කුමාර් සංගක්කාර ස්වයං නිරෝධායනයට | Page 3 | සිළුමිණ

කුමාර් සංගක්කාර ස්වයං නිරෝධායනයට

එංගලන්තයේ සිට මෙරටට පැමිණි වහාම තමන් පොලිස් ස්ථානයට දුරකතන ඇමතුමක් ලබා දී ලියාපදිංචි වූ බව සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර පවසයි.

ඔහු සදහන් කලේ, මේ වනවිට මහජන සෞඛය පරීක්ෂකවරුන්ගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ තමන් ස්වයං නිරෝධායනය වන බවයි. 

මෙම නිරෝධායන කාල සීමාව තුළ පවුලේ සාමාජිකයින්ගේ වෙන්වී තමන් කාලය ගත කරන බව ද කුමාර් සංගක්කාර පැවසීය.

ඔහු මහජනතාවගෙන් වැඩිදුරට ත් ඉල්ලා සිටියේය සෞඛ්‍ය අංශ පවසන පරිදි සබන් යොදා නිසි පරිදි අත් සේදීම, සමූහයක් වශයෙන් නොසිට හුදකලාව සිටීම වැනි උපදෙස් නිසි පරිදි පිළිපදින ලෙස ය.

නිරෝධායනයට බිය නොවන ලෙසත් රට මුහුණදී සිටින අවදානම් තත්ත්වයෙන් මුදවා ගැනීමට මෙය ජාතික යුතුකමක්, සමාජ වගකීමක් සේ සළකා කටයුතු කරන ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

පසුගිය සතියේ එංගලන්තයේ සංචාරයක නිරතව දිවයිනට යළි පැමිණි බැවින්, තමන් මේ වනවිට ස්වයං නිරෝධායනයකට ලක්ව සිටින බව කුමාර් සංගක්කාර පවසයි.

 

Comments