අපේක්ෂා රෝහ­ලට ලැබූ සියලු පරි­ත්‍යාග සුර­ක්ෂි­තයිලු | සිළුමිණ

අපේක්ෂා රෝහ­ලට ලැබූ සියලු පරි­ත්‍යාග සුර­ක්ෂි­තයිලු

පිළිකා හේතු­වෙන් ලංකාවේ වස­ර­කට 1180කට අධික රෝගීන් පිරි­සක් මිය යන අතර ඔවු­න්ගෙන් බොහෝ දෙනෙකු මිය යන්නේ ප්‍රමා­ණ­වත් ඖෂධ මෙන්ම නිසි කලට නිසි පරී­ක්ෂණ කට­යුතු සිදු කර­ගැ­නී­මට රෝහල් තුළ නිසි පහ­සු­කම් නැති පසු­බි­මක වීම කන­ගා­ටු­වට කරු­ණකි.

පිළිකා රෝගීන්ගේ පරී­ක්ෂණ කට­යුතු සඳහා අත්‍ය­වශ්‍ය පෙට් ස්කෑනර් යන්ත්‍ර­යක් මිලදී ගැනී­මට කදීජා පද­නමේ සභා­පති එම්.එස්.එච් මොහො­මඩ් මහතා සහ මාධ්‍ය ආය­තන මැදි­හත්වී මහ­ජන ආධාර ලෙස මිලි­යන 202ක් එකතු කර සෞඛ්‍ය අමා­ත්‍යාං­ශ­යට ලබා­දී­මෙන් අන­තු­රුව 2017 වසරේ දෙසැ­ම්බර් 24 වැනිදා පෙට් ස්කැනර් යන්ත්‍රය ගුවන් මඟින් මෙර­ටට රැගෙන විත් මේ වන විට වස­ර­කට රෝගීන් 1200කගේ පමණ පරී­ක්ෂණ කට­යුතු සිදු කරනු ලබයි.

එසේ රැස් කරන ලද මුද­ලින් කෝටි දෙක­කට අධික මුද­ලක් (20,558,836.73) ඉතිරි විය. එම මුද­ලත් යොද­ව­මින් අපේක්ෂා පිළිකා රෝහ­ලට අත්‍ය­වශ්‍ය උප­ක­රණ සහ tomotheraphy, Linear Accelertor යන යන්ත්‍ර දෙක මිල­දී­ගැ­නීම සදහා අවශ්‍ය මුදල් රැස්කි­රීම සදහා 2019 අප්‍රේල් පළමු වනදා කොළඹ ගල­දාරි හෝට­ලේදී රජ­යත් ’’ෆයිට් කැන්සර්’’ කණ්ඩා­ය­මත් අතර අව­බෝ­ධතා ගිවි­සු­මක් අත්සන් තැබිණි. ගිවි­සුම අත්සන් තබන උත්ස­ව­යට පසු­ගිය රජයේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනා­රත්න , වත්මන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජන­රාල් අනිල් ජාසිංහ මහතා මෙන්ම පිළිකා රෝහල් අධ්‍යක්ෂ වසන්ත දිසා­නා­යක මහතා ඇතුළු බොහෝ පිරි­සක් සහ­භාගි වූහ.

එම උත්ස­ව­යේදී පිළිකා රෝහල් අධ්‍යක්ෂ වසන්ත දිසා­නා­යක මහතා ප්‍රසංසා කර­මින් කියා සිටියේ "එම්.එස්.එච් මොහො­මඩ් යනු අපූර්ව පුද්ග­ල­යෙකි, ඔහු මාගේ සහෝ­ද­ර­යකු බඳු ය, පරා­ජය නොව­න්නෙකි, මාගේ විශේෂ හැකි­යා­වන් සියල්ල, ව්‍යාපෘ­තියේ සාර්ථ­ක­ත්වය වෙනු­වෙන් ඔහුට සප­යමි" යනු­වෙනි.

