ශ්‍රී ලංකාවේ ආර්ථි­කය විස්සයි විස්සෙන් පසුව කුමක් වෙයිද? | සිළුමිණ

ශ්‍රී ලංකාවේ ආර්ථි­කය විස්සයි විස්සෙන් පසුව කුමක් වෙයිද?

මේ සාක­ච්ඡා­වට පූර්වි­කා­වක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථි­කය විස්සයි විස්සෙන් පසුව කුමන හැඩ­යක් ගනී­විද ? යන කාර­ණාව සම්බ­න්ධව මෙහිදී සාකච්ජා කළ යුතු වෙයි. එමෙන්ම මෙරට ආර්ථි­කය අද පව­තින තත්ත්වය පිළි­බඳ ව කෙටි සමා‍ලෝ­ච­න­යක් කිරී­මට ද අපේක්ෂා කරමි. වර්ත­මා­නයේ ශ්‍රී ලංකාවේ ආර්ථි­කය මා හඳු­න්වනු ලබ­නුයේ බහු­මානී අර්බු­ද­යක පව­තින ආර්ථි­ක­යක් ලෙසයි. එය වර්ත­මා­නය වන විට පව­තින තත්ත්ව­යකි. මේ බහු­මානී යුගය කුමන ‍ස්වභාව­යක් ගන්න­වාද කියන දේ කෙටි­යෙන් විස්තර කළ යුතුයි.

1977 සිට මේ දක්වා වසර 43 කාලය දක්වා ශ්‍රී ලංකාවේ ආර්ථි­කයේ සාමාන්‍ය වර්ධන වේගය සලකා බැලී­මේදී එය පව­ති­නුයේ සිය­යට තුනක් හත­රක් වැනි මන්ද­ගාමී සහ එක්තැන පව­තින ආර්ථි­යක් ලෙසයි. පසු­ගිය වසර 40ක කාලය තුළ සාමාන්‍ය වෘධි­යක් ලෙස වෘධි සට­හ­නක සට­හන් කළ­හොත් එය පැහැ­දිලි කළ හැකියි. මෙහිදි ප්‍රශ්න දෙකක් මතු වෙයි.

එහි පළ­මු­වැන්න වන්නේ වෘද්ධි වේද­යක් පැවැ­තී­මයි. මේ වෘද්ධි වේදය පසු­ගිය කාලය පුරා පැවැ­තියේ කෙසේද කියන කාරණා ගත­හොත් මන්ද­ගාමී වෘධි­වේ­දයක් ලෙස එහි දි වෘධි සට­හනේ දැක්විය හැකියි. එය ශිඛර දෙකක් ලෙස දැක්වු­ව­හොත් එනම් ආර්ථි­කය මන්ද­ගාමි ස්වරූ­ප­යෙන් වැඩුණ ද; වෘද්ධි දෙකක් ඉක්මවා යන කඳු දෙකක් දැකි­මට හැකිය. පළමු වැනි ශිඛ­රය අපිට දක්නට ලැබෙන්නේ 1977 ත් සහ 1982 ත් අතර කාල­යයි. මේ කාලය ඇතු­ළත ලංකාවේ වෘධි වේගය ඇතැම් වස­ර­වල සිය­යට 8 වැනි ප්‍රමා­ණ­යක් ලබා ගනු ලැබීය. ඒ කාලයේ එය සිය­යට හයක හතක වේග­යක් පවත්වා ගත් බව දක්නට ලැ‍බේ. මේ වසර තුනක හත­රක කාල­යක පැවැ­තීම එක් ශිඛ­ර­යක් ලෙස සට­හන් කළ හැකියි.

දෙවැනි ශිඛ­රය දකි­න්නට ලැබෙ­නුයේ 2010 කාලයේ සිට 2014 දක්වා, එවැනි ම ඉහළ සිඛ­ර­යක් දකි­න්නට ලැබෙයි. සාමා­න්‍ය­යෙන් සිය­යට හය සහ හත යන මට්ට­මක් එහිදී පෙන්නුම් කෙරේ. මේ ශිඛර දෙක නොප­ව­ති­න්නට ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ආර්ථික වේගය තව­දු­ර­ටත් අඩු­වනු ඇත. තුන හතර වේග­ය­වත් පැවැ­තියේ මේ ශිඛර දෙක පැවැති නිසාය. එසේ නොව­න්නට එය තවත් පහළ වේග­යක් ලෙස සට­හන් වනු ඇත. මේ කරුණු අප සැල­කි­ල්ලට ගත යුතුයි. මේ ශිඛර දෙක පැව­තී­මට හේතු වන්නේ 1977 සහ 1982 අතර කාලයේ මෙර­ටට ලැබුණ විශාල ප්‍රධා­න­යන් බව පැහැ­දිලි කරු­ණකි.

