සූඩ­කු­ඩා­ පුරාවස්තු වනසන ‘බිම්බෝම්බ බහිරවයෝ’ | සිළුමිණ

සූඩ­කු­ඩා­ පුරාවස්තු වනසන ‘බිම්බෝම්බ බහිරවයෝ’

තී­තයේ කොට්ටි­යා­ර­ම් ප­ත්තුව ලෙසින් හැඳින්වූ ත්‍රීකු­ණා­ම­ලය ඉපැ­රැණි බෞද්ධ උරු­ම­යන් රැස­කින් හෙබි දිස්ත්‍රි­ක්ක­යකි. කොට්ටි­යා­රම් පත්තුව යනු “කෝටි­යක් ආරාම තිබූ ප්‍රදේ­ශය“ යන්නයි. අප්‍ර­කට පෞරා­ණික බෞද්ධ වෙහෙර විහාර රැසක් තව­මත් ත්‍රීකු­ණා­මල දිස්ත්‍රි­ක්කයේ මහ වන­යෙන් වැසී පවතී.

ත්‍රිකෝණ මඩුව රක්ෂි­තයේ පිහිටි පන්සල් කන්ද ද එසේ කාල­යාගේ වැලි තලා­වෙන් යටව තිබු තවත් ඉපැ­රැණි සිද්ධ­ස්ථා­න­යකි.

සෝමා­ව­තිය ජාතික වනෝ­ද්‍යා­න­ය­ටත් ත්‍රිකෝණ මඩුව රක්ෂි­ත­ය­ටත් මායිම්ව සේරු­නු­වර පොලිස් වසමේ පිහිටි පන්සල් කන්ද නැමැති මෙම පුරා විද්‍යා ස්ථානය 2018 වසරේ දී සොයා ගෙන ඇත්තේ, සේරු­විල පුරා විද්‍යා ගවේ­ෂණ ව්‍යාපෘ­තිය විසිනි. යුද සමයේ ත්‍රස්ත­වාදී ග්‍රහ­ණයේ පැවති මේ ප්‍රදේ­ශය පුරා විද්‍යා වටි­නා­ක­මක් ඇති ස්ථාන­යක් බව 2018 වස­රේදී ප්‍රකා­ශ­යට පත් කර ඇත.

පන්සල් කන්ද අනු­රා­ධ­පුර යුග­යට අයත් පුරා විද්‍යා නට­ඹුන් සහිත ස්ථාන­යක් බව ත්‍රීකු­ණා­ම­ලය පුරා විද්‍යා නිළ­ධා­රීන්ගේ අද­හ­සයි. මෙම ස්ථානය ගවේ­ශ­ණය කර තිබු­ණද, වන­ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් එම ස්ථානය පිහිටි ප්‍රදේ­ශය ත්‍රිකෝණ මඩුව ස්වභා­වික රක්ෂි­තය ලෙසින් නම් කර තිබු හෙයින්, එහි සංර­ක්ෂණ කට­යුතු ආරම්භ කිරීම ප්‍රමාද වී තිබුණි.

කෙසේ නමුත්, බිම් බෝම්බ ඉවත් කිරීමේ ආය­ත­න­යන් විසින් පන්සල් කන්ද රක්ෂි­තය ඩෝසර් කර ඇති බවට ලද තොර­තු­රක් මත ත්‍රීකු­ණා­ම­ලය දිස්ත්‍රික් පුරා විද්‍යා නිළ­ධාරි මොහාන් සමීර ආරි­ය­ති­ලක මහතා ඇතුළු කණ්ඩා­ය­මක් ඉකුත් 19 වන දින එම ස්ථාන­යට ගියද, අදාල බිම් බෝම්බ ඉවත් කිරීමේ ආය­ත­නයේ නිළ­ධා­රීන් විසින් එම ස්ථාන­යට ඇතු­ළු­වීම හිතා­ම­තාම ප්‍රමාද කර­වීම සැක උප­ද­ව­න්නක් වී ඇත.

