පිළිකා රෝගීන්ට වරලස දන්දුන් මහ­නු­වර බාලි­කාවෝ | සිළුමිණ

පිළිකා රෝගීන්ට වරලස දන්දුන් මහ­නු­වර බාලි­කාවෝ

ර­ලස කාන්තා­ව­කට අභ­ර­ණ­යකි. ගැහුණු දරුවෝ තමන්ගේ වර­ල­සට ආද­රය කරන්න පටන් ගන්නේ කුඩා කාලෙ­දිය. මේ නිසා නොයෙ­කුත් සත්කාර කර­මින් හිස­කෙස් රැක ගන්නට කාන්තා­වන් දක්වන්නේ දැඩි උන­න්දු­වකි. එවැනි පසු­බි­මක පාසැල් සිසු­වි­යන් පිරි­සක් සිය ගුරු­ව­රුන් හා එක්ව තමන් ආද­ර­යෙන් රැක­බලා ගත් හිසකේ කපා තවත් කෙනෙ­කුගේ අව­ශ්‍ය­තාව වෙනු­වෙන් පරි­ත්‍යාග කරන්නේ නම් එය පුදු­ම­යට කරු­ණකි. මහ­නු­වර උසස් බාලිකා විදු­හලේ විදු­හ­ල්ප­ති­නිය, ගුරු මණ්ඩ­ලයේ සාමා­ජි­කා­වන් හා සිසු දරු­වන් පසු­ගි­යදා ඔවුන්ගේ හිස කෙස් දන් දුන්නේ පිළිකා රෝගීන් වෙනු­වෙනි.

පාසැලේ සිව්වන වසරේ සිට උසස් පෙළ දක්වා පන්ති­වල අධ්‍යා­ප­නය ලබන දූවරු හැත්තෑ­පස් දෙනෙකු පමණ දන්දී තිබූ හිස­කෙස් වල මුළු බර කිලෝ හැටක් වුවත් ඔවුන් කළ පරි­ත්‍යා­ගයේ තරම මනි­න්නට කිසිදු මිණුම් දණ්ඩක් මිහි­පිට නොව­න්නේය. උසස් බාලි­කාවෝ පෙන්වූ මේ පරි­ත්‍යා­ග­ශී­ලී­ත්වය සැමට ආද­ර්ශ­යක් වන අතර මේ දරු­වන්ට මඟ පෙන්වූ ගුරු­ව­රුන්ද වච­නයේ පරි­ස­මාප්ත අර්ථ­යෙන්ම ගුරු මෑණි­ව­රුන් හා පිය­ව­රුන්ය.

මහ­නු­වර උසස් බාලි­කාවේ ගුරු මණ්ඩ­ලය හා සිසු­වි­යන් එක්ව වාර්ෂි­කව ලේ දන්දීමේ වැඩ­ස­ට­හ­නක් ක්‍රියා­ත්මක කරන අතර මෙවර පිළිකා රෝගීන් වෙනු­වෙන් හිසකේ දන්දීමේ වැඩ­පි­ළි­වෙළ සංවි­ධා­නය කර තිබුණේ පාසැලේ ගුරු­ව­රි­යක වන නීලා කුමාරි වික්‍ර­ම­නා­යක මහ­ත්මි­යයි. හිසකේ දන්දීමේ වැඩ­පි­ළි­වෙ­ළට පද­නම වැටුණු ආකා­රය ඇය විස්තර කළේ මෙසේය.

“...මගේ පුතා ප්‍රමෝද්‍ය ඉන්දී­වර. එයා වරක් පිළිකා රෝගීන් වෙනු­වෙන් හිස­කෙස් දන් දුන්නා. මමත් පුතා එක්ක පේරා­දෙ­ණිය සනාථ සුවය භාවනා මධ්‍ය­ස්ථා­න­යට ගිහින් හිසකේ දන් දුන්නා. එම ස්ථානය පව­ත්වා­ගෙන යන පේරා­දෙ­ණියේ සුජාත හිමි වැඩ­සි­ටින්නේ ඇම­රි­කාවේ. භාවනා මධ්‍ය­ස්ථා­නයේ වැඩ­ස­ට­හන් කරන්නේ මයි­කල් ෆ්‍රොන්ස්කාසා (Michal Fronczak) මහතා මූලික වෙලා පිළිකා රෝගී තත්ත්ව­යෙන් පෙළෙන ළමුන්ට විග් හදන්න හිස­කෙස් එක­තු­කර ඇම­රි­කා­වට යව­නවා.

