කොරෝනා අප­ටත් වසං­ග­ත­යක් වෙයිද? | Page 3 | සිළුමිණ

කොරෝනා අප­ටත් වසං­ග­ත­යක් වෙයිද?

අප රටේ ජන­තාව නිසි සෞඛ්‍ය උප­දෙස් හරි­යට පිළි­පැද්දේ නැත්නම් අපේ ර‍ෙට් සම­හර නග­රත් වසා දැමී­මට සිදු­වනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජන­රාල් අනිල් ජාසිංහ මහතා අනතුරු හඟවා ඇත.

මේ ප්‍රකා­ශය පිළි­බ­ඳව ශ්‍රී ලංකා­වාසී සියලු දෙනා අව­ධා­නය යොමු කළ යුතුව ඇත. ඒ සම­ඟම ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය මඟින් නව කොරෝනා හෙවත් කෝවිඩ් - 19 ලොව­ටම වසං­ග­ත­යක් බවට අන­තුරු අඟවා ඇත. සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය මේ රෝගයෙන් අපේ රට බේරා ගැනී­මට ප්‍රධාන පිය­වර 4 ක් ගෙන ඇත. ඒ අනුව විෂ­බීජ රට ඇතු­ළට ඇතු­ළු­වීම වැළැ­ක්වීම, රට තුළ විෂ­බීජ පැති­ර­යාම වැළැ­ක්වීම ප්‍රති­කාර කිරීම මෙන් ම යම් හෙය­කින් රෝගය විශාල වශ­යෙන් පැතිර ගිය­හොත් ඒ සඳහා සුදුසු ක්‍රියා­මාර්ග ගැනීම ඒ අතර වේ.

මේ අතර මේ පිළි­බ­ඳව කරුණු දක්වන සෞඛ්‍ය ඇමැ­තිනි පවිත්‍රා වන්නි­ආ­රච්චි මහ­ත්මිය පව­සන්නේ ඇමෙ­රි­කාව, චීනය, ඉතා­ලිය වැනි රට­ව­ලට පවා මෙම රෝගය වළක්වා ගැනී­මට අප­හසු තත්ත්ව තිබි­යදී ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පව­තින රටක මේ වයි­රස පැති­ර­යාම වැළැ­ක්වීම පහසු කරු­ණක් නොවනු ඇති බවයි.

මේ අතර කොරෝනා වයි­ර­සය ව්‍යාප්­තිය සිදුවී ඇති මැද පෙර­දිග රට­ව­ල්ව­ලට ශ්‍රී ලාංකි­ක­යින් අලු­තින් යැවීම තාව­කා­ලි­කව නතර කිරී­මට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං­ශය හා විදේශ රැකියා නියෝ­ජි­ත­යන්ගේ සංග­මය පොදු එක­ඟ­තා­ව­කට එක්ව සිටී.

ඊට අම­ත­රව මැද පෙර­දිග රට­වල් ද ඇතු­ළත් දකුණු කොරි­යාව හා ඉතා­ලිය වැනි රට­වල සේවය කරන කිසි­වකු මෙර­ටට ගෙන ඒමට කාර්යාං­ශය පිය­වර නොගන්නා බවත් අවශ්‍ය අයට එරට හාම්පු­තුන්ගේ අව­ස­රය මත මෙර­ටට පැමි­ණිය හැකි බවත් නමුත් ඔවුන් නිරෝ­ධා­යන කට­යු­තු­ව­ලට එක්විය යුතු බවත් විදේශ සේවා නියුක්ත කාර්යාං­ශයේ සභා­පති කමල් රත්වත්තේ මහතා පව­සයි.

මේ අතර මෙර­ටින් හමුවූ ප්‍රථම ශ්‍රී ලාංකික කොරෝනා රෝගියා ඉතා­ලියේ වසර 5 සේවය කළ කොට්ටාව ප්‍රදේ­ශයේ පදිංචි කරු­වෙකි. මොහුගේ පවුලේ අය දැන­ටම නි‍රෝධා­ය­න­යට පත් කර ඇති අතර ඔහුගේ පදිං­චිය පිළි­බ­ඳව ඔහු ආ ගිය තැන් පිළි­බ­ඳව වැඩි විස්තර දැන් සොයා ගෙන ඇති බවත් ඒ අනුව අවශ්‍ය ප්‍රති­කර්ම යොදන බවත් අයි.ඩී.එච්. රෝහලේ වෛද්‍ය­වරු පව­සති.

