පිපෙ­න්න­ත් පෙර පර­වෙන මල් කැකුළු | සිළුමිණ

පිපෙ­න්න­ත් පෙර පර­වෙන මල් කැකුළු

සු­ගිය දිනෙක ඕස්ට්‍රේ­ලි­යානු ජාතික නව හැවි­රිදි දරු­වකු වූ Quaden Bayles දෙස ලොව පුරා වෙසෙ­න්නන්ගේ දැඩි අව­ධා­නය යොමු විණි. ඔහුගේ තත්ත්වය හේතු­වෙන් පාසලේ සෙසු දරු­වන්ගේ උසුළු විසු­ළු­ව­ලට ලක්වෙද්දී මේ කොලු පැටියා සියල්ල දරා­ගෙන සිටියි. එක් අව­ස්ථා­ව­කදී දරා­ගත නොහැ­කිව ඉකි­බි­ඳි­මින් හඩා වැටෙ­න්නට වූ මේ දරු­වාගේ වීඩි­යෝ­වක් නර­ඹන අයගේ දෑස් තෙත් කළේය.

කෙදි­නක හෝ රග්බි ක්‍රීඩ­ක­යකු වීමට සිහින මැවූ Quaden වෙත ඕස්ට්‍රේ­ලි­යානු රග්බි කණ්ඩා­ය­මෙහි අව­ධා­නය යොමු වීමත් සමඟ ඔහුගේ ඉර­ණම වෙනස් වීමට වැඩි දිනක් ගත වූයේ නැත.‘Quaden’ පිළි­බඳ සිදු­වීම අප රටෙ­හිද බොහෝ අතර කතා බහට ලක්විණි. එහෙත් ඒ බොහෝ දෙනෙකු නොදැන සිටි සත්‍යය නම් පාස­ලේදී මෙවැනි මාන­සික හිංසන, විවිධ නම් පට­බැ­ඳීම් ආදිය හේතු­වෙන් අත­ර­ම­ගදී පාසලේ අධ්‍යා­ප­න­යෙන් සමු­ගන්න වුණා පම­ණක් නොව ජීවි­ත­යෙන් සමු­ගත් පාසලේ දරු දැරි­යන් පිළි­බඳ බොහෝ සිදු­වීම් අපේ සමා­ජ­යෙහි ද වන බවය.

අනි­වාර්ය අධ්‍යා­ප­නය යටතේ වයස අවු­රුදු 6ත් 14ත් අතර වය­සෙහි පසු­වන දරු­වන් පාසල් අධ්‍යා­ප­නය තුළ රැඳීම අනි­වාර්ය වූවකි. පාසල් යා යුතු වයසේ පසු­වන තම දරු­වන් පාසල් නොයවා සිටින දෙමා­පි­යන්ට විරු­ද්ධව නීති­මය පිය­වර ගැනීමේ වැඩ­පි­ළි­වෙ­ළක් පවා ක්‍රියා­ත්මක වූයේ දරු­වන් සතු අධ්‍යා­ප­නය ලැබීමේ අයි­ති­වා­සි­කම තහ­වුරු කිරීම එත­රම්ම වැද­ගත් වූවක් බැවිනි.

අප රටෙහි අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණ­යන් මගින් ඉගෙ­නුම් ප්‍රමිති ඉහළ නැංවීම සඳහා වරින් වර විවිධ සිත් ගන්නා සුලු ක්‍රම­වේද හඳුන්වා දුන්නද වස­රක් පාසා පාසල් අධ්‍යා­පන අත­ර­මග හැරදා යනවුන්ගේ සංඛ්‍යාව නොස­ලකා හැරිය යුතු මට්ට­මක පව­ති­න්නක් යැයි සලකා සිත් සනසා ගැන්මට නොහැ­කිය.

