නූතන දිසාපාමොක්ලාගේ ලෙඩ නිවාඩුව | Page 3 | සිළුමිණ

නූතන දිසාපාමොක්ලාගේ ලෙඩ නිවාඩුව

ද වන විට ගුරු රාජ­කා­රිය බොහෝ සෙයින් වෙනස්ව ඇත්තේය. ගුරු­ව­රුන්ගේ වග­කීම් යුතු­කම් කොට­සද ඊට සම­ගා­මීව වෙනස්ව ගොසිනි. එදා ගුරු­වරු දරු­වන් ඇප­යට තබා ගනි­මින් වැඩ වැරුවේ නැත. ඉල්ලීම් ඉල්ලා සටන් මඟට පිවි­සියේ නැත. එහෙත් කාල­යාගේ ඇවෑ­මෙන් බොහෝ දේ වෙනස්ව ඇත්තේය. දෙල­ක්ෂ­ය­කට අධික රජයේ පාසල් ගුරු­වරු පසු­ගි­යදා වැඩ වැරුවේ ඔවුන්ට මෙතෙක් නොවි­සදී ඇති ඉල්ලීම් හයක් ඉටු කර ගන්නට යැයි කිය­මිනි.

ජාතික හා පළාත් පාසල් ඇතු­ළුව ලංකාවේ සමස්ත ගුරු­වරු සංඛ්‍යාව 248,000 ක් පමණ වෙයි. සාමා­න්‍ය­යෙන් ලංකාවේ ගුරු සිසු අනු­පා­තය 19:1 කි. පසු­ගිය කාලයේ අධ්‍යා­පන අමා­ත්‍යාංශ දත්ත වාර්තා­වන්ට අනුව ලංකාවේ ඉතා පැහැ­දිලි ගුරු හිඟ­යක් පැවැ­තුණු අතර ඊට සමා­න්ත­රව ගුරු අති­රි­ක්ත­යද ඉහළ අග­යක් ගෙන තිබුණි. එනම් පාස­ල්වල 60,000 ගුරු හිඟ­යක් පැවැ­ති­යද තවත් පාසල්හි 40,000කට ආසන්න ගුරු අති­රි­ක්ත­යක්ද පැවැ­තුණි.

මේ බොහෝ­ම­යක් ගුරු අති­රික්ත පැවැ­තියේ ජන­ප්‍රිය ජාතික පාසල් හා ජන­ප්‍රිය නග­රා­සන්න පළාත් පාසල් තුළය. මේ හේතුව නිසා­වෙන් පසු­ගිය රජය ගුරු තුල­නය කිරීම වෙනු­වෙන් වසර 10කට වඩා එක පාස­ලක සේවය කළ ගුරු­ව­රුන් මාරු කිරී­මට පිය­වර ගත්තේය. ඒ අනුව පසු­ගිය කාලයේ ගුරු­මාරු 5000 - 6000ක් පමණ සිදු විය. කෙසේ වෙතත් මේ වන විට ගුරු ක්ෂේත්‍රයේ ගැටලු රාශි­යක් ඇති වීමට මේ කරුණු කාර­ණාද ඉව­හල් වී ඇත.

“ගුරු­ව­රුන්ගේ පොදු ගැටලු 6ක් අපි හඳුනා ගෙන තිබෙ­නවා. 1994ට පෙර ගුරු­වරු ලබා ගත් වැටු­පට වඩා අඩු වැටු­පක් 1996 න් පසු ලැබෙන්නේ. බී. සී පෙරේරා වැටුප් කොමි­ස­මෙන් ගුරු­ව­රුන්ගේ මේ වැටුප් අව­ප්‍ර­මාණ වුණා. අපි බල­ධා­රී­න්ගෙන් ඉල්ලන්නේ 1994ට පෙර ගුරු­වරු ලැබූ වැටුප් පරි­මාන ලබා දෙන්න කියා. සාලිය මැතිව් හා ලය­නල් ප්‍රනාන්දු වැටුප් කොමි­ස­මෙන් අවු­රුදු 5ක අධ්‍ය­න­යක් කළත් වැටුප් විෂ­මතා ඉවත් වුණේ නැහැ. පසු­ගිය රජය මේ යෝජනා අනු­මත කර වැටුප් විෂ­මතා ඉවත් කිරී­මට අය­වැ­යෙන් සිය­යට 40ක් වෙන් කළා. ඒ වගේම ඇමැති අනු­කා­රක සභා­වක් පත් කළා.

