මාර්ග තද­බ­දය අවම කිරී­මට හමු­දා පොලීසිය යෙද­වීම... | Page 2 | සිළුමිණ

මාර්ග තද­බ­දය අවම කිරී­මට හමු­දා පොලීසිය යෙද­වීම...

ථ­වා­හන තද­බ­දය නිසා දින­කට අපතේ යන මිනිස් පැය ගණන අති­වි­ශා­ලය. එමෙන්ම දින­කට රුපි­යල් බිලි­ය­න­යක් රජ­යට අහිමි වෙයි. මහා­මා­ර්ග තද­බ­ද­ය නිසා රැඳී සිටින රථ­වා­හ­න­ව­ලින් පිට­වන කාබ­න්ඩ­යො­ක්ස­යිඩ් වායුව නිසා පරි­ස­ර­යට වන හානිය අති­වි­ශා­ලය. පව­තින මේ තත්ත්ව­යට විස­ඳුම් සෙවීම අත්‍ය­ව­ශ්‍යය. මහා මාර්ග කොතෙක් ඉදි වුණත්, අධි­වේගි මාර්ග කොතෙක් ඉදි­වු­වත් දිනෙන් දින මහා මාර්ග­යට ඇතු­ළු­වන වාහන ගණන අති­වි­ශා­ලය. ඒ නිසා වඩා වැද­ගත් වන්නේ මේ අව­ස්ථාවේ පව­තින තත්ත්වය සම­නය කර­ගැ­නී­මට යම් විස­ඳු­මක් සෙවී­මය.

පොලී­සි­යට අම­ත­රව යුද හමුදා පොලි­සියේ නිල­ධා­රීන් ‍මේ මාර්ග තද­බ­දය වෙනු­වෙන් යම් පිළි­ය­මක් ලෙස යෙදීම පිළි­බ­ඳව ‍නොයෙක් දෙනා විවිධ මත­වාද දරති.

කෙසේ වෙතත් මෙරට දෛනික අන­තු­රු­ව­ලින් දින­කට අට­දෙ­නෙක් මර­ණ­යට පත් වෙතිි. මේ තත්ත්වය යම් පාල­න­යක් කිරීමේ අර­මු­ණින් ක‍ාර්යය බහුල වේලා­ව­න්හිදී උදේ හයත් දහ­යත් අතර හා සවස තුනත් හතත් ‍යන වේලා­ව­න්ව­ලදී කොළඹ නග­ර­යට ජන­තාව ඇතු­ළු­වන සහ පිට­ත්වන වේලා­වන් හිදී ඇති­වෙන වාහන තද­බ­දය අවම කර­ගැ­නී­මට; ශ්‍රී ලංකා පොලී­සි­යට සහය වීම උදෙසා ශ්‍රී ලංකාවේ යුද හමු­දාවේ පොලිස් සේවා බල ඇනිය යෙද­වී­මට රජය තිර­ණය කර තිබේ.

මේ වන­විට විශාල ලෙස රිය අන­තු­රු­ව­ලින් පදි­කයෝ මිය යති. ‍ මාර්ග තද­බ­දය අවම කර­ගැ­නීම පොලි­සියේ රාජ­කා­රි­යක් පම­ණක් බව ඇතැ­මුන්ගේ මතය වී ඇත. එය හුදු මහත් ජන­තා­ව‍ගේම වග­කී­මකි.

මාර්ගයේ ධාවන කට­යුතුවලදී රිය­ැදු­රන් මෙන්ම මගීන්ද සුප­රි­ක්ෂා­කාරී විය යුතුයි. මාර්ග නීති සම්බ­න්ධ­යෙන් පොලිස් නිල­ධා­රීන්ගේ නිල ලාංජ­න­යෙන් සල­කුණ වී ඇති ත්‍රිකෝ­ණයේ පාද තුනෙහි ඇති ඉංග්‍රිසි E අකුරු තුනෙන් පැහැ­දිලි කරන්නේ (education) දැනු­වත් කිරීමේ අධ්‍යා­ප­නය (enforcement), නීතිය බල­ගැ­න්වීම සහ ඉජි­නේරු (Engineering) යනු­වෙනි. ඉජි­නේරු යනු­වෙන් අද­හස් කරන්නේ තාක්ෂ­ණික පහ­සු­කම් සැල­සී­මයි‍. රජයේ ආය­තන විශාල ප්‍රමා­ණ­යක් එකතු වී මේ ක්‍රියා­දාම සක්‍රිය කිරීම සඳහා විශාල පරි­ශ්‍ර­ම­යක නිරත වන බව රථ­වා­හන මාර්ග ආර­ක්ෂාව හා පරි­සර ආර­ක්ෂණ දිශාව බාර නියෝජ්‍ය පොලි­ස්පති ඩි. එම්. මුදිත පුස්වැල්ල සඳ­හන් කරයි.

