ලෝක බල­ව­තාගේ අත­ගත් මෙල­නියා | සිළුමිණ

ලෝක බල­ව­තාගේ අත­ගත් මෙල­නියා

ස්ලොවැ­කි­යාවේ ඉපදී පසු කලක ඇම­රිකා එක්සත් ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ආර්යාව බවට පත්ව­න්නට වරම් ලැබූ ඇය, මෙල­නියා කනා­වුස්. දැන් මේ සුරූපී කාන්තාව මුළු ලොවම හඳු­නන්නේ මෙල­නියා ට්‍රම්ප් හැටි­යට. ඇම­රි­කානු විද්යුත් සහ මුද්‍රිත මාධ්‍ය­වල උකුසු ඇස්ව­ලට හසුවී සිටි ඇය මෝස්තර නිරූ­පි­කා­වක්. ඇතැම් අව­ස්ථා­ව­ලදී ඇගේ සිරුරේ සරාගී බව උලුප්පා පෙන්වීම නිසා ඇය ආන්දෝ­ල­නා­ත්මක තරු­වක් බව­ටත් පත්වුණා.

නමුත්, ලොව බල­ග­තුම පුද්ග­ල­යාගේ ආර්යාව වූ පසුව මෙල­නියා මාධ්‍ය­වල ඇස ගැටෙන්නේ වෙනස් ආකා­ර­ය­කින්. ඒ, ඇගේ සැමියා ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇම­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා ලෙස සහ­භා­ගි­වන නිල ගමන් බිමන් වලදී. පසු­ගි­යදා ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දි­යාවේ නිල සංචා­ර­යක යෙදී සිටිද්දී බොහො­ම­යක් මාධ්‍ය මෙල­නි­යා­ටත් විශේෂ තැනක් ලබා දී තිබුණා.

ට්‍රම්ප් සහ මෙල­නියා ඉන්දීය ජනා­ධි­පති රාම්නාත් කෝවින්ද්ගේ ඇරි­යු­මෙන් ජන­පති නිල මැදුර වන රාෂ්ට්‍ර­ප­ති­භ­වන් වෙත පැමිණ සිටියා. එහිදී මෙල­නියා ඇඳ සිටි ඇඳුම කාගේත් සිත් ඇද­ගන්න සම­ත්වුණා. ලොව කීර්ති­මත් ඇඳුම් නිර්මාණ ශිල්පි­නි­යක වන කැරො­ලිනා හෙරේරා විසින් සක­සන ලද ගවු­මක් සහ දිගු කලි­ස­ම­කින් සැරසී සිටි මෙල­නි­යා‍ ගේ රුව වෙත කැමරා ඇස නිතැ­තින් ම යොමු­වුණා.

“මේ තමයි මම ඉන්දි­යා­වට පැමිණි මුල්ම අව­ස්ථාව. මට මේ සංචා­ර­යේදි දැනුණ සතුට කොච්ච­රද කියල වච­න­යෙන් කියන්න බැහැ.” මෙල­නියා ට්විටර් සට­හ­නක් තබ­මින් එලෙස පැව­සුවා.

ලෝක බල­ව­තාගේ බිරිය වී මුළු ලෝකයේ ම ඇස් තමන් වෙත යොමු ­ක­රවාගන්නට වාසනා ගුණය ලද මෙල­නියා 1970 අප්‍රේල් 26 දා උපත ලැබුවා. ඇගේ පියා (වික්ටර් කනා­වුස්) රජ­යට අයත් වූ යතුරු පැදි සහ මෝටර් රථ නිෂ්පා­ද­නා­ගා­ර­යක සේවය කළ අයෙක්. මව (අම­ලිජා) ළමා ඇඳුම් නිර්මා­ණය කළ ආය­ත­න­යක මෝස්තර නිර්මා­ණ­කා­රි­යක ලෙස සේවය කළා. මෙල­නි­යාට වැඩි­මල් සොහො­යු­රි­යක් සිටි­නවා. ඇය චිත්‍ර ශිල්පි­නි­යක්. තවත් වැඩි­මල් සොහො­යු­රකු සිටි­යත් මේ වන­තුරු මෙල­නි­යාට ඔහු මුණ­ගැසී නැහැ. ඔහු තම පියාගේ කලින් විවා­හයේ දරු­වෙක්. උසස් අධ්‍යා­ප­නය ලැබූ කාල­යේදී ඡායා­රූ­ප­ක­ර­ණය සහ ගෘහ නිර්මාණ ශිල්පය හැදෑරූ මෙල­නියා විශ්වවිද්‍යාල වරම් ලැබු­වත් ඇයට එහි ගත කිරී­මට ලැබුණේ වස­රක කාල­යක් පම­ණයි.