වැටුප් විෂ­මතා ඉවත් කරන්න නම් මෙය සංයුක්ත සේවා­වක් බවට පත් කළ යුතුයි, එතෙක් අතුරු වැටු­පක් දිය යුතුය යන යෝජ­නාව ගෙනාවා. මෙය අමාත්‍ය මණ්ඩ­ල­යට ඉදි­රි­පත් කළා. නමුත් මෙය ප්‍රකා­ශ­යට පත් කළාට චක්‍ර­ලේඛ නිකුත් කළේ නැහැ. පසු­ගිය රජය වෙනස් වීමෙන් පසුව උපාලි විජේ­වී­රගේ සභා­ප­ති­ත්ව­යෙන් යුත් වැටුප් කොමි­ස­මක් පත් කළා. වත්මන් ජනා­ධි­ප­ති­තු­මාගේ ප්‍රති­පත්ති ප්‍රකා­ශයේ තියෙ­නවා ගුරු විදු­හ­ල්පති සේවාව සංයුක්ත සේවා­වක් බවට පත්කර වැටුප් විෂ­මතා ඉවත් කරන බව.“එසේ අප හා පැවැ­සූයේ සමස්ත ලංකා එක්සත් ගුරු සංග­මයේ ප්‍රධාන ලේකම් යල්වල පඤ්ඤා­සේ­කර හිමිය‍.

“ගුරු­ව­රුන්ගේ වැටුප් විෂ­මතා ඉවත් කිරීම මුල් කර ගෙන තමයි අපි පසු­ගි­යදා දිප ව්‍යාප්ත වැඩ වර්ජ­න­යක් කළේ. මෙය සාර්ථක වුණා. සිය­යට 95ක් පමණ ගුරු­වරු මෙයට සහාය දැක්වූවා. සම­හර අය පැවැ­සුවා මෙයින් ළම­යින්ට පාඩු­වක් සිදු වූ බව. දකුණු ආසි­යාවේ අඩු­වෙන්ම පඩි ලබන්නේ අපේ ගුරු­වරු. පිංල­න්තයේ වැඩිම පඩි­යක් ලබන්නේ ගුරු­වරු. අද ගුරු­ව­රුන්ගේ ගුරු මාරු­විම් සියල්ල නතර කරලා. පසු­ගිය කාලයේ එක පාසලේ වසර 10කට වඩා සිටි ගුරු­වරු සියල්ල අපි මාරු මණ්ඩල යටතේ මාරු කිරී­මට සැලැ­ස්වූවා. නමුත් මේ වසරේ මාරු­වීම් විදු­හ­ල්ප­ති­ව­රුන් විසින් නතර කරලා. මේ නිසා ජාතික පාස­ල්ව­ලට අලුත් ගුරු­වරු එන්නේ නැහැ.

අපි අධ්‍යා­ප­න­යෙන් අපේක්ෂා කරන්නේ නිර්මා­ණා­ත්මක පෞරු­ෂ­යෙන් පිරි දරු­වෙකු බිහි කිරීම. ඒත් ඒ කාර්යය කරන්න අද ගුරු­ව­රුන්ට විවේ­ක­යක් නැහැ. ගුරු­ව­රුන්ට අද නොයෙ­කුත් කොළ පුර­වන්න වෙලා. සාමාන්‍ය පෙළ ඇයැ­දු­ම්පත් අන්ත­ර්ජා­ලය හරහා පුර­වන්න සිදු­වෙලා. මේ සඳහා විශාල කාල­යක් යනවා. ඒ නිසා පංතියේ උග­න්වන්න තියෙන කාලය අඩුයි. එසේ පැවැ­සූයේ ලංකා ගුරු සංග­මයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් ය.