වර්ත­මා­නයේ මේ හා සම්බන්ධ වන සිය­ලු රාජ්‍ය ආය­තන එක­මුතු මේ පරි­ශ්‍ර­මය සඳහා සම­ගාමී වෙමින් කට­යුතු කරනු ලබයි. නොසැ­ල­කි­ලි­මත් ලෙස රිය පද­වන රිය­ැදු­රන් සඳහා තදින් ක්‍රියා කිරී­මත් සුවි­ශේෂි කරු­ණකි. යම් වර­දක් රිය­ැදුරු විසින් සිදු කළ­හොත් ඒ බස් රථ හිමි­ක­රුට ද නඩු පැව­රී­මට ඉදි­රි­යේදි ක්‍රියා කරන අතර; විශාල අන­තු­රක් සිදු වුව­හොත් ජාතික ගම­නා­ග­මන කොමි­ෂන් සභාව සමඟ එකතු වී අදාළ බස් රථ­යට හිමි මාර්ග ධාවන අව­සර බල­ප­ත්‍රය අව­ලංගු කිරී­මට ඉදි­රි­යේදි පිය­වර ගනු ලබයි.

විශේ­ෂ­යෙන් සිය­ලුම පාර්ශ්ව­යන් මාර්ග තද­බ­දය පිළි­බඳ ව අව­ධා­න­යෙන් සිටිය යුතුයි.

මගීන් විශේ­ෂ­යෙන් ම කාල කළ­ම­නා­ක­ර­ණය කර­ගත යුතු අතර මාර්ග තද­බ­දය ඇති අව­ස්ථා­ව­ලදී මාර්ගය පිළි­බඳ අව­ධා­න­යෙන් සිටිය යුතුයි. ගූගල් තාක්ෂ­ණය හරහා දැනු­වත් වීම වැනි ක්‍රම­වේද භාවිත කළ හැකියි. වි‍‍ශේෂ­යෙන් මගීන්ට, පදි­ක­යන්ට, රියැ­දු­රන් යන සියලු පාර්ශ්ව­යන් සඳහා මෙහි වග­කීම පැවරී ඇති බව නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා තවදුරටත් සඳ­හන් කරයි.

 

අපේ අරමුණ මහජනයාට සේවයක් කිරීමයි

• පොලිස් මාධ්‍ය කොට්ඨා­සයේ අධ්‍ය­ක්ෂ ජාලිය සේනා­රත්න

රථ­වා­හාන තද­බ­ද­යට අපිට අති­වි­ශාල පොලිස් නිල­ධා­රීන් පිරි­සක් අවශ්‍ය වෙනවා. එන්න එන්න රථ­වා­හන ප්‍රමාණය වැඩි­වෙ­නවා. ඒ ව‍ගේම වාහන ලියා­ප­දිං­චිය වැඩි වෙනවා. කොළඹ නග­රයේ රථ­වා­හන තද­බ­දය ඉතා­මත් වැඩි­වෙ­නවා. පාස­ල්ව­ලට එන ප්‍රමා­ණය, කොළඹ නග­රයේ කාර්යා­ල­ව­ලට යන ප්‍රමා­ණය සියල්ල වැඩි වෙනවා. මේ නිසා දිනෙන් දින රථ­වා­හන තද­බ­දය වැඩි වෙනවා. යම් කිසි ආකා­ර­ය­කට අපිට මේ සදහා නිල­ධාරීන් සහ තාක්ෂ­ණය පාවිච්චි කර­න්නට සිදු වෙනවා. එහිදී අපිට ඉන්න නිල­ධා­රීන් ප්‍රමා­ණයේ ඌන­තා­වක් තියෙ­නවා. දැනට ඉන්න නිල­ධා­රීන් ප්‍රමා­ණය ගත්තාම අපිට නිල­ධා­රීන් 600ක පමණ ඌන­තා­ව­ක් තියෙ­නවා.

