාශ කර දම­න්නේය. නොක­ඩවා වසර කිහි­ප­යක් එකම ⁣ භෝගය වගා කිරී­මෙන් පසු පස නිසරු වන්නේ අභ්‍ය­න්තර ජල මූලා­ශ්‍රද විනාශ කර දම­මිනි. උදා­හ­ර­ණ­යක් ලෙස දුම් ශාකය දැක්විය හැකිය. එවැනි භෝග වගා කිරී­මෙන් ගොවි­ජ­න­තාව හැකි­තාක් වැළැ­ක්විය යුතුය. ඒ වෙනු­වට ශෂ්‍ය මාරු වගා ක්‍රම හඳුන්වා දිය යුතුය. ජල උල්පත් වර්ධ­නය කරන සහ ආරක්ෂා කරන මී, කුඹුක් වැනි ශාක වැඩි­යෙන් වගා කළ යුතුය.

අහස් දියෙන් වගා කරන ගොවි­යන් කෙරෙහි වැඩි අව­ධා­න­යක් යොමු කළ යුතු අතර ඔවුන්ට අවශ්‍ය පහ­සු­කම් ද සපයා දිය යුතුය.

 පොළොව අභ්‍ය­න්ත­රයේ ඇති ජල මුලාශ්‍ර වලින් ජලය ලබා ගැනී­මේදී ඉතා පිරි­සිඳු පානීය ජලය ලැබෙන නමුත් එම ජල මූලා­ශ්‍ර­ව­ලට හානි සිදු­විය හැකි බැවින් ඒ කෙරෙහි අව­ධා­නය යොමු විය යුතුය.

මේ වන විටත් එක්සත් ජතීන්ග් සංව­ර්ධන අර­මු­දල වැනි වැඩ­ස­ට­හන් සහ ශ්‍රී ලංකා රජ­යද එක්ව ජලය සුරැ­කීමේ වැඩ­ස­ට­හන් මෙන්ම ජන­තාව දැනු­වත් කිරීමේ වැඩ­ස­ට­හන්ද ක්‍රියා­ත­මක කර­මින් තිබේ. එහෙත් එය පම­ණක් ප්‍රමා­ණ­වත් නොවන්නේ දිනෙන් දින සමස්ත පෘථිවි ගෝල­යම දේශ­ගුණ විප­ර්යාස අර්බු­ද­යක් කරා ගමන් කර­මින් සිටින බැවිනි.

  ජලය යනු අපට ජීවය සප­යන මාධ්‍ය­යයි. ජලය නොමැ­තිව ජීවය නැත. ජලය හිඟ වීමෙන් මිනි­සාට මුහුණ දෙන්නට සිදු­වන දුශ්ක­රතා ඉතා කටු­කය. ජලය ආරක්ෂා කර ගත යුත්තේ සමෘ­ද්ධි­මත් ජීවි­ත­යක් උදෙ­සාය. 

Comments