එමෙන්ම ගිවි­සුම් අත්සන් තැබී­මට පෙර ෆයිට් කැන්සර් ටීම් විසින් රජ­යට සුවි­ශේෂී ඉල්ලී­මක් ඉදි­රි­පත් කරනු ලැබීය. ඒ, මේ සද්කාර්ය සඳහා ලැබෙන සියලු මහ­ජන ආධාර මුදල් රජයේ ගිණු­ම­කට බැර කළ යුතු බවත් ඒ සඳහා කිසිදු පෞද්ග­ලික ගිණු­මක් භාවිත නොවිය යුතු බවත්ය. ඒ අනුව ලංකා බැංකුවේ අංක 71275069 දරන ජාතික සෞඛ්‍ය සංව­ර්ධන අර­මු­දල යන ගිණුම ඒ වෙනු­වෙන් යොදා ගෙන තිබේ .

මීට පෙර වස­රේදී ෆයිට් කැන්සර් කණ්ඩා­යමේ මූලි­ක­ත්ව­යෙන් මහ­ජන ආධා­ර­ව­ලින් පිළිකා රෝහ­ලට පරි­ත්‍යාග කෙරුණු පෙට් ස්කෑන­රය සඳහා මහ­ජන මුදල් බැර කර ඇත්තේද එම රාජ්‍ය ගිණු­ම­ට­මය.

මේ අතර 2019.12.12 දින පිළිකා රෝහල් අධ්‍යක්ෂ වසන්ත දිසා­නා­යක මහතා විශේෂ මාධ්‍ය හමු­වක් පව­ව­මින් කියා සිටියේ තමන් එවැනි ගිණු­මක් ගැන කිසි­වක් නොදන්නා බවත් එම මුදල් අපේක්ෂා රෝහලේ ගිණු­ම­කට බැර වන්නේ නැති බවත්ය. ඒ මාධ්‍ය හමු­වෙන් පසු එම ගිණු­මට මුදල් තැන්පත් කළ ජන­තාව සැක­යක් ඇති කර­ගත් අතර ගිණු­මට ලැබෙන ආධාර මුදල්ද අඩු වී ඇති බව ගිණුම් වාර්තා පරික්ෂා කිරී­මෙන් දැන­ග­න්නට ලැබිණි.

“මොහො­මඩ් සල්ලි එකතු කරන්නේ අපේක්ෂා රෝහල් ගිණු­මට කියලා කිව්වත් එහෙම ගිණු­මක් නෑ කිය­ලයි මං කියන්නේ. ඒ වගේම ගන්න උප­ක­රණ මොන­වද කිය­ල­වත් මා එක්ක කතා කරලා නෑ“ මහ­ර­ගම අපේක්ෂා රෝහල් අධ්‍යක්ෂ වසන්ත දිසා­නා­යක මහතා කියා සිටි­යේය

ඒ සම්බ­න්ධ­යෙන් මොහො­මඩ් මහ­තා­ගෙන් කළ විම­සී­ම­කදී ඔහු කියා සිටියේ '' අපි Pet Scan යන්ත්‍රය මිලදී ගන්නට මුදල් එකතු කළෙත් සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය යටතේ පව­තින ජාතික සෞඛ්‍ය සංව­ර්ධන අර­මු­ද­ලට අයත් 71275069 යන ගිණුම් අංක­යට පම­ණයි. ලැබුණු මුද­ලින් Pet Scan යන්ත්‍රය අරන් දුන්නේ අපේක්ෂා රෝහ­ල­ටයි. ඒව­ගේම මේ tomotheraphy , Linear Accelertor මැෂින් දෙකත් අරන් දෙන්නේ මහ­ර­ගම අපේක්ෂා රෝහ­ල­ටයි. අපි මේ කිසිදු මුදල් ගනු­දෙ­නු­වක් එක්ක සම්බන්ධ වෙන්නේ නෑ. Fight Cancer Team එක විදි­යට අප කළේ ජන­තාව දැනු­වත් කරපු එක විත­රයි. ඒ සල්ලි­ව­ලින් කරන දේ පවා තීර­ණය කරන්නේ සෞඛ්‍ය අමා­ත්‍යාං­ශ­යයි මගින්’’

