කාන්තා­වන්ට සවි­යක් වූ Uber Eats | සිළුමිණ

කාන්තා­වන්ට සවි­යක් වූ Uber Eats

Uber Eats යනු පාරි­භෝ­ගි­ක­යන්ට කැමති ආප­න­ශා­ලා­ව­කින් කැමති ආහා­ර­පාන වර්ග ඇණ­වුම් කිරීමේ අව­ස්ථා­වන් සලසා දෙන සේවා­වකි. එලෙස ඇණ­වුම් කරනු ලබන ආහා­ර­පාන ඉතා­මත් ඉක්ම­නින් එම පාරි­භෝ­ගි­ක­යන් වෙත ගෙනැ­විත් භාර දෙන අතර මීට වසර තුන­හ­මා­ර­කට ඉහ­තදී ප්‍රථම වරට මෙම සේවාව ලොවට හදුන්වා දෙන ලදී. එදා පටන් ලොව පුරා නගර 500කට අධික සංඛ්‍යා­වක පිහිටි ආප­න­ශාලා විශාල ප්‍රමා­ණ­යක් දැන­ට­මත් මෙම සේවාව හා අත්වැල් බැද ගෙන ඇති අතර තාක්ෂ­ණය හා ප්‍රවා­හන මාධ්‍ය නිසි පරිදි කළ­ම­නා­ක­ර­ණය කර ගනි­මින් සෑම­වි­ටම විනාඩි 30ක කාල­යක් ඇතු­ලත ආහා­ර­පාන ඒවා ඇණ­වුම් කළ පාරි­භෝ­ගි­ක­යන් වෙත ගෙන­ගොස් භාර­දීම මෙහි ඇති විශේ­ෂ­ත්ව­යයි. දැනට ඇති දත්ත අනුව ලොව විශා­ල­තම ආහා­ර­පාන ඛෙදා­හැ­රීම් සේවාව බවට ද මේ වන විට Uber Eats පත්ව ඇත.

Uber Eats සේවාව 2018 වස­රේදී ශ්‍රී ලංකා­ව­ටද හඳුන්වා දුන් අතර එම සේවාව මේ වන­විට දිව­යින පුරාම ව්‍යාප්තව තිබේ. දුර­ක­ථන ඇම­තුම් මත ලැබෙන ඇණ­යුම් භාර ගනි­මින් එලෙස ඇණ­යුම් කළ ආහාර පාරි­භෝ­ගි­කයා වෙත ගෙන­ගොස් භාර­දීමේ මෙකී සුවි­ශේෂ සේවාව සාර්ථක කර ගනි­මින් මේ වන­විට එම වෙ‍ෙළ­ඳ­පොළේ ඉදි­රි­ය­ටම පැමි­නී­මට Uber Eats සමත් වී ඇති අතර, ශ්‍රී ලංකාව යනු Uber Eats සේවාව වඩාත්ම වේග­යෙන් පුළුල් වෙමින් පව­තින රටක් ලෙස ද පිළි­ගැ­නී­මට පත්ව ඇත.

මේ වන විට Uber Eats සමග සම්බ­න්ධව පාරි­භෝ­ගි­ක­යින්ට අවශ්‍ය ආහාර ඔවුන් ලග­ටම මෙලෙස සප­යන මේ සේවාව සදහා ශ්‍රී ලාංකික කාන්තා­වන්ද සම්බන්ධ වී සිටින අතර තව­දු­ර­ටත් ඒ සේවා­වන් සැප­යීම සදහා කාන්තා නියෝ­ජි­ත­යින් ආක­ර්ශ­ණය කර ගැනීමේ අර­මු­ණින් “දිවි­යට දිරිය’ නමින් වැඩ­ස­ට­හ­නක්ද Uber Eats මගින් හදුන්වා දෙන ලදී.

2018 ඔක්තෝ­බර් මාස­යේදී ආරම්භ වූ “දිවි­යට දිරිය” වැඩ­ස­ට­හන මගින් මේ දක්වා Uber Eats සේවා­වන් සඳහා සම්බන්ධ වූ කාන්තා­වන් 100කට ආසන්න පිරි­ස­කට ශක්ති­මත් මූල්‍ය ස්ථාව­ර­ත්ව­යක් ගොඩ නගා දීම සදහා ප්‍රමුඛ වැඩ කොට­සක් ඉටු කර ඇත. ඒ අනුව Uber Eats මෙහෙ­යුම් ජාලය හා සම්බ­න්ධව පාරි­භෝ­ගික ජන­තා­වට අවශ්‍ය ආහාර සැප­යීම සදහා සම්බන්ධ වුණු කාන්තා­වන්ගේ අභි­වෘ­ද්ධිය හා සුර­ක්ෂි­ත­භා­වය ඉලක්ක කර ගනි­මින් නොමිලේ රක්ෂණ පිරි­නැ­මීම, කාන්තා­ව­න්ටම වෙන්වූ ක්ෂනික ඇම­තුම් සේවා­වක් හඳුන්වා දීම, සනී­පා­ර­ක්ෂක විස­ඳුම් සැප­යීම, අනා­ර­ක්ෂිත ස්ථාන සඳහා Geo-blocking තාක්ෂ­ණ­යන් භාවිතා කිරීම පම­ණක් නොව අවශ්‍ය අව­ස්ථා­ව­කදී නොප­මාව ක්‍රියා­ත්මක වීම සදහා ආත්මා­ර­ක්ෂක සටන් ක්‍රම රැසක්ද එකී කාන්තා­වන් සදහා පුහුණු කිරී­මට කට­යුතු යොදන ලදී.

