උළු­ ක­ර්මා­න්ත­ක­රු­වන්ගේ දෙවන ගමන ඇරඹෙයි | සිළුමිණ

උළු­ ක­ර්මා­න්ත­ක­රු­වන්ගේ දෙවන ගමන ඇරඹෙයි

හැම­දාම කිසිදු කර්මා­න්ත­යක් එකම අයු­රින් තිබෙන්නේ නැත. විටෙක වැටෙයි. විටෙක නැඟි­ටියි. කලක් හොඳින් තිබූ උළු කර්මා­න්ත­යද පසු ගිය කාලයේ කඩා වැටු­ණේය. උළු කර්මා­න්තය නිසා වක්‍රව පවුල් ලක්ෂ තුනක් පමණ දිවි රැක ගත්තේය. මේ අතර පෞද්ග­ලික උළු කර්මාන්ත ශාලා 225කි. රජයේ කර්මා­න්ත­ශාලා පහකි. වෙන්න­ප්පුව, කටාන, වයි­ක්කාලේ, දංකො­ටුව, බංග­දෙ­ණිය ආදි ප්‍රදේ­ශ­වල මේ කර්මාන්ත ශාලා පිහිටා ඇත. දේශීය උළු කර්මා­න්තයේ අලුත්ම තත්ත්වය සොය­න්නට පසු ගිය දිනෙක අප වයි­ක්කාල ප්‍රදේ­ශයේ සංචා­රය කළෙමු.

දැඩි පෑවිල්ල හමුවේ පීඩා විඳින අපි විටෙක දොස් නඟා­ගන්නේ අප­ට­මය. ඒ අප විසින් ගහ කොළ පරි­ස­රය විනාශ කිරීම නිසාය. එහෙ­මත් නැති නම් ස්වාභා­වික දෙයින් බැහැර වී කෘත්‍රිම ආදේ­ශ­ක­යන් භාවිත කිරීම ගැනය. මේ හැම සිතු­වි­ල්ලක්ම සිතේ තබා­ගෙන තාරත් උණු වන තරම් වූ කට්ට අව්වුවේ අපි වයි­ක්කාලේ ගියෙමු. මහ පාර පසු කර අතුරු පාරක් දිගේ ගිය අප මුලින්ම ගොඩ වූයේ උළු කම්හ­ල­ක­ටය. ගහ කොළ පරි­ස­රයේ පම­ණක් නොව උළු සෙවිලි කළ වහ­ලක් යට දැනෙන ඒ සිසිල් බව කොත­රම් නම් සැන­සී­මක් දැයි දැනෙන්නේ ඒ සෙවණ යට සිටි මොහො­තේය.

එදා මෙන් නොව අද වන විට බොහෝ නිවෙ­ස්වල වහල සෙවිලි කර ඇත්තේ කෘත්‍රිම සෙවිලි තහ­ඩු­ව­ලිනි. පොල් අතු සෙවිලි කළ, උළු සෙවිලි කළ නිවෙ­ස්වල මේ දැනෙන සිසි­ලසේ අගය දන්නේ එවැනි නිවෙ­ස්වල දවස ගෙවුවෝ පමණි. දේශීය කර්මා­න්ත­යක් වන උළු කර්මා­න්තය කල­කට පෙර මෙරට හොඳ අදා­යම් උප­යන මාර්ග­යක් විය. විවිධ හේතු නිසා උළු කර්මා­න්තය පහළ වැටෙ­න්නට වැඩි කාල­යක් ගියේ නැත. උළු කර්මා­න්තය පහළ වැටෙ­න්නට විවිධ හේතු බල­පෑ­වේය.

වයි­ක්කාලේ පිහිටි උළු කර්මා­න්ත­ශාලා කිහි­ප­ය­කට ගිය අපට කලක් තිස්සේ එහි සේවයේ යෙදෙන කිහිප දෙනෙ­කුම හමු විය. ඔහු කොළ­ඹගේ පැට්ට්‍රික් අරුණ ශාන්ත. ඔහු දැන් පනස් නව වැනි වියේ පසු වන්නේය.