ඒ සම්බ­න්ධ­යෙන් සත්‍ය තොර­තුරු හෙළි කර­ගැ­නීම සඳහා තොර­තුරු දැන­ගැ­නීමේ පනත අනුව සෞඛ්‍ය දෙපා­ර්ත­මේ­න්තුව වෙත 2019.12.30 දින අය­දු­ම්ප­තක් යොමු කර­මින් කරුණු විම­සී­මක් කළ අතර 2020 පෙබ­ර­වාරි 07 වන දින ලිපි අංක Helth Ministry / CFO I /07/2020 යටතේ ලැබුණු පිළි­තුරු අනුව අනා­ව­ර­ණය වූයේ, අපේක්ෂා පිළිකා රෝහ­ලට අත්‍ය­වශ්‍ය උක­රණ, රසා­ය­නා­ගාර ද්‍රව්‍ය සහ tomotheraphy ,Linear Accelertor යන යන්ත්‍ර දෙක මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් රැස් කිරී­මට සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය යටතේ පව­තින ජාතික සෞඛ්‍ය සංව­ර්ධන අර­මු­ද­ලට අයත් 71275069 යන ගිණුම් අංකය වෙත සියලු ආධාර මුදල් ලැබෙන බවත් වෙනත් කිසි­වෙ­කුගේ ගිණු­ම­කට බැර නොවන බවයි.

එම යන්ත්‍ර දෙක අවශ්‍ය ඇයි ?

පිළිකා රෝගීන් වෙනු­වෙන් සිදු කරන විකි­රණ ප්‍රති­කාර සඳහා tomotheraphy ,Linear Accelertor දෙක භාවිතා කරන අතර එවැනි යන්ත්‍ර කීප­යක් මහ­ර­ගම අපේක්ෂා රෝහලේ තිබු­ණද එම යන්ත්‍ර ප්‍රමා­ණ­වත් ගුණා­ත්මක ප්‍රමි­තියේ නැති වීම නිසා රෝගීන්ට විකි­රණ ප්‍රති­කාර මුදල් ගෙවා පෞද්ග­ලික රෝහල් මඟින් සිදු කර­ගැ­නී­මට සිදු වී තිබේ. විකි­රණ ප්‍රති­කාර වෙනු­වෙන් රුපි­යල් ලක්ෂ 09කට අධික මුද­ලක් වැය වන අතර එය දුප්පත් අයෙ­කුට එම ප්‍රති­කාර ලබා­ගැ­නීමේ අව­කා­ශය නොලැබේ.

'' විශේ­ෂ­යෙන් උගුර, කන, නාසයේ ප්‍රති­කාර කිරී­මට එම යන්ත්‍රය නැතිව බෑ . ඒ වගේ රෝගීන් 2800ක් පමණ වස­ර­කට වාර්තා වෙනවා. නමුත් නිසි පහ­සු­කම් නැති නිසා ඉන් ප්‍රති­කාර කිරී­මට ලබන්නේ 10% කටත් වඩා අඩු පිරි­ස­කට. ඒ හැරුණු විට ගැබ්ගෙල පිළිකා 1500කට වඩා වස­ර­කට වාර්තා වෙනවා. ඒ අයට නිසි ප්‍රති­කාර ලැබෙන්නේ නෑ. එමෙන්ම පෙණ­හලු බඩ­වැල් ආශ්‍රිත පිළිකා රෝගීන් වාර්තා වෙනවා. එ්වාට ප්‍රති­කාර කරන්න ඒ යන්ත්‍ර යොදා­ග­න්නවා“ පිළිකා රෝග පිළි­බඳ විශේ­ෂඥ වෛද්‍ය මහි­ලාල් විජේ­කෝන් මහතා කියයි.

