ජනතා උද්ඝෝ­ෂ­ණ­ව­ලදී අපි ඔවුන් සමඟයි | සිළුමිණ

ජනතා උද්ඝෝ­ෂ­ණ­ව­ලදී අපි ඔවුන් සමඟයි

ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා සහ පොදු­ජන සන්ධා­නය ඇතුළු නව රජය බිහි වී දින සිය­යක් ඉක්මවා තිබේ. මේ පිළි­බ­ඳව ඔබගේ දැක්ම කෙසේද?

ඉකුත් මාස තුනක කාලය ගත­හොත් මේ ආණ්ඩු­වත් කරපු කිසිම ජනතා සේව­යක් නැහැ. සාමාන්‍ය රජ­යක් බල­යට පත් වුණාම මුල් මාස තුන තුළ­වත් ජන­තා­වට දැනෙන දෙයක් කර­නවා. මේ ආණ්ඩුව අඩුම තරමේ ඒ දේවත් කළේ නැහැ කියන එක පැහැ­දි­ලියි.

තවත් පැත්ත­කින් බැලු­වම රටේ ජන­තා­වට ලබා දී ඇති පොරොන්දු ඉටු නොකර ඊට එරෙ­හිව කට­යුතු කරන තත්ව­යක් තමයි තිබෙන්නේ.

දේශ­පා­ලන කාරණා ගත­හොත් M.C.C. ගිවි­සු­මට මේ කඳ­වුර බර­ප­තළ ලෙස විරෝ­ධය පාමින් රටේ ජන­තා­වද දැනු­ම්වත් කළා. මේ ගිවි­සු­මෙන් රට බෙදෙ­නවා කියලා කිව්වා. රට ජාත්‍ය­න්ත­ර­යට අයිති වෙනවා කිව්වා. රට පාවා දෙනවා කිව්වා. අද ඔවුන් මේ පිළි­බ­ඳව වච­න­ය­ක්වත් කතා කරන්නේ නැහැ. දැන් මේ පිළි­බ­ඳව කියන්නේ අධ්‍ය­ය­නය කර­මින් සිටි­නවා කියලා.

අද ගොවි­යාගේ වී කිලෝව රුපි­යල් 50 අරන් හාල් කිලෝ එක රුපි­යල් සිය­ය­කට වැඩි මුද­ල­කට අලෙවි කර­නවා. සහල් මාෆි­යා­වක් අද­ටත් ක්‍රියා­ත්ම­කයි. රජය අපො­හො­සත් වෙලා තිබෙ­නවා මෙයට එරෙ­හිව ක්‍රියා­ත්මක වෙන්න. රජ­යට පුළු­වන් ජන­තා­වට රුපි­යල් 65-70 විතර හාල් කිලෝ­වක් ලබා දෙන්න එහෙත් ඒක ක්‍රියා­ත්මක වන්නේ නැහැ. රජය ඇයි මෙයට විරු­ද්ධව තම බලය පාවිච්චි කරන්නේ නැත්තේ. ජන­තා­වට රජය එරෙහි වීමක් ලෙසයි මා දකින්නේ.

පොදු­ජන සන්ධා­නය මැති­ව­ර­ණ­යට පෙර ලොකු රැල්ලක් ගෙන ගියා මුස්ලිම් ජන­තා­වට එරෙ­හිව ඔවුන් ජාති­වා­දය වපු­ර­මින් සිංහල ඡන්ද තමන්ගේ සාක්කු­වට දා ගැනී­මක් සිදු කළා. මේ කාලය තුළ වද පෙති ගැන, වද ඇඳුම් ගැන කතා කළා. පාස්කු ප්‍රහා­රය පිළි­බ­ඳව කතා කළා. මේවාට පරී­ක්ෂණ කරලා අදාළ පුද්ග­ල­යින් නීතිය හමු­වට ගේනවා කිව්වා. මේ වන අපට පේනවා ඒව පට්ට­පල් බොරු කියලා ඒවා පාවිච්චි කළේ සිංහල ජන­තාව රව­ට්ටලා ඡන්දය ලබා ගන්න කියන එක අද පැහැ­දි­ලියි.

වංචා දූෂණ ගැන කතා කළා. බැඳු­ම්කර වංචාව ගැන කතා කළා. යහ­පා­ලන ආණ්ඩුවේ දූෂණ ගැන දැඩි විරෝධී රැල්ලක් හැදුවා. එහෙත් අද මේ විරෝ­ධතා කිසි­වක් නැහැ. රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට එරෙ­හිව නොයෙක් චෝදනා නැගුවා. එහෙත් මේ වන විට ඒ රනිල් වික්‍ර­ම­සිං­හට එරෙ­හිව කිසිදු චෝද­නා­වක් නැහැ. නීතිය ක්‍රියා­ත්මක වෙන්නෙත් නැහැ. ඔහු ඉතා හොඳින් දේශ­පා­ල­නය කර­මින් සිටි­නවා. රනිල් වික්‍ර­ම­සිංහ මහතා අග­මැ­තිව සිටින විට මහින්ද රාජ­පක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩා­යම ආරක්ෂා කළා. මේ අය එක දේශ­පා­ලන පැලැ­ල්ති­යක් එකි­නෙකා එකි­නෙ­කාව ආරක්ෂා කර­නවා. මේ බව ජන­තාව දැන ගත යුතුයි.

