ඔබ ඉහ­ළට ඔස­වන‍ මැජික් වච­න­ය | සිළුමිණ

ඔබ ඉහ­ළට ඔස­වන‍ මැජික් වච­න­ය

හැම දෙනා­ටම ඔබ කෘත­වේදී වන්න. 

කිසි­වකු ඔබට කෘත­වේදී වේයැයි

 බලා­පො­රොත්තු නොවන්න. 

හැම දෙනා­ටම ඔබ ආද­රය කරන්න. කිසි­ව­කු­ගෙන් ඔබ ආද­රය බලා­පො­රොත්තු නොවන්න. හැම­දෙනා සම­ඟම ඔබ සිනා­වෙන්න. කිසි­ව­කු­ගෙන් ඔබ සිනා­හ­වක් බලා­පො­රොත්තු නොවන්න. 

හැම­දෙ­නා­ටම ඔබ පිහි­ට­වෙන්න.  කිසි­ව­කු­ගෙන් ඔබ පිහි­ටක් බලා­පො­රොත්තු නොවන්න. 

ඔබ හැම­දෙ­නා­ගේම සැප දුක විම­සන්න. කිසි­වකු, ඔබගේ සැප දුක විම­සාවි යැයි බලා­පො­රොත්තු නොවන්න.  

එවිට කිසිදු ආයා­ස­ය­කින් තොරව සියලු දේ ඔබට ලැබෙනු ඇත.  

“Who ever has will be given more and he will have an abundance. Who ever does not have, even what he has will be taken from him.  

ඇති කෙනාට තව තවත් ලැබෙන අතර, ඉන් ඔහු වඩාත් සමෘ­ද්ධි­මත් වේ. නැති කෙනාට කිසි­වක් නොලැ­බෙන අතර, ඔහුගේ තිබෙන දෙයත් විනාශ වේ. ඒක හරිම අසා­ධා­ර­ණය කියන එක ඔබ­ටත් වැට­හේවි. නමුත් ‍මේ කිය­මනේ විසඳාගන්න ප්‍රහේ­ලිකා­ව­කුත් හෙළි­ද­රව් කර­ග­න්නට රහ­ස­කුත් තිය­නවා වගේ ම ඔබ ඒක දැන­ග­ත්තාම, ඔබට අලුත් ලෝක­යක් විවර කරගන්න­ත් ලැබෙ­නවා.   

නමුත් ඔබ දන්න­වද? බොහෝ දෙනාට මඟ හැරුණ මේ අභි­ර­හ­සට පිළි­තුර “කෘත­ඥ­තා­ව” නම් වූ එකම එක වච­නය තුළ ගැබ්වී තිබෙන බව...?  

ඉහත කිය­ම­නට දැන් අපට මෙන්න මෙහෙම ආදේශ කරන්න පුළු­වන්.  “කෘත­ඥ­තා­ව ඇති කෙනාට තව තවත් ලැබෙන අතර ඉන් ඔහු වඩාත් සමෘ­ද්ධි­මත් වේ. කෘත­ඥ­තා­වය නැති කෙනාට කිසි­වක් නොලැ­බෙන අතර, ඔහුට තිබෙන දෙයත් විනාශ වේ.”  

කෘත­ඥ­තා­ව පළ කර­න්න ඔබ කාලය මිඩංගු කරන්නෙ නැති­ නම්, ඔබට කිසි­දාක තව තවත් ලැබෙන එකක් නැහැ. ඒ විත­රක් නෙමේ. ඔබට තියෙන දෙයත් අහිමි වේවි. ඔබ කෘත­වේදී නම් ඔබට තව තවත් ලැබේවි. ඔබ සමෘ­ද්ධි­මත් වේවි.   

ඔබ අද­හන ආගම කුමක් වුවත් ඔබ බැති­මත් වුණත්, නැතත් අනෙ­කාට කෘත­වේදී වීමේ වචන තුළ සැඟවී තිබෙන‍්නෙ විද්‍යා­වේත් විශ්ව­යේත් මූලික නීති­යයි. එය විශ්වීය පොදු සමස්ත නීති­යයි. ඒ නීතිය තුළින් ක්‍රියා­ත්මක වන කෘත­ඥ­තා­වය පිදීමේ අරුත ඔබගේ සමස්ත ජීවි­තය පුරා­ම සිය අණ­සක පතු­ර­ව­මින් ඔබට ජය­ග්‍ර­හණ සහ යහ­පත ගෙනෙන බව ස්ථිරයි.  

දැන් ඔබ මෙන්න මේ විදි­යට හිතන අව­ස්ථා­ව­නුත් තියෙ­නව නෙ. නැත්තෙ නැහැ. එහෙම නේද?  