ජාතික සෞඛ්‍ය සංව­ර්ධන අර­මු­දල

ජාතික සෞඛ්‍ය සංව­ර්ධන අර­මු­දල සෞඛ්‍ය අමා­ත්‍යාං­ශ­යෙන් පාල­නය වන ගිණු­මක් වන අතර එය 1981 අංක 13 ජාතික සෞඛ්‍ය සංව­ර්ධන අර­මු­ද­ලෙන් පිහි­ටුවා ඇත. එම අර­මු­ද­ලට ලැබෙන සිය­ලුම මුදල් එම පනතේ 10(2) වග­න්තිය අනුව විග­ණ­කා­ධි­ප­ති­ව­රයා විසින් සෑම වස­ර­ක­දීම විග­ණ­නය කරනු ලබන අතර අපේක්ෂා රෝහල වෙනු­වෙන් ජාතික සෞඛ්‍ය සංව­ර්ධන අර­මු­ද­ලට අයත් 71275069 යන ගිණු­මට ලැබෙන සෑම මුද­ලක්ම ද ඒ ආකා­ර­යෙන් විග­ණ­නය වෙයි.

ඒ අනුව මෙය රාජ්‍ය ගිණු­මක් බැවින් අර­මු­දල් රැස්කි­රීමේ සමාජ සත්කා­රයේ නීත්‍ය­නු­කූල මැදි­හත් පාර්ශ්ව­ක­රු­වකු වන Fight Cancer Team වෙතද එම ශේෂය දැක­බලා ගැනී­මට නීති­මය බල­යක් නැති අතර නමුත් වෛද්‍ය වසන්ත දිසා­නා­ය­කට එය සිය පරි­ග­ණ­ක­යෙන් නිරී­ක්ෂ­ණය කිරී­මට අව­කා­ශය ලබා දී තිබිණි . එම ගිණුමේ ශේෂය දැක­බ­ලා­ගැ­නී­මට අව­ස්ථාව Fight Cancer කණ්ඩා­ය­මට මේ දක්වා ලැබී නැති අතර, මේ සමාජ සත්කා­රයේ පෙර­ග­ම­න්ක­රු­වෙකු වන මොහො­මඩ් මහ­තාට මහ­ර­ගම පිළිකා රෝහලේ ගණ­කා­ධි­කා­රි­නිය වෙතින් එම ගිණුමේ ශේෂය SMS එකක් මාර්ග­යෙන් දැනුම් දී ඇති අතර ඔහු ගිණුම් ශේෂය ලබා­ගන්නා වාර­යක් පාසාම එම මුළු එක­තුව සෑම සති­ය­කම Fight Cancer team නිල facebook පිටුවේ "රත්ත­රන් හද­වත් ඇති ශ්‍රී ලාංකි­යන්ට ස්තුතියි " යනු­වෙන් දිරි­මත් කිරීම් සහි­තව පළ කිරී­මට ඔහු දිගින් දිග­ටම කට­යුතු කර තිබේ .

සියලු මුදල් සුර­ක්ෂි­තයි

තොර­තුරු දැන­ගැ­නීමේ පනත අනුව සිදු කළ කරුණු විම­සි­මේදී අනා­ව­ර­ණය වූයේ අපේක්ෂා රෝහ­ලට අත්‍ය­වශ්‍ය බෙහෙත් මිලදී ගැනීම සඳහා ලැබුණු පරි­ත්‍යාග මුද­ලින් ඉතිරි මුදල වූ රුපි­යල් 96,036ක මුද­ලත් , Pet Scan යන්ත්‍රය මිල­දී­ගැ­නීම සඳහා රැස් කරන ලද මුද­ලින් ඉතිරි වූ 20,558,836.73ක මුද­ලත් tomotheraphy, Linear Accelertor යන්ත්‍ර­යක් මිලදී ගැනීම සදහා ලැබුණු මහ­ජන අධාර වන කෝටි දොළ­හ­කට අධික මුද­ලද (127,990,040.53) ජාතික සෞඛ්‍ය සංව­ර්ධන අර­මු­දලේ සුර­ක්ෂි­තව ඇති බවයි .

