ටෙලි නාට්‍ය කලාවේ ප්‍රමිතිකරණ වෑයම | සිළුමිණ

ටෙලි නාට්‍ය කලාවේ ප්‍රමිතිකරණ වෑයම

සුප්‍ර­කට රයි­ගම් ටෙලි සම්මාන උළෙල මාර්තු විසි එක්වන දින අග­නු­වර නෙළුම් පොකුණ රඟ­හලේ දී 16 වැනි වර­ටත්  පැවැ­ත්වෙන්නේ රට තුළ ඉතා තීර­ණා­ත්මක වක­වා­නු­වක් ඇති වී තිබෛන මොහො­ත­කදී ය. මේ කියනු ලබන ‘තීර­ණා­ත්මක වන­වා­නුව’ ලෙස අප අද­හස් කරන්නේ පව­තින දේශ­පා­ලන වාතා­ව­ර­ණයේ උණු­සුම ගැන නොවේ. එයින් අද­හස් කරනු ලැබුවේ සංස්කෘ­ති­මය වශ­යෙන්  අද අප වැටී ඇති සහ වැටෙ­මින් පව­තින භයා­නක තත්ත්වය පිළි­බ­ඳව ය. ඒ නිසා මෙය සමස්ත ජන­තා­වගේ ම ඔළු­ගෙඩි අර­බයා ඇති වූ ගැට­ලු­වකි.

මිනි­සුන්ගේ ඔළු­ගෙඩි ඇති කිරීමේ හෝ නැති කිරීමේ හෝ කුරු­වල් කර දැමීමේ ප්‍රධාන සාධ­කය බවට අද පවත්වී තිබෙන්නේ ටෙලි නාට්‍යය බව අවි­වා­දි­තය. එත­රම් බර­ප­තල ලෙස ටෙලි නාට­කය නම් කලා මාධ්‍ය සකල ජන­තා­වගේ ම ආධ්‍යා­ත්මය මෙහෙ­ය­වීමේ හැකි­යාව අත්ප­ත්කර ගෙන තිබේ. විනාඩි තිහක කලා නිර්මා­ණ­ය­කට අයිති කාල පරි­ච්ඡේ­ද­යෙන් විනාඩි දහ­ය­ක­ටත් වඩා තමාට කැමති ඕනෑම දෙයක් විකුණා ගැනීම පිණිස අව­ස්ථාව උදා­කර ගැනී­මට මුද­ලා­ලි­ලාට හැකි­යාව ලැබී තිබෙන්නේ එසේ කුරු­වල් වූ මන­සට ඇතු­ල්වීම ඉතා ලෙහෙසි පහසු කරු­ණක් බවට පත්වී ඇති නිසා ය. නමුත් මිනිස් ප්‍රජා­වගේ සිත්ස­තන් උදෙසා ඒ සා බල­පෑ­මක් කළ හැකි තත්ත්වයේ තිබෙන අප රටේ ටෙලි නාට­කය මගින් සිදු­වන්නේ මිනිසා ඇති කිරීම නොව, නැති­කර දැමීම ය.

මෙන­යින් බලන කළ මොන­යම් හෝ සංවි­ධා­න­යක් මගින් ටෙලි නාට්‍ය කලාවේ ප්‍රග­ම­නය උදෙසා සම්මාන ප්‍රදා­න­යක් සිදු­කි­රීම යනු ඉතා පැහැ­දි­ලිව ම ජාතික මෙහෙ­ව­රකි. ශ්‍රී ලංකාවේ වාර්ෂි­කව පව­ත්වනු ලබන අනි­කුත් ප්‍රධාන පෙළේ ටෙලි සම්මාන උළෙ­ල­වල් මෙන් ම ‘රයි­ගම් ටෙලි’ සම්මාන උළෙල ද එකී ජාතික මෙහෙ­ව­රෙහි වැද­ගත් කාර්යය භාර­යක් ඉටු කර­න්නෙකි.

එකී සම්මාන උළෙල පිළි­බ­ඳව මෙවන් සට­හ­නක් ලිවීමේ හේතුව වන්නේ උළෙලේ සමා­ර­ම්භ­කයා වන ආචාර්ය රවි ලිය­නගේ යනු සාර්ථක ව්‍යාපා­රි­ක­යෙකු මෙන් ම දේශ­හි­තෛෂී විද්ව­තෙකු බව ද අප හොඳින්ම දන්නා බැවිනි. රටක දියු­ණුව උදෙසා මනා ආධ්‍යා­ත්මික පෝෂ­ණ­ය­කින් යුත් ධනා­ත්මක හැඟීම් සහිත ඔළු­ගෙඩි පර­ම්ප­රා­වක අව­ශ්‍ය­තා­වය අප කාටත් වඩා හොඳින් ඔහු දන්නා නිසා ය.

නමුත් පව­තින යථා­ර්ථය වන්නේ නිව­සක සිටින අකුරු නොදන්නා කුස්සි අම්මාගේ පටන් විශ්වවිද්‍යාල ආචාර්ය මහා­චා­ර්ය­වරු දක්වා වූ සකල විධි වෘත්තීන්හි යෙදෙන හැම කෙනෙ­කුම පාහේ කුමන ආකා­ර­යෙන් හෝ කිසි­යම් ටෙලි නාට­ක­යක් සඳහා ඇබ්බැ­හිව සිටී­මය. මේ අනුව පෙනී යන්නේ රටේ සමස්ත ප්‍රජාව ම වාගේ ජීවි­තය දකින්නේ ටෙලි නාට්‍ය තුළින් බව­ටය.