වසර කිහි­ප­ය­කට ඉහ­තදී පාසල් අතර මගදී හැර­යන දරු­වන් පිළි­බඳ අස­න්නට ලැබුණේ බොහෝ විට තණ­ම­ල්විල, පදි­ය­ත­ලාව, ආදී ඈත එපිට දුෂ්කර ප්‍රදේ­ශ­ය­න්ගෙනි.

එහෙත් අද කොළඹ නග­ර­යට ‘හූ හඬ­කට’ නුදු­රින් පිහිටි ප්‍රදේ­ශ­යන්හි වෙසෙන දරු­වන් පවා අක්‍ර­ම­වත් ලෙස පාසල් පැමි­ණීම සිදු කරන අත­රම අත­ර­ම­ගදී පාසල් අධ්‍යා­ප­නය හැර දමා යත්දී තක්ස­ලා­වෙහි වෙසෙන දිසා‍පා­මොක්ලා පන්ති කාමර තුළ හුදෙ­ක­ලාව සිටිති.

ගම්පහ දිස්ත්‍රි­ක්ක­යට අයත් අධ්‍යා­පන කොට්ඨා­ස­යෙහි පිහිටි පාස­ල්වල අත­ර­ම­ගදී ඇද හැළුණු දරු­වන් මෙන්ම ඇද හැලී­මට ආස­න්නයේ පසු­වන දරු­වන් පිළි­බඳ විම­සු­ම­කට පසු­ගිය දිනෙක අපට ඉඩ­කඩ ලැබුණි.

දරු­වන් අඛ­ණ්ඩව පාසල් නොපැ­මි­ණී­මට බල පෑ කාරණා පිළි­බඳ විම­සු­මෙ­හිදී අත­ර­ම­ගදී පාසල් හැර ගිය සිසුන්, ඔවුන්ගේ දෙමා­පි­යන් මෙන්ම ගුරු­ව­රුන් යන පාර්ශ්ව­යන් තුනෙ­හිම අද­හස් ලබා­ගැ­නී­මෙන් කරුණු හෙළි­ කර ගැන්මට හැකි වීම මේ විම­සු­මට වඩාත් වැද­ගත්කමක් ඇති කරලීමට හේතු විණි.

මෙහිදී “දිළිඳු ආර්ථි­කය” යන්න දරු­වන් පාසැල් හැර­යෑ­මට බලපෑ ප්‍රධාන කරු­ණක්ව තිබිණි.

“අද කෑවොත්, හෙට කන්න දෙන්ඩ අපේ ම­වුපි­යන්ට පුළු­වන් කමක් නැහැ. එහෙම තියෙද්දි පොත්පත්, සපත්තු මේවා ගන්න විය­දම් කරන‍්නෙ කොහො­මද? දවස පුරාම සපත්තු මසා උපයා ගන්නා සොච්ච­මෙ­නුත් දින­ප­තාම පාහේ ‘නෝට්ටු කොළ කිහි­ප­යක්’ තැබෑ­රු­මට පුජා කිරීම පුරු­ද්දක් කොට ගෙන තිබුණ ප්‍රදී­පන්ලාගේ නිවසේ මුළු­තැන් ගෙයෙහි බතක්, එළ­ව­ළු­වක් හැරුණු විට මසක්, මාළු­වක් නම් පිසු­ණේම නැති තරම්ය.