එහෙත් ජාතික සෞඛ්‍ය සංව­ර්ධන අර­මු­දලේ මෙන්ම රාජ්‍ය මුදල් රෙගු­ලා­සි­ව­ලට අනු­කූ­ලව එම මුදල්, තැන්ප­තු­වක් ලෙස පම­ණක් පව­ත්වා­ගෙන යා නොහැකි අතර එම මුද­ලින් යම් ආයෝ­ජ­න­යක් සිදු කළ යුතු වේ. නමුත් එය සිදු කළ හැක්කේද ඒ සම්බ­න්ධ­යෙන් අධි­ක්ෂ­ණය කරනු ලබන ජාතික සෞඛ්‍ය සංව­ර්ධන අර­මු­දලේ ලේකම්, ජාතික සෞඛ්‍ය සංව­ර්ධන අර­මු­දලේ ගණ­කා­ධි­කාරී මෙන්ම විග­ණ­කා­ධි­පති දෙප­ර්ත­මේ­න්තුවේ විග­ණන නිල­ධා­රී­න්ගේද අධි­ක්ෂ­ණය යටතේ පම­ණක් බව සෞඛ්‍ය දෙපා­ර්ත­මේ­න්තු­වෙන් ලබා­ගත් තොර­තු­රු­වල මනාව සඳ­හන් වේ.

ඒ අනුව 71275069 ගිණු­මට ලැබෙන සෑම මුද­ලක්ම නැවත ආයෝ­ජ­නය කිරීම ජාතික සෞඛ්‍ය සංව­ර්ධන අර­මු­දල මඟින් සිදු කරන අතර, ස්ථාවර තැන්පත් ගිණු­ම්වල ආයෝ­ජ­නය කිරී­මෙන් පොලිය වශ­යෙන් ලැබුණු රුපි­යල් ලක්ෂ හත­ලිස් තුන්ල­ක්ෂ­ය­කට ( 4,346,144.46) අධික මුදල ද භාණ්ඩා­ගාර බිල්ප­ත්වල ආයෝ­ජ­නය කිරී­මෙන් ලද රුපි­යල් හත­ලිස් ලක්ෂ­ය­කට (40,33,354.79) අධික අම­තර මුද­ලක් ද ඇති බවත් සෞඛ්‍ය දෙපා­ර්ත­මේ­න්තු­වෙන් ලබා­ගත් තොර­තු­රු­වල මනාව සඳ­හන් වේ . එමෙන්ම එම ගිණුමේ රුපි­යල් කෝටි පහ­ළො­ව­කට අධික මුද­ලක් (157,024,412.63) පව­තින බවත් එම තොර­තු­වල සඳ­හන් වේ.

ජාතික සෞඛ්‍ය සංව­ර්ධන අර­මු­දලේ ගණ­කා­ධි­කාරී එස්.ඒ ධර්ම­ව­ර්ධන මහ­තා­ගෙන් කළ විම­සී­ම­කදී ඔහු කියා සිටියේ එම ගිණුමේ ඇති මුදල් අඩු වන්නේ එම මුදල් නිසි අධී­ක්ෂ­ණ­ය­කින් යුතුව අදාළ රාජ්‍ය නිල­ධා­රීන්ගේ අනු දැනුම ඇතිව ස්ථාවර තැන්පත් ගිණු­ම්වල සහ භාණ්ඩා­ගාර බිල්ප­ත්වල ආයෝ­ජ­නය කිරීම සඳහා ආපසු ගැනීම නිසා බවයි. එය ආයෝ­ජ­න­යක් බවත් ඉන් ලැබෙන සියලු ලාභය නැවත අර­මු­දලේ තැන්පත් කරන බව ඔහු කියා සිටි­යේය .

 

 


Comments