කොළඹ නාග­රික රථ­වා­හන පාල­නය සඳහා මේ වෙලාවේ අපිට ත්‍රිවිධ හමු‍දාවෙ සහය ලැබෙ­නවා කියන්නේ පහ­සු­වක්. මොනම අව­ස්ථා­ව­ක­දි­වත් අපි බලා­පො­රොත්තු වෙන්නේ නැහැ; ත්‍රිවිධ හමු­දා­වෙන් රථ­වා­හන නීතිය ක්‍රියා­ත්මක කරන්න.

මෙහි කොටස් දෙකක් තිය­නවා. එකක් තමයි රථ­වා­හන නීතිය ක්‍රියා­ත්මක කිරිම; අනෙක් කාර­ණාව තමයි රථ­වා­හන හැසි­ර­වීම සහ පාල­නය කිරිම. හැසි­ර­වීමේ හා පාල­නයේ පහ­සු­වට තමයි අපි මේ හමුදා නිල­ධා­රින් යොදා ගන්නේ. මේ වන විට තද­බ­දය අඩු­වක් වෙලා නැහැ. කළ­ම­නා­ක­ර­ණය කර­ගැ­නී­මට හැකි­වෙලා තියෙ­නවා.

දැනට සිය­යක් පමණ ත්‍රිවිධ හමු­දා­වෙන් යොද­වලා තිය­නවා. ඉදි­රි­යේදි එක­සිය විස්සක් ‍යොදවා ගන්නට අපි බලා­පො­රොත්තු වෙනවා. යුද හමු­දා‍ ­පො­ලී­සි­යෙන් සිය­යක්, ගුවන් හමුදා පොලී­සි­යෙන් දහ­යක්, නාවුක හමුදා පොලී­සි­යෙන් දහ­යක් ලෙස යොදා ගැනී­මට අපි බලා­පො­රොත්තු වෙනවා. කොළඹ ප්‍රදේ­ශයේ මාර්ග තද­බ­ද­යට පම­ණයි මෙලෙස යොදවා තියෙන්නේ.

අපි මේ යුද හමුදා පොලී­සිය යෙද­වී­මෙන් යම් අත්දැ­කී­මක් ගැනී­මට උත්සාහ කර­නවා; යමක් කර­න්නට පුළු­වන්ද කියලා. මේ සම්බ­න්ධ­යෙන් යහ­පත් ප්‍රති­ඵ­ල­යක් ඇති­වු­ව­හොත් නෛතික අව­ශ්‍ය­තා­වන් සම්පූර්ණ කරලා නෛතික පරි­ස­ර­යක් ගොඩ නග­න්නට පුළු­වන් වෙයි කියලා හිත­නවා. එය රජයේ කාර්ය­යක්.

අපිට දැනට බලා­පො­රොත්තු වන්නෙ නිල­ධා­රීන්ගේ ඌන­තාව නිසා සහ­යෝ­ග­යට සහ­භාගී කර­ගැ­නි­ම­ටයි. මෙය නීති­වි­රෝධි කියලා කියන්න බැහැ. එසේ කිය­න්නට නම් නීතියෙ විධි විධාන උල්ලං­ඝ­නය කර තියෙ­න්නට ඕන. එසේ වෙලා නැහැ.

දැනට අපි බලා­පො­රොත්තු වෙන්නේ නැහැ; හමුදා පොලිස් නිල­ධා­රීන් හරහා නීතිය ක්‍රියා­ත්මක කර­ව­න්නට.