ගණි­තය පන්ති­යට එන ­විට කව­කටු පෙට්ටි­යක් රැගෙන එන්නැයි ගුරු­තු­මිය විසින් දසුන්ට දින­ප­තාම පැව­සු­වද දසුන් සිටියේ එය ඇසුණු, නොඇ­සුණු ගාණ­ටය. පාසල මඟින් නොමි­ලයේ නිළ ඇඳුම් සඳහා රෙදි ලබාදී තිබු­ණද කඩ­මා­ළුව ගිය පරණ නිළ ඇඳු­මින් සැරසී පන්ති­යෙහි පිටු­පස අසු­නක සිටි දසුන් එදින ද කව­කටු පෙට්ටි­යක් ගෙන­විත් තිබුණේ නැත. බල­නවා ඇඳ­ගෙන ඇවිත් තියෙන ඇඳුමේ හැටි... “අදත් කව­කටු පෙට්ටි­යක් ගෙනැත් නැහැ. පාඩම ඉව­ර­වෙ­න­කම් පිළි­ක­න්නට ගිහින් දණ ගසා ගන්නවා” දසුන්ට දඬු­වම් පැන වූ ගුරු­තු­මිය සෙසු දරු­වන්ට උග­න්ව­න්නට වූවාය. හදි­සි­යේම ඒ පන්ති කාම­රය පසු­කර යමින් සිටි විදු­හ­ල්ප­ති­ව­ර­යාට බිම දණ ගසා­ගෙන පන්ති කාම­ර­යෙන් පිටත සිටින දසුන්ව දැක ගන්නට ලැබුණු අතර විදු­හ­ල්ප­ති­ව­රයා ඉදි­රි­යෙහි තමාට විරු­ද්ධව ඇති චෝදනා එල්ල­කර ගුරු­තු­මිය වෙත ඔහු බලා සිටියේ හැඟිම් විර­හිත ලෙසිනි. “ඇයි ඔය දරුවා සුමා­නෙ­ක­ටත් වඩා ඉස්කෝලෙ ආවෙ නැත්තෙ” .. ඇයි කව­කටු පෙට්ටි­යක් නොගෙ­නාවෙ? තම විදු­හ­ල්පති කාම­ර­යට කැඳ­වා­ගෙන ගිය දසු­න්ගෙන් විම­සන විට ඔහු‍ගේ ඇස් කඳු­ළින් බරවී ඇති හැටි විදු­හ­ල්ප­ති­තු­මන්ට දැක ගැන්මට හැකි­විය.

“ගිය සුමානෙ අපේ තාත්තා මැරුණා. ඉස්කෝ­ලෙන් හම්බ වුණ රෙදි ටික විකු­ණලා කව­කටු පෙට්ටි­යක් අරන් දෙන්නම් කියල අම්ම කිව්වෙ. ඒත් හත්ද­වසෙ දානෙ දෙන්න හැටි­යක් නැති හින්දා තාත්තා වෙනු­වෙන් පූජා කරන්න පිරි­කර ගන්ඩ අම්මා මගෙයි මල්ලි­ගෙයි දෙන්න­ගෙම යුනි­ෆෝම් රෙදි විකු­ණුවා..” දසුන්ගේ හඬ ඉකි බිඳු­මක් බවට පත්වුයේ නිමේ­ෂ­ය­කිනි.

ඇතැම් ගුරු­ව­රු­නට තම පන්ති­යෙහි සිටින දරු­වන් මුහුණ පා ඇති දුෂ්ක­රතා පිළි­බඳ අව­බෝ­ධ­යක් නැත. එහෙ­යින් පහ­සු­කම් ගාස්තු ගෙවීම්, අධ්‍යා­පන චාරිකා සඳහා සහ­භාගී වීමට මුදල් ගෙවීම අත­පසු කළ අව­ස්ථා­ව­න්හිදී එවැනි දරු­වන් සෙස්ස­වුන් ඉදි­රි­යෙහි අප­හ­සු­තා­වට පත්වන අන්ද­මින් මුදල් නොගෙ­වී­මට කරුණු කාරණා විම­සති.

මේ අන්ද­මට, වරක් පාසලේ අව­ශ්‍ය­තා­වක් වෙනු­වෙන් ගෙන එන්නට යැයි පැවසු රුපි­යල් සිය­යක මුදල රැගෙන ඒමට අස­මත් වූ දරු­ව­කු­ගෙන් ගුරු­ව­රිය විමසා තිබුණේ අපූරු පැණ­යකි.