ත්‍රීකු­ණා­ම­ලය දිස්ත්‍රික් පුරා විද්‍යා නිළ­ධාරී මොහාන් සමීර ආරි­ය­ති­ලක ඇතුළු කණ්ඩා­ය­මක් පෙර­වරු දහ­යට පමණ එම ස්ථාන­යට පැමි­ණි­යද, ඔවුන්ට එම ස්ථාන­යට ඇතු­ළු­වී­මට අව­සර ලැබී ඇත්තේ, පස්වරු දෙකට පමණ වන බව ත්‍රීකු­ණා­ම­ලය පුරා විද්‍යා නිළ­ධා­රීන් පවසා ඇත. බිම් බෝම්බ භීෂ­ණය පෙන්ව­මින් එසේ ඇතු­ළු­වීම ප්‍රමාද කළද, මුළු­ම­නින්ම ඩෝසර් කළ බිමක එවැනි බිම් බෝම්බ බියක් තිබිය නොහැකි බව පුරා විද්‍යා නිළ­ධා­රීන්ගේ අද­හස වී තිබේ.

රාජ්‍ය ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ අනු­මැ­තිය යටතේ ක්‍රියා­ත්මක බ්‍රිතාන්‍ය මූල­ස්ථා­නය කර­ගත් එම බිම් බෝම්බ ඉවත් කිරීමේ සංවි­ධා­නය රට­වල් ගණ­නා­ව­කම බිම් බෝම්බ ඉවත් කිරීමේ කට­යුතු වල නිරත ආය­ත­න­යකි. මෙහි උප­දේ­ශ­ක­යන් කිහිප දෙනෙකු පම­ණක් විදේ­ශි­ක­යන් වන අතර, අනෙක් සියලු දෙනා ශ්‍රී ලාංකි­ක­යන්ය.

කෙසේ වෙතත්, අදාළ ආය­ත­නය විසින් මෙම පුරා විද්‍යා විනා­ශය සිදු­කර ඇත්තේ, ඉකුත් 15 වැනිදා හෝ ඊට ආසන්න දින­යක බව මේ වන විට හෙළිව තිබේ. මේ සම්බ­න්ධ­යෙන් ත්‍රීකු­ණා­ම­ලය දිස්ත්‍රීක් පුරා විද්‍යා නිල­ධා­රීන්ට තොර­තුරු ලැබී ඇත්තේ, 18 වන දින සවස් වරු­වේය. පසු දින උදෑ­ස­නම ත්‍රීකු­ණා­ම­ලය දිස්ත්‍රීක් පුරා විද්‍යා නිළ­ධා­රී­ව­රයා ඇතුළු පිරි­සක් එමි ගොස් ඇතත් ඔවුන්ට පස්වරු 2.00 පමණ වන තුරු රැඳී සිටි­න්නට සිදුව ඇත.

එහිදී පුරා විද්‍යා නිල­ධා­රීන්ට දැක ගැනී­මට ලැබී ඇත්තේ, පන්සල් කන්ද පුරා විද්‍යා ස්ථානයේ නට­ඹුන් රැස­කට බිම් බෝම්බ ඉවත් කිරීමේ සංවි­ධා­නයේ අව­ධි­මත් ක්‍රියා­කා­ර­කම් හේතු­වෙන් හානි සිදුවී ඇති ආකා­ර­යයි. විනාශ වූ නට­ඹුන් කොටස් විසිරි තිබී ඇති අතර, එම බිමේ බිම් බෝම්බ අන­තුරු හැග­වෙන පුවරු හා සීමා මායිම් සල­කුණු කිරී­ම­ටද අදාළ බිම් බෝම්බ ඉවත් කිරීමේ සංවි­ධා­නය කට­යුතු කර තිබේ.

