හතර වටේ GOසිIP | Page 2 | සිළුමිණ

හතර වටේ GOසිIP

වන්නි­යලා ඇත්තෝ දේශ­පා­ල­න­ඥ­යන්ට දෙහි කපලා

රටේ ඉන්න දේශ­පා­ල­න­ඥ­යන් හැම දෙනා­ට­මයි දිය­ව­න්නා­වට පැන­ගත් බොහෝ­දෙ­නෙ­කුට වන්නිලා ඇත්තෝ හොඳට ටොකු ඇනලා තිබු­ණලු.

වය­සට ගිහිල්ලා බලේ ඉන්නේ නැතිව තරුණ පර­ම්ප­රා­ව­කට මේ රට භාර දෙන්න කියලා ඒ ඇත්තෝ කිහි­ප­වි­ටක් මතක් කරා කියන්නේ.

ඒ බව කන වැටුණු දේශ­පා­ල­න­ඥයෝ කිහි­ප­දෙ­න­කු­ටම වන්නිලා ඇත්තෝ ගැන තර­හක් ආවලු. ඒත් ඉතින් මේ අයට ඒ ගැන කියන්න වන්නිලා ඇත්තෝ මුණ­ගැ­හෙන්න යන්නත් ඕනලු කියලා, කියලා තිය­න­වලු.

තිරයේ තරුයි ක්‍රිකට් තරුයි පුල­ති­සි­පුර පැත්තේ කැර කෙන­වලු

පුංචි තිරයේ, රිදී තිරයේ රඟන අත්තන් සහ ක්‍රිකට් පිටියේ දැවැ­න්ත­යින් කිහි­ප­දෙ­නෙකු ම මේ දින­වල පුල­ති­සි­පුර ලොකු හාද­යාගේ පස්සේ වැටිලා තියෙන්නේ.

මේ අයට දිය­ව­න්නා­වට පනින්න පොටක් ‍ෙහායා ගන්න විදි­යක් නැතිලු. අලි ලොක්කා, පොහොට්ටු ලොක්කා විත­රක් නොවෙයි වෙන්න නාය­කයා පස්සෙත් මේ අය පසු­ගිය දව­ස්වල කරක් ගැහැ­ව්වලු. දිය­ව­න්නා­වට පනින්න කිසිම අව­ස්ථා­වක් නොලැ­බුණු නිසා දැන් පුල­ති­සි­පුර ලොක්කා පස්සේ කියලා කට්ටිය කියන්නේ.

මේ අය මිට කලින් තමන්ව දිය­ව­න්නා­වට යවන්න කියලා මුහුණු පොතේ රංග­න­ය­කුත් කරා. රඟන ඇත්තන්ට දිය­ව­න්නාව ගැළ­පෙන්නේ නෑ කියලා බොහෝ අය සමාජ මාධ්‍යයේ නම් කිය­නවා.

අලියා වෙනු­වට වෙන සතෙක්

කොළ පාටියේ වෙන්වුණු අය­ටයි. කොළ පාටියේ ඉන්න අය­ටයි තවත් අර්බු­ද­යක් මතු­වෙලා කියන්නේ.

වෙන්න නාය­ක­යාට එයාගේ ම කට්ටි­යත් හොඳ­ටම දෙහි කප­න­වාලු දුර­ක­ථ­න­යෙන් පෙනී සිටි­න­වාට.

දිය­ව­න්නාව තර­ණය කරන්න අලියා, හංසයා, දුර­ක­ත­නය මේ තුනම ගැල­පෙන්නේ නෑ කියලා ඒ අය කිය­න­වාලු.

වෙන්න නාය­ක­යට මේක දැන් පොඩි අවු­ලක්ලු. ඒත් ගොඩක් අය කැමැ­තියි කියන්නේ දුර­ක­ත­න­යට.

කොළ­පා­ටියේ ලොකු අලි­යාට දැන් අලි­යත් එපා වෙලා කියලා කනින් කොනින් ඇහෙ­නවා. ඒ ලොක්කා කිව්වලු වෙන සතෙක් හරි හොයා ගමු කියලා.

මේ නෙළන නෙළිල්ල නතර වන පාටක් නෑ

‍රජගෙ­ද­රින් සහ රජු­ගෙන් මේ දින­වල හිටපු දිය­වන්නා සග­යන්ට හදිසි පණි­වුඩ නිතර නිතර යන­වලු.