ඇත්ත වශ­යෙන් මහ­ජ­න­තා­වට මේ මාර්ග තද­බ­දය නිසා දැඩි අප­හ­සු­තා­වක් තිය­නවා. එසේ නම් රථ­වා­හන පොලිස් නිල­ධා­රි­ය­කුගේ වග­කීම මහ­ජ­න­තාව කර­ද­ර­ය­කින් තොරව ගම­නා­න්තය දක්වා යෑමට සහය දැක්වී­මයි.

රිය­දු­රන් පදි­ක­යන් මගින් මේ අය‍ ­මා­ර්ග­යට අව­තිර්ණ වුණාට පස්සේ සහය දීම රථ­වා­හන පොලිස් නිල­ධා­රින් ගේ කාර්යභාරය වෙන්නේ. එ් පහ­සු­කම් සැප­යී­මට තමයි අපි මේ හමුදා පොලී­සිය සහය යොදා ගන්නේ.

 

එහෙනම් යුද හමු­දා­ පොලීසියට බල­තලත් දෙන්න

• පෞද්ග­ලික බස් රථ හිමි­යන්ගේ සංගමයේ සභා­පති ගැමුණු විජේ­රත්න

හමු­දාවේ බැටැ­ලි­යන් එකම දැම්මත් මේ මාර්ග තද­බ­දය ඉවත් කරන්න බැහැ. පොදු ප්‍රවා­හ­න‍ ­සේ­වය දියුණු කරන්නේ නැතුව තනි තනි වාහාන වල මිනිස්සු දින­පතා කොළ­ඹට එනවා. ඒ නිසා ගුණා­ත්මක සේවා­වක් බවට මෙය පත්ක­රන්න ලැබෙන්නේ නැහැ. මුළු හමු­දා­වම දැම්මත් එය නතර කරන්න බැහැ.

මේ මාර්ග තද­බ­දය බර­ප­තළ ප්‍රශ්න­යක්. දව­ස­කට රුපි­යල් බිලි­යන එකක් අපේ රටට අහිමි වෙනවා. එය කොළඹ හා තදා­සන්න ප්‍රදේ­ශ­වල මාර්ග තද­බ­දය නිසා. ඒ නිසා වන හානිය අති­වි­ශා­ලයි. වාහ­න­යක් නතර කර තැබී­මෙන් තමයි පරි­ස­ර­ය­ටත් විශාල හානි සිදු­වන්නේ. වාහන නතර කර තැබී­මෙන් පරි­ස­ර­යට විශාල හානි සිදු­වෙ­නවා. වාහන තද­බ­ද­යේ­දිත් මෙය සිදු­ව­නවා.

පරි­ස­ර­යට කාබ­න්ඩ­යො­ක්ස­යිඩ් පිට වෙනවා. මේම­ගින් පරි­ස­ර­යට විශාල හානි සිදු­වෙ­නවා. ඒ නිසා බර­ප­තළ වායු දූෂ­ණ­යක් වෙනවා. ඉන්දන දහ­න­යක්ද සිදු­වෙ­නවා. එක අත­කින් අපිට සිය­යට තිස්ප­හක ඉන්ධන අපතේ යනවා. එය තමයි බර­ප­ත­ළම ප්‍රශ්නය.

පොදු ප්‍රවා­හ­න­ව­ලින් ඉවත් වෙලා තද­බ­දය නිසා ත්‍රිවිල් මෝටර් බයි­සි­කල් වැනි විකල්ප භාවිත කිරී­මට පටන් ගත්තා. එයින් වෙන්නේ මාර්ග තද­බ­දය නිසා රිය අන­තුරු බහුල වීමයි. මෝටර් බයි­සි­කල් ත්‍රිවීල් මගින් දින­කට අට­දෙ­නෙක් මිය යනවා.

පොදු ප්‍රවා­හන සේවාව සංව­ර්ධ­නය කරන්නේ නැතුව මෙය කරලා ‍වැඩක් නෑ. හන්දි ගානේ වාහන නතර කරලා තිය­නවා. යුද හමු­දාව දාලා ඒ සියල්ල ඉවත් කර­න්නට ඕන.

