සැකපිට 245 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ | Page 2 | සිළුමිණ

සැකපිට 245 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ

කොරෝනා බවට සැකපිට රෝගීන් 245 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මේ වනවිට මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 77 කි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි  සඳහන් කළේ, කොරෝනා අසාදිතයින්ගෙන් 72% ක්ම පිරිමි පුද්ගලයින් වන බවයි.

කොරෝනා අසාදිත පුද්ගලයින් 48 දෙනෙකුම විදෙස්ගතව සිට පැමිණි අය බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා ය.

නැගෙනහිර කොළඹ රෝහල හෙවත් මුල්ලේරියාව රෝහලේ ද මේ වනවිට සම්පූර්ණයෙන්ම කොරෝනා අසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සූදානම් කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ ය.

නේවිල් ප්‍රනාන්දු රෝහල, කොරෝනා බවට සැකකෙරෙන මාතෘවරුන්ට ප්‍රතිකාර කිරීම සඳහා සූදානම් කර ඇති බව ද ඔහු පැවසුවේ ය.

ඔහු පැවසුවේ, කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දැඩිසත්කාර ඒකකය ක්‍රියාත්මක වන්නේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ බවයි.

වොයිස් ඔෆ් අමෙරිකා ගොඩනැගිලි ද ප්‍රතිකාර කටයුතු සඳහා වෙන්කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ ය.

මේ අතර පුද්ගලයින් 3000 කට අධික පිරිසක් නිරෝධායන සඳහා මධ්‍යස්ථාන 22 කට යොමුකර ඇතැයි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පැවසීය.

 

Comments