කොරෝනා හෙවත් කොවිඩ් - 19 වයි­ර­සය වැල­ඳුණු ප්‍රථම ශ්‍රී ලාංකි­කයා මොහු පෙබ­ර­වාරි 15 සිට මාර්තු 2 දක්වා ඉතාලි ජාතික සංචා­ර­ක­යන් පිරි­සක් සමඟ දඹුල්ල, මහ­නු­වර, දික්වැල්ල ආදී ප්‍රදේ­ශ­වල සංචා­රය කර ඇත‍.

මේ අතර දකුණු කොරි­යාව, ඉරා­නය, ඉතා­ලිය යන රට­වල සිට මෙර­ටට පැමි­ණෙන ශ්‍රී ලාංකි­ක­යන් මඩ­ක­ල­පුව, පූනානි පිහිටි නිරෝ­ධා­යන මධ්‍ය­ස්ථා­නය කරා රැගෙන යෑමට සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය හා යුද හමු­දාව කට­යුතු යොදා ඇත.

පසු­ගිය දින 3 – 4 ඇතු­ළත එම මධ්‍ය­ස්ථා­න­ව­ලට 1100ක් පමණ දෙනා ඇතු­ළත් කර ඇති මේ වැඩ­පි­ළි­වෙළ පිළි­බ­ඳව අද­හස් දක්වන යුද හමුදා මාධ්‍ය ප්‍රකා­ශක බ්‍රිගේ­ඩි­යර් චන්දන වික්‍ර­ම­සිංහ මහතා පැව­සුවේ රටේ සිටින මිලි­යන 22 ක් වූ ජන­තාව පිළි­බ­ඳව හා තම ළඟම ඥාතීන් පිළි­බ­ඳව සිතා මේ නිරෝ­ධා­යන කට­යුතු වලට සහය දෙන ලෙස ඉහත රට­ව­ලින් මෙර­ටට එන අය­ගෙන් ඉල්ලා සිටින බවයි.

එසේ යම් අයෙක් පෞද්ග­ලි­කව මේ කට­යු­තු­ව­ලට අකැ­මැති නම් කළ හැකි වන්නේ ඇය හෝ ඔහු පැමිණි රට­ටම හරවා යැවීම බවත් මේ නිරෝ­ධා­යන කට­යුතු සිදු කරන්නේ රටේ පව­තින නීති රීති අනුව බවත් බ්‍රිගේ­ඩි­යර් චන්දන වික්‍ර­ම­සිංහ මහතා පව­සයි.

මීට අම­ත­රව දකුණු කොරි­යාව, ඉරා­නය හා ඉතා­ලියේ සිට පැමි­ණෙන මඟින්ට අම­ත­රව වෙනත් රට­ව­ලින් විශේ­ෂ­යෙන් මැද පෙර­දිග රට­ව­ලින් මෙර­ටට එන පුද්ග­ල­යන් මේ වන­වි­ටත් ඔවුන්ගේ නිවෙ­ස්වල සිටි­ය­දීම සෞඛ්‍ය අංශ­වල අධී­ක්ෂ­ණය යටතේ නිරෝ­ධා­ය­නය කිරී­මට කට­යුතු කර­මින් පවතී.

මේ අතර මේ පිළි­බ­ඳව තව­දු­ර­ටත් අද­හස් දක්වන යුද හමුදා මාධ්‍ය අධ්‍ය­ක්ෂ­ව­රයා පව­සන්නේ කන්ද­කා­ඩුව හා පූනානි නිරෝ­ධා­යන මධ්‍ය­ස්ථා­න­ව­ලට ගෙන යාමට වායු සමි­ක­ර­ණය කරන බස් රථ ලබාදී ඇති බවත් ඊට අම­ත­රව එම ස්ථාන­ව­ලට ආහාර පාන ඇඳන් හා වයි ෆයි පවා ඒ පිට­රට සිට ආ අයට සපයාදී ඇති බවයි.

මේ වන­විට යුද හමු­දාව සතුව තිබූ ද්විත්ව ඇඳන් 2000ක් මෙට්ට 4000ක් කොට්ට 4000ක් බෙඩ් සීට් 500ක් පමණ මෙම මධ්‍ය­ස්ථා­න­ව­ලට ලබාදී ඇත.