“මම මගේ රස්සා­වට කැමති නෑ...” “මට ලැබෙන පඩිය මදි...” “මට සල්ලි නෑ...” “මට හරි­යට ම ගැළ­පෙන කෙනා සොයා­ගන්න බැරි­වුණා...” “මට මගේ බිල් ටික ගෙවා­ගන්න බෑ...” “මට හිතෙන්නෙ මට මොකක් හරි අස­නී­ප­යක් වගේ...” “එයා කොයි වෙලා­ව­ක­වත් මගේ හොඳක් දකින්නෙ නෑ...” “මට මගේ දරුවා හරි ප්‍රශ්න­යක්...” “මගේ ජීවිතේ පඹ ගාලක්, ප්‍රශ්න පත්ත­ර­යක්...” “දැන් නං මගේ කසා­දෙත් අන­තුරේ...”  

ඔය වගේ දේවල් ඔබ නිතර ම හිතු­වොත් ඔබ දිගින් දිග­ටම ඔබ වෙතට ආක­ර්ෂ­ණය කර ගන්නෙ ඒ වගේ අසු­බ­වාදී දේව­ල්මයි.  

එහෙම නැතුව තත්ත්වය කොච්චර නරක් වුණත් ඔබ කෘත­වේ­දීව ලද දෙයින් සතුටු වෙලා මෙහෙම හිතු­වොත් (මම මගේ රස්සා­වට කැමැ­තියි. මගේ පවුලෙ අය මට පුළු­වන් විදි­හට උදව් කර­නවා. මේක තමයි මගේ හොඳම වැකේ­ෂන් එක.. අද හරිම ප්‍රබෝ­ධ­වත් දව­සක්.” “මේ සති අන්තය හරිම ප්‍රීති­මත්...” “මගේ දරු­වන් එක්ක මං හරිම සතු­ටෙන් හිටියා...”  

අර අපි මුලින් කීව “ආක­ර්ෂ­ණයේ න්‍යාය­යෙන්” කියන්නෙ, ඔබට ඔබගේ ජීවි­ත­යට තව තවත් වැඩි­පු­රම එවැනි සුබ­වාදී දේවල්ම ලැබෙන බවයි. ඔබගේ කෘත­වේදී බව හරි­යට ම කාන්ද­මක් වගේ.  

කෘත­වේ­දි­ත්වය, 'ස්තුති' කිරීම වැඩි­වෙන්න වැඩි­වෙන්න ඔබට ලැබෙන වර­ප්‍ර­සා­දත් කාන්ද­ම­කින් වගේ ආක­ර්ෂ­ණය වෙලා ඔබ වටා එක් රැස් වෙනවා. ඒක තමයි විශ්ව නීතිය.  

ඔබ උදෑ­සන නැගි­ටින විට, උදා හිරු එළි­යට, ඔබේ ජීවි­ත­යට සහ ඔබට ලබා දී ඇති ශක්ති­යට, ස්තුති කරන්න. ඔබට සපයා ඇති ආහාර වල­ටත්, ජීවත් වීමට ලැබීමේ සතු­ට­ටත් ස්තුති කරන්න. ස්තුති කර­න්නට තරම් කාර­ණා­වක් ඔබට නොදැනේ නම්, එය ඔබ තුළ ඇති ගිනිය නොහැකි අඩු­පා­ඩු­වක්.  ඔබ කෘත­වේදී නොව­නවා කියන්නෙ, ආප­ස්සට ඔබට ලැබෙන දේකුත් නැහැයි කියන එක. ලද දේවල්වලට ඔබ කෘත­වේදි නො‍වීම නිසා, ඔබට ඔබගේ ජීවි­ත­යට යහ­පත් ආදර සබ­ඳතා,උතුරා යන සතුට සහ මුදල් ලැබීමේ නොහොත් ගලා­ඒමේ ප්‍රව­ණතා, මුදල් ආක­ර්ෂ­ණ­ය ­වීමේ පාර­වල් වසා­ගෙන තිබෙ­නවා.   

ඒ විත­රක් නෙමෙයි. ඔබගේ රැකි­යාව දියු­ණුව ව්‍යාපා­රය යන හැම­දේ­ට­මත් අර කෘත‍ෙව්දී බව අම­තක කර අත පසු කර­දැ­මීම නිසා, එක තැන පල්වී­මට ඔබට ඉඩ­කඩ සලසා දෙනවා.   

කෘත­ඥ­තා­වය තුළින් ඔබ මුලින් ම කළ යුතු වන්නේ “ඔබට ස්තුති” (Thank you) කියන මැජික් වචන දෙක භාවිතා කිරී­මට පටන් ගැනී­මයි. කෘත­වේදී බව තුළ ජීවත් වීම­ටත්, එහි ඇති මැජික් බලය ඔබගේ ජීවි­තය තුළ අත්වි­ඳි­න්න­ටත්, අනිත් සියලු වචන අබි­බවා, ඔබ විසින් හිතා­ම­තාම සන්නි­වේ­ද­නය කළ යුතු, විඳිය යුතු, අව­ධා­ර­ණය කළ යුතු වච­නය වන්නේ “ස්තුතියි” යන්නයි. “ස්තුතියි” කියන වච­නය ඔබගේ හැඳු­නු­ම්පත නොහොත් අන­න්‍ය­තා­වය කර­ගත යුතු වෙනවා.  