මේ ප්‍රධා­න­යන් පද­නම් කොට ගෙන පාද ව්‍යුහ වර්ධ­න­යක් සිදු විය. මහින්ද රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ දෙවැනි බල කාලය තුළ විශාල වශ­යෙන් පාද ව්‍යුහ ව්‍යපෘති ඇති­විය. එනම් වරාය, මහ මාර්ග, අධි­වේග ආදී ව්‍යාපෘති නිසාය. මෙය කලින් පාද­ව්‍යුහ ව්‍යපෘ­ති­ව­ලට වඩා වෙනස් වන බව ඉතා පැහැ­දි­ලියි. මක්නි­සාද යත් මේවා මූලික වශ­යෙන් ණය මත පැවැ­තුණු බව පෙනෙයි. ලෝක ආර්ථි­කය දෙස බැලු­වොත් ආර්ථීක වෘද්ධිය ගමන් කර­නුයේ අදාළ රට­වල කාර්මික වෘද්ධිය සම­ඟයි. එහිදී කාර්මික වෘධිය අඩු වන වැඩි වන ආකා­ර­යට ආර්ථීක වෘද්ධිය ගමන් කරනු ලබයි. බොහෝ විට එක මත එක පතිත වෙමින් මේ වක්‍ර දෙක ගමන් කරයි.

ලංකාවේ පසු­ගිය වසර හත­ළිස් දෙකක කාලය තුළ අපේ කාර්මික වේගය පහළ අග­යක් ගැනීම සහ ආර්ථික වේගය ඉහළ අග­යක් නොගැ­නීම මේ ආකා­ර­යට පහළ වෘද්ධි වේග­යක් ගනු ලැබූ බව පෙනෙයි. එක් පැත්ත­කින් පහළ වෘධි­වේ­ගය අනෙක් පැත්තෙන් අපේ ආර්ථි­ක‍ ­ක්ෂේ­ත්‍රයේ සහ කාර්මික ක්ෂෙත්‍රයේ අඩු ලුහු­ඬු­කමේ ප්‍රති­ඵ­ල­යක් ලෙස දෙවැනි මානය දකි­න්නට හැකිය. තුන්වැනි මානය මේ ආර්ථික මොඩ­ලය තුළ ඇති ප්‍රශ්න­යක් ලෙස දකි­න්නට ලැබෙයි.

අපේ ආර්ථි­කය පද­නම වී ඇත්තේ කුඩා ආර්ථික නිෂ්පා­දන ඒකක මතයි. අපේ නිෂ්පා­දන වේගයේ වටි­නා­කම් සලකා බැලී­මේදි සිය­යට පන­හක්ම එකතු වනුයේ ඉතා කුඩා ආර්ථික නිෂ්පා­දන ඒකක මතයි. සිය­යට තිස් හත­රක් ම මූල්‍ය නොවන නිෂ්පා­දන සමා­ගම් වෙයි. එ් ආකා­ර­යට අපේ ආර්ථි­කය සෑදි ඇති බව‍ ­ද­ක්නට ලැබෙයි. හතර වන අංග ලක්ෂ­ණය වනුයේ වෙළඳ අර්බු­ද­යයි. ලංකාවේ වෙළෙද ශේෂය ගත­හොත් ආන­ය­නික හා අප­න­ය­නික වටි­නා­කම් අතර වෙනස සහ නිර්යාත සහ ආයාත අතර වෙනස ගත­හොත් එන්න එන්නම පුළුල් වන වැඩි­වන තත්ත්ව­යක් පවතී.‍ 1977දී නව ආර්ථීක ප්‍රති­ප­ත්තිය හඳුන්වා දුන් අතර ඒ ආර්ථීක ප්‍රති­ප­ත්තිය ආණ්ඩුව හැඳි­න්වූයේ නිර්යා­තා­ධි­මුඛ ආර්ථික මුල්‍ය උපාය ප්‍රති­ප­ත්ති­යක් ලෙසයි; නිර්යා­තා­ධි­මුඛ ආදිය වැඩි කරලා ආර්ථි­කය දියුණු කරන ආර්ථීක ප්‍රති­ප­ත්ති­යක් ලෙසයි. නමුත් මේ අවු­රුදු 43 තුළ ලංකාවේ වෙළෙ­ද‍ ­ක්ෂේ­ත්‍රයේ ඍණ අග­යක් ගැනී­මෙන් එය පැහැ­දි­ලිය. නිර්යාත හා ආයත අති­රි­ක්ත­යක් ඇති කර­ගැ­නී­මට ආණ්ඩුව සමත් වූයේ නැත.