වයස අවු­රුදු 5 සිටම මෝස්තර නිරූ­ප­ණ­යට යොමු වූ මෙල­නියා අවු­රුදු 18 පිරෙ­ද්දීම ඉතා­ලියේ මිලාන් නුවර නිරූ­පණ ඒජ­න්සි­යක කොන්ත්‍රා­ත්තු­ව­කට එක් වී නිරූ­පණ ශිල්පය වෘත්ති­යක් බවට පත් කරගත්තා. 1995 වසරේ යුරෝපා ‍රටව සංචා­රය කරද්දී මෝස්තර නිරූ­පණ ආය­ත­න­යක හිමි­ක­රුවකු වූ පාවුලෝ සම්පොලි හමු­වීම ඇගේ ජීවි­තය වෙනස් මග­කට යොමු කර­න්නට සමත් වුණා. ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මිතු­රෙක්.

1996 ජන­වා­රි­යේදී නිකුත් වූ ‘මැක්ස්’ සඟ­රාවේ මෙල­නි­යාගේ සරාගී අඩ නිරු­වත රැගත් ඡායා­රූප පළ­ වුණේ ඇයට එවැ­නිම ඡායා­රූ­ප­ව­ලට පෙනී සිටීමේ දොරටු විවර කර දෙමින්. 2000 ජන­වාරි මස නිකුත් වූ ‘GQ’ සඟ­රාවේ පළ වූ මෙල­නි­යාගේ ඡායා­රූ­පය මුළු ලොවම සලිත කර­න්නට සමත් වුණා. ඒ ඡායා­රූ­පයේ ඇය පෙනී සිටියේ දිය­මන්ති ආභ­ර­ණ­යක් පම­ණක් පැලඳ ගෙනයි. 2010 දී ස්වර්ණා­භ­රණ සහ රුව වඩන ආලේ­පන නිෂ්පා­ද­න­යට යොමු වූ ඇය ධන­වත් ව්‍යාපා­රි­කා­වක් වුණා. 1996 දී තාව­කා­ලික වීසා බල­ප­ත්‍ර­යක් ලබා ඇම­රිකා එක්සත් ජන­ප­ද­යට පැමිණි මෙල­නියා, නොයෙ­කුත් බාධක ජය ගනි­මින් 2006 දී එරට පුර­වැ­සි­කම ලබාගත්තා.

ඇයට ඩොනල්ඩ් ට්‍රම්ප් මුණ ගැසුණේ 1998 සැප්තැ­ම්බර් මාස­යේදී පැවති එක්තරා සාද­ය­ක­දීයි. ඒ වන විට මාර්ලා මේපල්ස් සමඟ ඩොනල්ඩ් ට්‍රම්ප් විවාහ වී සිටි­යත් ඔහු කල්යල් බල­මින් සිටියේ ඇගෙන් වෙන් වී­ම­ටයි. 1999 දී ඔවුන් දෙදෙනා‍ගේ විවාහ ජීවි­තය අව­සන් වුණා. 2005 දී මෙල­නියා, ට්‍රම්ප් සමඟ යුග දිවි ගමන් ඇර­ඹුවා.


ශිල්පා ශෙට්ටි යළිත් මවු පද­විය ලැබූ හැටි

අනූව දශ­කයේ දී සිනමා රසික කැල මෝහ­න­යට පත් කර­ව­මින් ශිල්ප දැක්වූ ඇය, ශිල්පා ශෙට්ටි. විවා­හ­යෙන් පසුව බොලි­වු­ඩ්ති­ර­යෙන් මඳක් ඈත්ව සිටි­යත් තව­මත් ඇය සැබෑ ලෝකය තුළ ජීව­මාන චරි­ත­යක්.