කාන්තා­වන් සහ අඩු වර­ප්‍ර­සා­ද­ලාභී ප්‍රජාව ඉලක්ක කර ගනි­මින් ක්‍රියා­ත්මක “දිවි­යට දිරිය’ වැඩ­ස­ට­හන තව­දු­ර­ටත් පුළුල් කර­මින් 2020 වසර තුල තම සේවා ජාලය හා සම්බ­න්ධව කට­යුතු කරන කාන්තා­වන් සංඛ්‍යාව 100 සිට 1,000 දක්වා වැඩි කිරී­ම­ටද Uber Eats බලා­පො­රොත්තු වේ. ඒ අනුව කාන්තා­වන්ට සහ අනෙ­කුත් අඩු පහ­සු­ක­ම්ලාභී ප්‍රජා­වන්ගේ සාමා­ජි­ක­යන්ට තම ආර්ථීක හැකි­යා­වන් වැඩි­දි­යුණු කර­ගැ­නීම සඳහා සමාන අව­ස්ථා­වන් සලසා දීම අර­මුණු කර ගත් වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කිරී­මට Uber Eats කට­යුතු යොදා ඇත.

“දිවි­යට දිරිය” සමග සම්බ­න්ධව Uber Eats සේවා­වන් පාරි­භෝ­ගික ජන­තාව වෙනු­වෙන් ලබා දීමේ මෙහෙ­යුම සමග සම්බ­න්ධව කට­යුතු කරන සියළු කාන්තා­වන් නිර­තුරු අගය කරන බවත් මෙම­ගින් ඔවුන්ට ඉතා හොද ආදා­යම් මාර්ග­යක් උදා වී ඇති බවත් Uber Eats ආය­ත­නය ඉතා ආඩ­ම්බ­ර­යෙන් සද­හන් කරන අතර මේ පිළි­බ­දව තව­දු­ර­ටත් කරුණු දක්ව­මින් Uber Eats Sri Lanka ප්‍රධානී භාවනා දද්ලානි මහ­ත්මිය සද­හන් කළේ සමා­ජය තුළ ස්ත්‍රී පුරුෂ සමා­න­ත්වය ඇති­කි­රීම සම්බන්ධ එක්සත් ජාතීන්ගේ තිර­සාර සංව­ර්ධන ඉලක්කවලට අනුව යමින් කාන්තා­වන්ගේ මෙන්ම ඔවුන් අයත් වන සමා­ජයේ ජීවන තත්ත්ව­යන් නගා­සි­ටු­වී­මට මහෝ­ප­කාරී වන ආකා­රයේ නම්‍ය­ශීලී ආර්ථීක අවස්ථා උදා­කර දීමට “දිවි­යට දිරිය” වැඩ­ස­ට­හන තව­දු­ර­ටත් උත්සාහ ගනි­මින් සිටින බවයි.

මේ පිළි­බ­ඳව අද­හස් දැක්වූ දිල්හානි සූරි­යගේ මහ­ත්මිය ප්‍රකාශ කලේ මෙවන් අද­හ­සක් මම රැකි­යා­වක් නැතිව ඉන්න­කොට තමයි Uber Eats දිවි­යට දිරිය වැඩ­ස­ට­හන ගැන දැන­ගත්තේ. දැන් මටම කියලා හොඳ මුද­ලක් සොයා ගන්න රැකි­යා­වක් තියෙ­නවා. ගෙද­රට වෙලා කාලේ නස්ති නොකර ගෙදර වැඩත් කරන ගමන් රැකි­යා­වත් කර­න්නත් අපට අව­ස්ථාව තියෙ­නවා. තමන්ට කැමති වෙලා­වක් වෙන් කර ගෙන මේ රැකි­යාව කරන්න පුළු­වන්. විශේ­ෂ­වෙන්ම කියන්න ඕනැ මෙම ආය­ත­නය මගින් අපේ ආර­ක්ෂාව සලසා තිබෙ­නවා. අපි ගැන නිතර සොයා බල­නවා. කාන්තා­වක් වශ­යෙන් මෙවැනි රැකි­යා­වක් කිරීම ගැන මා නම් ආඩ­ම්බර වෙනවා.

Comments