අනුරාධපුර බන්ධනාගාර ගැටුමින් 2ක් මරුට - 4කට තුවාල | සිළුමිණ

අනුරාධපුර බන්ධනාගාර ගැටුමින් 2ක් මරුට - 4කට තුවාල

අනුරාධපුර බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක් අතර සිදුවූ වෙඩි තැබීමකින් රැඳවියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව සිවු දෙනෙකුට තුවාල සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.
මේ නොසන්සුන්තාවට හේතු වී ඇත්තේ කොරෝනා රෝගියෙකු බවට සැකකෙරෙන රැඳවියෙකු දින කිහිපයකට පෙර මෙම බන්ධනාගාරයෙන් හඳුනා ගැනීමයි.
ඔහු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇතත්  බන්ධනාගාරයේ රැඳවියන් පසුගිය සෙනසුරාදා (21)  නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇත. බන්ධනාගාරය තුළ ගින්නක්ද හටගෙන ඇති අතර තත්ත්වය පාලනයට පොලීසිය  පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා තිබුණි.
අවශ්‍ය නම් යුද හමුදාවද කැඳවීමට සුදානමින් තිබුණි.

Comments