එජාප පිපිරිල්ලට සුළු පක්ෂවලින් මුක්කුවක් | සිළුමිණ

එජාප පිපිරිල්ලට සුළු පක්ෂවලින් මුක්කුවක්

දක්ෂිණ අධි­වේගී මාර්ගයේ මාතර සිට හම්බ­න්තොට දක්වා දිගුව ජනතා අයි­ති­යට පත් කෙරුණේ පසු­ගිය 23 වැනි ඉරි­දායි. මාතර ගොඩ­ගම පාල­ටුව අධි­වේගී මාර්ග පිවි­සු­මට පැමිණි ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා සහ අග්‍රා­මාත්‍ය මහින්ද රාජ­පක්ෂ මහතා අධ­වේගී මාර්ගය විවෘත කිරී­මට අදාළ සමරු ඵල­කය විවෘත කළේ මහා සංඝ­ර­ත්නයේ සෙත් පිරිත් දේශනා මධ්‍ය­යේය.

ජනා­ධි­ප­තිගේ රියැ­දුරු නාමල්

මාර්ගය විවෘත කිරී­මෙන් පසුව ජනා­ධි­ප­ති­ව­රයා සහ අග්‍රා­මා­ත්‍ය­ව­රයා බර­වා­කු­ඹුක අධි­වේගී පිවි­සුම අස­ලට පැමි­ණියේ එහි පැවැ­ත්වී­මට නිය­මි­තව තිබුණු රැලි­යට සහ­භාගි වීම­ටයි. ජනා­ධි­ප­ති­ව­රයා පළමු ප්‍රවේශ පත්‍රය ලබා­ගැ­නී­මත් අග්‍රා­මා­ත්‍ය­ව­රයා මාර්ග­යට පිවි­සීමේ දෙවන ප්‍රවේශ පත්‍රය ලබා­ගැ­නී­මත් සිදු විණි. ජනා­ධි­ප­ති­ව­රයා ගමන් ගත් වාහ­නයේ රියැ­දුරු අසුනේ සිටියේ පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහ­තායි. එම වාහ­නයේ ඩලස් අල­හ­ප්පෙ­රුම ඇමැ­ති­ව­ර­යාද ගමන් ගත්තේය. අග­මැ­ති­ව­රයා ගමන් ගත් වාහ­නයේ රිය­දුරු අසුනේ සිටියේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැ­ති­ව­ර­යායි. ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමැ­ති­ව­ර­යාද එම වාහ­න­යේම බර­ව­කු­ඹුක දක්වා පැමි­ණි­යේය.

ජනා­ධි­ප­ති­ව­රයා සහ අග­මැ­ති­ව­රයා ආද­ර්ශ­යට ගනි­මින් පැමිණ සිටි ආරා­ධි­ත­යන් ද ප්‍රවේ­ශ­පත් ලබා­ග­නි­මින් අධි­වේ­ගය ඔස්සේ බර­ව­කු­ඹුක දක්වා පැමි­ණි­යේය. අධි­වේගී මාර්ගය විවෘත කිරීමේ අව­ස්ථාව රූප­වා­හි­නිය ඔස්සේ විකා­ශය වීම නිසා ජනා­ධි­ප­ති­ව­රයා සහ අග­මැ­ති­ව­රයා අධි­වේගී මාර්ගයේ පැමි­ණෙන බව මඟ දෙපස ජන­තාව දැන­ගෙන සිටි­යහ. මේ සමඟ ජන­තාව මාර්ගය දෙප­සට රොක් වන්නට වූහ. සම­හ­රෙකු පැමිණ සිටියේ උඩු­ක­යට ඇඳු­මක් හෝ නැතිව නිවසේ සිටි ඇඳු­මි­න්මය.

මඟ දෙපස රැස්ව ජනා­ධි­ප­ති­ව­ර­යාට ආචාර කරන ජන­තාව දුටු ජනා­ධි­ප­ති­ව­රයා “නාමල් ස්ලෝ යමු” යැයි කීවේය. නාමල් රාජ­පක්ෂ මන්ත්‍රී­ව­රයා ද වාහ­නයේ වේගය අඩු කර­මින් ජන­තා­වගේ ආචා­රය පිළි­ගැ­නීම සඳහා ජනා­ධි­ප­ති­ව­ර­යාට අව­ස්ථාව සලසා දුන්නේය. ජනා­ධි­ප­ති­ව­ර­යාගේ වාහ­න­යට පිටු­ප­සින් පැමිණි අග­මැ­ති­ව­ර­යාගේ වාහ­න­යේද එවැ­නිම දෙබ­සක් ඇසිණි.

