කොරෝ­නාව මෝටර් රථ­ය­ටත් විදියි | සිළුමිණ

කොරෝ­නාව මෝටර් රථ­ය­ටත් විදියි

කොරෝනා වයිර­සයේ ලෝක ව්‍යාප්තිය නිසා ජපන් යෙන් අගය ඉහ­ළ­යාම හේතු­වෙන් ජපා­න­යෙන් ආන­යන කරනු ලබන මෝටර් රථ­වල මිල ශීඝ්‍ර ලෙස ඉහළ යනු ඇතැයි ලංකා වාහන ආන­ය­න­ක­රු­වන්ගේ සංග­මයේ සභා­පති ඉන්දික සම්පත් මෙරෙ­න්චිගේ සිළු­මි­ණට කීය.

මේ දින­වල පවත්නා ලෝක ආර්ථික අර්බු­දය මෙන්ම කොටස් වෙළෙඳ පොළ පහළ යාම් නිසා ආයෝ­ජ­ක­යන් ජපන් යෙන් හරහා ආයෝ­ජ­නය කර ඇති හෙයින් ජපන් යෙන් එකක අගය 1.63 සිට 1.78ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බවද ඒ මහතා පැව­සු­වේය. මේ නිසා වාහ­න­යක් ආන­ය­නය කිරී­මේදී වාහ­නයේ මිල, රක්ෂ­ණය, නැව් ගාස්තු (CIF PRICE) ඉහළ යාම නිසා සැල­කිය යුතු ලෙසින් මෙරට වාහන මිලද ඉහළ යනු ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය.

ඒ අනුව සුසුකි වැගන් ආර් මෝටර් රථ­යක් රුපි­යල් 170,000 කින්ද ටොයොටා පැසෝ මෝටර් රථ­යක් රුපි­යල් 160,000 කින්ද, ටොයොටා විට්ස් මෝටර් රථ­යක් රුපි­යල් 240, 000 කින්ද, ටොයොටා ඇක්සියෝ මෝටර් රථ­යක් රුපි­යල් 375,000 කින්ද, ටොයොටා ප්‍රිමියෝ මෝටර් රථ­යක් රුපි­යල් 400,000 කින්ද, අශ්ව­බල 1500ට වැඩි දෙහු­මුන් මෝටර් රථද රුපි­යල් ලක්ෂ 4කින් පමණ ඉහළ යනු ඇතැයි කියති. ඒ සම­ඟම අනෙක් මෝටර් රථ මෙන්ම ද්විත්ව කාර්ය වෑන් රථ මිලද ඒ අනුව ඉහළ යනු ඇතඑ.

Comments