“මම අවු­රුදු ගානක් තිස්සේ මේ රස්සාව කරන්නේ. උළු කැට­යක මිල රුපි­යල් හයක් කාලේ ඉඳලා තමයි රස්සාව කරන්නේ. ඒ කාලේ මේ දැන් වගේ මැෂින් නැහැ. හැම දේම කළේ අතින්. දැන් නම් දව­සක වැටුප රුපි­යල් එක් දහස් දෙසී­යක් වෙනවා. මේ කර්මා­න්තය රැකු­ණොත් තමයි අප­ටත් ජීවත් වෙන්න පුළු­වන්.“

භූමි­තෙල්, මජං (ඉවත ලන තෙල්) එක්ව ඇඹරු මැටිවලින් අච්චුවේ දා උළු කැට සාදන බව පැට්ට්‍රික් පව­සයි. ඒ මොහොතේ කම්හලේ කවු­රුත් කාර්ය­බ­හු­ලය. ඔවුහු එක් එක් වැඩ­ව­ලය. උදෑ­සන සේව­යට පැමි­ණෙන ඔවුහු උදේ තේ වේලා­වෙන් පසු එක දිගට වැඩ කරති. ඉඳ­හිට මාරු­වක් ද යති. ඒ යම් අව­ශ්‍ය­තා­ව­කට යන­වාට ඔවුන් කියන වච­නය. අච්චුවේ සාදන උළු කැටය අහු­කොන් කපා හැඩ කරන්නේ පිහි­ත­ල­ය­කිනි. ඉන් පසු කර­ත්ත­යට පටවා ගෙන යන උළු රාක්ක­වල කිහිප දිනක් තැන්පත් කර තැබෙන අතර නිය­මිත දින ගණන අව­සන් වූ පසු ගින්දර දමා පුලු­ස්සනු ලැබේ. පිච්චුණු උළු කැටයේ පැහැය අපූ­රුය. නමුදු උළු කම්ක­රු­වන්ගේ හා කර්මා­න්ත­ශාලා හිමි­යන්ගේ ජීවිත කතාව ඒ තරම් අපූරු නැත. ඒ ඔවුන් කලක් එයින් බොහෝ පීඩා විඳි බැවිනි.

“අද වෙන කොට පෞද්ග­ලික උළු කර්මාන්ත ශාලා දෙසිය විසි­ප­හක් පම­ණයි තියෙන්නේ . මීට පෙර ඊට වඩා කර්මා­න්ත­ශාලා තිබුණා. පහු­ගිය කාලේ උළු­ව­ලට තැනක් නොති­බුණ නිසා කර්මා­න්ත­ශාලා වැහිලා ගියා. සම­හ­රුන් අද වන විට ඒ කර්මාන්ත ශාලා කඩා බිඳ දමලා ඉඩම් කට්ටි කරලා වෙන්දේසි කරලා.

පසු­ගිය රජය කාලේ දේශිය උළු කර්මා­න්ත­ක­රු­වන්ගේ ප්‍රශ්න දිහා බැලුවේ නැහැ. අපි කිහිප විටක්ම ගිහිල්ලා අදාළ බල­ධා­රීන් හමු වුණා. නමුත් කෘත්‍රිම සෙවිලි තහ­ඩු­ව­ලට තැනක් ලැබුණා මිසක් අපේ කර්මා­න්ත­යට ලැබුණ තැනක් නැහැ.

වයි­ක්කා­ලේදී අපට හමු වූ සමස්ත ලංකා මැටි සෙවිලි උළු නිෂ්පා­ද­ක­යන්ගේ සංග­මයේ සභා­පති ඩබ්ලිව්. ජේ. බැප්ටිස් ප්‍රනාන්දු පව­සයි.