නිර්යා­ථා­ධී­මුඛ මුල්‍ය ප්‍රති­ප­ත්ති­යෙන් අද­හස් කළේ රටේ සංව­ර්ධ­නය වැඩි­කි­රීම හරහා ආර්ථීක වෘද්ධි­යක් ඇති කිරී­ම­ටයි. නමුත් උත්සාහ කළද එය සිදු වී නැත. එය පැහැ­දි­ලිව පෙන්නුම් කරනු ලබන්නේ පසු­ගිය වසර 43ක කාලය තුළ ඍණ අග­යක් ගැනී­මෙනි‍. ඉහළ වේග­ය­කින් පාද ව්‍යුහ කට­යුතු කර­ගැ­නීම ණය මත පද­නම් වීම නිසා 2000 සිට ඉතා වේග­යෙන් ලංකාවේ ණය ගොඩගැසී ඇති අතර එය ඩොලර් බිලි­යන පනස් පහක් ද දක්වා ඉහළ ගොස් ඇත.

මෙහිදී හය­වෙනි අංග ලක්ෂ­ණය ලෙස ආර්ථී­කයේ බොහෝ අංශ එනම් විධි­මත් පෞද්ග­ලික අංශය සහ රාජ්‍ය අංශයේ වැඩ කරන සේව­ක­යන්ගේ මුර්ථ අගය ඉතා­මත් ම පහත වැටිම දැක්විය හැකියි. එයත් අර්බු­දයේ අංග ලක්ෂ­ණ­යකි. යම් තාක් දුරට වැඩි­වී­මක් ඇති­වෙලා තියෙන්නේ අවි­ධි­මත් අංශයේ කම්ක­රු­වන්ගේ වැටුප පම­ණයි. විශේ­ෂ­යෙන් 1960 ගණන් වන විට ලංකාවේ ආර්ථි­කයේ කැපී පෙනෙන ආර්ථි­කයේ සම­තා­වක් තිබී ඇත. නමුත් 1977 පසුව ලංකාවේ ‍ක්‍රමානු­කූ­ලව ආදා­යම් සහ ධන අස­ම­තා­වන් ඉහළ ‍යෑමක් සිදු විය.

‍මේ අංග ලක්ෂණ කිහි­පය නිසා 2020 වන විට ලංකාවේ ආර්ථි­කය බහු­මා­නිය ආර්ථික අර්බු­ද­යක් බවට පත්විය. බහු­මා­නීය අර්බු­ද­යක් බවට පත්වීම හඳුන්වා දිය හැකි­ව­නුයේ ව්‍යුහා­ත්මක අර්බු­ද­යක් ලෙසයි. සාමාන්‍ය ආර්ථික අර්බු­ද­යක් හඳුන්වා දීමේ දි කාල් මාක්ස් වැනි දාර්ශ­නි­ක­යන් හඳු­න්වන්නේ හෙණ­යක් පාත් වීමක් වැනි තත්ත්ව­යක් ලෙසයි‍. නමුත් අද අපි මුහුණ දෙන ආර්ථික අර්බු­දය හෙණ­යක් වගේ පැමිණි දෙයක් නොවෙයි.

