විශ්වයේ අපූ­ර්ව­තම නිමැ­වුම මඳු­නා­ගල උණු­දිය උල්පත් | සිළුමිණ

විශ්වයේ අපූ­ර්ව­තම නිමැ­වුම මඳු­නා­ගල උණු­දිය උල්පත්

සූරියවැව අහස් කුස පුරා ඇත්තේ රත් පැහැවූ ගිනි­යම් පාටක්. පව­තින නිය­ඟට මහ පොළොවේ ඇතැම් තැන් ඉරි­තළා ගිහිල්ලා. ගහ කොළ පෑවි­ල්ලට අහු­වෙලා දුඹුරු පැහැ­යට හැරිලා. මද්ද­හනේ මුළු හම්බ­න්තොට දිස්ත්‍රි­ක්කය ම දිස්වන්නේ එකම ගිනි ජාලා­වක් ලෙස. මේ කර්කශ වී ගිය පොළව මත සිසි­ල­සක් ඇති තැනක් වේ නම් ඒ මඳු­නා­ගල උණු­දිය උල්පත් ආශ්‍රිත පරි­ස­ර­යයි. මන්ද ළිං තුළ ඇත්තේ උණු­දිය වුවද උණු­දිය උල්පත් පිහිටා ඇත්තේ තැනි­තලා භූමි­යක විශාල වෙල්යා­ය­කට ආස­න්න­යේය. ඒ අස­ලින් ඇළ මාර්ග­යක් ද වැටී තිබේ. හමා­යන සුළ­ඟත් මේ පරි­ස­ර­යට මුසු වූ විට දැනෙන්නෙ රස්නය නොව සිසි­ල­සකි.

දෙස් - විදෙස් විශාල සංචා­ර­ක­යන් රැස­කගේ ආක­ර්ෂ­ණය දිනා ගත් මඳු­නා­ගල උණු­දිය උල්පත් හි පහස විඳ­ග­න්නට ඔබට මෙහි ඕනෑම මොහො­තක යා හැකිය. මන්ද දිවා කාලයේ කොයි මොහො­තක ගියත් හිරු රැස්ව­ලින් මිදී නම් යා නොහැ­කිය. නමුත් උණු­දිය උල්පත් සමී­ප­යට යද්දී දැනෙන්නේ නම් සිත සුව සන­හන සුව­පත් භාව­යකි. එය ඉතා­මත් හොඳින් දැනෙන්නෙ උණු­දිය ස්නානය කළ­ වි­ටය.

මේ සූරිය වැව මහ­පැ­ලැස්සේ පිහිටි මඳු­නා­ගල උණු­දිය උල්පත් ප්‍රධාන වශ­යෙන් ආග්නේය ක්‍රියා­ව­ලි­යක් නිසා ඇතිවූ බවට විද්‍යා­ඥ­යින් සල­කනු ලබයි. නමුත් අවට ප්‍රදේ­ශ­වා­සින් හා කතා­බහ කිරී­මේදි විවිධ දේ කියා තිබේ. ස්වභා­ව­යෙන් ම ඇති වූ තත්ත්ව­යක් - දේව මැවී­මක් - භූමිය තුළින් ඇති­වූ­වක් - භූමිය අභ්‍ය­න්ත­රයේ ඇති විකි­ර­ණ­ශීලි ද්‍රව්‍ය­යක් නිසා ඇති වූවක් - භූ අභ්‍ය­න්ත­රයේ පිහිටි ලෝදිය නිසා­වෙන් ඇති­වූ­වක් - පොළොව අභ්‍ය­න්ත­රයේ ඇති ජලයේ සංව­හන ක්‍රියා­කා­රි­ත්වය නිසා ඇති­වූ­වක් - ආශ්ච­ර්ය­වත් සිදු­වී­මක් නිසා ඇති­වූ­වක් යනු­වෙන්.