ගිය සතියේ ඇය දෙස කාගෙත් අව­ධා­නය යොමු වුණා. ඒ, ඇය දෙවැනි වතා­ව­ටත් මවු පද­විය ලද නිසයි. ශිල්පා, ධන­වත් ව්‍යාපා­රික රාජ් කුන්ද්‍රා සමඟ විවාහ වුණේ 2009 නොවැ­ම්බ­ර­යේදී. ඊට­ අ­වු­රුදු 3කට පසුව ඔවුන් දෙදෙනා පුතෙ­කුගේ මවු­පි­යන් බවට පත්වුණා. පුතාගෙ නම වියාන්. ඔහු මෙලො­වට බිහි­වුණේ ශිල්පාගේ කුසෙ­න්මයි. පුංචි වියාන්ට වයස අවු­රුදු 2 සම්පූර්ණ වූ තැන් පටන් රාජ සහ ශිල්පාගේ පැතුම වුණේ තවත් දිය­ණි­යක හෝ පුතකු ලබ­න්නයි. වසර 5ක් තිස්සේ ඔවුන් දෙදෙනා එක හිතින් පැතූ ඒ පැතුම ඉටු නොවන සේයා­වක් පෙනෙන්න තිබුණා. වියාන් මෙලො­වට බිහි ­ව­න ­විට ශිල්පාගේ වයස අවු­රුදු 36යි. මේ වන විට ඇය 44 වැනි වියෙහි පසු­වෙ­නවා. ඒ වුණත් තවත් දරු­වෙ­කුගේ හෝ දැරි­ය­කගේ සුර­තල් බලන්න ශිල්පා­ටත් රාජ්ටත් දැඩි කැමැ­ත්තක් තිබුණා. හැබැයි, වෙනත් දරු­වෙකු හදා­වඩා ගන්න නම් දෙදෙ­නාගේ ම කැමැ­ත්තක් තිබු­ණෙ­නැහැ. තමන් දෙදෙ­නාගේ ම ලෙයින් මසින් සුසැ­දුණු බිලි­ඳෙකු ලබා ගැනී­ම­ටයි දෙදෙ­නාටම වුව­මනා වුණේ.

ඊට හොඳම විස­ඳු­මක් තිබුණා. ඒ තමයි, රාජ් සහ ශිල්පාට දාව වෙනත් කාන්තා­ව­කගේ කුසෙහි ඔවුන්ගේ ම දරු­වෙකු නවීන වෛද්‍ය ක්‍රම අනුව පිළි­සි­ඳ­වා­ගෙන මෙලො­වට බිහි කිරීම. ඔබට මතක ඇති බොලි­වු­ඩයේ සුපිරි නළු ශාරුක් සහ ඔහුගේ බිරිය ගෞරී තුන්වැනි වතා­ව­ටත් මවු­පි­යන් වූ හැටි. ශාරුක් - ගෞරී යුව­ළට එලෙස තුන්වැනි දරුවා (අබිරම්) ලැබුණේ වෙනත් කාන්තා­ව­කගේ කුසෙන්. ඉතින්, ඒ අයු­රින්ම ශිල්පා­ටත් බිලිඳු දිය­ණි­යක ලැබුණා. ඇය උපන්නේ පෙබ­ර­වාරි 15 දා. මේ බිලි­ඳි­යගේ නම තමයි, සමිශා ශෙට්ටි කුන්ද්‍රා. ‘ඕම් ශ්‍රී ගනේෂා නමාඃ සමිශා උපන් පසුව රූප­වා­හිනී චැන­ල­යක් සමඟ කෙටි පිළි­ස­ඳ­ර­කට එක්වෙ­මින් ශිල්පා මෙලෙස තම සතුට ‍පළකළා.

“සමීශා මගේ දෝතට ලැබෙන්නෙ මට මගේ පිරිස ගොඩක් උදව් කළා. ඒ අයට මම ස්තුති­වන්ත වෙනවා.” 

මේ පිළි­ස­ඳ­රේදී බිලිඳු දිය­ණි­යට සමීෂා කියා නම තබන්න කල්පනා කළේ ඇයි දැයි ප්‍රශ්න­යක් නැගුණා.

“මේ නම මට මතක් වුණේ අද ඊයේ නෙමෙයි. මට අවු­රුදු 21ක් වෙද්දි මම ප්‍රාර්ථනා කළා, කවදා හරි මට දුවෙක් ලැබේවා කියලා. ඒ දව­ස්වල තමයි මම ‘සමීශා’ කියන නම හිතේ රඳවාගත්තේ.” ශිල්පා ඒ පැන­යට මුව­පුරා සිනා­සෙ­මින් උත්තර දුන්නා.

බිලිඳු සමීශා, රාජ් - ශිල්පා නිව­හ­නට රැගෙන පැමිණි දින ඉතාම ප්‍රීති­මත් මොහො­තක් වුණා. එදින මුළු නි‍ෙව­සම විවිධ අයු­රින් සරසා තිබුණා. රාජ් - ශිල්පා කැදැ­ල්ලට එක් වූ අලුත් සිඟි­ත්තිය දැක බලා­ගන්නා ශිල්පාගේ නැග­ණිය ශාමිතා ඇතුළු නැදෑ හිත­ව­තුන් රැසක් පැමිණ සිටියා.

Comments