මෙත­නදී බර­ප­තල ම ගැට­ලුව වන්නේ බොහෝ ටෙලි නාට්‍ය තුළින් ජීවි­ත­යයි කියා ප්‍රති­නි­ර්මා­ණය කරන්නේ කුමක්ද යන්න ය. 

සපු­රාම සැබෑ ජීවි­ත­යෙන් ඔබ්බට ගියා වූද, ජීවි­තය යනු කාල­කණ්ණි ක්‍රියා­දා­ම­යන් ගෙන් පම­ණක් පිරුණා වූ ද, මොනම ශිල්පීය ලක්ෂ­ණ­ය­කි­න්වත් ප්‍රේක්ෂ­ක­යාට ආන­න්ද­යක් නොලැ­බෙ­න්නා­වූද, කලාව අර­බයා තමාගේ වින්ද­නය නම්  මෙන්න මේ යයි සෙසු ලෝක­යාට දැන ගන්නට ඉඩ සල­ස­න්නා­වූද තත්ත්ව­යක් හැරෙ­න්නට ඉන් උදා­වන වෙන සෙතක් නම් ටෙලි නාට්‍ය තුළින් දක්නට ලැබෙන්නේ නැත .

මෙවැනි පසු­බි­මක් යටතේ නිර්මා­ණ­ශීලී නාට්‍ය කරු­වන් ඇග­යීම යනු සමස්ත සමා­ජ­යේම ප්‍රග­ම­න­යට දාය­ක­වී­මක් වන්නේ  එහෙ­යිනි.

සමාජ ප්‍රග­ම­නය ගැන දැඩි ලෙස සිතන අර්ථ­ප­ති­යෙකු ලෙස ඔහු විසින් පව­ත්වන සම්මාන උළෙ­ලින් වඩාත් සාධා­රණ විනි­ශ්ච­යක් ජන­තාව බලා­පො­රොත්තු වන්නේ නම් ඒ ඔහුගේ ප්‍රති­පත්ති ගැන ජන­තාව තුල වූ විශ්වා­ස­යට කෙරෙන ගෞර­ව­යක් වශ­යෙන් විනා  වෙනත් අර­මු­ණ­කින් නොවේ. 

මෙවර සිය ගෞර­ව­නීය විනි­ශ්චය මණ්ඩ­ලය ලෙස ඔහු විසින් තෝරා­ගෙන ඇති බුද්ධ­දාස ගල­ප්පත්ති, රවීන්ද්‍ර ගුරුගේ , අරුණ ගුණ­රත්න, රංග දිසා­නා­යක, ජය­නාත් ගුණ­ව­ර්ධන, සම්මා­නිත මහා­චාර්ය ආරි­ය­රත්න කලු­ආ­රච්චි, මහා­චාර්ය අජන්තා හපු­ආ­රච්චි, හංස­මාලා රිටි­ග­හ­පොළ, ජයන්තා රුක්මණී සිරි­ව­ර්ධන, සහ අබ්දුල් හමීඞ් යන සාමා­ජික සාමා­ජි­කා­වන් දෙස බලන කල මේ විස්වා­සය පිළි­බ­ඳව කිසි­වකු සැක පහල කළ යුතු නැතැයි අපට සිතේ . මක්නි­සාද යත් රූප­යත් ශබ්ද­යත් සංක­ල­න­යෙන් නව අරු­තක් ජනිත කර­වීම පිළි­බ­ඳව පම­ණක් නොව, ඒ කාර­ණය සොයා­ගත් මිනි­සුන්ගේ කාල වක­වා­නුවේ පටන් අද දක්වා විෂය පිළි­බඳ යාවත් කාලී­න­වන පිරි­ස­ක­ගෙන් සම­න්විත වූත්  උදේ හවස මුණ ගැසෙන බැවින් කෙසේ හෝ සම්මා­න­යක් දිය යුතු­යයි සිත­න්නන් සහ දෙකයි පණහේ මෙලෝ ඩ්‍රාමා වලට  කඳුළු සල­න්නන් අයත් නොවූ­ව­වූත්  මෙම  ජූරි සභා­වෙන් ඒ ජනතා යුතු­කම ඉටු­වනු ඇතැයි අපි විශ්වාශ කරමු.

බයි­සි­කල් තර­ග­යක් ආකා­ර­යට කලා නිර්මාණ විනි­ශ්චය කළ නොහැකි බැවින් එය අව­සා­නයේ විවිධ පර­ස්ප­රතා තිබිය හැකි බව අපි දනිමු. 

අපගේ ගැට­ලුව නම් කොත­රම් නිව­ර­දිව සම්මාන ලැබු­නත්, සම්මාන උත්සව නොතිබූ කාලයේ තිබූ දියු­ණු­ව­වත් අද මේ ටෙලි නාට්‍ය තුළ දක්නට නොලැ­බීම ය.

එ නිසා ආචාර්ය රවි ලිය­නගේ වැනි අර්ථ­ප­ති­යන් ඒ සඳහා සම්මාන ප්‍රධා­න­යෙන් ඔබ්බට ගිය ක්‍රම වේද­ය­කට යොමු විය යුතු බව අපගේ අද­හ­සයි.

Comments