යුද හමු­දාව හරි එය කර­න්නට ඕන; පොලී­සිය ඒ වැඩෙ කරන්නේ නැති­නම්. පදික වේදි­කාවේ වාහන නතර කරලා මගි­යෙක්ට යන්න විදි­හක් නැහැ. එසේ නම් ජන­තා­වට යන්න වෙලා තියෙන්නේ පාරේ. රිය අන­තුරු කොතෙ­කුත් සිදු­වෙ­නවා ඒ මගින්.

කොළඹ නග­ර­යට එන මෝටර් රථ, ත්‍රිරෝද රථ පාල­නය කිරි­මට යම් වැඩ­පි­ළි­වෙ­ලක් වගේම කොළඹ නග­ර­යට වැඩි­පුර වාහන එන වේලාව, එක් වාහ­න­යක කීදෙ‍නෙක් එන­වාද ආදිය ගැන මූලික අධ්‍ය­ය­න­යක් කර සැල­සු­මක් කළ යුතුයි.

පොදු බස්සේ­වාව සහ දුම්රිය සේවාව සක්‍රිය කළ යුතුයි. කොළඹ නග­ර­යට එන ජන­තා­වගේ කාර් කිසි­යම් ස්ථාන­යක ගාල්කොට බස්ර­ථ­ව­ලට මාරු‍වී කොළ­ඹට ඒමට සුඛෝ­ප­බෝගි බස් රථ සේවා­වක් ආරම්භ කළ යුතුයි. බස් ප්‍රමු­ඛතා මංතිරු නිර්මා­ණය කළ­යු­තුයි.දැඩි­වා­හන තද­බ­දය ඇති අව­ස්ථා­ව­ලදි කන්ටේ­නර් වැනි වාහන ඇතුළු කිරිම සීමා කළ යුතුයි. මේ ගැට­ලු­වට යුද හමු­දා­වත් යොද­වලා තියෙ­නවා. එය යම් විස­දු­මක් සෙවී­මක් ලෙසයි කරන්නේ.

එසේ නම් අපි හිතන්නේ දඩ­මු­දල් ලියන්න ඒ අයට බලය දෙන්නට ඕන. ත්‍රිවිධ හමු­දාව යොද­වන්න වෙලා තියෙන්නේ පොලී­සිය රථ­වා­හන නීතිය නිසි පරිදි ක්‍රියා­ත්මක නොවන නිසයි. මාර්ග තද­බ­දය අවම කිරී­මට හමුදා පොලිසි නිකං යොද­වලා මදි. රථ­වා­හන නීතිය ක්‍රියා­ත්මක කිරි­මට අව­සර ලබාදි යෙද­විය යුතුයි.

හමු­දාව යෙදෙව්වා කියලා කිසි­සේත් විස­දු­මක් ලැබෙන්නේ නැහැ; මුළු හමු­දා­වම යෙදෙ­ව්වත් මේකට විස­ඳු­මක් නොවෙයි. පොලී­සිය කරන්නේ නැති­නම් දඩ ගහ­න්නත් හමු­දා­වට අයි­තිය දෙන්න අව­ශ්‍යයි කියලා මම කියන්නේ අර­මු­ණක් ඉල­ක්ක­යක් ඇතිව. දැම්මා නම් බල­ත­ලත් දිය යුතුයි. එසේ නොක­ළොත් හමු­දාව හෑල්ලු­වට පත් වීමයි මෙයින් වෙන්නේ.

 

යුද රණ­වි­රු­වන් පාරට දාලා

• ජවිපෙ ගම්පහ දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී විජිත හේරත්

පොලී­සිය මේ රාජ­කා­රිය නිසි­යා­කා­රව කරන්නේ නැහැ කියලා නම් මේ දේ කරන්නේ; හැම­දාම හමු­දාව පාරේ තියන්න බැහැනේ. එය හොඳ දෙයක් නොවෙයි. තාව­කා­ලි­කව දැම්මත් හැම­දාම කරන්න බැහැ. මොකක්ද කරන්නේ කියලා අපි කතා කර­න්නට අව­ශ්‍යයි. පොලී­සිය මේ වැඩේ නිසි­යා­කා­රව කරන්නෙ නැති­නම් හමු­දාව දාලා මේ වැඩේ කරන්න බැහැ. මේක ස්ථිර පිළි­තු­රක් නොවෙයි. එසේ නම් කළ යුතු­වන්නේ එතැන තියෙන දුර්ව­ලතා හඳුනා ගැනී­මයි. පොලී­සි­යට මේ සඳහා නිසි­යා­කාර පුහු­ණු­වක් ‍ලබාදෙ­න්නයි අවශ්‍ය වෙන්නේ.

