තෙවන ඇසට වැලි ගැසූ කැල­ණියේ ‘කැරලිකාරයෝ’ | සිළුමිණ

තෙවන ඇසට වැලි ගැසූ කැල­ණියේ ‘කැරලිකාරයෝ’

විශ්ව­වි­ද්‍යාල තිබෙන්නේ උග­තුන් බිහි­කි­රී­ම­ටද එසේත් නැති­නම් අර­ග­ල­ක­රු­වන් බිහි­කි­රී­මට දැයි සිතෙන තර­මට මෙරට විශ්ව­වි­ද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව ආවේ­ග­කාරී වී ඇතැයි කිසි­ව­කුට සිතු­ණ­හොත් එය අරු­ම­යක් නොවේ. ඒ බව පසක් කර­මින් පෙබරවාරි (24දා) කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ සිසුන් පිරි­සක් විසින් එම සර­සවි භූමියේ සවි­කොට තිබූ CCTV කැමරා කිහි­ප­යක් ගලවා දැමූ බව වාර්තා විය. එය එම සර­ස­වියේ මහා ශිෂ්‍ය සභාවේ සිසුන් කිහි­ප­දෙ­නකු විසින් සිදු­කළ ලද්දක් බවද අනා­ව­ර­ණය විය. මේ වන විට එම සිදු­වීම තවත් උණු­සුම් වෙමින් තිබේ.

විද්ව­තුන් රැසක් දායාද කළ කැල­ණිය සර­ස­වියේ ඉති­හා­සය 1875 දක්වා ඈතට දිව යන්නකි. විශ්ව­වි­ද්‍යාල පරි­ශ්‍රය තුළ සවි­කොට තිබූ CCTV කැමරා ගලවා දැමීම පිළි­බඳ විවි­ධා­කාර අද­හස් පළ විය. ඇතැම්හු සිසුන්ගේ ක්‍රියා­ක­ලා­පය විවේ­ච­නය කළ අතර තවත් පිරි­සක් විශ්ව­වි­ද්‍යා­ලයේ පරි­පා­ල­න­යට දොස් තැබූහ.‍ පෙබරවාරි 27දා කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යීය ආචා­ර්ය­ව­රුන්ගේ සංග­මය විශේෂ මාධ්‍ය හමු­වක් කැඳ­වා තිබුණි.

එහිදී සිළුමිණට අද­හස් දැක්වූ එම සංග­මයේ සභා­පති ආචාර්ය මල්වානේ චන්ද්‍ර­ර­තන හිමි පැව­සුවේ සමස්ත ශිෂ්‍ය ප්‍රජා­වගේ ආර­ක්ෂාව සහ අධ්‍යා­ප­න­යට හිත­කර යහ­පත් පරි­ස­ර­යක් ස්ථාපිත කිරීමේ අර­මුණ ඇතිව සවි­කර තිබූ එම CCTV කැමරා සහ උප­ක­රණ සිසුන් කිහි­ප­දෙ­නකු විසින් ගලවා දැමීම තම සංග­මය දැඩිව හෙළා දකින බවයි.

කැල­ණිය විශ්වි­ද්‍යා­ලය තුළ දෙස් විදෙස් සිසුන් 14,000 ක්, සති අන්ත පශ්චාත් උපාධි පාඨ­මාලා හදා­රන විද්‍ය­ර්ථ­යන් 2000කට අසන්න පිරි­සක්, 600ක පමණ ආචාර්ය මණ්ඩ­ල­යක් සහ 800කට වැඩි අන­ධ්‍ය­යන කාර්ය මණ්ඩ­ල­යක් සමඟ 16,000කට අධික පිරි­සක් සිටින බවත් උන්ව­හන්සේ පැව­සූහ. එමෙන්ම විශ්ව­වි­ද්‍යා­ලය තුළ රසා­ය­නා­ගාර හා පරි­ග­ණක මධ්‍ය­ස්ථාන තුළ මිල අධික උප­ක­රණ තිබෙන බැවින් ඒවායේ ආර­ක්ෂාව සඳහා CCTV කැමරා පද්ධ­ති­යක් අත්‍ය­වශ්‍ය බවද උන්ව­හන්සේ සඳ­හන් කළහ.