මේ පිළි­බඳ අද­හස් දැක්වූ පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂ හා පොලිස් අධි­කාරි ජානක රණ­සිංහ මහතා පැව­සුවේ මේ සියලු නිරෝ­ධා­යන කට­යුතු මේ රටේ නීති­යට අනු­කූ­ලව සිදු­වෙන බවයි.

1897 අංක 3 දරන රෝග නිරෝ­ධා­යන හා රෝග වැළැ­ක්වීමේ ආඥා පනතේ ප්‍රති­පා­දන අනුව එහි දෙවන වග­න්තිය යටතේ ඇමැ­ති­ව­ර­යාට විවිධ රෝග පිළි­බ­ඳව රෙගු­ලාසි පැන­වී­මට පුළු­වන. පනතේ 3 වැනි වග­න්තිය යටතේ ඒ රෙගු­ලාසි ගැන සඳ­හන් කර ඇත. 1914, 1925, 1954 දී ඊට අදාළ අලුත් රෙගු­ලාසි පනවා තිබේ. ඒ අනුව මෙවර කොරෝනා රෝග වැළැ­ක්වීමේ කට­යුතු සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජන­රා­ල්තුමා හමු­දා­ප­තිට බලය පවරා ඇති බවත් ඒ මහතා පව­සයි.

මේ නිරෝ­ධා­යන වැඩ­පි­ළි­වෙ­ළට අව­නත නොවන අය ඉහත පනතේ විධි­වි­ධාන උල්ලං­ඝ­නය කර අධි­ක­ර­ණ­ය­කින් වර­ද­කරු වුව­හොත් මාස 6 ක සිර­ද­ඬු­ව­මක් හෝ රුපි­යල් 10000 දක්වා දඩ­යක් හෝ ඒ දඬු­වම් දෙකම හෝ නියම කළ හැකි බවත් පොලිස් අධි­කා­රි­ව­රයා පව­සයි.

මේ අතර ජාතික වග­කී­මක් සේ සලකා කොරෝනා ව්‍යාප්තිය පාල­න­යට සහය වන්නැයි ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මැති­තුමා ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටී.

වග­කීම් විර­හි­තව ක්‍රියා කිරී­මෙන් රටක් වශ­යෙන් ප්‍රශ්න රැස­කට මුහු­ණ­දී­මට සිදු­විය හැකි බව එතුමා අව­ධා­ර­ණය කළේ ය. ලෝකයේ ප්‍රධාන රට­වල් රැසක් පාල­නය කළ නොහැකි අන්ද­මින් කො‍රෝනා වයිර­සය ව්‍යාප්ති­යට මුහු­ණදී සිටී. මේ තත්ත්ව­යෙන් ජන­තාව ආරක්ෂා කිරී­මට අරඹා ඇති නිරෝ­ධා­යන ක්‍රියා­ව­ලි­යට සියලු දෙනාගේ සහාය අත්‍යව­ශ්‍යව ඇතැයි ජනා­ධි­ප­ති­තුමා සඳ­හන් කළේ ය.

ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය පහ­සු­කම් සහ සෙසු පහ­සු­කම් ද හැකි උප­රි­ම­යෙන් ලබා­දී­මට රජය පිය­වර ගෙන තිබේ. එහෙ­යින් විදේ­ශ­ගත පැමි­ණෙන සියලු දෙනා රටේ ජන­තා­වගේ ආර­ක්ෂාව වෙනු­වෙන් මේ ක්‍රියා­ව­ලි­යට සහය වන්නැයි ජනා­ධි­ප­ති­තුමා ඉල්ලා සිටි­යේය.

නිරෝ­ධා­ය­න­යෙන් පසු ඒ පිළි­බඳ සහ­ති­ක­යක් නිකුත් කිරී­මට ද සාක­ච්ඡාවේ දී තීර­ණය කෙරිණ.

විදේ­ශි­ක­යන් වෙත ලබා­දුන් On arrival වීසා පහ­සු­කම නැවත දැනුම් දෙන තුරු අත්හි­ටු­වී­මට ද ජනා­ධි­ප­ති­තුමා නිල­ධා­රීන්ට උප­දෙස් දුන්නේ ය.

වෙනත් රට­වල සිට පැමි­ණෙන අය නිවෙ­ස්වල සිට නිරෝ­ධා­ය­නය වෙමින් මීට දායක වන්නැයි ද ජනා­ධි­ප­ති­තුමා ඉල්ලීය.

