කොරෝනාවෙන් රැකීමට නම් අවදානමට පෙර සූදානම් වන්න | සිළුමිණ

කොරෝනාවෙන් රැකීමට නම් අවදානමට පෙර සූදානම් වන්න

කොරෝනා හෙවත් කෝවිඩ් - 19 වයිරසය

අපේ දිවයින ද සිය අණසකට යටත් කොටගෙන හමාරය. සතියක් තුළ වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වීමට තරම් වයිරසය ව්‍යාප්ත වීම මෙහි ඇති බරපතළ තත්ත්වය විදහා පාන්නකි. ජීවිතය රැකගැනීමේ

අනවරත අරගලයකට අප මැදි වී සිටින මොහොතක කොරෝනා වයිරසයයෙන් ආරක්ෂා වීම පිළිබඳ අප දැනුවත් විය යුතුමය. රෝගයට බියවීම නොව ඉන් ආරක්ෂාවීම

අද දවසේ අප කාගේත් වගකීමකි.

 

කොරෝනා වයිරසයයෙන් ආරක්ෂාවීම සඳහා

නිතරම අත්සේදීම සිදු කිරීම (ඇල්කොහොල් මිශ්‍රිත හා

විසබීජ නාශක දියරයකින් තත්පර 20 - 40ත් අතර කාලයක්)

කැස්ස හෝ කිවිසුම් යන විට පිරිසුදු ටිෂූ කඩදාසියකින් මුහුණ ආවරණය කර ගැනීම.

උණු වතුර නිතර නිතර පානය කිරීම.

අපිරිසිදු දෑත්වලින් මුහුණ, ඇස්, නාසය වැනි ප්‍රදේශ

ස්පර්ශ නොකිරීම.

සිසිල් ආහාර ගැනීම අවම කිරීම.

ලුණු වතුර සහිත උණු ජලයෙන් උගුර සේදීම

(දිනකට තුන් වරක්වත්)

පොදුවේ භාවිත කරන සියලු ද්‍රව්‍ය විෂබීජ නාශක

දියරවලින් සෝදා පිරිසිදු කිරීම.

මීටර් 1 – 3 අතර දුරකින් සිටීම.

ගමන් බිමන්වලදී මුඛ ආවරණ පැලඳීම.

ප්‍රතිශක්තිය වැඩිවන ආහාර පාන භාවිත කිරීම

(ඉඟුරු, කොත්තමල්ලි, රතුලූනු, වට්ටක්කා, සුදුලූනු,

දෙහි, බෙලිමල් වැනි ආහාර)

මස්, බිත්තර වැනි සත්ත්ව ආහාර අවම කිරීම හා

හොඳින් පිස ආහාරයට ගැනීම.

අතට අත දීම හෝ වැලද ගැනීම වෙනුවට

'ආයුබෝවන්' කියා ආචාරකිරීම.

සිප වැලඳ ගැනීම හා කායික සබඳතාවලින්

හැකි තරම් වැළකී සිටීම.

 

රෝග ලක්ෂණ

 

උණ, වියළි කැස්ස, ශ්වසන අපහසුතාව ය, උගුර ආශ්‍රිත වේදනාව හා හිසරදය සමඟ සිරුරේ වේදනාව වැනි රෝග ලක්ෂණ මෙම රෝගයේ රෝග ලක්ෂණ වන අතර දින 14 ක් ඇතුළත රෝගය ඉස්මතු වීම සිදුවේ. මෙම ‍රෝග ලක්ෂණ පවතින්නේ නම් රජයේ රෝහලක වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම අත්‍යවශ්‍ය වේ. විදේශගත වී සිටියේ නම් අනිවාර්යය නිරෝධායන ක්‍රියාවලියට සහභාගි වීම වැදගත් ය.

වයිරසය ශරීරගත වන්නේ නාසයෙන් හා මුඛයෙන් වන අතර ස්වසන පද්ධතිය ආශ්‍රිතව ආසාදනය වේ. ශ්වසන පද්ධතියේ සෛල කෙරෙහි ආසාදනය වී එමඟින් පෙනහළු කෙරෙහි මෙම වයිරසය ආසාදනය වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් නිව්මෝනියාව, ශ්වසන ඉන්ද්‍රිය දුර්වලතා හටගනී.

 

කෝවිඩ් 19 වයිරසයට ගොදුරු‍වන අවදානම් කාණ්ඩ ලෙස කුඩා දරුවන්, ගර්භිණී මවුවරුන් සහ වැඩිහිටියන් මෙන් ම අධිරුධිර පීඩනය, දියවැඩියාව වැනි බෝ නොවන රෝග සහිත ප්‍රතිශක්තිය අවම පුද්ගලයන් හඳුනාගත හැකි ය.

 

වයිරසයේ ජීව කාලය ලෝහ මතුපිටක් තුළ පැය 12 ක් වන අතර රෙදි සහිත මතුපිටක් තුළ පැය 09 ක් වේ. රෙදිපිළි හොඳින් සෝදා තද අව්වේ වියළා භාවිත කිරීම සහ පරිහරණය කරන සියලු භාණ්ඩ මනාව පිරිසිදු කිරීම වැදගත් ය. නිරන්තරයෙන් කොරෝනා වයිරසය පිළිබඳ තොරතුරුවලින් යාවත්කාලීන විය යුතු අතර මෙය ව්‍යාප්තිය අධික හෙයින් වගකීම් සහගතව ක්‍රියා කිරීම මේ මොහොතේ අතිශයින් ම වැදගත් ය.

වෛද්‍ය උපදෙස් නිසි ආකාරයෙන් පිළිපැදීම සහ තම ආරක්ෂාව තමාම සලසා ගන්නා අතරම අන් අයගේ ආරක්ෂාව සඳහා ක්‍රියාකිරීම, මේ අවදානම් අවස්ථාවේ නුවණට හුරු ක්‍රියාවක් ලෙස සඳහන් කිරීම වටී. එවිට මේ දරුණු වසංගතය පළවා හැරීම අපට අපහසු නොවනු ඇත.

 

Comments