‘‘ අප්‍රේල් 21 වැනිදා පාස්කු ප්‍රහා­ර­යෙන් පසු පාල­නා­ධි­ක­ර­ණය විසින් මෙම විශ්ව­වි­ද්‍යා­ලයේ CCTV කැමරා පද්ධ­තිය වඩා විධි­මත් ලෙස ස්ථාපිත කළා. මෙම විශ්ව­වි­ද්‍යා­ලය මැදින් අවට ගම්ව­ලට යෑමට පාරක් තිබෙන නිසා විශ්ව­වි­ද්‍යා­ලයේ ආර­ක්ෂාව තහ­වුරු කිරී­මට CCTV කැමරා අව­ශ්‍යයි. පීඨ­ව­ලට පිවි­සෙන මාර්ග අසල, රසා­යා­නා­ගාර දොරටු අසල සහ දේශනා ශාලා අසල සවි­කර තිබූ එම කැම­රා­ව­ලින් ශිෂ්‍ය­යන්ට, ආචාර්ය මණ්ඩ­ල­යට සහ අන­ධ්‍ය­යන කාර්ය මණ්ඩ­ල­යට හානි­යක් නොවන බව අප කළ නිරී­ක්ෂ­ණ­ව­ලින් දැන­ග­න්නට ලැබුණා. නමුත් සිසුන් කිහි­ප­දෙ­නකු විසින් CCTV කැමරා 19ක් ගලවා තිබෙන අතර එහි අලා­භය ලක්ෂ 26ක් පමණ වනවා. එය විශ්ව­වි­ද්‍යා­ල­යට විශාල පාඩු­වක් වගේම සමස්ත විශ්ව­වි­ද්‍යාල පද්ධ­ති­යේම ආර­ක්ෂාව පිළි­බඳ ප්‍රශ්න­යක්. ඒ නිසා අපි ඉතා කරු­ණා­වෙන් පාල­නා­ධි­කා­රි­යෙන් ඉල්ලා සිටි­නවා එම CCTV කැමරා පද්ධ­තිය නැවත සවි­ක­රන ලෙස."

ආචා­ර්ය­ව­රුන්ගේ සංග­මයේ විධා­යක කමිටු සාමා­ඡික ආචාර්ය ඒ. ජී අම­ර­සිංහ පැව­සුවේ මෙම සිද්ධි­යට සම්බන්ධ යැයි සැක­ක­රන සිසුන් සම්බ­න්ධ­යෙන් විශ්ව­වි­ද්‍යා­ල­යීය විනය කමි­ටුව විසින් සාක්ෂි සහ සාක්ෂි සලකා බලා අදාළ පිය­වර ගනු ඇති බවයි.

මේ පිළි­බ­ඳව අප කළ විම­සී­මේදී මහා ශිෂ්‍ය සංග­මයේ උප සභා­පති ‍කෝසල රන්දිත් පැව­සුවේ විස­ඳිය යුතු ගැටලු රාශි­යක් තිබි­යදී ඒවාට විස­ඳුම් ලබා­දී­මට මුදල් නැති බව කිය­මින් පාල­නා­ධි­කා­රිය විශාල මුද­ලක් වැය­කර CCTV කැමරා සවි­කි­රීම අනු­මත කළ නොහැකි බවයි.

‘‘සිසුන්ට උද්ගත වී තිබෙන අධ්‍ය­යන සුබ­සා­ධන ගැටලු නොතකා හරි­මින් සිසුන් මර්ද­නය කිරීමේ එක් පිය­ව­රක් ලෙසයි CCTV කැමරා සවි කිරීම අපි දකින්නේ. විග­ණන අංශය සතුව ඇති ගොඩ­නැ­ඟි­ල්ලක සවි­කර තිබූ කැමරා සිසුන් ගැව­සෙන ප්‍රදේ­ශය දෙස­ටම යොමු­කර තිබෙන නිසා අපි ඒ පිළි­බ­ඳව විශ්ව­වි­ද්‍යා­ල­යීය ආර­ක්ෂක ප්‍රධා­නි­යා­ගෙන් විම­සු­වත් ඔහුගේ පිළි­තුර වුණේ ඒ පිළි­බඳ ඔහු නොදන්නා බවයි. එම නිසා සිසුන් ඊට ප්‍රති­චාර දක්ව­මින් CCTV කැමරා ගලවා දැමුමා. මහා ශිෂ්‍ය සංග­මය විදි­හට අපි අඛ­ණ්ඩව මේ වෙනු­වෙන් පෙනී සිටි­නවා"