1910 දී පමණ වයි­ක්කා­ලයේ දී ඉන්දීය ජාති­ක­යන් කිහිප දෙනෙකු විසින් උළු කම්හ­ලක් ආරම්භ කරන ලදී. ඉන් කල­කට පසු එනම් 1923 දී ලාංකි­ක­යන් විසින් නයි­න­ම­ඩම ප්‍රදේ­ශ­යේදී උළු කර්මාන්ත ශාලා­වක් ආරම්භ කරන ලදි. එකල ලංකාවේ උළු ඉන්දි­යාට ද නැව් මඟින් අප­න­ය­නය කර ඇත. යටි­යන උළු කම්හලේ පති­නා­යක විසින් උළු කැටය සඳහා අච්චු­වක් නිර්මා­ණය කර ඇත. ඒ එක්ද­හස් නව­සිය විසි අට වස­රේ­දීය. ඉන් කල­කට පසු පාකි­ස්තාන ජාති­ක­යන් විසින් වයි­ක්කා­ලේදී නුරානි නමින් උළු කර්මාන්ත ශාල­වක් පටන් ගත්ත ද 1953 දී එය ද වැසි ගොස් ඇත. කලින් කලට වැඩි දියුණු වෙමින් පැමිණි උළු කර්මා­න්තය අසූව දශ­කය වන විට රට­පුරා උළු කර්මාන්ත ශාලා 500ක් පමණ තිබී ඇත. නමුත් උළු­ව­ලට වෙනත් ආදේ­ශක සෙවිලි තහඩු පැමිණි නිසා උළු කර්මා­න්තය බිද වැටිණි. දෙද­හස් දොළහ වස­රේදී යළිත් උළු කර්මා­න්ත­යට නව එළි­යක් වැටිණි. ඒ එව­කට ආර්ථික සංව­ර්ධන අමාත්‍ය බැසිල් රාජ­පක්ෂ මහතා සමඟ උළු නිෂ්පා­ක­යන්ගේ සංග­මය කළ සාක­ච්ඡා­වක ප්‍රති­ඵ­ල­යක් වශ­යෙනි.

“දිවි නැඟුම වැඩ­ස­ට­හන යටතේ අපේ උළු­ව­ලට හොඳ ඉල්ලු­මක් තිබුණා. වැසී යන්න ඔන්න මෙන්න තිබුණ කර්මා­න්ත­ශාලා යළිත් ආරම්භ කෙරුණා. කර්මා­න්තය හිමි­ක­රු­වන්ට වගේම සේව­ක­ය­න්ටත් හොඳ කලක් උදා වුණා. ඒ කියන්නේ රජයේ නිවාස ව්‍යාපෘ­ති­ව­ලට උළු සෙවිලි කර­න්නට තීර­ණය කළ නිසාත් ඒ තීරණ ක්‍රියා­ත්මක වූ නිසාත් තමයි කර්මා­න්ත­ක­රු­වන්ට හොඳ කලක් උදා වුණේ. නමුත් පසුු­ගිය කාලේ ඒ සිය­ල්ලම වෙනස් වුණා. දෙද­හස් පහ­ළොවේ සිට අපේ කර්මා­න්තය කඩා වැටුණා. අපි විටින් විට මේ ගැන යහ­පා­ලන රජය සමඟ කතා කළා. නමුත් අපට සිදු වූ සෙතක් නැහැ.“ සංග­මයේ ප්‍රචා­රක ලේකම් අජිත් බටේ­පොළ පව­සයි.

කලක් සරු­සා­ර­වට තිබූ ව්‍යාපාර බිඳ වැටුණ විට එහි විපාක විඳින්ට සිදු වන්නෝ බොහෝය. එහෙත් තම වර්ගයා වෙනු­වෙන් පෙනී සමස්ත ලංකා මැටි සෙවිලි උළු නිෂ්පා­ද­ක­යන්ගේ සංග­මය හැම විටම ඒ වෙනු­වෙන් කතා කළේය.