පොලී­සිය හෑල්ලු­වට ලක් කරලා විත­රක් නොවෙයි; හමු­දා­වත් පාරට බස්සලා. දෙකම හොඳ දේවල් නොවෙයි. යුද්ධය කරපු රණ­වි­රු­වන් පාරට දාලා. පොලී­සියේ සේව­යත් සැහැ­ල්ලු­වට ලක් කරලා. දු‍ර්වල තැන හදුණා ගෙන එයට පිළි­යම් යොද­න්නයි ඕන. පොලී­සියේ සේව­යත් හෑලු­වත් ලක්ක­රලා. හමු­දා­වට දිග­ටම මේ දේ කරන්න බැහැ. මේ නිසා දුබ­ල­තාව හඳු­නා­ගෙන ඒ අඩුව සම්පුර්ණ කර­න්නට කට­යුතු කර­න්නට ඕන. සේවය හරි­යට නොකෙ­රෙ­නවා නම් ඒ වෙනු­වට හමු­දාව පාරට දාන එක නොවෙයි පිළි­තුර. අපේ රටේ හැම­තැ­න­ටම මේ දේ කර­න්නට බැහැ.

 

 

හමු­දා පොලීසිය යෙද­වීමේ අව­දා­න­මක් ති‍ෙබ­නවා

• එජාප කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා

සිවිල් කට­යු­තු­ව­ලට යුද හමු­දාව යොද­වලා මිලි­ට­රි­ක­ර­ණය කිරීමේ පිය­ව­රක් ලෙසයි අපි මෙය දකින්නේ. පොලිස් සහ යුද හමුදා අඥා පන­තට අනුව රථ­වා­හන රාජ­කාරි සඳහා යුද හමුදා පොලි­සිය යෙද­වී­මට හැකි­යාක් නැහැ. එය නීති විරෝධි බවත් එසේ යෙද­වී­මට නම් ඊට අදාළ පනත් සංශෝ­ධ­නය කළ යුතුයි.

එසේ නොමැ­තිව පොලිස් ආඥා පනත යටතේ ඇති රෙගු­ලාසි අනුව යුද හමු­දාව පොලී­සි­යට සිවිල් ජන­තාව සම්බන්ධ රාජ­කාරි කිරී­මට හැකි­යා­වක් නැහැ. මාර්ග තද­බ­දය ආපදා තත්ත්ව­යක්; එසේ හදිසි ආපදා තත්ත්ව­යක් ලෙස සලකා මෙය කරන්නේ කියලා. මම හමු­දා­ප­ති­ව­ර­යාට නීතිය ඉ‍ෙගන ගන්න කියලා කියන්න යන්නේ නැහැ. නමුත් යුද හමුදා, නාවුක හමුදා, ගුවන් හමුදා, පොලීසිය යොද­වලා කරන්නේ නීති විරෝධී කට­යු­ත්තක් කියලා මම හිතන්නේ. මේක 25 වැනිදා සිට ක්‍රියා­ත්මක කර­නවා.

ඒ සම්බ­න්ධ­යෙන් අපිට කරන්න තියෙන්නේ එකම විවේ­ච­න­යක් තමයි. මේ රටේ නීතිය ගැන නොතකා යුද හමුදා පොලී­සිය යෙද­වීම පොලිස් නිල­ධා­රීන්ගේ සේව­යට සහ පෙ‍ාලිස් නිල­ධා­රින්ගේ ගරු­ත්ව­යට කරන හානි­යක්. මෙයින් හමුදා පොලී­සියේ, සාමාන්‍ය පොලී­සියේ රාජ­කාරි ‍සේවා පථ වෙනස් වන අතර හිතු­ව­ක්කාරි ආකා­ර­යට අත්ත­නෝ­ම­ති­කව මෙවැනි දේ කිරිම කිසි­සේත් නිත්‍ය­නු­කූල නැහැ. රටේ නීතියේ ආධි­ප­ත්‍ය­යට හානි සිදු­වෙ­නවා. හමුදා නිල­ධා­රින්ට මාර්ග නීති සම්බ­න්ධ­යෙන් දැනු­වත් විමක් නැති නිසා එය බර­ප­තළ තත්ත්ව­යක්. සිවිල් කට­යුතු සඳහා හමු­දාව යෙද­වීමේ අවදා­න­මක් තියෙ­නවා.