හම්බ­න්තොට දිස්ත්‍රික්ක ඓති­හා­සික, සංස්කෘ­ති­ක­මය සහ ආර්ථි­ක­මය අතින් වැද­ගත් ප්‍රදේ­ශ­යක් ලෙස අතී­තයේ සිටම පැවති මෙහි පෙර ‍රජ දවස තුළ මෙහි ඉදි­ක­රන ලද වෙහෙර විහාර - දැගැබ් රට ස්වයම්පෝ­ෂිත කිරී­මෙ­හිලා නිම­වන ලද මහා ජලා­ශ­යන් වර්ත­මා­න­යේ­දීත් ශේෂව පවතී. මඳු­නා­ගල උණු­දිය ළිං එකල ප්‍රක­ටව තිබුණේ මහ­පැ­ලැස්ස නමිනි. ජලය පානය කිරී­මට නියං සමයේ එහි පැමි­ණෙන අලි ඇතුන්ගේ කුඩා අත්පැ­ට­වුන් පස්දෙ­නෙකු මෙම උල්පත්හී ගිලී මර­ණ­යට පත්වූ නිසා මහ­පැ­ලැස්ස යන නම යෙදුණු බව කියැවේ. දකු­ණු­ලක පිහිටි තවත් විශේෂ ස්වාභා­වික නිමැ­වු­මක් වන මෙම උණු­දිය උල්පත් දිව­යිනේ සෙසු උණු­දිය උල්ප­ත්ව­ලට වඩා විශේ­ෂිත වෙයි. ශ්‍රී ලංකාවේ වඩාත්ම ජන­ප්‍රිය උණු­දිය උල්ප­ත්වන ත්‍රිකු­ණා­ම­ලයේ කින්නියා උණු­දිය උල්ප­ත්ව­ලට වඩා විශේ­ෂිත ඓති­හා­සික සහ ආග­මික වශ­යෙන් ඉහළ ඉති­හා­ස­ය­කට උරු­ම­කම් කියන මඳු­නා­ගල උණු­දිය උල්පත් මුළු දකුණු පළා­ත­ටම පිහිටා තිබෙන එකම උණු­දිය උල්පත වේ. මෙම මඳු­නා­ගල උණු­දිය උල්ප­ත්ව­ලට වසර 2,300 කට අධික ඉති­හා­ස­ය­කට උරු­ම­කම් කියනු ලබයි.

අතී­ත­යේදී වනා­න්ත­ර­යෙන් වැසී තිබූ මෙම භූමිය සහ වතුර වළක් සේ පැවති උණු­දිය උල්පත් ක්‍රම­යෙන් ජනා­වා­ස­ක­ර­ණ­යත් සම­ඟින් මිනිස් පරි­හ­ර­ණ­යට භාජ­නය විය. මඳු­නා­ගල ආර­ණ්‍ය සේනා­ස­න­යට ආග­මික කට­යුතු සඳහා පැමිණි අප­රැක්කේ දායක පිරි­සක් විසින් 1940 ඔක්තෝ­බර් 10 වැනිදා පොළොව මට්ට­මට සමා­නව මෙම උණු­ව­තුර ළිඳ ගල් බැම්ම­කින් නිම කරවා තිබේ.

අතී­ත­යේදී උණු­දිය උල්ප­ත්ව­ලින් ජලය පානය කිරී­මට නියං සම­යේදී අලි ඇතුන් ද එන බව තොර­තු­රු­ව­ලින් සනාථ වී ඇත.

උණු­දිය ස්නානය කිරී­මෙන් චර්ම රෝග - සෙම් - පිත් සහ වාත රෝග නිවා­ර­ණය වන බව ප්‍රදේ­ශ­වා­සිහු විශ්වාස කරති. සම පැහැ­පත් කිරීම සඳහා උණු­දිය උල්පත් ජලය ප්‍රයෝ­ජ­න­වත් වන බව වැඩි­දු­ර­ටත් පැවසේ.