අපිට තිබෙන පල­වෙනි ප්‍රශ්නෙ තමා, ඩෝසර් කරපු බිමක බිම් බෝම්බ තියෙන්නේ කොහො­මද කියන එක. අනික මෙතන බිම් බෝම්බ තියෙ­නවා කියලා කවුද තහ­වුරු කරලා තියෙන්නේ, එහෙම තැනක පුරා වස්තු තිබෙන බව දැන දැනත් ඇයි ඒ ගැන අදාළ අංශ දැනු­වත් නොකර මෙහෙ­යුම් සිදු­කලේ කියන කරුණ. අපි හිතන්නේ, මෙතන මීට වැඩියේ සිදු­වී­මක් වෙලා තිබෙ­නවා. විශේ­ෂ­යෙන් පුරා වස්තු තිබෙන ස්ථාන ස්කෑන් කරලා ඒවා මංකොල්ල කෑවද කියන සැක­යත් අපට තිබෙ­නවා. මේ වෙන කොට නැගෙ­න­හිර පළාතේ බෞද්ධ උරු­ම­යන් වනසා දමා ඉති­හා­සය වෙනස් කිරීමේ වැඩ පිළි­ව­ළක් ක්‍රියා­ත්මක වෙනවා. ඒ වගේම තමා, ලංකාවේ අනෙක් දිස්ත්‍රීක්ක වල ක්‍රියා­ත්මක වන නීතිය උතුරු නැඟෙ­න­හි­රට ක්‍රියා­ත්මක වෙන්නැති බවත් පෙනෙන්න තිබෙ­නවා. වෙන දිස්ත්‍රී­ක්ක­යක මේ විනා­ශය සිද්ධ වුණා නම්, අදාළ ආය­ත­නයේ හෝ පුද්ග­ල­යාගේ තරා­ති­රම නොබලා පොලි­සිය ක්‍රියා­ත්මක වෙලා අත්අ­ඩං­ගු­වට ගන්නවා. නමුත්, මේ වෙන­කම් සේරු­නු­වර පොලි­සිය කිසි­වෙක් අත්අ­ඩං­ගු­වට අර­ගෙන නැහැ. මේක පළ­වෙනි එක­වත් අව­සාන සිදු­වී­ම­වත් නෙවෙයි. අපි රජ­යෙන් ඉල්ලා සිටින්නේ, මේ සම්බ­න්ධ­යෙන් වහාම පරී­ක්ෂ­ණ­යක් පව­ත්වන්න කිය­ලයි..“

පුරා විද්‍යා නිළ­ධා­රීන් 19 වැනිදා සේරු­නු­වර පොලි­සි­යට පැමි­ණි­ල්ලක් කර තිබෙන අතර, ත්‍රීකු­ණා­ම­ලය දිස්ත්‍රීක් පුරා විද්‍යා සහ­කාර අධ්‍යක්ෂ ආනන්ද විතා­නගේ විසින් ස්ථානීය පරී­ක්ෂ­ණ­යක් සිදු කොට, එම වාර්තාව වැඩි­දුර කට­යුතු සදහා පුරා විද්‍යා අධ්‍යක්ෂ ජන­රාල් පී.බී.මණ්ඩා­වල මහතා වෙත ඉදි­රි­පත් කර ඇත.

මෙම ස්ථානයේ සිදුව ඇති හානිය පරීක්ෂා කිරී­මට ගිය පුරා විද්‍යා නිළ­ධා­රීන්ට දැක ගැනී­මට හැකිවී ඇත්තේ, බිම් බෝම්බ ඉවත් කිරීම සදහා ඩෝසර් කිරී­මේදී විනාශ වු පැරණි ගල් කණු, කොර­වක් ගල්, පිය ගැට පෙල, සද­කඩ පහන් හා ඉපැ­රැණි පෙති උලු විශාල වශ­යෙන් තැන තැන විසිර ගොස් ඇති බවකි. මෙම ඩෝසර් කිරීම විදේ­ශීය නියෝ­ජි­ත­යන් දෙදෙ­නෙ­කුගේ අධී­ක්ෂ­ණය මත සිදුව ඇති බවද දැන ගන්නට ඇත.