හිඟ­ය­කින් තොරව ඖෂධ වර්ග සූදා­නම් කර තැබීම සහ පරී­ක්ෂණ කට­යුතු සඳහා අවශ්‍ය පහ­සු­කම් විධි­මත් කිරී­මට ද ජනා­ධි­ප­ති­තුමා උප­දෙස් දුන්නේ ය.‍‍ ශ්‍රී ලංකාව කො‍රෝනා වයිර­ස­යෙන් ආර­ක්ෂක රටක් ලෙස සහ­තික කර­දී­මට ශ්‍රී ලාංකි­ක­යකු ලෙස තමන්ගේ ජාතික වග­කීම තේරුම් ගෙන කට­යුතු කරන ලෙස සෑම පුර­වැ­සි­යෙ­ක්ගෙන් ජනා­ධි­පති තුමා ඉල්ලා සිටී.

මේ අතර කෝවිඩ් - 19 හෙවත් නව කොරෝනා වයි­ර­සය ඇතුළු තවත් වයි­රස් වර්ග හඳුනා ගැනීමේ පී.ආර්.සී. යන්ත්‍ර­යක් අග්‍රා­මාත්‍ය මහින්ද රාජ­පක්ෂ මහතා සෞඛ්‍ය අමා­ත්‍යාං­ශ­යට පරි­ත්‍යාග කර ඇත. විජේ­රාමේ පිහිටි අග­මැති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ නිව­සේදී සෞඛ්‍ය ඇමැ­තිනි පවිත්‍රා වන්නි­ආ­රච්චි මහ­ත්මි­යට මෙම යන්ත්‍රය බාරදී ඇත.

මේ පිළි­බ­ඳව රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පැව­සුවේ මෙම රෝගය එක් රෝගි­යකු ගෙන් හය දෙනෙ­කුට වුව ද බෝවී­මට ඉඩ ඇති බවයි.

“ඉතා­ලිය වැනි රට­ව­ලින් මෙර­ටට එන අයට අපේ රටට නිද­හසේ ඇතු­ළු­වී­මට අව­සර නොදිය යුතුයි. රෝග ‍ලක්ෂණ නැති නමුත් රෝගීන් සිටින රට­ව­ලින් එන අය සියලු දෙනා නිරෝ­ධා­ය­න­යට ලක් කළ යුතුයි. තමුන්ගේ ප්‍රදේ­ශයේ නිරෝ­ධා­යන මධ්‍ය­ස්ථා­න­යක් හේතු කොට එයට විරුද්ධ වීම වැර­දියි. අපි ඒ මධ්‍ය­ස්ථා­න­ව­ලට දමන්නේ රෝගීන් නෙමෙයි. රෝගීන් සිටි ප්‍රදේ­ශ­ව­ලින් ආපු අයයි.

ඊට අම­ත­රව එලෙස පිට­ස්තර ජන­තාව වැඩි­පුර සිටින ස්ථාන­ව­ලට ගොස් ආපසු එන විට සබන් හෝ විෂ­බීජ නාශක දිය­ර­යක් දමා අත් පිරි­සිදු කර­ගත යුතු ය. විශේ­ෂ­යෙන් මේ සඳහා ඇල්කො­හොල් සහිත පිරි­සුදු කාරක භාවිත කිරීම සුදුසු බව ද විශේ­ෂඥ වෛද්‍ය බන්දු ගුණ­සේන මහතා පව­සයි‍.

ඇස් සහ නාසය නිතර නිතර ස්පර්ශ කිරීම අවම කිරීම මඟින් හා මුඛ ආව­රණ පැල­ඳීම මගින් රෝගය බෝවීම හා පැති­රීම අවම කර­ගත හැකි වීමත් විශේ­ෂ­යෙන් සඳ­හන් කළ යුතු ය. කොරෝ­නා­ව­ලින් ආරක්ෂා වීම පිළි­බ­ඳව කරුණු දක්වන ශ්වසන රෝග පිළි­බඳ විශේ­ෂඥ වෛද්‍ය බන්දු ගුණ­සේන මහතා පැව­සුවේ ජනා­කීර්ණ ස්ථාන­ව­ලට යාම අවම කිරීම මේ රෝගය වළක්වා ගැනීමේ ප්‍රධාන ක්‍රමය බවයි.