“ජොන්ස්ටන් හෙමින් යමු” ජනා­ධි­ප­ති­ව­රයා සහ අග­මැ­ති­ව­රයා දැක ගන්නට කුඩා දරු­වන් විශාල වශ­යෙන් මඟ දෙපස රැස්ව සිටින ආකා­රය දුටු අග්‍රා­මා­ත්‍ය­ව­රයා පැව­සීය.

“සර් අධි­වේ­ගය විවෘත කරන වැඩ­ස­ට­හන සජීවි විකා­ශය වෙන­වානේ. සර්ලා මේ පාරේ යන බව සෙනඟ දන්නවා. ඒ නිසයි පාරට දුව­ගෙන එන්නේ ” ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමැ­ති­ව­රයා සඳ­හන් කළේය. මේ අත­ර­තුර අප­රැක්ක, කසා­ගල, අගු­ණ­කො­ළ­පැ­ලැස්ස අධි­වේගී හුව­මා­රු­ව­ලට පැමිණ සිටි ජන­තාව දුටු ජනා­ධි­ප­ති­ව­ර­යාත් අග­මැ­ති­ව­ර­යාත් වාහ­න­ව­ලින් බැස ජන­තාව සමඟ සුහ­දව සාකච්ඡා කළේය. සම­හර ස්ථාන­ව­ලට භික්ෂූන් වහන්සේ වැඩම කර සිටි අතර ජනා­ධි­ප­ති­ව­ර­යා­ටත් අග­මැ­ති­ව­ර­යාට පිරිත් නූල් ගැට ගස­මින් ආශි­ර්වාද කළහ.

අධි­වේ­ගයේ ටිකට් එකට ජන­පති සල්ලි ගෙවයි

බර­ව­කු­ඹුක අධි­වේගී මාර්ග­යෙන් පිට වන ජනා­ධි­ප­ති­ව­රයා අධි­වේ­ගයේ පැමි­ණී­මට අදාළ මුදල් ගෙවී­මට සූදා­නම්ව සිටි­යේය. නාමල් රාජ­පක්ෂ මන්ත්‍රී­ව­රයා නිය­මිත ස්ථානයේ වාහ­නය නතර කළේය. එහි රාජ­කා­රියේ නිර­තව සිටි නිල­ධා­රියා අධි­වේ­ගයේ පැමි­ණී­මට අදාළ බිල්පත ජනා­ධි­ප­ති­ව­ර­යාට දෙමින් “සර් මෙන්න ටිකට් එක” කීවේය. “ආ මෙන්න සල්ලි” ජනා­ධි­ප­ති­ව­ර­යාද පෙරළා මුදල් ගෙවී­මට සූදා­නම් විය.

“අනේ සර්. මේක චාරි­ත්‍ර­යක් විදි­යට විත­රයි කරන්නේ. සර් ටිකට් එක ගන්න. අපි කොහො­මද සර්ගෙන් සල්ලි ගන්නේ” යැයි පෙරළා නිල­ධා­රියා ජනා­ධි­ප­ති­ව­ර­යාට පැව­සිය.

“ඔන්න ඔතැ­නයි අපේ රටට වැර­දුණේ. මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ. මමත් මේ රටේ සාමාන්‍ය පුර­වැ­සි­යෙක්. රටක් විදි­යට ඉස්ස­ර­හට යන්න නම් ඔයා ඔයාගේ වැඩේ හරි­යට කරන්න. අපි අපේ වැඩේ හරි­යට කර­න්නම්. එහෙම නේද?” යැයි කී ජනා­ධි­ප­ති­ව­රයා බිල්ප­තට අදාළ මුදල් ගෙවා අධි­වේ­ග­යෙන් පිට විය.

