ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවි­ධා­යක කාර්යා­ල­යට රන් සම්මා­න­යක් | සිළුමිණ

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවි­ධා­යක කාර්යා­ල­යට රන් සම්මා­න­යක්

පාර්ලි­මේ­න්තුවේ රාජ්‍ය ගිණුම් පිළි­බඳ කාරක සභාව විසින් මූල්‍ය පාලන නීති රීති හා රෙගු­ලා­සි­ව­ලට අනු­ගත වීම සහ කාර්ය සාධ­නය පිළි­බඳ සතු­ටු­දා­යක ප්‍රති­ඵල පෙන්වූ ආය­තන ඇගැ­යීමේ ජාතික සම්මාන ප්‍රදා­නෝ­ත්ස­වය ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ ප්‍රධා­න­ත්‍ව­යෙන් පසු­ගි­යදා පාර්ලි­මේ­න්තු­වේදී පැවැ­ත්විණි. එහිදී රාජ්‍ය ආය­තන 847 අතු­රින් ආය­තන කාණ්ඩ 8 ක් යටතේ වර්ග කර කාර්ය සාධ­නය අතින් වඩාත්ම ප්‍රශස්ත මට්ට­මට ළඟාවූ රාජ්‍ය ආය­තන සඳහා ලබා­දෙන රන් සම්මා­න­යක් පාර්ලි­මේ­න්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන කාර්යා­ල­යට ජනා­ධි­ප­ති­තුමා විසින් පිරි­න­මන ලදී. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවි­ධා­යක ලේකම් නීතිඥ චමින්ද කුල­රත්න මහතා විසින් එම සම්මා­නය ජනා­ධි­ප­ති­තුමා අතින් ලබා­ගත් අව­ස්ථා­වයි මේ.

Comments