සහ­කාර අධ්‍යක්ෂ ආනන්ද විතා­නගේ පව­සන්නේ මෙය අත්වැ­ර­දී­මක් ලෙස පෙන්වා නිහඬ වන්නට නොහැකි බවයි.

‘‘කැල‍යෙන් වැහිලා තිබ්බත්, දාගැ­බක් කියන්නේ ඕනෑම කෙනෙ­කුට හොඳින් නිරී­ක්ෂ­ණය වෙන ස්ථාන­යක්. අනිත් කාර­ණය මේ ස්ථානය 2018 දී අපි ගවේ­ෂ­ණය කරපු තැනක්. එත­කොට මෙතන බිම් බෝම්බ තිබ්බ නම්,අ නිවා­ර්යෙන්ම පුපු­රන්න ඕනේ. එහෙම දෙයක් වෙලා නැහැ. අනික මෙහෙම දෙයක් අත් වැර­දී­ම­කින් හෝ සිද්ධ වුණා නම්, ඔවුන් ඒ සම්බ­න්ධ­යෙන් පොලි­සිය හෝ බළ­ධා­රීන් දැනු­වත් කිරීම කළ යුතුම දෙයක්. නමුත්,ඒ කිසි­වක් සිදු­වෙලා නැහැ. මීට පෙර මේ වගේම සූඩ­කුඩා තිබු දාගැ­බක් අන්ත­වා­දීන් විසින් විනාශ කර තිබුණා. පසු­ගිය වසර තුළ ත්‍රීකු­ණා­ම­ලය දිස්ත්‍රී­ක්කයේ පම­ණක් එවන් සිදු­වීම් කිහි­ප­යක්ම වාර්තා වුණා. මේකට දඩ­යක් ගහලා දඬු­වම් දීමෙන් වැඩක් වෙන්නේ නැහැ. එසේ විනාශ වූ හෝ විනාශ කල ස්ථාන වහාම ප්‍රති­සං­ස්ක­ර­ණය කළ යුතුයි...“

මෙම සිදු­වීම සම්බ­න්ධ­යෙන් අප අදාළ බිම් බෝම්බ ඉවත් කිරීමේ සංවි­ධා­නයේ නිල­ධා­රි­යෙ­කුගේ අද­හස් ලබා ගැනී­මට උත්සහ කළද, ඔවුන් ඊට කැමැ­ත්තක් නොදැ­ක්විය. එහෙත්, බිම් බෝම්බ ඉවත් කිරීමේ සංවි­ධාන පහක් සම්බ­න්ධී­ක­ර­ණය කරන ජාතික බිම් බෝම්බ සදහා වූ ක්‍රියා­කාරි මධ්‍ය­ස්ථා­නයේ නිල­ධා­රි­යෙකු පවසා සිටියේ, පුරා වස්තු හානි සිදු­වී­මක් එම ආය­ත­නය විසින් සිදු කර නොමැති බවත්, වසර තිහක පමණ කාල­යක් කැල­යට යටව තිබු මෙම ස්ථානය හරහා එම ආය­ත­නයේ , ඩෝසර් යන්ත්‍ර ධාව­නය වීමේදී යම් තර­මක හානි­යක් සිදුව ඇති බව පිළි ගන්නා බවත්ය. කෙසේ නමුත්, ඉදි­රි­යේදී පුරා විද්‍යා දෙපා­ර්ත­මේ­න්තු­වේද සහාය ඇතිව විනාශ වු නට­ඹුන් යථා තත්ව­යට පත් කිරී­මට කට­යුතු කරන බව හෙතෙම වැඩි දුර­ටත් කියා සිටි­යේය.

උතුරු නැඟෙ­න­හිර තම­න්ක­ඩුව දෙප­ළාතේ ප්‍රධාන සංඝ නායක සේරු­විල මංගල රාජ මහා විහා­රා­ධි­පති මුංහේනේ මෙත්තා­රාම නා හිමි­යන් කියා සිටියේ, බෞද්ධ උරු­ම­යන් නැඟෙ­න­හිර පළා­තෙන් මකා දැමී­මට ඇතැම් පිරිස් ගන්නා මෙම උත්සා­හය නැවැ­ත්වී­මට රජය කට­යුතු නොක­රන්නේ නම්, ඊට එරෙ­හිව ඉදි­රි­යේදී ජන­තාව පෙල ගස්සන බවයි.