ඒ නිසා එහි අර්බු­ද­යක් තියෙ­න­වාද කියලා දක්නට නොලැ­බෙයි. විශාල ආර්ථික අර්බු­ද­යක් ඇති බව බාහි­රින් දක්නට නොලැ­බෙයි. මේ බහු­මා­නිය ආර්ථික අර්බු­දය අපිට පැමි­ණෙන්නේ මාක්ස් සඳ­හන් කළ ආකා­ර­යට නොවෙයි. මෙය පැමි­ණෙන්නේ බඩ ගාගෙ­නයි. බඩ ගාගෙන එන අර්බු­ද­යක් නිසා අර්බු­ද­යක් ඇති­බව කිසි­ව­කුට දක්නට නොලැ­බෙයි. 2020 අපේ ආර්ථි­කය බහු­මා­නීය ව්‍යුහා­ත්මක ආර්ථික අර්බු­ද­යක් වන නිසා එහි විවිධ පැති­කඩ පිළි­බ­ඳව අපි මෙහිදී සාකච්ඡා කළ යුතුයි.

මේ අර්බු­ද­යට බලපෑ හේතු විස­ඳී­මට ගත­යුතු ක්‍රියා­මාර්ග මොන­වාද යන්න පිළි­බ­ඳව අපි සාකච්ඡා කළ යුතුයි. ඒ සම්බ­න්ධ­යෙන් විශාල පරි­සර අර්බු­ද­ය­කුත් නිර්මා­ණය වෙමින් පව­තින බව පෙනෙයි.

ඉන් පසුව අපි පැහැ­දිලි කර ගත යුතු­වන්නේ මේ ආණ්ඩුව එනම් ගෝඨා­භය රාජ­පක්ෂ මහතා‍ගේ ආණ්ඩුව යටතේ මේ අර්බු­ද­යෙන් ගොඩ ඒමට හැකිද කියන කාර­ණා­වයි. එහිදි එයින් ගොඩඒම සඳහා නිශ්චිත ක්‍රියා­මාර්ග ගනි­මින් පව­තිද කියන කාර­ණාව අපි සාකච්ඡා කළ­ යු­තුයි. මේ මොහොතේ මේ ආණ්ඩු­වට නිශ්චිත ක්‍රියා­මා­ර්ග­ය­කට ඒමට හැකි­යාව නැත.

මක්නි­සාද යත් අප්‍රෙල් පාර්ලි­මේන්තු මැති­ව­ර­ණය නිසා ඉතා­මත් ප්‍රවේ­ශ­මෙන් ආණ්ඩුව ක්‍රියා කරන ආකා­ර­යක් අපිට දක්නට හැකිය. මේ කෙටි කාලය තුළ කිසි­යම් ආකා­ර­ය­කට නිශ්චිත ආර්ථික ප්‍රති­පත්ති අනු­ග­ම­නය කළ නොහැ­කියි. නමුත් ඒ කෙටි අව­කා­ශය තුළදී වුවත් මේ ආණ්ඩුව ගත් ක්‍රියා මාර්ග දෙස අප බැලිය යුතුයි. ඒ අනුව අර්බු­දයේ තත්ත්වය මර්ද­නය කිරීම සඳහා බල­යට පත් වූ වහාම වැට් අඩු කිරිම, ඒ මගින් පාරි­භෝ­ගි­ක­යාට එහි ප්‍රති­ලාභ ලැබී ඇති ද කියන කාරණා පිළි­බ­ඳ­වද සැල­කි­ලි­මත් විය යුතුයි.

ආදා­යම් බදු සිමාව ලක්ෂ­ය­කට වැඩි නම් ආදා­යම් සීමාව දෙලක්ෂ පනස් දහස දක්වා වැඩි කිරීම තවත් එක් පිය­ව­රකි. මා මෙය දකින්නේ මේ ආණ්ඩුව කළ එක්තරා අඥාන ප්‍රති­ප­ත්ති­යක් ලෙසයි‍. ලංකාවේ සාමාන්‍ය පවු­ලක මුළු විය­දම හැට දෙද­හ­සයි. ආර්ථික න්‍යායේ හත­ර­වන න්‍යාය මේ සම්බ­න්ධ­යෙන් අනු­ග­ම­නය කිරී­මක් කර ඇති බව පෙනෙයි. බදු අනු­පාත අඩු කළොත් බදු වැඩි­යෙන් අය කර ගත හැකි බව එහි සඳ­හන් වෙයි.