 

මේ ක්‍රියාව මහ­ජ­න සේව­යක් මෙන්ම සාර්ථක වැඩපිළිවෙළක්

• හමුදා මාධ්‍ය ප්‍රකා­ශක බ්‍රිගේ­ඩි­යර් චන්දන වික්‍ර­ම­සිංහ

විශේ­ෂ­යෙන් කොළඹ නග­ර­යට ක‍ාර්ය බහුල වේලා­ව­න්හිදී උදේ හයත් දහ­යත් අතර හා තුනත් හතත් ‍යන වේලා­ව­න්ව­ලදී කොළඹ නග­ර­යට ඇතු­ළු­වන සහ පිට­ත්වන වාහන නිසා ඇති­වන මාර්ග තද­බ­දය අවම කර­ගැ­නී­මට ශ්‍රී ලංකා පොලී­සි­යට සහය වීම­ටයි ශ්‍රී ලංකා යුද හමු­දාවේ පොලිස් සේවා බළ ඇණිය යොදා­ගන්නේ. විශේ­ෂ­යෙන් ම කොළඹ නග­රයේ මාර්ග තද­බ­දය වැඩි­යෙන්ම ඇති ස්ථාන­ව­ලට ශ්‍රී ලංකා පොලිස් සේවා බළ ඇණි බට පිරිස් යොදා­ගනු ලබ­නවා.

ශ්‍රී ලංකා පොලී­සි­යට එ් අනුව කාර්ය­ක්ෂ­මව ගම­නා­න්තය දක්වා යා හැකි­වෙ­නවා. මෙය අති­ගරු ජනා­ධි­ප­ති­තු­මාගේ සංක­ල්ප­යක්. එහිදී යුද හමු­දා­ප­ති­තුමා, නාවුක හමු­දා­ප­ති­තුමා, ත්‍රිවිධ හමු­දා­ප­ති­ව­රු­න්ගෙන් හා විශේ­ෂ­යෙන් ආර­ක්ෂක මාණ්ඩ­ලික ප්‍රධානි ශවේන්ද්‍ර සිල්වා මහ­තාගේ උප­දෙස් පරිදි ශ්‍රී ලංකා යුද හමු­දාව 25වැනිදා සිට මේ රාජ­කාරි සදහා යොදා ගනු ලබ­නවා.

එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමු­දා­වත්, නාවුක හමු­දා­වත්, ඒ අයගේ මූල­ස්ථා­න­යන්ට පිවි­සෙන මාර්ග සඳහා පිවි­සෙන මාර්ග සඳහා මාර්ග තද­බ­දය අවම කර­ගැ­නී­මට තාව­කා­ලි­කව මේ වැඩ­පි­ළි­වෙළ යොදලා තිය­නවා. දැනට කොළඹ නග­රයේ සාර්ථ­කව මේ වැඩ­පි­ළි­වෙළ කෙරී­ගෙන යනවා.