“2016.1.1 සිට රාජ්‍ය සේව­යට බඳවා ගත් ගුරු­වරු ඇතුළු සියලු රාජ්‍ය සේව­ක­යින්ට විශ්‍රාම වැටුප අහිමි කරලා. එය ලබා දෙන ලෙස අපි ඉල්ලුවා. පසු­ගිය රජය දායක විශ්‍රාම වැටු­පක් දෙන බව කිව්වත් එය හඳුන්වා දුන්නේ නැහැ. අද විවිධ කට­යු­තු­ව­ලට දෙම­වු­පි­ය­න්ගෙන් මුදල් එකතු කරන්න පාස­ල්ව­ලට සිදු­වෙලා තියෙ­නවා. මෙය ගුරු විදු­හ­ල්පති දෙම­වු­පි­යන්ට විශාල ප්‍රශ්න­යක්. ඒ වගේම සම­හර විදු­හ­ල්ප­ති­ව­රු­න්ටත් මේ නිසා අයථා ක්‍රම වල යෙදෙන්න අව­ස්ථාව උදා­වෙලා. ඒ නිසා අපි ඉල්ලන්නේ දළ ජාතික නිෂ්පා­දි­ත­යෙන් සිය­යට 6ක් අධ්‍යා­ප­නය වෙනු­වෙන් වෙන් කරන්න කියා. ගුරු මාරු නවතා දැම්මේ ඇයි? අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ ගුරු මාරු ඒක­කය වගේම අපේ අයත් මේ සඳහා සිය කාලය කැප කළා. නමුත් අද එය අපතේ ගිහින්. ගුරු මාරු වීම්වල ගැටලු තියෙ­නවා නම් එය නිරා­ක­ර­ණය කිරීම අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ රාජ­කා­රි­යක්. “ ඒ ලංකා ගුරු සේවා සංග­මයේ ප්‍රධාන ලේකම් මහින්ද ජය­සිං­හය.

ගුරු සංගම් විසින් ගෙන ගිය මෙම විරෝ­ධතා ව්‍යාපා­ර­යට ඇතැම් ගුරු සංගම් එකතු වූයේ නැත. ඔවුහු ගුරු­ව­රුන්ගේ ගැටලු හඳුනා ගත්තත් නව රජය විසින් එය විස­ඳනු ඇතැයි අපේ­ක්ෂා­වෙන් පසු­වෙති.

“ගුරු­ව­රු­න්ටත් විදු­හ­ල්ප­ති­ව­රු­න්ටත් වැටුප් ප්‍රශ්න තියෙ­නවා. මේ වෘත්තිය අර­ග­ල­යට අපි එක් නොවු­ණත් ඉතා අසා­ධා­රණ ලෙස වැටුප් විෂ­මතා තියෙන බව අපි පිළි­ග­න්නවා. නමුත් අපි මේ ප්‍රශ්න වත්මන් රජ­යත් සමඟ සාකච්ඡා කළා. ගුරු­ව­රුන්ගේ මේ ප්‍රශ්න විස­දී­මට ප්‍රමු­ඛ­තාව දෙන බව බල­ධා­රීන් අප සමඟ ප්‍රකාශ කළා. නව රජය මේ ප්‍රශ්නය පිළි­බද සංවේ­දීයි. පසු­ගිය කාලයේ විවිධ චක්‍ර­ලේඛ නිසා ගුරු­ව­රුන්ගේ වැටුප් අසී­මිත ලෙස පහත වැටුණා. අද ගුරු­ව­රුන්ගේ වැටුප පොලිස් කොස්තා­ප­ල්ව­ර­ය­කු­ටත් වඩා අඩුයි.

පසු­ගිය කාලයේ ඉතා­මත් අසා­ධා­රණ ලෙස ගුරු­ව­රුන්ගේ වැටුප් පහ­තට වැටුණු නිසා පසු­ගිය සතියේ කැබි­නට් මණ්ඩ­ල­යට මේ පිළි­බඳ කැබි­නට් පත්‍රි­කා­වක් දමන්න යෝජනා වුණා. අධ්‍යා­පන ඇමැති පවා මේ පිළි­බඳ දැනු­ම්වත් වුණා වගේම එය කළ යුතු දෙයක් බව ඔවුන් තීර­ණය කළා.

