අපේ රටෙන් පිටරටට යන මහින්ද්‍රා අයි­ඩි­යල් KUV 100 NXT | සිළුමිණ

අපේ රටෙන් පිටරටට යන මහින්ද්‍රා අයි­ඩි­යල් KUV 100 NXT

හින්ද්‍රා සහ අයි­ඩි­යල් මෝටර්ස් එක්ව සම්පූ­ර්ණ­යෙන්ම ශ්‍රී ලංකා‍ෙව්දී එක­ලස් කොට නිෂ්පා­ද­නය කළ KUV100NXTK6+ නව­තම SUV රථය පසු­ගි­යදා වැලි­පැන්න MILPL අංග­ණ­යේදී මුල්ව­රට ධාව­නයේ යොද­වන ලදී.

මගී වාහන මාදි­ලි­යට අයත් මෙය, ශ්‍රී ලාංකික වාහන නිෂ්පා­දන ක්ෂේත්‍රයේ පෙර­ළි­යක් ඇති කර­න්නට සමත් වූ රථ­යක් ලෙස හැඳි­න්විය හැකි බව මහින්ද්‍රා අයි­ඩි­යල් සභා­පති නලීන් වෙල්ගම මහතා පව­සයි. ඔහු මේ බව පැව­සුවේ පසු­ගි­යදා වැලි­පැන්නේ පැවති එළි­දැ­ක්වීමේ උත්ස­ව­යේ­දීය. වසර 3ක වග­කීම හෝ කි.මී. 100,000 වග­කීම මෙන්ම අයි­ඩි­යල් මෝටර්ස් දීප ව්‍යාප්ත සේවා ජාලය ද නිසා පාරි­භෝ­ගි­ක­යන්ට වඩාත් විශ්වා­ස­යෙන් යුතුව මිලදී ගත හැකි රථ­යක් ලෙසද ඔහු මෙය හඳුන්වා දුන්නේය.

මහින්ද්‍රා සමා­ගම සහ අයි­ඩි­යල් මෝටර්ස් හවු­ල්කා­රී­ත්වය ඇතිව නිර්මා­ණය කළ MILPL සමා­ගම සතු මහින්ද්‍රා වාහන කර්මාන්ත ශාලාවේ නිෂ්පා­ද­න­යක් ලෙස මෙය එළි­ද­ක්වනු ලැබීය.

නලින් වෙල්ගම මහතා ප්‍රමුඛ අයිඩියල් කණ්ඩායම

අන්ත­ර්ජා­තික සම්ම­ත­යන්ට හා වාහන නිෂ්පා­ද­කයා විසින් අනු­මිත ප්‍රමි­තීන්ට අනු­වම ශ්‍රී ලංකා­වේදී වාහන එක­ලස් කිරීමේ හැකි­යාව මෙහි පව­තින අතර නවීන තාක්ෂ­ණික යන්ත්‍ර­සූත්‍ර භාවි­ත­යෙන් අංග සම්පූර්ණ වශ­යෙන් වාහන එක­ලස් කළ හැකි ශ්‍රී ලංකාවේ පළමු CKD කර්මා­න්ත­ශා­ලාව ද මෙය වේ.

නවීන තාක්ෂ­ණික පහ­සු­ක­ම්ව­ලින් සම­න්විත වැලි­පැන්න වාහන කර්මා­න්ත­ශා­ලා­වේදී එක­ලස් කොට නිර්මා­ණය කෙරුණු KUV100 NXT ශ්‍රී ලංකාවේ නිෂ්පා­ද­නය කළ මෙම මාදි­ලියේ පළමු මෝටර් රථය වේ.

මෙම කර්මා­න්ත­ශා­ලා­වෙන් වස­ර­කට වාහන 5000ක් නිෂ්පා­ද­නය කිරීමේ හැකි­යාව ඇති අතර, මහින්ද්‍රා අයි­ඩි­යල් ලංකා සමා­ගම විසින් දේශී­යව නිප­ද­වනු ලබන උපාංග වර්ග 4ක් වේ. එනම්, බැටරි, ටයර්, ආසන සහ එක්ස්හෝස්ට් පද්ධ­ති­යයි.

මෙම සියලු උපාං­ග­යන් අන්ත­ර්ජා­තික ප්‍රමි­තීන්ට හා සම්ම­ත­යන්ට අනුව ශ්‍රී ලංකා­වේදී නිප­ද­වනු ලබන අතර අප­න­යන ප්‍රමි­ති­යෙන් යුතු අමු­ද්‍රව්‍ය සප­යන දේශීය සැප­යු­ම්ක­රු­වන් වෙතින් මීට අවශ්‍ය අමු­ද්‍රව්‍ය ලබා ගැනේ.

මෙම වාහන කර්මා­න්ත­ශා­ලාව මඟින් ඉදිරි වසර 2ක කාලය තුළ ඍජු හා වක්‍ර රැකියා 200ක ප්‍රමා­ණ­යක් උත්පාද කිරී­මට අපේ­ක්ෂි­තය.