පුල­ති­සි­පුර හිටපු රජුට දිගට හර­හට කට්ටි­යක් දෙන­වලු දුව­න­කම්. දිය­ව­න්නාවේ කාල­යක් තිස‍්සේම සිටි ගම්පහ ලොක්කා හිටපු රජුට තව­මත් හොඳ­ටම නෙළ­නව නේ.

පොලො­න්න­රු­වෙන් දිය­ව­න්නාව තර­ණය කළ උස මහත හැඩි දැඩි ජනතා පුත්‍රයා නෙළන නෙළි­ල්ලත් නතර කරන පාටක් නෑ කියන්නේ.

කළු­තර පැත්තෙන් පොඩි වැ‍ඩ්ඩෙක් ඒ වගේම ගහ­ගෙන ගහ­ගෙන යනවා. මේ වැඩේ නතර කරන්න රජ­ගෙ­ද­රින් ලොකු උත්ස­හ­යක් ගන්න­වලු.

දිය­ව­න්නාව දෙස බලා­ගෙන ‘කොරෝනා’ බඩු බෙදලා

චීන­යෙන් ආපු ලෙඩේට ලංකාවේ අය ගොඩක් ඊයේ පෙරේදා බය වුණානේ.

ඒ එක්කම කඩ­වල්, සුපිරි වෙළ­ඳ­සැ­ල්වල තිබූ වියළි ආහාර තොග පිටින් ගෙන යන්න බොහෝ දෙනා කට­යුතු කරාවි.

මේක බල­න්හි­ටිය දිය­ව­න්නා­වට යන්න ඉන්න අයි­යලා අක්කලා ටිකක් ලොරි රථ කිහි­ප­යක් ම කුලි­යට අර­ගෙන ජන­තා­වට හරි හරි­යට ආහාර බෙදන්න ගත්තලු.

කොළඹ, කළු­තර, ගම්පහ පැති­වල තම­යිලු වැඩේ නැඟලා ගිහින් තියෙන්නේ.

නිල්පාට, කොළ­පාට, දුඹුරු පාට පක්ෂ ගොඩක ලොක්කන්ට මේකට තරහ ගිහිල්ලා බඩු බෙදපු අයට හොඳ­ටම ඇම­තු­වලු.

රතු පාටියේ අය සුදු අයට කැමති රෑට

සල්ලි ගොඩක් අර­ගෙන ටයි කෝට් මහ­ත්ව­රුන් කිහිප දෙනෙකු ම රතු පක්ෂයේ කට්ටිය එක්ක සාකච්ඡා කර­නවා කියන්නේ.

ඒ අයට සල්ලි තොග පිටින් පිට­ර­ටින් ලැබෙ­න­වාලු.

තවත් කණ්ඩා­යම් දෙක­තු­නක් ම රතු කට්ටිය එක්ක ගිය සතියේ කතා කළාලු. ඒ අය අතර සුදු මහ­ත්ව­රුත් හිටියා කියලා තමයි ආරං­චිය.

රතු අය රටින් පිට සංවි­ධා­න­ව­ලට ගොඩක් අක­මැති බව මාධ්‍ය­ව­ල­දීත් වේදි­කා­ව­ල­දිත් කිව්වට රෑට රෑට හමු­වෙන්නේ ම ඒ අය­වලු.

‍හොරෙන් ගහන ගේමට කොළ ලොක්කාට තද­වෙලා

ෙකාළ පාටියේ නාය­ක­තු­මන් ළඟ සිටින අය දැන් දැන් රෑට රෑට වෙන්න නාය­කයා හම්බ ‍වෙන්න යන­වලු.

ඒ වගේම වෙන්න නාය­ක­යාගේ ළඟ ඉන්න හොඳම හිත­වත්තු හොරෙන් හොරෙන් කොළ පාටියේ නාය­කයා හම්බ වෙන්න යනවා කියලා කනෙන් කොනෙන් ඇහෙන්නේ.

මේ අය ඔක්කොම මෙහෙම කරන්නේ මනාප පොරේට ලකුණු දාගන්න ගමන් තමන්ගේ නම දිය­ව­න්නා­වට යන ගම­නට දාගන්න කියලා ආරං­චියි.

කොළ පාටියේ ලොක්කට මේ ගැන ආරංචි වෙලා කිහිප දෙනෙ­කුට ම තදින් කතා කරයි කිය­ලත් කිය­නවා.

 

Comments