නව නිපැ­යු­මින් දස්කම් විස්කම් පෙන්වූ අපේ විරුවෝ | සිළුමිණ

නව නිපැ­යු­මින් දස්කම් විස්කම් පෙන්වූ අපේ විරුවෝ

ශ්‍රී ලංකාවේ ප්‍රථම තාක්ෂ­ණ­වේදී සර­සවි පීඨය හෙට (16 දා) දින ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා අතින් විවෘත කිරී­මට නිය­මිත අතර ඊට සම­ගා­මීව තාක්ෂ­ණ­වේදී ප්‍රද­ර්ශ­න­යක් (Innotech 2020) මාර්තු 11 සිට 14 දින දක්වා හෝමා­ගම පිටි­පන දී පැවැ­ත්වෙයි.

‘කිය­වන මුද්දර’මෙවර වෙන් වන්නේ නවෝ­ත්පා­ද­නය වෙනු­වෙන් සිය හඬ අවධි කළ ජාතික වීර­යන් ආව­ර්ජ­නය කර­න්න­ටය.

පඬිවර කුමා­ර­තුංග මුනි­දාස

අලුත් දෑ නොත­නන ජාතිය ලොව නොනඟී

හිඟා කෑම බැරි­වුණ තැන ලගී ගයා මරගී

කුමා­ර­තුංග මුනි­දා­ස­යන් විරිත් වැකියේ එසේ සඳ­හන් කරන්නේ ජාති­යක් ලෙස අප යායුතු තැන ගැන හොඳින්ම අව­බෝධ කර­ගෙන තිබූ අව­ධි­ය­කය. විප්ල­ව­කාරී අධ්‍යා­පන ක්‍රම­යක් පිළි­බඳ සිහින මැවූ කුමා­ර­තුං­ගයෝ ඒ පිළි­බඳ මෙසේ සඳ­හන් කළහ.

“අප විසින් කල් නොයවා කළ යුත්තේ රට වැසි­යන්ගේ සහජ ශක්තිය පිබි­ද­වී­මට උප­ක්‍ර­ම­යකි. ඇතැම්හු නොයෙක් කලා අතට ගිය සහජ ශක්ති­යෙන් යුතුවැ උප­දිති. ඇතැම්හු ශාස්ත්‍ර මාර්ග­යට වැටුණු සහජ ශක්ති­යෙන් යුක්ත වෙති. ඇතැ­මුන්ගේ සහජ ශක්තිය අලුත් නිපැ­දැ­වීම් අතට නැමු­ණේයැ. මේ එක් එක් අතට ගිය ශක්තිය හැඳි­නැ­ගෙනැ එයට රුකු­ල්දීම නම් ජාතිය බල­වත් කිරී­මෙනි. එහි අගය මෙතෙ­කැයි නියම කළ නොහැකි තරම් මහත් වූවද එයට අප රටෙහි දැක්වෙන සැල­කිල්ල නම් ඉතා අල්පය.”

ශ්‍රීම­ත් අන­ගා­රික ධර්ම­පාල

ආගම ධර්මය, අධ්‍යා­ප­නය, සංස්කෘ­තිය ගැන පම­ණක් නොව ජාති­යක් ලෙස හා නිද­හස් රටක් ලෙස ඉදිරි ගම­නක් යෑම සඳහා නවෝ­ත්පා­ද­නයේ වැද­ග­ත්කම මුලින්ම රටට ඉදි­රි­පත් කරන ලද්දේ ධර්ම­පා­ල­තු­මන්ය. ලංකාව නිද­හස් රටක් බවට පත්කි­රීම සඳහා කර්මාන්ත උන්න­තිය ඇති කළ යුතු බව එතු­මන් පුන පුනා ප්‍රකාශ කළේය. ජාති­යක් ස්වාධීන වන්නට නම්, ආර්ථික සමෘ­ද්ධි­මත් භාව­යද අත්‍ය­ව­ශ්‍යය සාධ­ක­යක් බව මැන­වින් පසක් කළ ධර්ම­පා­ල­තුමා ශිල්පීය ඥානය ඉහළ නංව­න්න­ටද දේශීය කර්මාන්ත සංව­ර්ධ­න­ය­ටද මං පෙත් විවර කළේය.පේෂ කර්මා­න්තය හැදෑරු යූ. බී. දොල­පි­හිල්ල, පිඟන් කර්මා­න්තය හා චිත්‍ර ශිල්පය හැදෑරු ඩී. සී. හාන්ති අප්පු­හාමි, සුවඳ විල­වුන් කර්මා­න්තය හැදෑරු ජෝන් එෆ්. කුරේ, කඩ­දාසි කර්මා­න්තය හැදෑරු එන්. ජේ. සෝම­රත්න, ගිනි­කූරු කර්මා­න්තය හැදෑරු බාල­සූ­රිය, ගොවි­කම හැදෑරු මුණ­සිංහ එසේ කර්මාන්ත ඉගෙ­න­ගෙන පැමිණි කැපී පෙනෙන ශිෂ්‍යයෝ වෙති.