ඒ මැජික් වච­නය, ඔබ දැන් සිටිනා ඔබගේ ජීවි­ත­යත්, ඔබගේ අනා­ගත සිහින වල තිබෙන ජීවි­ත­යත් යා කරන පාල­මක් වෙනවා.  

“ස්තුතියි” කියන ඉන්ද්‍ර­ජා­ලික බල­ය­කින් යුතු වච­නය වැඩි වැඩි­යෙන් පාවිච්චි කරන තර­මට, ඔබට ම දැනේවි ඔබ වඩ වඩාත් කෘත­වේදී වෙන බව. ඒ කෘත­වේදී බව ගැන ඔබ වඩාත් සිතන විට, හැඟෙන විට සමෘ­ද්ධිය වඩ වඩාත් ඔබ ..කරා ළංවන බව අත්වි­ඳින්න. මෙම කෘත­වේදී බව ප්‍රගුණ කිරීම ඔබගේ දින චර්යා­වට එක් කර ගැනීම කොත­රම් සරල පහසු ක්‍රම­යක් ද කියලා ඔබ සොයාගත්තාට පස්සෙ සහ එහි ගුප්තව තිබෙන පුදුම සහ­ගත සාර්ථක ප්‍රති­ඵල ඔබ අත්වි­ඳි­න්න පටන් ගත්තාට පස්සෙ, ඔබ දැනට මේ පුරුදු වෙලා ඉන්න මලා­නික වියලි ජීවි­ත­යට අනි­වා­ර්ය­යෙන් ම සුබදායක පොද වැස්සක් වැටේවි.  

ඔබ දින­ප­තාම මෙම කෘත­වේ­දය පුරුදු පුහුණු කළොත්, ඔබගේ ජීවි­තය අන­පේ­ක්ෂිත ලෙස, පුදු­මා­කාර ලෙස, විශ්වාස කළ නොහැකි ලෙස ඒ තර­ම­ටම හුඟාක් වෙනස් වේවි. ඒ නිසා අත් විඳින්න.  

ඔබ කෘත­වේ­දය ටිකක් පුහුණු කළොත් ඔබේ ජීවි­තය ටිකක් වෙනස් වේවි. ඔබ දින­ප­තාම එය හුඟක් පුහුණු කළොත්, ඔබගේ ජීවි­තය අන­පේ­ක්ෂිත ලෙස, පුදු­මා­කාර ලෙස, විශ්වාස කළ නොහැකි ලෙස ඒ තර­ම­ටම හුඟක් වෙනස් වේවි.  

ඇමෙ­රි­කාවේ 35 වැනි ජනා­ධි­පති ජෝන් එෆ්. කෙනඩි (1917 - 1963) මෙන්න මෙහෙම ප්‍රකා­ශ­යක් කරලා තිබෙ­නවා. මේ කෘත­ඥ­තා­ව තුළ එවැනි අග්‍ර­ගණ්‍ය පුද්ග­ල­යින්ගේ ඉහ­ළම දියු­ණුව ලියවී තිබුණු බව ඔබ දන්න­වාද?  

“අපි අප‍ගේ කෘත­ඥ­තා ප්‍රකාශ කරන විට අම­තක නොකළ යුතුම දෙයක් ඇත. එනම් ඉතා­මත් ම උසස් අගය කිරීම වන්නේ නිකම්ම නිකන් වචන උච්චා­ර­ණය කිරීම නොව, ඒ වචන කෙරෙහි පූර්ණ විශ්වා­සය තැබී­මයි.”  

අව­සාන අදි­යර සඳහා ආර­ම්භය‍  

1. උදෑ­සන නැගිට්ට වහාම ඔබ කෘත­ඥ­තා­ව දැක්විය යුතු ඔබගේ ජීවි­තයේ සිදු වූ සුබ­දායි දේවල් දහ­යක් (10) ලැයි­ස්තු­ගත කරන්න.  

2. ඒ හැම එක­ටම ඉදි­රි­යෙන්, ඔබ ඒ වෙනු­වෙන් ස්තුති­වන්ත වෙන්නෙ ඇයි කිය­ලත් ලියන්න.  

3. ලැයි­ස්තුවේ මුලට ගිහින් සිතින් හෝ ශබ්ද නගා ඒ ලැයි­ස්තුව කිය­වන්න. හැම කරු­ණක්ම අව­සා­න­යේදී අප සතුව ඇති මැජික් වච­නය ‘ස්තුතියි’ කියා තුන් වරක් හද­වතේ ගැඹු­රුම තැනින්, හෘද­යං­ග­මව ස්තුති කරන්න.  

ඔබට ලැබෙන ප්‍රති­ඵල අත්වි­ඳින්න. හැකි­ නම් ඒවා අපේ ‘රස­ඳුන’ ටත් කියා එවන්න. ඔබට ස්තුතියි.  

Rhonda Byrne  විසින් රචිත The Magic කෘතිය ඇසුරෙන් ෆෙංෂුයි කලෙක්ෂන් විසින් සම්පාදිත "මායාබලය ඉන්ද්‍රජාලය" කෘතිය ඇසුරෙනි.

Comments