අධි­වේගී මාර්ගය විවෘත කිරී­මෙන් පසුව ප්‍රධාන රැලිය සංවි­ධා­නය කර තිබුණේ බර­වා­කු­ඹුක අධි­වේගී පිවි­සුම ආස­න්න­යේයි. ජනා­ධි­ප­ති­ව­රයා සහ අග­මැ­ති­ව­ර­යාගේ පැමි­ණී­මෙන් පසුව උත්ස­වය ආරම්භ විය. හම්බ­න්තොට දිස්ත්‍රි­ක්කය නියෝ­ජ­නය කරන චමල් රාජ­පක්ෂ ඇමැ­ති­ව­ර­යාට ද එහිදී කතා­වක් පැවැ­ත්වී­මට නිය­මි­තව තිබිණි. පූජ්‍ය පක්ෂ­යෙන් අව­සර ගත් ඇමැ­ති­ව­රයා “අති­ගරු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මැති­තු­මනි” යැයි කීවේය.

තමන්ට වැර­දුණු බව පසක් වීමත් සමඟ ඇමැ­ති­ව­රයා සිනා­පිරි මුවින්ම “අවු­රුදු ගානක් ජනා­ධි­ප­ති­ව­රයා හැටි­යට කියලා දැන් ඒක­මයි.....” යැයි කිය­මින් නැව­තත් ඇමැ­ති­ව­රයා සිනා­සුණේ ජනා­ධි­ප­ති­ව­රයා, අග­මැ­ති­ව­රයා ඇතුළු සභාවේ සිටි අයද සම­ඟය. බර­වා­කු­ඹු­කට විශාල ජන­තා­වක් එක්ව සිටි අතර පැය දෙක­කට වැඩි කාල­යක් රැලිය පැවැ­ත්වුණු අතර ඒ අව­ස්ථා­වට විශාල ජන­තා­වක් සහ­භාගි වී සිටි­යහ.

පසු­ගිය 27 වැනි බ්‍රහ­ස්ප­තින්දා පෙර­වරු 9.23ට යෙදුණු සුබ මොහො­තින් නෙලුම් මාවතේ පිහිටි පොදු­ජන පෙර­මුණ කාර්යා­ලයේ මාධ්‍ය කාර්යා­ලය විවෘත කෙරිණි. ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජාතික සංවි­ධා­යක හිටපු අමාත්‍ය බැසිල් රාජ­පක්ෂ, ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ සභා­පති ජී.ඇල් පීරිස්, තොර­තුරු හා සන්නි­වේ­දන රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේ­ව­ර්ධන යන මහ­ත්ව­රුන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් විවෘත කිරීම සිදු විණි. පොදු­ජන පෙර­මුණේ මාධ්‍ය මධ්‍ය­ස්ථා­නයේ ක්‍රියා­කා­රීන් වන අග්‍රා­මාත්‍ය මාධ්‍ය ලේකම් විජයා­නන්ද හේරත්, තිලක් තේනු­වර, ස්වාධීන රූප­වා­හිනී සේවයේ ප්‍රධාන විධා­යක නිල­ධාරී නලීන් කුමාර නිශ්ශංක ඇතුළු පොදු­ජන පෙර­මුණේ මාධ්‍ය අංශයේ පිරි­සක් එම නව මාධ්‍ය අංශය පිහි­ටු­වී­මට පෙර­මුණ ගෙන කට­යුතු කර තිබුණේ පොදු­ජන පෙර­මුණේ ජාතික සංවි­ධා­යක බැසිල් රාජ­පක්ෂ මහ­තාගේ උප­දෙස් පරි­දිය.

මාධ්‍ය කාර්යා­ලය විවෘත කිරී­මෙන් අන­තු­රුව පැවති තේ පැන් සංග්‍ර­හ­යේදී විවිධ දේශ­පා­ලන මාතෘකා දිග හැරිණි . එහි සිටි පක්ෂයේ ප්‍රධා­නි­යෙකු කීවේ “බැඳු­ම්කර මග­ඩි­යට අදට අවු­රුදු 5ක් පිරෙ­නවා කියාය.“ බැඳු­ම්කර මග­ඩිය ගැන සියලු දෙනා­ටම මතක් වුයේ ඉන් පසු­වය. “තවම අපට අර්ජුන් මහේ­න්ද්‍රන් ලංකා­වට ගෙන්වා ගන්න බැරි වුණා“ රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේ­ව­ර්ධන කීය.