ශ්‍රී ලංකා පොලී­සි­යට සහ­යෝ­ගය දැක්වීම සඳ­හායි ‍මේ නිල­ධා­රින් යොදවා තියෙන්නේ. දැනට මේ වැඩ පිළි­වෙළ සාර්ථ­කව ක්‍රියා­ත්මක වෙනවා. ගම­නා­න්තය දක්වා යන මගීන්ට සහය දීමයි මෙයින් කෙරෙන්නේ. මාර්ග­යන්හි තියෙන තද­බ­දය අවම කර­ගැ­නී­ම­ටයි ත්‍රිවිධ හමුදාව සහය දක්වන්නේ. මාර්ග අව­හි­ර­තාව මඟ­හ­රවා ගැනී­මට මහ­ජ­න­තා­වට කරන සේව­යක් ලෙසයි මෙය කරනු ලබන්නේ. ශ්‍රී ලංකා යුද හමු­දාවේ පොලිස් සේවා බළ ­ඇ­ණිය, නාවුක හමු­දාවේ පොලිස් සේවා බළ ඇණිය, ගුවන් හමුදා පොලිස් සේවා බළ ඇණි­යත් මේ සඳහා ක්‍රියා­ත්මක වෙමින් පව­ති­නවා.

රථ­වා­හන තද­බ­ද­යට හේතුව පොලී­සියේ දුර්ව­ල­තාවම නොවෙයි

• පෙර­ටු­ගාමී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ

ජන­තා­වගේ පැත්තෙත් දුක්ගැ­න­වි­ල්ලක් තියෙ­නවා. විශේ­ෂ­යෙන් රථ­වා­හන රිය­දු­රන්ගේ පැත්තෙන් මේ දුක්ගැ­න­විල්ල තියෙ­නවා.

ලංකාවේ වාහන වැරදි සම්බ­න්ධ­යෙන් දඩ­මු­දල් නියම කිරීමේ ක්‍රම­වේ­දය තියෙන්නේ මිනි­සුන් වැරදි කරන එක නැවැ­ත්වී­මට නොවෙයි. වැරදි කරන්න ඉඩ­දීලා ඒකට දඩ ගහලා රජ­යට ආදා­ය­මක් උපයා ගැනී­ම­ටයි. මෙහිදි අපිට ප්‍රශ්න දෙකක් ‍තියෙනවා. පව­තින නීති­යට පට­හැනි පොලිස් ආඥා පන­තට අනුව පොලී­සි­යට තමයි බල­තල තියෙන්නේ.

‍විශේෂ­යෙන් හමු­දාව සහ පොලි­සිය අතර බල­තල බෙදී­මේදි හමු­දා­වට සිවිල් වැසි­යන් හැසි­ර­වීම නොවෙයි නි‍තීයෙන් වෙන් කරලා තියෙන්නේ. එය වැර­දියි. ‍

හදිසි නීති වැනි අව­ස්ථා­ව­ලදි අත්අ­ඩං­ගු­වට ගැනීම් හමු­දා­වට කර­න්නට පුළු­වන්. හමු­දාව එය කරද්දි එයට හමුදා පොලි­සිය යම් මැදි­හත් වෙනවා. එහෙත් අනෙත් අව­ස්ථා­ව­ලදි හමුදා පොලී­සිය එයට මැදි­හත් වීමක් වෙන්නේ නැහැ.

රථ­වා­හන තද­බ­ද­යට හේතුව පොලීසියේ දුර්ව­ල­තා­වම නොවෙයි. අවශ්‍ය පමණ මාර්ග පද්ධ­තිය පුළුල් වෙලා නැහැ. මාර්ග­ව­ලට විශාල විය­ද­මක් කළාට සාමාන්‍ය ජන­තාව පාවිච්චි කරන මාර්ග වලට නොවෙයි එහෙම විය­දම් වුණේ. අව­සාන වසර දහ­යක කාලය සලකා බැලු­වොත් මාර්ග සඳහා වැඩිම විය­දම් කළේ අධි­වේගි මාර්ග සඳ­හායි.

එ්වා සාමාන්‍ය ජන­තාව පාවිච්චි කරන පාර­ව­ල්‍ ­නො­වෙයි. නග­ර­වල පාර­වල් තාම පුළුල් වෙලා නැහැ. යාප­නය පැත්තට යන පාරත් එහෙ­මයි. නග­ර­යට විශාල ප්‍රමා­ණ­යක් දින­කට එනවා; ලක්ෂ හත­රක් කොළඹ නග­ර­යට එනවා රැකියා සඳහා. එයට මිලි­ටරි පොලීසි දැමී­මෙන් ඒ ප්‍රශ්න විස­ඳන්න බැහැ.

 

 

Comments