කොරෝනා වයි­ර­සය ශරීර ගත වූ විට උණ­කදී ඇති­වන ලක්ෂණ බහු­ලව ඇති­වෙන බව විශේ­ෂඥ වෛද්‍ය බන්දු ගුණ­සේන මහතා පව­සයි. ඒ අනුව උණ, ඇඟ­පත රිදීම, හිස රිදීම වැනි මූලික ලක්ෂණ මෙන් ම ඇස් දැවිල්ල, උගුර දැවිල්ල, උද­රය ආශ්‍රිත ගැටලු, බඩේ කැක්කුම බඩ බුරු­ලට යාම වැනි ‍රෝග ලක්ෂණ ඇතිවේ. කොරෝනා වයි­ර­සය, පෙණ­හ­ලුව­ලට ආසා­ද­නය වී ඇත්නම් නිව්මෝ­නියා තත්ත්ව­යක් ඇති­වී­මට ඉඩ කඩ ඇත. මෙහිදී රෝගි­යාට හුස්ම ගැනීම අප­හසු වන අතර ඉන් පසුව වයි­ර­සය පැතිරී පෙන­හලු වෙතට ගිය­විට පෙණ­හලු පටක ඉදි­මී­මෙන් රෝගියා අප­හ­සු­තා­වට පත්වී­මට ඉඩ ඇත.

කොරෝනා වයි­ර­සය ශරී­ර­ගත වීම නිසා ඇති­වන පපුවේ මහ­න්සිය ඇදුම රෝගය නිසා ඇති­වන පපුවේ මහ­න්සි­යට වඩා වෙනස් ය. පළ­පු­රුදු වෛද්‍ය­ව­ර­ය­කුට මේ රෝග­යට ප්‍රති­කාර කළ හැකිය. නමුත් වඩාත් වැද­ගත් වන්නේ රෝගය තවත් අයට බෝවී­මෙන් ආරක්ෂා වීමයි. ඒ අනුව උණ, කැස්ස තිබේ නම් කිවි­සුම් යන විට ලේන්සු­ව­කින්, ටිෂූ කොළ භාවිතා කර මුඛය ආව­ර­ණය කර ගැනීම ඉතාම හොඳ ක්‍රියා­වක් ය.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා නිරෝධායන කටයුතු පිළිබඳ පරීක්ෂාවක

කැස්ස හෝ කිවි­සුම් යන­විට අතේ වැල­මිට ප්‍රදේ­ශ­යෙන් මුඛය සහ නාසය ආව­ර­ණය කර ගැනීම නිවැ­රැ­දිම ක්‍රම­යයි. ටිෂූ කොළ­ය­කට කිවි­සුම යැව්වේ නම් ටිෂූ කොළ­ය­කින් සේම සොටු පිස දැම්මේ නම් ඒවා ඉතා ආර­ක්ෂා­කාරී ලෙස ඉවත් කළ යුතු ය.

ආසා­ද­න­යක් ඇති බව දැනේ­නම් ළඟම ඇති රෝහ­ලට යෑමත් ජන­තාව වැඩි­පුර ගැව­සෙන ස්ථාන­වල ගැව­සී­මක් නොකළ යුතුව ඇත‍.

මෙවැනි රෝගීන් වැඩි­පුර කරන්නේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන මුල් අව­ධියේ පම­ණක් ඖෂධ හා ප්‍රති­කාර ගැනී­මයි, නමුත් දින 14 ක් පමණ විෂ­බීජ ශරී­රයේ පව­තින නිසා වයි­රස ශරී­ර­යෙන් ඉවත් වන තෙක් ඇද විවේ­කය ගත යුතුව ඇත. ඊට අම­ත­රව ඒ අතර රෝගියා විජ­ල­නය වුව­හොත් හා ශරී­රය වෙහෙස වුව­හොත් ශරී­රය අභ්‍ය­න්තර ජාල­යට එක­තුවී රෝගි­යාට මරණ තර්ජන එල්ල­වී­මට ද පුළු­වන‍. මෙම විෂ­බී­ජය ශරීර ගතවී දින 14 ක් ඇතු­ළත වුව ද රෝගය වැල­ඳී­මට අව­ස්ථාව ඇති බවත් ඒ අනුව මේ මොහොතේ වෛද්‍ය උප­දෙස් අනුව පක්ෂ පාට නොබලා තීන්දු තීරණ ගත යුතු බවත් විශේ­ෂඥ වෛද්‍ය­වරු පව­සති.