“උඹ­ලගෙ අම්මල තාත්ත­ලට උඹ­ලගේ ඕන එපා කම් පිරි­ම­සන්න බැරි නම් උන් උඹ­ලව වදල තියෙන්නේ රුදා­ව­ටද? .. ගුරු­තු­මි­යගේ අන­පේ­ක්ෂිත පැණය කම්මුල් පහ­ර­ක­ටත් වඩා වේද­නාව ගෙන දෙන්නක් වූයෙන් එයින් වේද­නා­වට පත් සිසුවා පාසල් යෑම අත­හැර දමා තිබුණි.

පාසල් යෑමට දරු­වන් තුළ ඇති අක­මැත්ත ගන්න විව­ර­ණ­යෙ­හිදී, ඊට බලපෑ හේතු බොහෝ­ම­යක් විණි. ගුරු සිසු සබ­ඳ­තාව දුරස් වීම, පන්ති කාම­රය තුළ අධික ළමුන් සංඛ්‍යා­වක් සිටීම හේතු­වෙන් අව­ධා­නය නොලැ­බීම, තෝරා­ගත් ළමුන් එනම් ඉගෙ­නී­මට දක්ෂ දරු­වන්ට පම­ණක් විශේ­ෂ­ත්ව­යක් දැක්වීම, ශාරී­රික දඬු­වම් හා පරුෂ වච­න­යෙන් බැණ වැදීම මේ අතර වූ හේතු කිහි­ප­යකි.

පාස­ලේදී ගුරු­ව­රුන් විසින් කායික දණ්ඩ­නය ලබා දීම එනම් වේවැ­ලෙන් තැලීම තව­මත් පාසැල් තුළ දක්නට ඇත. කම්මු­ලට ගැහීම, කෙස්ව­ලින් ඇදීම, බට­ව­ලින් පහර දීම, කෙනි­ත්තීම, වැනි ශරී­රික හිංසන හේතු­වෙන් එවැනි ගුරු­ව­රුන්ගේ විෂ­ය­යන් උග­න්වන කාලය තුළ පන්ති­යෙන් බැහැ­රව සිටී­මට පවා පෙල­ඹී­මට තරම් බියට හා පීඩා­වට පත් වූ දරුවෝ පවා සිටිති.

“මගෙ ගණි­තය පොත ඉවර වුණ හන්දා වෙන විෂ­ය­යක් ලියන පොතක ගණන් හැදුවා කියල පොතෙන් මුහු­ණට ගහලා හොඳ­ටම බැන වැදුණා.

“උඹ­ලගෙ මහ එවුන්ට පොතක් පත­ක්වත් අර­ගෙන දෙන්ට වුව­ම­නා­වක් නැති ද?... අච්චර ළමයි ගොඩක් මැද්දෙ සර් මගෙන් අහද්දි මට සර් ගැන ඇති වුණේ පුදු­මා­කාර කේන්ති­යක්. එදා­යින් පස්සෙ තවත් ඒ ගුරු­ව­ර­යාට සර් කියන්න මගේ දිව නැවුණෙ නැහැ...අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභා­ග­යට පෙනී සිටී­මට අපේ­ක්ෂා­වෙන් සිටි ‘විජිත්’ පාසැල් යෑම නවතා දැමුයේ ගුරු­ව­රයා කෙරෙහි වන වෛර­යෙන් යුතු­වය.

“ළම­යින්ට ගහන්න එපා” ළමා ආර­ක්ෂ­ණය පිළි­බඳ හඬ නඟ­න­වුන් නඟන හඬ මෙවැනි ‘අත්ත­නෝ­ම­තික’ ගුරු­ව­රු­නගේ උප­හා­ස­යට ද, කෝපය නැංවී­මට ද හේතු වූ අවස්ථා වෙති.