අපේ පාසැලේ ලේ දන්දීමේ වැඩ­ස­ට­හ­නත් එක්ක හිසකේ දන්දීමේ වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කරන්න පුළු­න­වන් නේද කියන හැඟීම මට ආවා. විදු­හ­ල්ප­තිනි එම්.අබේ­ගු­ණ­සේ­කර මහ­ත්මි­යව මේ පිළි­බ­ඳව දැනු­වත් කළාම එතු­මිය ඒකට කැමැති වුණා. චම්පිකා කරු­ණා­දාස නියෝජ්‍ය විදු­හ­ල්ප­ති­නි­ය­ගේත් ප්‍රාථ­මික අංශයේ සමන්ති සිරි­ව­ර්ධන මහ­ත්මි­ය­ගේත් සහ­යෝග තුළින් මේ වැඩ­ස­ට­හන සංවි­ධා­නය කළා.“

ලේ දන්දීමේ වැඩ­ස­ට­හන වාර්ෂි­කව සංවි­ධා­නය කරනු ලබන්නේ උසස් බාලි­කාවේ බාල දක්ෂිකා සංග­මය, ගුරු සුබ සාධක සංග­මය හා ප්‍රාථ­මික අංශය ඒකා­බ­ද්ධ­වය. ගුරු­වරු,අන­ධ්‍යන කාර්ය මණ්ඩ­ලය,දෙම­ව්පි­යන් හා බාහිර පුද්ග­ල­යින්ද ඇතුළු පිරිස විසින් මෙවර පරි­ත්‍යාග කර තිබූ රුධිර පයින්ට් ප්‍රමා­ණය 175 කි. ඒ සම­ගා­මීව ක්‍රියා­ත්මක කළ හිසකේ පරි­ත්‍යාග කිරී­මට සිසු­වි­යන් 75 දෙනෙකු පමණ ඉදි­රි­පත්ව තිබුණේ ඔවුන්ගේ දෙම­ව්පි­යන්ගේ කැමැත්ත ඊට ලබා­ගත් ලිපිද සම­ඟිනි.

“පිළිකා රෝගීන්ට ලබා­දෙන ප්‍රති­කාර වල බල­පෑ­මෙන් ඒ රෝගීන්ගේ හිසකේ ගැලවී යනවා. ගොඩක් වෙලා­වට මේ අය කරන්නේ රෙදි කඩ­කින් හිස වසා­ගෙන ගමන් බිමන් යෑමයි. මේ අයට විග් හදන්න තමයි අපි මේ හිසකේ පරි­ත්‍යාග කළේ. අවම අඟල් 10 ක කෑල්ලක් කපා ගන්න පුළු­වන් අය­ගෙන් විත­රයි කොණ්ඩය කපා ගන්නේ. භාවනා මධ්‍ය­ස්ථා­න­යට පැමිණ සිටි ඩවුඩ් හොස්මි (Daud Hosmi) මහතා ඇම­රි­කාවේ සැලූන් එකක් පව­ත්වා­ගෙන ගිය කෙනෙක්.

එතුමා එක්ක විද්‍යා පීඨ ගුරු මෙනෙ­වි­යන් තිදෙ­නෙක් කොණ්ඩය කපන්න එකතු වුණා. පාසැලේ හත­ර­වන වසරේ අධ්‍යා­ප­නය ලබන දරුවෝ දෙන්නෙක් හිස­කෙස් දන් දුන්නා. ඒ පොඩිම ළමයි දෙන්නා. උසස් පෙළ දක්වා සියලු පන්ති වල ළමුන් මේකට බොහොම කැමැ­ත්තෙන් එකතු වුණා.

සම­හර ළම­යින්ගේ කොණ්ඩය අඟල් 10 ක කොට­සක් කපන්න තරම් දිග නැති නිසා ගන්න බෑ කිව්වා. එහෙම කිව්ව ළමයි කීප­දෙ­නෙක් එයා­ලගේ කොණ්ඩේ කපලා රබර් බෑන්ඩ් එක­කින් බැඳලා මේස­යක් උඩින් තියලා ගිහින් තිබුණා. කටු­ග­ස්තොට ශාන්ත අන්තෝනි බාලි­කාවේ දරු­වන් දෙදෙ­නෙ­කුත් පැමිණ ඔවුන්ගේ හිස­කෙස් දන් දුන්නා. මේ වගේ තවත් පාසැල් මේකට සහ­යෝ­ගය දුන්නා. “ නීලා කුමාරි වික්‍ර­ම­නා­යක ගුරු­මා­තාව පව­සයි.

තමන්ගේ ජීවය පවත්වා ගෙන යෑමට අත්‍ය­ව­ශ්‍යය රුධි­රය තවත් අයෙ­කුගේ ජීවි­තය බේරා ගැනී­මට පරි­ත්‍යාග කළ උසස් බාලි­කාවෝ පිළිකා රෝගීන්ගේ බිඳ වැටුණු මාන­සි­ක­ත්වය ගොඩ­න­ග­න්නට හිස­කෙස්ද දන් දුන්හ. ඉන් නොනැ­ව­තුන සිසු දරු­වන් 500 දෙනෙකු මර­ණින් පසු සිය දෙඇස් පූජා කිරී­මට අක්ෂි­දාන සංග­ම­යට කැමැත්ත පළ­කර තිබේ. තවත් පිරි­සක් ශරීර අව­යව සියල්ල පූජා කිරී­මට කැමැත්ත ලිඛි­තව ලබාදී ඇත.

ඡායා­රූප - උපුල් වීර­සිංහ

 

Comments