කොරෝනා අව­දා­න­මෙන් ශ්‍රී ලාංකික දරු­වන් ආරක්ෂා කර­ගැ­නීම සඳහා අමාත්‍ය ඩලස් අල­හ­ප්පෙ­රුම මහ­තාගේ උප­දෙස් මත අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය විශේෂ වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­වට නංවා ඇත. ඒ අනුව රටේ සිය­ලුම පාසල් අප්‍රේල් 20 දක්වා වසා තැබේ. දහම් පාසල් පෞද්ග­ලික පාසල් හා ප්‍රද­ර්ශන ද අව­ලංගු කෙරේ.

කොරෝනා වයිර­සය මර්ද­නයේ දී ශ්‍රී ලංකාව ලබා­දුන් සහාය චීන රජයේ ඇග­යී­මට, ශ්‍රී ලංකාවේ කො‍රෝනා මර්ද­න­යට චීන රජයේ පූර්ණ සහ­යෝ­ගය ලබා­දෙන බව ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානා­පති Hu Wei මහතා පව­සයි. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කට­යුතු සහ සමාජ ආර­ක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නි­ආ­රච්චි මහ­ත්මිය සහ ශ්‍රී ලංකාවේ වැඩ­බ­ලන චීන තානා­පති Hu Wei මහතා අතර විශේෂ හමු­වක් චීන තානා­පති කාර්යා­ල­යේදී පැවැ­ත්විණි.

මෙහිදී ශ්‍රී ලංකාවේ වැඩ­බ­ලන චීන තානා­පති Hu Wei මහතා පවසා සිටියේ චීනය ඉතා දරුණු ව්‍යස­න­ය­කට මුහුණ දීමෙන් අන­තු­රුව එම තත්ත්වය මැඬ පවත්වා ගැනී­මට කට­යුතු කළ පසු­ගිය කාල වක­වා­නුව තුළ ශ්‍රී ලංකා රජය චීන රජ­යට ලබා­දුන් සහ­යෝ­ගය චීන ජන­ප­තිගේ සහ චීන ජන­තා­වගේ පැස­සු­මට ලක්වූ බවයි. කොරෝනා වයිරස් තත්ත්වය ශ්‍රී ලංකාව තුළ ඉදි­රි­යේදී ව්‍යාප්ත වුව­හොත් එම තත්ත්වය මැඬ­පැ­වැ­ත්වීම සඳහා චීන රජයේ පූර්ණ සහ­යෝ­ගය ලබා­දී­මට චීන රජය කැමැ­ත්තෙන් සිටින බව ද පව­සන ලදී. ශ්‍රී ලංකා රජය සඳහා අවශ්‍ය ඖෂධ, වෛද්‍ය උප­ක­රණ, මුදල් ඇතුළු ඕනෑම සහ­යෝ­ග­යක් ලබා­දී­මට චීනය කිසි­වි­ටෙ­කත් පසු­බට නොවන බව ද අව­ධා­ර­ණය කර සිටි­යේය. ශ්‍රී ලංකාව සමඟ චීනය සැම­දාම අත්වැල් බැඳ­ගෙන සිටින බවට චීන වැඩ­බ­ලන තානා­ප­ති­ව­රයා වැඩි­දු­ර­ටත් පැවැ­සීය.

පසු­ගිය තෙම­සක කාලය තුළ චීන රජය කොරෝනා වෛර­සය මැඬ­පැ­වැ­ත්වීම සඳහා ගන්නා ලද ක්‍රමෝ­පා­යන් ඇතු­ළත් වාර්තා­වක් ශ්‍රී ලංකාවේ වැඩ­බ­ලන චීන තානා­පති Hu Wei මහතා විසින් සෞඛ්‍ය අමා­ත්‍ය­තු­මිය වෙත මෙහිදී පිළි­ග­න්වන ලදී.

මේ අතර I D H රෝහලේ ප්‍රති­කාර ලබා සංචා­රක මාර්ගෝ­ප­දේ­ශ­ක­යකු සමඟ නවා­තැන් ගෙන සිටි 44 හැවි­රිදි පුද්ග­ල­ය­කුට එම වයි­රස ආසා­ද­නය වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජන­රාල් විශේ­ෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පව­සයි. දෙවන පුද්ග­ලයා ද සංචා­රක නියා­ම­ක­යකු ලෙස සේවය කරන බවත් ජාසිංහ මහතා පව­සයි. ඒ අනුව ‍මේ රෝගියා ශ්‍රී ලංකා­වේදි හමුවූ තෙවැනි කොරෝනා රෝගියා ලෙස වාර්තා­ගත වේ.