“අපේ උළු­ව­ලට උතුරු නැඟෙ­න­හිර පළාත් වල ඉල්ලු­මක් තිබු­ණත් පහු­ගිය කාලේ ඒ හැම දේම වෙනස් වුණා. ඒ වගේම තමයි 2010 දී මහින්ද රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­තු­මාත් අපට විශාල සහන සැල­සුවා. අපට සිදු වු අසා­ධා­ර­ණය ගැන මුදල් අමා­ත්‍යාංශ ලේකම් පි. බී. ජය­සු­න්දර මහ­තාට කිව්වා. පසු­ගිය දෙසැ­ම්බර් මාසයේ අප මේ ගැන නව රජය සමඟ කතා කළා. ජනා­ධි­පති ගෝඨ­භය රාපක්ෂ මහතා, අග­මැති මහින්ද රාජ­පක්ෂ මහතා, බැසිල් රාජ­පක්ෂ ඇම­ති­තුමා අපට බොහෝම සාව­දා­නව ඇහු­ම්කම් දුන්නා. කිසිම ජනා­ධි­පති කෙනෙකු මෙතෙක් තම රාජා­සන කතා­වේදී අප ගැන කතා තරලා තිබුණේ නැහැ. නමුත් ගෝඨ­භය රාපක්ෂ ජනා­ධි­ප­ති­තුමා අප ගැන ඒ කියන්නේ දේශිය උළු නිෂ්පා­ද­ක­යන් ගැන ඔවුන්ට සහන සැල­සීම ගැන කතා කළා. අද වන විට අපට අපේ ඉදි­රිය හොඳයි කියලා හිතෙ­නවා. ජනා­ධි­ප­ති­තුමා ඇතුළු මේ රජ­ය­ටත් නිවාස රාජ්‍ය ඇමති ඉන්දික අනු­රුද්ධ මහ­තා­ටත් ප්‍රසංශා කර­නවා. නව රජය පිහි­ටු­වූයේ දෙසැ­ම්බර් මාසයේ. ජන­වාරි මාසයේ සිට අප වෙනු­වෙන් ලබා­දෙන සහන ක්‍රියා­ත්මක වුණා. විශේ­ෂ­යෙන් මැටි ගෙන ඒමට තිබු ලයි­සන් කැන්සල් කිරී­මත් සහන සැල­සී­මත් අපට ගොඩක් වටි­නවා. රජය විසින් ප්‍රති­සං­ස්ක­ර­ණය කරන වැව්ව­ලින් ඉවත් කරන මැටි සහ තවත් තැන්ව­ලින් ගේන මැටි තමයි අපි උළු නිෂ්පා­ද­නය සඳහා යොදා ගන්නේ. අද වන විට බල­පත්‍ර නැති නිසා අපට අවශ්‍ය තැනින් පස් ගෙන එන්න පුළු­වන්. ඒ වගේම තමයි පාරි­භෝ­ගි­කයා තෘප්ති­මත් වන අයු­රින් උසස් තත්ත්වයේ උළු කැට නිෂ්පා­ද­නය කර­න්න­ටත් අපට පුළු­වන්“ බැප්ටිස් ප්‍රනාන්දු පව­සයි.

වයි­ක්කාල ප්‍රදේ­ශයේ දැන් උළු කම්හල් පව­ත්වා­ගෙන යන තුන්වැනි පර­ම්ප­රාවේ අය ද සිටිති. පළමු පර­ම්ප­රාව ඇරඹි කර්මා­න්තය දෙවැනි පර­ම්ප­රාව වැටෙ­මින් නැඟි­ටි­මින් ඉදි­රි­යට ගෙන ආවේය. මේ දෙවැනි පර­ම්ප­රාවේ අයෙකි. ඔහු සමස්ත ලංකා මැටි සෙවිලි උළු නිෂ්පා­ද­ක­යන්ගේ සංග­මයේ ලේකම් ලෙස ද කට­යුතු කරයි. ඔහු රේමන් ප්‍රනා­න්දුය.