ඒ අනුව 27 වැනිදා දහ­වල් කැල­ණිය සර­ස­විය ඉදි­රි­පිට උද්ඝෝ­ෂ­ණ­යක් පව­ත්වනු ලැබූ අතර එදි­නම CCTV කැමරා ගැල­වීම සම්බ­න්ධ­යෙන් සැක­පිට කැලණි විශ්ව­වි­ද්‍යා­ලයේ සිසුන් 16දෙනකු පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබිණි. මහා ශිෂ්‍ය සංග­මයේ සභා­පති කෙබෙ­යි­තු­ඩුවේ සමිත හිමි සහ තවත් සිසුන් තිදෙ­නකු එම සිදු­වී­මට ඍජුව සම්බන්ධ බවත් සෙසු 12 දෙනා ඊට අනු­බල දී ඇති බවත් මූලික පොලිස් පරී­ක්ෂ­ණ­ව­ලින් හෙළිවී තිබේ. ඒ අනුව එම සිසුන් 12 දෙනා එදි­නම ඇප මත මුදා­හැර ඇති අතර හිමි­නම ඇතුළු සිවු­දෙනා පෙබරවාරි 28දා මහර මහේ­ස්ත්‍රා­ත්ව­රයා වෙත ඉදි­රි­පත් කිරී­මෙන් පසු මාර්තු 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගාර ගත කෙරිණි.

මේ අතර විශ්වවිද්‍යාල පරිපාලනය විසින් සිදු කළ විමර්ශනයකින් පසුව මේ සිද්ධියට සම්බන්ධ සිසුන් 25 දෙනකුට විශ්වවිද්‍යාල අධ්‍යාපනය වසර දෙකකට තහනම් කිරීමට පියවර ගන්නා ලදී.

කැලණි සර­සවි සිසුන්ගේ හැසි­රීම පිළි­බ­ඳව අප සන්නිවේදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මහා­චාර්ය සුනන්ද මද්දුම බණ්ඩාරගෙන් විම­සු­වෙමු.

"CCTV කැමරා සවි­කි­රීම සිදු­ක­රන්නේ විශ්ව­වි­ද්‍යාල සිසුන්ගේ, ආචාර්ය මණ්ඩ­ලයේ, අන­ධ්‍ය­යන කාර්ය මණ්ඩ­ලයේ වගේම විශ්ව­වි­ද්‍යා­ලයේ භෞතික සම්ප­ත්වල ආර­ක්ෂාව අර­මුණු කර­ගෙ­නයි. එහි ප්‍රයෝ­ජ­න­වත් බව බොහෝ අව­ස්ථා­වල පෙනී ගොස් තිබෙ­නවා. විශේ­ෂ­යෙන් විශ්ව­වි­ද්‍යා­ල­වල වර්ජන තිබෙන අව­ස්ථා­වල විශ්ව­වි­ද්‍යාල ආර­ක්ෂක අංශ පවා වර්ජ­නය කර­නවා. එවැනි අව­ස්ථා­වක අති විශාල සම්පත් ප්‍රමා­ණ­යක් ආරක්ෂා කිරී­මට ඇති එකම ක්‍රමය CCTV කැමරා පද්ධ­ති­යයි. ඒ වගේම මීට පෙරත් සොර­කම්, වංචා ආදිය හසු­කර ගැනී­ම­ටත් CCTV කැමරා ප්‍රයෝ­ජ­න­වත් වී තිබෙ­නවා. විශාල මුද­ලක් වැය­කර සවි­කර ඇති එම උප­ක­රණ විනාශ කිරීම බර­ප­තළ අප­රා­ධ­යක්. ඒවා නැවත සවි­කළ යුතුයි වගේම ඒවා ගලවා දැමූ අය­ටත් දඬු­වම් කළ යුතුයි."

CCTV කැමරා යනු විශ්ව­වි­ද්‍යා­ලයේ පොදු දේප­ලක් වන බැවින් සිසුන් පිරි­සක් විසින් ඒවා ගලවා දැමීම පොදු දේපල පනත යටතේ වර­දක් ලෙස සැල­කෙන්නේ කෙසේද යන්න පිළි­බ­ඳව ජැමෙ­යිකා තාක්ෂණ විශ්ව­වි­ද්‍යා­ලයේ නීති පීඨා­ධි­පති ලෙස කට­යුතු කරන මහා­චාර්ය ප්‍රතිභා මහා­නාම මහ­තා­ගෙන් විම­සී­මක් කළෙමු.

