අසත්‍ය පතුරුවන්නන් සොයා බුද්ධි අංශ මෙහෙයුම් | Page 2 | සිළුමිණ

අසත්‍ය පතුරුවන්නන් සොයා බුද්ධි අංශ මෙහෙයුම්

39ක් අද හෙටම අත්අඩංගුවට
 
 
COVID-19 පාලනය කිරීම සඳහා රජය ගෙන යන ප්‍රයත්නයන්ට බාධා වන ලෙසින් සමාජ මාධ්‍ය ජාලාවල ව්‍යාජ හෝ ජනතාව නොමඟ යවන තොරතුරු හා දැන්වීම්  පළ පුද්ගලයින් හෝ කණ්ඩායම් අත්අඩංගුවට ගැනීමට බුද්ධි අංශ යොදවා ඇතැයි ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පවසයි.
එවන් පුද්ගයන්ට විරුද්ධව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් දැනටමත් එවැනි පුද්ගලයින් 4 දෙනකු අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සිදු කරනු ලබන බවත් ඔහු පෙන්වා දෙයි. 
 
තවත් 39 දෙනකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත. 
 
රජය ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ පැය 24 පුරාම මේ කාර්යයට උරදී කටයුතු කරන බවත් ඒ සඳහා සහාය ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ මේ වන විට ආසාදිත පුද්ගලයින් 76ක් සොයා ගෙන ඇති බවයි.  ඒ සඳහා ප්‍රතිකාර කිරීමට මේ වන විට අංගොඩ මානසික රෝහලද (අයිඩීඑච් රෝහලට අමතරව) හා නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කොටසක්ද යොදා ගැනිමට කටයුතු කර ඇති බවයි.
 
එමෙන්ම මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ඒකක ආරම්භ කර ඇත. 
 

Comments