“... අහල තියෙ­න­වනෙ අර ‘වේවැල් කෝටු’ නාරං සිය­ඹලා අතු” කියන කවිය?.. නොගහ හදන එකා හරි­යට හැඳි නොගා හදපු හොද්දක් වගෙයි. අපි... ඒ දව­ස්වල හැදුණෙ ‘ගුටි කාල තමයි’ ඇතැම්හු තමන් විසින් කරනු ලබන “පහර දීම්, බැණ වැදීම්” යන්න සාධා­ර­ණී­ක­ර­ණය කර­න්නට මැළි නොවෙති.

දරු­ව­කුගේ චර්යා, ගුණාංග වර්ධ­නය ‘පහර දීමක්’ තුළින් සිදු කළ හැකි නම් බන්ධ­නා­ගාර තුළ මේ වන විට එක් සිර­ක­රු­වකු හෝ හිඳී­මට ඉඩ­ක­ඩක් නොමැති බව මේ කිසි­ව­කුට නොවැ­ටහී තිබීම කණ­ගා­ටු­වට කරු­ණකි.

“එක සැර­යක් තාත්තා කෙනෙක් ඇවිත් තමුන්ගෙ දරු­වාට ගැහුවා කියල සර් කෙනෙක්ට ගහන්ඩ ගියා. ඊට පස්සේ සිද්ධිය දුර­දිග ගිහින් තාත්තව පොලි­සි­යෙන් ගෙනිච්චා, ඒ ළමය ඒ ඉස්කෝ­ලෙට එදා­යින් පස්සේ ආවේ නැහැ”.

සිසුන් අත­ර­ම­ගදී පාසල හැර­යෑ­මට බලපෑ කරුණු අත­රට ඔවුන් මත්ද්‍රව්‍ය, මත්පෙති වලට ඇබ්බැහි වීම; බිඳුණු පවුල් පරි­ස­රය; සම වයස් මෙන්ම වැඩි වයස් කාණ්ඩ සමඟ කල්ලි ගැනීස, ආර්ථික ගැටලුත් හේතු­වෙන් රැකි­යා­වල් සොයා යෑම, සෙසු දරු­ව­න්ගෙන් ලැබෙන හිංස­න­යන් ද ඇතු­ළත් ය.

රිස්වාන් නිහඬ ගති පැව­තුම් තිබු දරු­වෙකි. කුඩා කල සිට කන පැසවා නිතර සැරව ගැලීම හේතු­වෙන් ඔහු අනෙක් සිසුන්ගේ පිළි­කු­ලට ලක්ව තිබිණි. ඔව්හු.. රිස්වාන්” “යෝගට්” .. යන‍ු­වෙන් අම­ත­න්නට වූ අතර ඇතැම් විට කඩ­දාසි ගුලි­කර කමී­සය තුළට දම­න්නට, වතුර බෝතල් හිස මත හළ­න්නට වැනි හිංසා­වන්ට ලක්ක­ළෙන් හය­වෙනි වස­රෙහි උග­නි­මින් සිටි­ය­දීම පාසල් ගමන අත­හැර දමා තිබිණි.

පාසල තුළ ප්‍රමා­ණ­වත් වැසි­කිළි පහ­සු­කම් නැති­කම විශේ­ෂ­යෙන් ගැහැනු දරු­වන්ගේ අධ්‍යා­ප­නය අත­ර­ම­ගදී බිඳ වැටී­මට බල­පානු ලබන විශේෂ හේතු­වකි. එක් පාසැ­ලෙක තිබූ වැසි­කිළි දෙකෙන් එක් වැසි­කි­ළි­යක් උතුරා යන්නට පටන් ගෙන තිබූ අතර ඒ හේතු­වෙන් වැඩි­විය පැමිණි දැරි­යන් තම මාසික ආර්ත­වය පට­න්ගත් විට දින තුන හත­රක් යන තෙක් පාසැ­ලට පැමි­ණියේ නැත. එයට හේතුව සනී­පා­ර­ක්ෂක තුවා බැහැර කිරී­මට මෙන්ම ඇතැම් දැරි­යන් ආර්ත­ව­යෙ­හිදී භාවිතා කරන ‘රෙදි කඩ’ පිරි­සිදු කිරී­මට ක්‍රම­යක් නැති වීමය. එසේම ඇතැම් පාසල් තුළ එම දැරි­ය­නට උප­දෙස් ලබා දී තිබුණේ පරි­හ­ර­ණය කරන සනී­පා­ර­ක්ෂක තුවා පාසැල තුළ බැහැර නොකොට නැවත ගෙන ගොස් ඉවත ලන ලෙස­ටය.