කෙසේ වුවත් රජය, සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය හා යුද හමු­දාව අපේ රටේ මේ රෝගය පාල­නය කිරී­මට සියලු කට­යුතු යොදා තිබේ. නමුත් විවිධ කට­කතා සමාජ මාධ්‍ය­වල වැරදි තොර­තුරු පළ­කි­රීම් නිසා ජන­තාව නොස­න්සුන් වෙන බැවින් ඒවා පිළි­නො­ගන්නා ලෙසත් අනිල් ජාසිංහ මහතා ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටී. මේ අතර දැනට ප්‍රති­කාර ලබන මුලින් හමු වූ සංචා­රක මඟ පෙන්ව­න්නාගේ පවුලේ කිසි­ව­කුට කොරෝනා වයිර­සය ආසා­ධ­නය වී නොමැති බවද වාර්තා වී ඇත.

පාසල් 20 වැනිදා තෙක් වසා දමන අතර දහම් පාසල් ද 26 තෙක් වසා දැමී­මට බල­ධා­රින් තීර­ණය කර තිබේ. විශ්වවිද්‍යාල වැසීමේ හෝ පව­ත්වා­ගෙන යෑමේ වග­කීම විශ්ව විද්‍යාල උප­කු­ල­ප­ති­ව­රුන්ට පවරා ඇත.

මේ අතර මෙරට පෞද්ග­ලික උප­කා­රක පන්ති දේශ­ක­වරු විසින් ඉදිරි සති දෙක ඇතු­ළත උප­කා­රක පන්ති නොපැ­වැ­ත්වී­මට සමස්ත ලංකා උප­කා­රක පන්ති දේශ­ක­ව­රුන්ගේ සංග­මය තීර­ණය කර ඇත. මේ අතර දැනට I D H රෝහලේ ප්‍රති­කාර ලබන ආසා­ධි­තයා ජීවත්ව සිටින මත්තේ­ගොඩ ප්‍රදේ­ශයේ ජන­තාව කැඳවා ඔවුන්ට සෞඛ්‍ය උප­දෙස් ලබා­දී­මට කහ­තු­ඩුව සෞඛ්‍ය වෛද්‍ය නිල­ධාරි කාර්යා­ලය කට­යුතු කර තිබේ.

දැනට රට­පුරා රෝහල් 11ක කොරෝනා ආසා­ධිත බවට සැක කරන පුද්ග­ල­යන් 64 දෙනකු ප්‍රති­කාර ලබ­මින් සිටින බව වසං­ගත අංශයේ අධ්‍යක්ෂ විශේ­ෂඥ වෛද්‍ය සුදත් සම­ර­වීර මහතා පව­සයි. දැනට කො‍‍රෝනා ප්‍රති­කාර සඳහා රජයේ රෝහල් 17ක්ද සූදා­නම් කර ඇත.

ඒ සම­ඟම ඉතා­ලියේ සිට ආ පුද්ග­ල­යන් දෙදෙ­නකු කොරෝනා ආසා­ධිත බවට සැක­කර I D H රෝහල වෙත එවා ඇත. ඉතා­ලියේ සිට ආ තවත් යුව­ළක් ද අනු­රා­ධ­පුර රෝහ­ලට කොරෝනා යැයි සැක පිට ඇතු­ළත් කර ඇත. දැනට ඉරා­නය, ඉතා­ලිය, දකුණු කොරි­යාව සිට මෙරට ආ පුද්ග­ල­යන් 1050ක් මඩ­ක­ල­පුව, දිය­ත­ලාව හා කන්ද­කා­ඩුව නිරෝ­ධා­යන මධ්‍ය­ස්ථාන කරා යොමු කර තිබේ.

මේ අතර යුද හමු­දා­පති ලුති­නන් ජන­රාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පව­සන්නේ මේ නිරෝ­ධා­ය­න­යට පත් කරන පුද්ග­ල­යන්ට හොඳින් කෑම බීම දෙන බවයි. “මෙම අව­ස්ථාවේ කට­ක­තා­ව­ලට අසු­වෙන්න එපා. ගැටලු තිබේ නම් 0113090502 දුර­කතන අංක­ව­ලට පව­සන්න. ඊයේ හැන්දෑවේ සමාජ මාධ්‍ය­වල අපි දැක්කා වතුර බෝත­ල­යක කියලා ඒ වතුර බෝත­ල­යට කිරි කෝපි දමලා කිය­නවා යුද්ධ හමු­දාව විසින් දෙන කෝපි කියලා. අපි ‍මේ කැලේ­දී­වත් බෝතල කපලා බොන්න දීලා නැහැ. ඒ අයට පිඟන් කෝප්ප­වල කෑම බීම‍ ­දෙ­නවා. තව එකක් දාලා තිබෙ­නවා එක පැටිස් එකක් දාලා මේක තමයි උදේ කෑම කියලා. ඒක අමූ­ලික බොරු­වක්. අපි වෑංජන හත­රක් එක්ක බත් හරි වෙන මොනවා හරි දෙනවා.

