වයිරසය වැඩිපුර ආසාදනය වී ඇත්තේ පිරිමින්ට | Page 3 | සිළුමිණ

වයිරසය වැඩිපුර ආසාදනය වී ඇත්තේ පිරිමින්ට

ශ්‍රී ලංකාව තුළ දැනට කොවිඩ් නයින්ටීන් වයිරසය ආසාදනය වී ඇති රෝගීන් අතරින් සියයට 81ක් පිරිමින් බවත්, සියයට 45.2ක් වයස අවුරුදු 41 - 50 කාණ්ඩයට අයත් පුද්ගලයන් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක විසින් ප්‍රකාශ කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. 
 
මේවන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 59ක් වේ. 
 
දැනට ශ්‍රී ලංකාව තුළ නිරෝධායන මධ්‍යස්ථාන 17ක් තුළ නිරෝධායනයට ලක්වන පුද්ගලයින් 2,463ක් සිිටින අතර ඉන් 27ක් විදේශිකයෝ වෙති. 
 
සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහාය ඇතිව ශ්‍රී ලංකා යුද සහ ගුවන් හමුදා වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් රෝගී සත්කාරය සදහා රෝහල් කාර්ය මණ්ඩල ය වෙනුවෙන් පුද්ගලික ආරක්‍ෂක ඇඟලුම් කට්ටල දේශීයව නිෂ්පාදනය කිරීමට අවශ්‍ය මූලික කටයුතු මේවන විට ආරම්භ කර ඇතැයි සදහන්වේ. 
 
එසේම ස්වයං නිරෝධායනය ක්‍රියාවලිය සදහා කළ ඉල්ලීමට මේවන විට 8,437දෙනෙකු ලියාපදිංචි වී ඇත. 

Comments