අතර මගදී පාසල් හැර ගිය දරු­වන් මෙන්ම අවා­ර­යට පොල් වැටෙ­න්නාක් මෙන් ඉඳ­හිට පාස­ලට එන දරු­වන්ගේ දෙමා­පි­යන් තම දරු­වන්ගේ අධ්‍යා­ප­නය අත­ර­ම­ගදී බිඳ­වැ­ටී­මට බලපෑ කරුණු පිළි­බඳ ප්‍රධාන කොට හඳු­නා­ගෙන තිබුණේ “ආර්ථික ගැට­ලුය”. එමෙන්ම බිඳුණු පවුල් පරි­ස­රය, පියා මත්ද්‍රව්‍ය හා මත්පැ­නට ඇබ්බැහි වීම, පවත්නා අධ්‍යා­පන ක්‍රමයේ දුර්ව­ල­කම් මෙන්ම සංකීර්ණ බවද ළමුන් අධ්‍යා­ප­නය අතර මග හැරදා යෑමට බලපෑ කරුණු ලෙසින් හඳු­න්වා­ගෙන තිබුණි.

“අපේ දරු­වන්ට ගෙද­රදී උග­න්වන්න අපිට දැනු­මක් නැහැ. සම­හර වෙලා­වට ගෙද­රදී කර­ගෙන එන්න දෙන ‘පැව­රුම්’ ආදිය කර­ගන්න බැරි වුන දාට ගුටි වඳි­න­වට බයේ සම­හරු ඉස්කෝලෙ නොගි­හින් කට්ටි පනි­නවා...

ඔවුන් විසින් හඳු­න‍ා­ගෙන තිබුණු ‘පාසල් අත­ර­මග හැර­යෑ­මට’ දරු­වන්ට බලපෑ අනෙ­කුත් කරුණු නම් දෙමා­පි­යන් පමා වී අව­දි­වීම, පාසැල හා දෙමා­පි­යන් අතර නිසි සබ­ඳ­තා­වක් නොමැ­තිව ඇති හැකි­ය­වුන්ගේ දරු­වන් විශේෂ කොට සැල­කීම හේතු­වෙන් ඉගෙ­නු­මට දක්ෂතා නොද­ක්වන දිළිඳු දරු­වන්ට පන්ති කාම­රය අප්‍රිය ජනක ස්ථාන­යක් වීම ආදි­යය.

දරු­වන් පාසලෙන් අත­ර­ම­ගදී ඉව­තට යෑමට බල­පාන කරුණු කොතෙ­කුත් තිබු­ණද, පන්ති කාම­රයේ සිටින දරු­වන් හා ඔවුන්ගේ පවුල් පසු­බිම පිළි­බඳ ඔවුන් මුහුණ පා ඇති ගැටලු පිළි­බඳ ඇතැම් ගුරු­ව­රුන් තුළ ඇති අන­ව­බෝ­ධය මේ තත්ත්වය වර්ධ­නය කිරී­මට හේතු­වකි.