මේ වැරදි න්‍යායන් අනු­ග­ම­නය කිරීම, අලුත් ණය සීමා­වන් ඉහළ දැමීම වැනි ක්‍රියා­මාර්ග ගැනී­මට සිදු­වනු ලබයි. මේ බදු සිමා­වන් අනුව රුපි­යල් මිලි­යන හය­සි­ය­යක පමණ බදු අඩු වීමක් ඇති වී තිබේ. අපි දැන් සැල­කි­ලි­මත් විය යුතුයි 2020දී මේ අර්බු­ද­යෙන් ගොඩ ඒමට. මැති­ව­රණ කාලයේ සිදු­නො­වු­වත් ගනු ලැබු පිය­වර එත­රම් සුබ­දා­යක නොවන නිසා. ‍ඇත්ත වශ­යෙන් ම මේ පිය­ව­ර­ව­ලට වඩා ජන­ප්‍රිය පිය­වර ගන්නට තිබුණා.

උදා­හ­ර­ණ­යක් ලෙස වතු කම්ක­රු­වන්ගේ වැටුප දහ­ස­කින් වැඩි­කි­රීම වැනි පිය­වර, වෙනස් අංශ­වල වැඩ­කි­රීම වැනි වෙනත් අංශ­වල වැඩි කිරීම වැනි ක්‍රියා­මාර්ග ආණ්ඩු­වට ගැනී­මට තිබුණි. මගේ අදහස යම් ප්‍රමා­ණ­යක ධනා­ත්මක ප්‍රති­ඵ­ල­යක් අත්වනු ඇති බවයි. රුපි­යල් ලක්ෂ­යක කාර්යය, බහු­විධ කාර්යය සාධ­ක­යක් දිම උපා­ධි­ධා­රීන්ට රැකියා ලබා­දීම වැනි ක්‍රියා මාර්ග ආදා­යම් බදු වැනි වැරදි ක්‍රියා­මා­ර්ග­වල වඩා නිවැ­රදි ක්‍රියා­මාර්ග බව පෙන්නුම් කර­න්නට හැකිය.

2020 අප්‍රේල් මාස­යෙන් පසුව ආණ්ඩුවේ ආර්ථික ප්‍රති­ප­ත්තිය කුමක් වෙයිද; මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රති­ප­ත්තිය මගින් පුළු­වන් වෙයිද; අද ඇති බහු­මා­නීය අර්ථික අර්බු­ද­යෙන් ගොඩ ඒම සඳහා ආණ්ඩු ඉදි­රි­පත් කරන ක්‍රියා­මාර්ග අපිට නිශ්චි­තව කිව නොහැකියි. මේවා නිශ්චිත කතා නොවෙයි. නමුත් යම්කිසි ආකා­ර­ය­කට ආණ්ඩුව විසින් පෙන්නුම් කරන ප්‍රව­ණ­තා­ව­ය­න්ගෙන් මේ ආණ්ඩු­වට ගොඩ එන්නට වෙන්නේ නිර්යා­ත‍ ­දෙ­සට හැරී­මෙන් බව අද­හස කිව යුතුයි.

වර්ත­මාන ආණ්ඩු­වට ගොඩ ඒමට නම් නිර්යාත කළ හැකි කර්මාන්ත සංව­ර්ධ­නය කිරීම කළ යුතුයි. නමුත් 2020 ආර්ථි­කය වර්ධ­නය කර­ගැ­නී­මට මේ බහු­මා­නිය ආර්ථික අර්බු­ද­යෙන් ගොඩ ඒමට හැකිද කියන කාර­ණාව ඉතා­මත් සැක සහි­තයි. 2020 අප්‍රේල් වලින් පසුව ආණ්ඩුව අනු­ග­ම­නය කරන ප්‍රති­පත්ති බොහෝ දුරට මීට පෙර තිබු ආණ්ඩු කරන ලද ප්‍රති­පත්ති වලට සමාන වන්නේ නම් 2015 අනු­ග­ම­නය කරන ලද වැරදි ප්‍රති­ප­ත්ති­ය­­ම අනු­ග­ම­නය කිරීමක් ලෙස හැඳින්විය හැකිියි.