"විශ්ව­වි­ද්‍යාල කියන්නේ රටේ ජාතික සම්පත්. ඒවා සඳහා මුදල් වෙන් කරන්නේ අය­වැ­යෙන්. ඒ නිසා ඒවා ආරක්ෂා කර­ගැ­නීම සියලු දෙනාගේ යුතු­ක­මක්. CCTV කැමරා සවි­කර තිබෙන්නේ සියලු දෙනාගේ ආර­ක්ෂා­ව­ටයි. ගැටලු තිබෙ­නවා නම් ඒවා පරි­පා­ල­නය සමඟ විස­ඳා­ගත යුතුයි. එසේ නැතිව සිසුන් පොදු දේප­ල­කට හානි කර තිබෙ­නවා නම් එය පොදු දේපල පනත යටතේ වර­දක් ලෙස සැල­කෙ­නවා.

පොලි­සිය විසින් සැක­ක­රු­වන් සිදු­කර ඇති දේපල හානිය පිළි­බඳ රජයේ තක්සේරු නිල­ධා­රි­යෙ­ක්ගෙන් ලබා­ගත් තක්සේරු වාර්තා­වක් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ යුතුයි. අප­රාධ නීති­යට අයත් දණ්ඩ නීති සංග්‍ර­හය යටතේ සහ පොදු දේපල පනත යටතේ නඩු පැව­රු­ව­හොත් අලා­භය ගෙවී­මට සිදු­වෙ­නවා. අලා­භය ගෙවා සම­ථ­ය­කට පත්කර ගන්නත් පුළු­වන්. එහෙම නැත්නම් නැවත එවැනි වර­දක් නොක­රන බවට අත්හි­ටවූ සිර දඬු­වම් නියම කර­න්නත් පුළු­වන්. වන්දි­යක් සහ සිර දඬු­ව­මක් දෙන්නත් පුළු­වන්.

ඒ වගේම විනය කඩ­කි­රීම සම්බ­න්ධ­යෙන් ස්වාධීන කොමි­ෂ­මක් මගින් පරී­ක්ෂ­ණ­යක් කරලා වර­ද­කාරී සිසුන්ගේ ශිෂ්‍ය භාවය අහෝසි කර­න්නත් පුළු­වන්. එහෙම වුණොත් නැවත ඔවුන්ට විශ්ව­වි­ද්‍යා­ල­යට පැමි­ණී­ම­ටත් නොහැකි විය හැකියි.

බට­හිර රට­ව­ල්වල විශ්ව­වි­ද්‍යා­ල­වල පවා සිසුන්ගේ ආර­ක්ෂාව වෙනු­වෙන් CCTV කැමරා සවි­කර තිබෙ­නවා. මෙවැනි සිදු­වීම් අපට අනු­මත කර­න්නට බැහැ. සම­හ­ර­විට මෙම සිදු­වීම් පිටු­පස අදෘ­ශ්‍ය­මාන හස්ත තිබිය හැකියි. ඒ පිළි­බ­ඳ­වත් සොයා බලා ඔවු­න්ටත් දඬු­වම් කළ යුතුයි."

මෙම සිදු­වීමේ වර­ද­ක­රු­වන්ද ඉදි­රි­යේදී නීතිය හමුවේ හෙළි­වනු ඇත. එවැනි පසු­බි­මක් තුළ කැල­ණිය සර­ස­වියේ 60 වැනි සංව­ත්ස­ර­යට සම­ගා­මීව එහි ආදි කර්තෘන් සිහි­ක­ර­මින් අනු­රා­ධ­පුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදි­රි­පිට මළු­වේදී ආශි­ර්වාද පූජා­වක් පැවැ­ත්වුණේ වැල­මි­ටි­යාවේ කුස­ල­ධම්ම නාහිමි, උප කුල­පති සේම­සිංහ දිසා­නා­යක ප්‍රමුඛ අධ්‍ය­යන සහ අන­ධ්‍යන කාර්ය මණ්ඩ­ලයේ සියලු දෙනා­ටත් සිසු සිසු­වි­යන් සැම­ටත් ආශි­ර්වාද කිරීමේ අර­මු­ණිනි. ඒ ආශි­ර්වා­දයේ අනු­හ­සින් හෝ සිසු - පරි­පා­ලන ගැටුම් නිමවේ නම් එය කැලණි සර­ස­වි­යට වඩාත් පැහැ­බර අනා­ග­ග­යක් උදා­වී­මට ඉඩ සල­සනු සැලසෙනු නොඅනුමානය.

ඡායා­රූප - මාලන් කරු­ණා­රත්න

 

Comments