පුංචි වැසි පොද­ටත් වතු­රෙන් යට­වෙන වගුරු බිම් තීර­වල ඉදි­කළ නිවෙස් තුළ මේ දරු­වන් ගත­ක­රන ජීවිත බොහෝ විට දුක් දොම්න­සින් පිරු­ණකි. පියාගේ බීම­ත්කම , ගංව­තුර, පහ­ර­දීම්, දෙමා­පි­යන් මැද පෙර­දිග යෑම තුළ දරු­වන් හුද­කලා වීම, අනා­ර­ක්ෂිත බව, ආදි­යෙන් පීඩා­වට පත් මෙම දරු­වන් ජීව­ත්වන අන්ද­මට “දෑසින් දුටු­වකු” කිසිදු විටෙක ඔවු­නගේ ‘ජාත­කය පිළි­බ­ඳව’ කතා නොක­රනු පම­ණක් නොව, පහර දීමක් පිළි­බ­ඳව හිත­න්නට හෝ නොපෙ­ල­ඹෙනු ඇත.

එහෙත් වර්ත­මා­නයේ පව­තින ක්‍රමය තුළ ගුරු වෘත්ති­යට පිවි­සෙන බොහෝ දෙනෙකු විවිධ පීඩා ගැට­ලු­ව­ලට මුහුණ දෙති. ඇතැම් විට නිව­සින් බැහැර ඈත දුෂ්කර පළාත්හි සේව­යට අනු­යුක්ත වීමට සිදු වීම, ස්ථාන මාරු­වීම්, සෞඛ්‍ය ගැටලු, ආදී වශ­යෙන් ඔවු­නට ද සේව­යෙහි නිර­ත­වී­මට සිදු වනුයේ විවිධ ගැට­ලු­ව­ලට මුහුණ දෙන අත­ර­තු­රය.

අනෙක් අතට, විෂය මාලාව උගන්වා නිම කිරීමේ අභි­යෝ­ගය ජය ගැනී­මේදී දරු­වන් සමඟ වඩාත් සමී­පවී ඔවුන් තේරුම් ගැනීම මෙන්ම ඔවු­නගේ පවුල් පසු­බිම් තේරුම් ගැනී­මට කාලය වැය කිරීම ඉතා අසීරු වුවකි. එහෙත් එවැනි ගුණා­ත්මක කාල­යක් දරුවෝ වෙනු­වෙන් වෙන් නොකි­රීම තුළ; ලබා­ගන්නා ප්‍රති­ඵ­ලය අමි­හිරි වූවක් විය හැකිය.

අප රටෙහි පව­තින අධ්‍ය­පන ක්‍රමය බොහෝ දුර­ටම ‘ප්‍රති­ඵල’ ඉලක්ක කොට­ගත් විභාග ක්‍රම­යකි. ඒ අනුව පාස­ලට ඇතු­ළත් වූ දා සිට දරු­ව­න්ගෙන් අපේක්ෂා කර­නුයේ ‘ප්‍රති­ඵ­ලය’ ය!

මේ ප්‍රති­ඵල ඉලක්ක කොට­ගත් අධ්‍යා­පන ක්‍රමය හේතු­වෙන් දරු­වන් පම­ණක් නොව විදු­හ­ල්ප­ති­ව­රුන් පවා පීඩා­වට පත්වෙති. එහෙත් කෙසේ හෝ විභා­ග­යට සාර්ථක ලෙස මුහුණ දිය හැකි සිසුන් ධෛර්ය­වත් කරන අත­රම ඉගෙ­නුම් හැකි­යා­වන් දුර්වල දරු­වන් විභා­ග­යට පෙනී සිටී­මට ඇති අව­ස්ථා­වන් අඩුය. ඔවුන් ඒ සඳහා ‘අධෛ­ර්යය කිරීම’ සැග­වුණු සත්‍ය­යකි.