වරලත් ඉංජිනේරු

ඩී.ජේ. විම­ල­සු­රේන්ද්‍ර

කාර්මික ශිල්පීය ඥානය මිටින් ගෙන උපන් විම­ල­සු­රේ­න්ද්‍රයෝ මෙරට ඉති­හා­සයේ නවෝ­ත්පා­දන පරි­ච්ඡේ­දය වර්ණ­වත් කළ තවත් ජාතික විරු­වෙකි. මෙරට ජල විදුලි බලයේ නිර්මාතෘ ලෙසින් සැල­කෙන විම­ල­සු­රේ­න්ද්‍ර දේශීය කර්මාන්ත සංව­ර්ධ­නයේ නිය­මුවා ලෙසින් ද සැලකේ.

උඩ­රට දුම්රිය මාර්ගයේ දෙමෝ­දර රේල්ගැටේ, පිඟන් මැටි කර්මා­න්තය, රබර් ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පා­ද­නය, විදුලි දුම්රිය සැල­සුම් යනා­දිය විම­ල­සු­රේ­න්ද්‍ර­යන්ගේ දක්ෂතාවලින් කිහි­ප­යකි.

ආචාර්ය ඒ. එන්. එස්. කුල­සිංහ

 

පෙර­සවි කොන්ක්‍රීට් තාක්ෂ­ණයේ පෙර­ළි­කාර නිය­මුවා දේශ­බන්දු විද්‍යා ජෝති ආචාර්ය ඒ. එන්. එස්. කුල­සිං­හයෝ්ය. එතු­මන් සිවිල් ඉංජි­නේරු ක්ෂේත්‍රයේ නව නිපැ­යුම් සඳහා ඉහ­ළම දාය­ක­ත්වය ලබා දුන් ජාති මාම­ක­යෙකි.

ඔහු ශ්‍රී ලංකා නව නිපැ­යු­ම්ක­රු­වන්ගේ සංග­මයේ ආර­ම්භක කොම­සා­රි­ස්ව­ර­යායි. ශ්‍රී ලංකාවේ ඉඳි­කි­රීම් ක්ෂේත්‍රයේ කුල­සිං­හ­යන්ගේ දස්කම් අතර ප්‍රධාන තැනක් ගන්නේ මහ­වැලි ව්‍යාපා­රය වසර 5 කින් කඩි­නම් කිරී­මට අවශ්‍ය ඉංජි­නේ­රු­මය උප­දෙස් ලබා දීමයි. එම මෙහෙ­ව­රට කෘත­ගුණ පුදනු වස් මහ­වැලි පංච මහා ජලාශ වලින් අව­සන් ජලා­ශය වූ මොර­ග­හ­කන්ද ජලා­ශය 'ආචාර්ය කුල­සිංහ ජලා­ශය' ලෙසින් නම් කරන ලදි.

ආචාර්ය රේ. විජ­ය­ව­ර්ධන

විද්‍යාජෝති දේශ­මාන්‍ය ආචාර්ය පිලිප් රේවත විජ­ය­ව­ර්ධන බ්‍රිතා­න්‍යයේ කේම්බ්‍රිජ් සර­ස­වි­යෙන් ඉංජි­නේරු උපා­ධිය ලැබු­වද ගොවි­යෙකු හා කාර්මි­ක­යෙකු වශ­යෙන් තමන්ව හඳුන්වා දීමට තරම් නිහ­ත­මානී වූ විශි­ෂ්ඨ­යෙකි. යාන්ත්‍රික ඉන්ජි­නේරු විද්‍යාව, කෘෂි­කා­ර්මික ඉංජි­නේරු විද්‍යාව සහ ගුවන් යානා පැද­වීම පිළි­බ­ඳ­වද එක ලෙස සමර්ථ වූ අයෙකි.

සොබා දහ­මට වඩාත් සමීප කෘෂි­ක­ර්මා­න්ත­යක් වෙනු­වෙන් නිර­තු­රු­වම වෙහෙ­සුණු එතු­මන් දේශීය දැනුම කාලීන අව­ශ්‍ය­තා­වන්ට යෝග්‍ය අයු­රින් යොදා­ගෙන පරි­සර හිත­කාමී ආහාර භෝග වගා­වට යොමු­විය යුතු බැව් නිර­තු­රු­වම ප්‍රකාශ කළේය. හරිත විප්ල­වය ආර­ම්භක දශ­ක­යේදී (වර්ෂ 1950) රෝද දෙකේ අත්ට්‍රැ­ක්ට­රය නිර්මා­ණය කරන ලද්දේ රේ. විජ­ය­ව­ර්ධ­න­යන්ය. 'ලෑන්ඩ්මා­ස්ටර්' නමින් ලොව පුරා ඉතා­මත් ජන­ප්‍රි­යව පැතිර ගියේ මෙම නිම­වු­මයි. ග්ලිරි­සී­ඩියා (වැට­මාර) ශාකයේ කොටස් වලින් ශාක­මය ඉන්ධන ප්‍රභ­ව­යක් ලබා ගත හැකි බව මුලින්ම හඳුනා ගත්තේ ද ඔහුය.

 

Comments