මේ කැබි­නට් පත්‍රි­කාව හරහා ගුරු සේවා ව්‍යව­ස්ථාව පිහිට වූ පසු ගුරු වැටුප් අඩු කිරී­මට හේතු වූ විවිධ චක්‍ර­ලේඛ අහෝසි කළ යුතු බව අව­ධා­ර­ණය කළා. ඉදිරි මැති­ව­ර­ණ­යෙන් පසු බිහි­වන නව රජයේ පළමු අය­වැය වාර්තාවේ මේ සඳහා ප්‍රති­පා­දන යොද­වී­මට රජය සූදා­නම්. මේ නිසා අපිට ලොකු විශ්වා­ස­යක් තියෙ­නවා මෙතෙක් තිබෙන වැටුප් විෂ­මතා ඉවත් කර අපේ වැටුප් සාධා­රණ තල­යක තබන බවට.“ එසේ පැවැ­සූයේ ශ්‍රි ලංකා පොදු ජන අධ්‍යා­පන සේවා සංග­මයේ සභා­පති වසන්තා හද­පා­න්ගො­ඩය. ඇය පව­සන්නේ පසු­ගි­යදා උද්ඝෝ­ෂ­ණය කර­න­න්නට යෙදුණු විවිධ ගුරු සංගම් පව­සන්නේ මෙවැනි කැබි­නට් පත්‍රි­කා­වක් දැමීම අවශ්‍ය නොමැති බවයි. නමුත් එසේ පැවැ­සීම මුළා­වක් පම­ණක් බව ඇය පව­ස­න්නීය.

ගුරු­ව­රුන්ගේ මෙම ප්‍රශ්නය විස­දී­මට රජය මැදි­හත් වි ඇත. ගුරු වැටුප් පහත හෙළි­මට පසු­ගිය රජ­යන් ගෙනා සියලු චක්‍ර­ලේඛ අහෝසි කර ගුරු­ව­රුන්ට සාධා­රණ වටුප් තල­යක් හිමි කර දීමට රජය සුදා­නම් වෙයි.

“ගුරු­ව­ර­යාගේ වැටුප පහත හෙළී­මට පසු­ගිය ආණ්ඩු ගෙනා චක්‍ර­ලේඛ සියල්ල අහෝසි කර අභි­මා­න­යෙන් ජීවත් වීමට සුදුසු සාධා­රණ වැටුප් තල­යක් ලබා දීමට කැබි­නට් මණ්ඩල යෝජ­නා­වක් ඉදි­රි­පත් කළා. ...“ අධ්‍යා­පන ඇමැති ඩලස් අල­හ­ප්පෙ­රුම පව­ස­න්නේය.

ගුරු­ව­රුන්ගේ වැඩ වැරුම මැද දරු­වන් අනා­ර­ක්ෂිත බව කොයි කවු­රුත් දන්නා සත්‍ය­යකි. කෙළ සෙල්ල­මින් ගත කරන පාසල් කාලය තුළ ගුරු­ව­රුන් නොමැ­ති­වීමේ අනා­ර­ක්ෂිත බව දරු­වන්ට වැට­හෙන්නේ නැත. ඉතා කන­ගා­ටු­දා­යක ලෙස මෙහි ප්‍රති­වි­පාක අස­න්නට ලැබී­මෙන් කියා පාන්නේ මේ පිටු­පස ඇති නොපෙ­නෙන ප්‍රති­වි­පා­කය.

බද්දේ­ගම ක්‍රිස්තු­දේව විදු­හලේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙ­නුම ලැබූ දරු­වෙකු ඉතා අවා­ස­නා­වන්ත ලෙස ගිං ගඟේ ගිලි මිය යන්නේ මේ ගුරු වර්ජ­නය සිදු­වන මොහො­තේය. පහ­ළොස් හැවි­රිදි මේ දරුවා උදෑ­සන පාසල් යන්නේ සුපු­රුදු පරිදි අකුරු කර­න්නට වුවත් පාසලේ දැනෙන පාළුව මේ දරුවා ඇතුළු සිය යහ­ළු­වන්ට ගෙන දුන්නේ විනෝ­දා­ස්වා­ද­යකි. සිය පියාද තවත් පාස­ලක විදු­හ­ල්ප­ති­ව­ර­යෙකු වු අතර ඔහුද නිවාඩු වාර්තා කර මෙම වර්ජ­න­යට සහාය දැක්වු­වද සිය වග­කීම් නොපි­රි­හෙලා ඉටු කළ ඔහු නිවාඩු පිට පාස­ලට යන්නේ තවත් දරු පිරි­ස­කගේ ආර­ක්ෂාව වෙනු­වෙනි.

Comments