සාමාන්‍ය පෙළ සඳහා සුදා­නම් වන විට පන්තියෙ සිටින සිසුන් අත­රින් ඉගෙ­නු­මෙහි දුර්ව­ල­තා­වන් දක්වා දරුවෝ කෙමෙන් හැළී යෑම මෙම ‘අධෛ­ර්යය කිරීමේ’ අව­සන් ප්‍රති­ඵ­ලය වන අතර මෙසේ ඇද හැලෙන සිසුන් කල්ලි කණ්ඩා­යම්වලට එක්වීම හේතු­වෙන් විවිධ සමාජ විරෝධී චර්යා­වන්ට පවා අනු­ගත වීම කන­ගා­ටු­වට කරු­ණකි.

කරුණු මෙසේ වුවද; සැබෑ මානව දයා­වෙන් යුතුව දරු­වන්ට අකුරු කරවා ගුරු­ව­රුන්ද නැත්තේම නොවේ. තමා පිළි­යෙළ කර­ගන්නා බත් මුලට අම­ත­රව, තවත් බත් මුලක් ගෙනැ­විත් කුස­ගින්නේ පැමිණි දරු­වන්ට කෑමට දෙන ‘ගුරු මවු­ව­රුන් මෙන්ම’ තම පසු­ම්බි­යෙන් ගත් මුද­ලින් පැන්සල්, පෑන්, පොත්පත් ආදිය මිලදී ගෙන අනෙ­කුට නොදැ­නෙන සේ පොත් පැන්සල් නැති දරු­වන්ට බෙදා දෙන ගුරු­වරු ද මේ අත­රම සිටිති.

ඇතැම් පාස­ලක ‘ගුරු සිසු සබ­ඳ­තාව’ ගිලිහී යද්දී තම පන්තියේ දරු­වන් පිළි­බඳ තත්ත්ව තේරුම් ගෙන ඔවුන් අධ්‍යා­ප­න­යෙන් ගිලි­හෙ­න්නට නොදී­මට ‘සැබෑ දයා­වෙන් යුතුව’ කට­යුතු කළ එක් නවක ගුරු­ව­ර­යකු තම අත්දැ­කීම් පැව­සුයේ මෙලෙ­සිනි.

“මම ඉස්ස­ර­වෙ­ලාම පන්ති­යට ගිහින් පාඩම උග­න්වපු දවසේ, පාඩම කියල දුන්නෙ හැම ළම­යකු ළඟ­ටම ගිහින්. පසුව ඒක මගේ පුරු­ද්දක් බවට පත්වුණා.. දව­සක් ඒ පන්තියෙ හිටපු ළමයි ‘සර් මෙච්චර කාල­යක් ආව ගුරු­වරු ඉගැ­න්නුවෙ ඉස්ස­රහ පෙළි­යට.. අපි ළඟ­ටම ඇවිත් අපිට ඉගැ­න්නුවෙ සර් විත­රයි...කියා පව­සද්දී මට ඇති­වුණ හැඟීම වච­න­යෙන් කියන්න බැහැ.

පාසලට එන දරු­වන්ගේ පවුල් පසු­බිම් විවි­ධයි. ඒත් ඇත්ත­ටම ඒ හැම දරු­ව­කුම ඉල්ලන්නෙ එකම දෙයක්. ඒ තමයි ආද­රය...

වේවැල් කෝටු­වට කරන්න බැරි බොහෝ දේවල් ‘ආද­ර­යට’ කළ හැකියි කියන එක තේරුම් යන්න මට එත­රම් දව­සක් ගත­වුණේ නැහැ”...

ගුරු සේවයේ බොහෝ අත්දැ­කීම් නොලද නව­ක­යකු වුවද එම ගුරු පියා­ණන් පැවසු වදන යථා­ර්ථ­යක් වූ දින­යෙ­හිදී පාස­ලට පැමි­ණෙන දරුවෝ තවත් අත­ර­ම­ගදී තක්ස­ලාව මෙන්ම දිසා­පා­මො­ක්ලා­වද හැර නොයනු ඇත.

Comments