ඔබ ලොකු චෝද­නා­වක් කරන්නේ වග කීමෙන්ද මේ ප්‍රකා­ශ­නය සිදු කරන්නේ.?

ඔව් මම පක්ෂ­යක නියෝ­ජි­ත­යෙක් ජනතා නියෝ­ජි­ත­යෙක්. මම ඉතා වග කීමෙන් කිය­නවා. ප්‍රධාන පක්ෂ තුන අතරේ සිටින දේශ­පා­ලන නාය­ක­යින් එසේත් නැත්නම් පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් අතර ඩීල් තියෙ­නවා. ඒ අය ප්‍රසි­ද්ධියේ බැණ ගත්තාට ජන­තාව රව­ට්ට­මින් ඔවු­නො­වුන් රැක­ග­න්නවා.

ශිෂ්‍ය උද්ඝෝ­ෂණ පිටු පස ඔබගේ දේශ­පා­ලන පක්ෂය සිටි­නවා කියලා චෝද­නා­වක් තිබෙ­නවා. ඒ චෝද­නාව පිළි­බ­ඳව අද­හස

ශිෂ්‍ය උද්ඝෝ­ෂණ පම­ණක් නොවෙයි කම්කරු, ගොවි මේ ඕනෑම උද්ඝෝ­ෂ­ණ­ය­කට අපි සම්පූර්ණ සහය ලබා දෙනවා. ජනතා ගැටලු තිබෙන අව­ස්ථා­වක පක්ෂ­යක් හැටි­යට අප ජන­තා­වගේ පැත්ත තමයි ගන්න ඕන.

පාලක පක්ෂය ජන­තා­වගේ ගැට­ලු­ව­ලට විස­ඳුම් ලබා නොදෙන අව­ස්ථා­වක ඒ සඳහා විස­ඳු­මක් හැටි­යට තමයි ජන­තාව විරෝ­ධතා, පෙළ­පාළි, උද්ඝෝ­ෂණ පව­ත්ව­මින් තමන්ගේ ගැට­ලු­වට විස­ඳුම් ලබා ගැනී­මට උත්සාහ දරන්නේ. අන්න ඒ අව­ස්ථා­වට අපි සහ­යෝ­ගය ලබා දෙමින් ජන­තාව සමඟ සම්බන්ධ විය යුතු­මයි කියන එක මම පැහැ­දි­ලිව කිය­නවා.

සර­සවි සිසුන්ගේ අර­ගල වලදී අපි පිළි­බ­ඳව වැඩි­පුර කිය­වන්නේ සර­සවි සිසුන් බොහො­ම­යක් සමා­ජ­වාදි පක්ෂ­යත් සමඟ එකතු වීමයි. සර­ස­වි­යෙන් නික්මුණ බොහෝ පිරි­සක් අද අපේ පක්ෂයේ ක්‍රියා­කා­රීන්. ඔවුන් ජනතා හිත­වාදී දේශ­ප්‍රේමී සහෝ­ද­ර­යින්.

පොදු­ජන පෙර­මුණ,එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය, ජනතා විමුක්ති පෙර­මුණ ජන­තා­වත් සමඟ නැහැ. ඔවුන් දේශ­පා­ලන බල අර­ග­ල­යක් වෙනු­වෙන් පම­ණයි කට­යුතු කරන්නේ ඔවුන්ට සර­සවි සිසුන්ගේ, ගොවීන්ගේ, ධීව­ර­යින්ගේ ගැටලු දැනෙන්නේ නැහැ. ඒ නිසා රටේ ජන­තා­වට යහ­පත් ඉටු කිරී­මට අපි හැම­දාම ජන­තාව සමඟ සිටි­නවා කියන එක රජ­යට විප­ක්ෂ­යට පැහැ­දි­ලි­වම කිය­නවා.

පෙර­ටු­ගාමී සමා­ජ­වාදී පක්ෂය මෙවර මහ මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වන­වාද?

අනි­වා­ර්යෙන්ම අප ඉදි­රි­පත් වනවා. ශ්‍රී ලංකවේ සියලු දිස්ත්‍රික්ක සඳහා මහ මැති­ව­ර­ණ­යට අපගේ නියෝ­ජි­ත­යන් ඉදි­රි­පත් කිරී­මට මේ වන විටත් අප සැල­සුම් කර අව­සන්. රටේ ජන­තා­වට වැඩක් කළ හැකි රටේ ජන­තා­වගේ ප්‍රශ්න සමඟ ජීවත් විය හැකි එකම දේශ­පා­ලන පක්ෂය අ‍පගේ පක්ෂය කියන එක අපි ජන­තා­වට අව­ධා­ර­ණය කර­න්නට කැමැ­තියි.

මේ රටේ ජන­තාව ඉකුත් සියලු රජ­යන් විසින් රවටා ඔවුන්ට අවශ්‍ය පහ­සු­කම් ලබා දුන්නේ නැහැ. මේ නිසා ජන­තාව මෙය තේරුම් ගත යුතුයි. දිගින් දිග­ටම ප‍්‍රධාන පක්ෂ සිදු කරන්නේ මෙම ක්‍රියා­ව­ලි­යයි. ඒ නිසා අපි ජන­තා­වට අව­ධා­ර­ණය කර­නවා අලුත් ගම­නක් යන්න අප සමඟ එක්වන්න කියලා.

 

Comments