මේ ධනේ­ෂ්වර රාමුව තුළ අනු­ග­ම­නය කළ­යුතු ක්‍රියා­මාර්ග දෙකක් ඇත. එකක් අන්ත­ර්ජා­තික මුල්‍ය අර­මු­දල; නව ලිබ­රල් වාදය කිය­න්නාවු විදි­හට ආර්ථික හැසි­ර­වි­මෙන් ආර්ථි­කය සංව­ර්ධ­නය කළ හැකි බවයි. මා හිතන්නේ එ් අද­හස ක්‍රියා­ත්මක කළ­හොත් මේ රජය බල­යට පත් කළ විශේ­ෂ­යෙන් සමා­ජයේ පහළ තීරු­වට අති­ශ­යින්ම බර­ප­තළ ලෙස එහි බර දර­න්නට සිදු වෙයි. දෙවැනි කාර­ණාව වඩාත් ජාතික අාර්ථි­ක­යට යොමු වූ ආර්ථික නිෂ්පා­ද­න­යත් සමඟ වැඩිවූ ආර්ථි­ක­යක් අනු­ග­ම­නය කිරි­මයි.

එසේ ක්‍රියා­ත්මක කිරී­මේදී ජාතික ආර්ථි­ක­යෙන් ඇති­වන ඉල්ලුම ආයත කර භාණ්ඩ වලට නොයන පරිදි අපි ක්‍රියා­ත්මක කළ යුතුයි. මේ දෙවැනි ක්‍රම­වේද‍ය අනු­ග­ම­නය කිරී­මෙන් බහු­විධ අර්බු­ද­යෙන් ගොඩ ඒමට හැකි­යාව ලැබෙයි. ණය ගෙවී­මට ණය ගැනී­මෙන් ණය කන්ද තවත් වැඩි කර­ගැ­නී­මට ගියොත් අ‍ප්‍රේල් වලින් පසු­වත් ලොකු ආර්ථීක අර්බු­ද­ය­කට මේ රට පත්වෙනු ඇති බවයි මගේ වැට­හීම. මේ තත්ත්ව­යෙන් ඉවත්වී කට­යුතු කිරී­මට හැකි­වේවිද කියන කාර­ණා­වත් 2020 ආර්ථික අර්බු­දය කුමන දිසා­ව­කට ගමන් කර­න්නේද කියන කාර­ණා­වත් අපිට තීර­ණය කර­න්නට හැකි­වනු ඇත‍.

මේ සඳහා 2015 -2020 අනු­ග­ම­නය කරන ලද අන්ත­ර්ජා­තික මුල්‍ය අර­මු­දල විසින් රෙක­ම­දාරු කරන ලද ක්‍රියා­මා­ර්ගය ඉදි­රි­යට ගෙන ගිය­හොත් ඉහළ බදු­පැ­න­වි­මද සිදු­වනු අැත කම්කරු නීති ශක්ති­මත් කර සමා­ජයේ පහළ මාල­යට රිදෙන ආර්ථික ක්‍රියා මාර්ග­යක් අනු­ග­ම­නය කිරී­මෙන් ආර්ථික වෘද්ධ­යක් ඇති­වෙන්නේ නැත.දෙවැනි කරුණ නම් පහළ ආදා­යම් ලාභීන්ගේ ආදා­යම් වැඩි­කර එසේ වැඩි­වන අදා­යම් ජාතික වශ­යෙන් නිෂ්පා­ද­නය කරන භාණ්ඩ පරි­භෝ­ජ­නය සඳහා යොමු කෙරෙන සහ ඒ සඳහා ම ඉතු­රුම් වැඩි කෙරෙන ආර්ථි­ක­ය­කට ගමන් කිරි­මෙන් රාජ්‍යයේ යම් මැදි­හත් විමක් සහ මෙහෙය විමක් ඇතිව ආර්ථි­කය හැසි­ර­වී­මෙන් ඇති කර­ගත හැකියි. දෙවැනි ක්‍රමය අනු­ග­ම­නය කිරීම තුළ වඩා යහ­පත් ආර්ථීක ප්‍රති­ඵ­ල­යක් අත්වෙනු ඇති අතර; එවැනි බහු­වි­ධ­මා­න­යන් සමා­ජයේ පහළ මාල­යට ගමන් කිරි­මක් ද සිදු­වනු ඇත.

Comments