“සූඩ­කුඩා දාගැබ ඩෝසර් කිරී­මෙන් ඇර­ඹුණු මෙම පුරා විද්‍යා නට­ඹුන් සංහා­රය මේ වන විට ත්‍රිකෝණ මඩුව පංසල් කන්ද දක්වා ඇවිත් .සූඩ­කුඩා සිද්ධි­යට ආණ්ඩුව නීතිය ක්‍රියා­ත්මක නොකළ බව රහ­සක් නෙවෙයි. ඒ සංහි­දි­යාව කැඩෙයි කියන බයට. නමුත්, දැන් තියෙන මේ රජ­ය­ටත් මේක නතර කරන්න හයි­යක් නැත්නම්, සේරු­විල සංඝ සභාව හැටි­යට අපට සිදු­වෙ­නවා ඉදි­රි­යේදී බෞද්ධ ජන­තාව ඊට එරෙ­හිව පෙළ ගස්ස­වන්න. අපි අග්‍රා­මාත්‍ය මහින්ද රාජ­පක්ෂ මහ­තා­ගෙන් ඉල්ලා සිටින්නේ, වහාම මේ සම්බ­න්ද­යෙන් අප­ක්ෂ­පාතී පරී­ක්ෂ­ණ­යක් සිදු­කර වැර­දි­ක­රු­වන්ට දඩු­වම් කරන ලෙසයි..“

සිද්ධිය සම්බ­න්ධ­යෙන් සේරු­නු­වර පොලි­සිය විසින් පරී­ක්ෂණ කට­යුතු ආරම්භ කර ඇති අතර, අදාළ ස්ථානයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කට­යුතු තාව­කා­ලි­කව නවතා දමන ලෙස බිම් බෝම්බ ඉවත් කිරීමේ සංවි­ධා­න­යට දැනුම් දී ඇති බවත් සේරු­නු­වර පොලිස් ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ආනන්ද හේරත් කියා සිටි­යේය. මෙම ආය­ත­නය රාජ්‍ය ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය යටතේ ක්‍රියා­ත්මක සංවි­ධා­න­යක් බැවින්, ඉදිරි පිය­වර පිළි­බ­දව වැඩ බලන පොලි­ස්ප­ති­ව­ර­යා­ගෙන් උප­දෙස් ඉල්ලා ඇති බවත් හෙතෙම වැඩි දුර­ටත් කියා සිටි­යේය.

ත්‍රීකු­ණා­ම­ලය දිස්ත්‍රී­ක්කයේ පුරා විද්‍යා නිළ­ධා­රීන් අවම පහ­සු­කම් යටතේ, මෙම උරු­ම­යන් රැක ගැනී­මට දරන උත්සා­හය සැබ­වින්ම පැස­සිය යුතු නමුදු, ඊට ලැබෙන සහය අල්පය. එසේම නීතිය ක්‍රියා­ත්මක කිරී­මේදී දකු­ණට එක් ආකා­ර­යක් හා උතුරු නැගෙ­න­හි­රට තවත් ආකා­ර­ය­ක­ටත් සැල­කීම හාස්‍ය ජන­කය. පංසල් කන්ද පුරා විද්‍යා විනා­ශය දකුණේ සිදු­වූයේ නම්, සැක­ක­රු­වන් මේ වන විට බන්ධ­නා­ගා­රයේ බවට කිසිදු සැක­යක් නැතත්, සේරු­නු­වර පොලි­සිය රාජ්‍ය ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ නම විකු­ණ­මින් සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට නොගැ­නීම සැබ­වින්ම කන­ගා­ටු­දා­ය­කය.

 

Comments