KUV100NXTK6+ යනු මෙහි පළමු සාර්ථක පිය­වර වන අතර ඉදිරි වසර 3ක කාලය ඇතු­ළත තවත් නිෂ්පා­දන කිහි­ප­යක්ම හඳුන්වා දීමට නිය­මි­තය.

එ‍සේම, KUV100 NXT මීට වසර 3කට පෙර හඳුන්වා දෙනු ලැබූ මෝටර් රථ­යක් වන අතර මේ වන විට ලොව පුරා තෘප්ති­මත් පාරි­භෝ­ගි­ක­යන් ලක්ෂ­ය­කට වඩා භාවිත කරනු ලබන රථ­යකි. යුරෝ­පය, අප්‍රි­කාව, කොරි­යාව, ඔස්ට්‍රේ­ලි­ය‍ාව සහ මධ්‍යම දකුණු ඇම­රි­කාව යන කලා­ප­යන්හි සාර්ථ­කව අත්හදා බලා ඇති මෙය වර්ත­මා­නයේ යුරෝ­පය තුළ ශීඝ්‍ර­යෙන් ප්‍රච­ලිත වෙමින් පව­තින නිෂ්පා­ද­න­යක් ලෙස සැලකේ.

ලීටර් 1.2/1198cc mFALCON පෙට්‍රල් එන්ජිම, උප­රිම බලය: 82bhp @ 5500 rpm සහ උප­රිම භ්‍රම­ණය 115Nm @ 3500-3600 rpm., මෙහි අධි තාක්ෂ­ණික විශේ­ෂාංග වේ.

එසේම, අධිශක්ති වානේ යොදා නිමැවූ ශක්ති­මත් SUV බඳ, 9 වන පර­ම්ප­රාවේ බෝෂ් ABS පද්ධ­තිය සහ EBD, ද්විත්ව එයාර් බෑග්, හදිසි තිරිංග යෙදී­ම­කදී ස්වයං­ක්‍රීය අන­තුරු සංඥා ලාම්පු ක්‍රියා­කා­රි­ත්වය, වේගය අනුව ස්වයං­ක්‍රී­යව ක්‍රියා­ත්මක වන දොර අගුල් පද්ධ­තිය සහ විශා­ල­ත්වය වැඩි කළ හැකි වඩාත් ඉඩ­කඩ සහිත බූට් ස්පේස්, මෙහි ඇති තවත් වි‍ශේෂාංග වේ.

ඇමෙ­රි­කානු ඩොලර් බිලි­යන 20.7ක වත්කම් සහිත සමා­ග­මක් වන මහින්ද්‍රා සමූහ ව්‍යාපා­රය, නවීන තාක්ෂ­ණ­යෙන් යුතු රථ­වා­හන නිෂ්පා­ද­නය හරහා මිනිස් ජීවිත සුව­ප­හසු කර­න්න­ටත්, ග්‍රාමීය ආර්ථි­කය දිරි­මත් කර­න්න­ටත්, නාග­රික ජීවන රටාව ඉහළ නංව­න්න­ටත්, නව ව්‍යාපාර ඇති කර­මින් සමා­ජය බල­ග­න්ව­න්න­ටත් නිර­න්ත­ර­යෙන් ඇප­කැප වූ සමා­ග­මකි. කාර්ය මූලික වාහන නිෂ්පා­ද­නය සඳහා ප්‍රමුඛ නමක් දිනා ඇති මහින්ද්‍රා, තොර­තුරු තාක්ෂණ, මූල්‍ය සේවා ඇතුළු තවත් සේවා­වන් රැස­ක­ගෙන් සම­න්විත ඉන්දි­යානු සමා­ග­මක් වන අතර ප්‍රමා­ණය අතින් ලෝකයේ විශා­ල­තම ට්‍රැක්ටර් සමා­ගම ද වේ.

කෘෂි ව්‍යාපාර, ගුවන්, වෙ‍ෙළඳ වාහන, උපාංග, ආර­ක්ෂක සේවා, භාණ්ඩ ප්‍රවා­හන සේවා, දේපළ වෙළෙ­ඳාම්, පුන­ර්ජ­න­නීය බල­ශක්ති, මෝටර් බෝට්ටු සහ වානේ නිෂ්පා­ද­නය යන ව්‍යාපා­ර­යන් රැස­කට ද මහින්ද්‍රා සමා­ගම හිමි­කම් කියයි. මහින්ද්‍රා ප්‍රධාන කාර්යා­ලය ඉන්දි­යාවේ පිහිටි අතර ලොව පුරා රට­වල් 100කට වැඩි ගණ­නක සේව­ක­යන් 240,000කට අධික පිරි­සක් ද සේවය කරනු ලබයි. KNV100 ප්‍රථම වතා­වට මෙරට නිප­ද­වන්නේ, ‘අපේ රටෙන් පිට­ර­ටට’ යන සාඩ­ම්බර ශ්‍රී ලාංකේය නිපැ­යු­මක් ලෙසිනි.

මෝටර් රථය එකලස්වන අයුරු
නිමවූ වාහනය අධික ජල පීඩනයට ලක් කරමින්

 

 

 

Comments