“අවු­රුදු තිස්ප­හක් තිස්සේ මම මේ කර්මා­න්තය එක්ක රැඳිලා ඉන්නවා. මුලින්ම මගේ තාත්තා තමයි පටන් ගත්තේ. තාත්තා කැෂ්මි­යර් ප්‍රනාන්දු. මම ඉස්කෝලේ ගිහින් ඇවිත් තාත්තාගේ උළු වැඩ­පළේ උද­ව්වට එනවා. ඉන්ප­සුව මම මගේම කියලා කර්මාන් ශාලා­වක් පටන් ගත්තා. වැටිලා තිබුණ කර්මා­න්තය ගොඩ ගන්නට රජ­යෙන් අපට මේ ලැබෙන උදව්ව බොහෝම අගය කර­නවා.” ප්‍රනාන්දු මහතා පව­සන්නේ තම කර්මාන්ත ශාලාවේ නිප­දවා ඇති උළු කැට නිරී­ක්ෂ­ණය කරන අත­රේය. ඔහුගේ පුතු සුවින් ප්‍රනාන්දු දැන් තුන්වැනි පර­ම්ප­රාව නියෝ­ජ­නය කරයි. උළු කර්මා­න්තය එදා සිටම දෑතේ කර්මා­න්ත­යකි. එයට යන්ත්‍ර සුත්‍ර භාවිතා කෙරෙන්නේ ඉතාම අඩු­වෙනි.

“අපි මැෂින් එකක් ගෙනාවා. ඒකෙන් නිෂ්පා­නය වැඩි කර­න්නට පුළු­වන්. නමුත් තව­මත් උළු නිප­ද­වන්නේ සාම්ප්‍ර­දා­යික ක්‍රම­ය­ට­මයි. මගේ අද­හ­සක් තියෙ­නවා ඉදි­රි­යේදී අපේ රටේ නිෂ්පා­දිත උළු අප­න­ය­නය කරන්න පුළු­වන් ද කියලා බලන්න. මේ සඳහා උළු කැටය තවත් වැඩි දියුණු කරන්න අත්හදා බැලීම් කර­මින් සිටි­නවා. ” එ සුවින්ගේ අද­හ­සය.

සෑම කෙනෙ­කු­ටම සිහි­න­යක් ඇත. ඒ සිහින සැබෑ කර­ග­න්නට නම් අර­මුණු කරා යා යුතුය. උළු නිෂ්පා­ද­ක­යන්ට ද අර­මු­ණක් ඇත. ඒ දේශිය කර්මා­න්ත­යක් වන පරි­සර හානි­යෙන් තොර පරි­සර හිත­කාමී උළු කර්මා­න්තය මෙරට වඩාත් ප්‍රච­ලිත කිරී­මය. බොහෝ සෞඛ්‍ය ගැට­ලු­ව­ලට මුල් වන බව කියන කෘත්‍රිම සෙවිලි තහඩු, උළු නිෂ්පා­ද­ක­යන්ට අභි­යෝ­ග­යක් වුවද එය ජය­ගැ­නීම ඔවුන්ගේ අර­මු­ණයි. කෙසේ හෝ උළු නිෂ්පා­ද­ක­යන්ගේ හෙට දවස හොඳ වන තර­මට එහි සේවය කරන කම්ක­රු­වාට ද හොඳ කලක් උදා වෙයි. නීලලා, ලලි­තලා, බේබි නෝනලා, සමන් ලතාලා, සුනේ­ත්‍රලා, ශ්‍යාම­ලිලා මැටි කැට, උළු­කැට අතරේ ජීවි­තය සොය­න්නාහ.

ඡායා­රූප - තුෂාර ප්‍රනාන්දු

Comments