ආසාදිතයින් ගණන 72ක් දක්වා ඉහළට | Page 4 | සිළුමිණ

ආසාදිතයින් ගණන 72ක් දක්වා ඉහළට

මෙරටින් වාර්තාවන කොරොනා ආසාදිතයින් සංඛ්‍යාව 72 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළේ, කොරෝනා අසාධිතයින්ගෙන් සියයට 72%ක්ම පිරිමි පුද්ගලයින් වන බවයි.

දිස්ත්‍රික් රෝහල් 24 ක් කොරෝනා අසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සූදානම් කර ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ කොරෝනා රෝග ලක්ෂණ සහිතව රෝහල් ගතවීමේදී සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරිමෙන් වළකින ලෙසය. ‍

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන 17 ක 2731 දෙනෙකු නිරෝධායනට යොමුකර ඇති බව ය.

මේ අතර ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විශේෂ දායකත්වයක් ලබා දී තිබේ.

ගුවන් හමුදාවේ සිවිල් ඉංජිනේරු අංශය පැය 24 පුරා අඛණ්ඩව ඉදිකිරීම සිදුකරන මෙම ගොඩනැගිල්ල නිරීක්ෂණ කිරීමට ගුවන් හමුදාපතිවරයා ද පැමිණ සිටියේය.

කාමර 16කින් සමන්විත මෙම ගොඩනැගිල්ල දින 10ක් තුළ සම්පූර්ණ කිරීමට නියමිත ය.

Comments