ඒ සම­ඟම දැන් ජන­තාව බය­වෙලා සුපිරි වෙළෙඳ සංකීර්ණ වලට ගිහිල්ල ආහාර ද්‍රව්‍ය විශාල ලෙස මිලදී ගන්නවා. එහෙම වුණාම ඒ සුපිරි වෙළෙඳ සංකී­ර්ණ­වල බඩු ඉවර වෙනවා.

රජය, නිවාස හා වෙළෙඳ සල් නිරෝ­ධා­ය­නය කරන්න අපේක්ෂා කරන්නේ නැහැ. පුද්ග­ල­යන් අන­වශ්‍ය ‍බියක් ඇති කර ගන්න එපා. බඩු තොග රැස් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. යම්කිසි හදිසි තත්ත්ව­යක් තිබේ නම් පෙර දැනුම් දීමක් කිරී­මට රජය කට­යුතු කරන බව අති­ගරු ජනා­ධි­පති තුමා පැව­සුවා යැයිද හමු­දා­ප­ති­ව­රයා පැව­සීය.

ඒ සම­ඟම කොරෝනා වයිර­සය පිළි­බ­ඳව දෙපා­ර්ත­මේන්තු, අමා­ත්‍යාංශ, සංස්ථා ඇතුළු ආය­ත­න­වල කාර්ය මණ්ඩල දැනු­ම්වත් කිරී­මද රජය අරඹා ඇත. මුල් වැඩ­ස­ට­හන ජනා­ධි­පති කාර්යා­ල­යේදි පැවැ­ත්විණි. ඒ පූර්වා­ද­ර්ශය අනුව සෑම ආය­ත­න­ය­කම වැඩ­ස­ට­හන අඛ­ණ්ඩව ක්‍රියා­වට නැංවේ. මේ අතර කොරෝනා වයිරසය පිළි­බ­ඳව කට­කතා පතු­රු­වන පුද්ග­ල­යන්ට අසත්‍ය කට­කතා සමාජ ජාලා ඔස්සේ පතු­රු­වන පුද්ග­ල­යන්ට විර­ුද්ධව කට­යුතු කරන බව පොලිස් මූල­ස්ථා­නය පව­සයි.

මේ අතර දකුණු කොරි­යාව, ඉතා­ලිය සහ ඉරා­නයේ සිට එන කිසිඳු ගුවන් මගි­යෙ­කුට ශ්‍රී ලංකා­වට ඇතුළු වීම තහ­නම් කර තිබේ. එම තහ­නම මාර්තු 28 තෙක් වලං­ගුය. ඊට අම­ත­රව දින 14ක් ඇතු­ළත ඉහත රට­වල සිට කුමන රටක ගුවන් තොටු­ප­ළක් හරහා හෝ ශ්‍රී ලංකා­වට එන මගීන්ට ද එම තහ­නම බල­පැ­වැත්වේ. එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ද තාවකාලිකව අත්සිටුවා ඇත.

ශ්‍රී ලංකාව යුරෝපා ජාතිකයන්ට ඉදිරි සති දෙක තුළදී වීසා නිකුත් කිරීම අත්හිටුවා ඇත. ඊට අමතරව ප්‍රංශය, ජර්මනිය, ස්පාඤඤය, ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය, ඔස්ට්‍රේලියාව හා ඩෙන්මාර්ක් යන රටවලින් කිසිම ගුවන් මගියෙකුට මෙරටට පැමිණීම තහනම් කර ඇත.

මේ අතර ඉතාලියේදී කොරෝනා වයිරසය අසාදනයට ලක්වූ ශ්‍රීලාංකික කාන්තාව සුවවී රෝහලෙන් පිටව ගොස් ඇත. නැවත දන්වන තුරු මෙරට සියලු පෙර පාසල් වසා දැමීමට රජය තීරණය කර ඇත.

මේ අනුව මෙම වසංගතය ආරක්ෂාවීමට අපි සියලු දෙනාම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රිම අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ.

 

Comments