මඳු­නා­ගල උණු­දිය උල්පත් ජන­තා­වගේ පරි­හ­ර­ණ­යට යෝග්‍ය සහ ඖෂ­ධීය ගුණ­යෙන් යුත් බවට මුලින්ම හෙළිවී තිබුණේ කර­ඹ­ගල ආරණ්‍ය සේනා­ස­නයේ වැඩ විසූ චිත්ත­ගුත්ත නම් භික්ෂූ­න් ව­හ­න්සේගේ සම­යෙ­හි­දීය. කර­ඹ­ගල ආරණ්‍ය සේනා­ස­නයේ වැඩ විසූ උන්ව­හන්සේ හට තද­බල පීඩා සහිත චර්ම රෝග­යක් වැලඳී තිබු­ණේය. කොතෙක් වෙද­කම් කළත් සුව­පත් නොවූ මෙම රෝග නිවා­රණ උප­දේ­ශ­යක් උන්ව­හ­න්සේට කිසි­යම් කෙනෙකු විසින් නින්දේදී සිහි­න­යෙන් ලබාදී තිබුණි. මඳු­නා­ගල ආශ්‍රි­තව ඇති උණු­දිය සහ ඇල් දිය උල්ප­ත්ව­ලින් දින­පතා ස්නානය කිරීම එම උප­දේ­ශ­යයි. චිත්ත­ගුත්ත හිමි­යන් විසින් එකී උප­දේ­ශය පිළි­පැ­දීම නිසා ඉතා කෙටි කල­කින් උන්ව­හන්සේ පීඩා­වට පත් කළ රෝගය සුව වී නීරෝගී සුවය ලැබූහ. මෙම සිදු­වීම හේතු­කොට ගෙන උණු­දිය උල්පත් ජල­යෙහි කිසි­යම් ඖෂ­ධීය ගුණ­යක් සහ රෝග නිවා­ර­ණය කිරීමේ හැකි­යා­වක් ජන­ප්‍ර­වා­දයේ පැව­තෙන අතර ප්‍රදේ­ශ­වා­සීන් විසින් එය අත්හදා බල­න්නට විය. එතැන් සිට වර්ත­මා­නය දක්වාම මඳු­නා­ගල උණු­දිය උල්පත් බොහෝ ජන­ප්‍රි­ය­ත්ව­යට පත්වී තිබිණි. මේ නිසා අද­ටත් වන්ද­නාවේ යන පිරිස් මඳු­නා­ගල උණු­දිය උල්පත් නරඹා උණු­දිය ස්නානය කර­ගෙන එති. විශේ­ෂ­යෙන් සති­අ­න්ත­යන්හි සංචා­ර­ක­යන් විශාල පිරි­සක් මෙම ස්ථාන­යට පැමි­ණෙන බව වාර්තාවේ. කත­ර­ගම පූජා භූමියේ උත්සව සමයේ දී මෙම සංඛ්‍යාව දෙගුණ තෙගුණ වන බවද ප්‍රදේ­ශ­වා­සීහු පව­සති.

වාහන 200ක් පමණ නවතා තැබිය හැකි රථ­ගා­ලක් ද ක්‍රම­වත්ව ආහාර ලබා­ගත හැකි සහ අනු­භව කිරී­මට පුළුල් ඉඩ­කඩ සහිත ආප­න­ශා­ලා­වක් ද උණු­දිය උල්පත් පිළි­බඳ විශාල ප්‍රමා­ණයේ ප්‍රද­ර්ශන පුවරු හත­රක් සහ දේශීය විදේ­ශීය සංචා­ර­ක­යන්ගේ ආක­ර්ෂ­ණය ලබා­ගැ­නීම සඳහා අත්ප­ත්‍රිකා ද මුද්‍ර­ණය කර ඇත. ජීවි­ත­යට අපූරු අත්දැ­කී­මක් හා වෙන­සක් අත් විඳි­න්නට කැමැති ඔබ අප රටේ ඓති­හා­සික, සංස්කෘ­ති­ක­මය හා ආර්ථි­ක­මය අතින් වැද­ගත් මඳු­නා­ගල උණු­දිය උල්පත් නැර­ඹී­මට යෑම ඔබේ ජීවි­ත­යට සුවි­ශේෂ අත්දැ­කී­මක් එක් කරාවි.

Comments