“මහ බැංකු අධි­පති අර්ජුන් මහේ­න්ද්‍රන් මහ බැංකු අධි­ප­ති­ක­මෙන් ඉවත් කළා වගේම මිනිහා ලංකා­වට ගෙන්වා ගන්නත් පුළු­වන් ලක්ෂ්මන්ට තමයි “ හිටපු ඇමැති බැසිල් සිනා­සෙ­මින් කියා සිටි­යේය.

ඒ සම­ඟම හිටපු ඇමැති බැසිල්, රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේ­ව­ර්ධ­නට කීවේ “ලක්ෂ්මන් ඔයාලා අර්ජුන් මහේ­න්ද්‍රන්ව මහ බැංකු අධි­ප­ති­ක­මෙන් අයින් කරපු හැටිත් කියන්න “කියාය.

රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් රහ­සක් හෙළි කරයි

“මේකයි වුණේ ජනා­ධි­පති සිරි­සේන මහ­ත්ත­යට කීප­ව­රක්ම ඕනෑ වුණා අර්ජුන් මහේ­න්ද්‍රන් අයින් කරන්න. ඒකට අග­මැති රනිල් ඉඩ දුන්නේ නැහැ. 19 වැනි සංශෝ­ධ­නයේ හැටි­යට අග­මැති විරුද්ධ නම් මහ බැංකු අධි­පති අයින් කර­න්නත් බෑ. අයින් කරන්න ගිහිල්ලා එයාලා විරුද්ධ වුණොත් ආණ්ඩුව ඉදි­රි­යට ගෙන යන්න බැහැ. කොහොම හරි අපට ඕන දවස ආවා. මම වැඩ බලන මුදල් ඇමති. අග­මැ­තිත් රටේ නෑ. ඔප­රේ­ෂන් එක පටන් ගත්තේ අනුර යාපාගේ ගෙදර. මමත් බ්ලෑන්ක් ලෙට­ර්හෙඩ් දෙකක් ෆයිල් එකක දාගෙන ගියා. අර්ජුන් මහේ­න්ද්‍රන් අයින් කරන විදිහ අපි කතා කරලා ජනා­ධි­ප­ති­තු­මාට කිව්වා.

ජනා­ධි­ප­ති­තුමා කිව්වා කෝක­ටත් නීති උප­දෙස් ගන්න කියලා. එත­කොට රෑ 12ට විතර ඇති. මෛත්‍රී­පාල ජනා­ධි­ප­ති­තුමා රෑ 10.00ට නිදා ගන්නවා කිව්වට රෑ 12.00ටත් ඇහැ­ර­ගෙන හිටියේ. නීති උප­දෙස් ගන්න ගියේ ෆයි­සර් මුස්තාපා ළඟට. එයාට රිං කළාට ආන්සර් කළේ නැහැ. මමයි, අනුර යාපයි, ෆයි­ස­රුයි රෝයල් පාර්ක් එකේ ගෙද­රට ගියා. රෑ 12.30ට විතර ඇති. ෆයි­සර් ඇහැ­රෙව්වා. එයත් බය වුණා. මේ මොකද කියලා අපෙන් ඇහුවා. ඒ වෙලාවේ එයා නීති පොත් බලලා කිව්වා ලක්ෂ්මන් ඔයා වැඩ බලන ඇමති විදි­හට ඔයාට පුළු­වන් අයින් කරන්න. ඒකට නීතිය පැත්තෙන් ප්‍රති­පා­දන තියෙ­නවා. “කියලා.

“අපි ඒ වෙලාවේ ජනා­ධි­ප­ති­තු­මාට ඒ බව දැන්වුවා. ජනා­ධි­ප­ති­තු­මාට කිව්වා ලියු­මක් හදා­ගෙන 7.30ට එන්න කාට­වත් මේ ගැන කියන්න එපා කියලා.

අපි ආපහු අනුර යාපගේ ගෙද­රට ගියා. අනු­රගේ දුවට කියලා ලිපිය ටයිප් කරලා ප්‍රින්ට්අ­වුට් එකක් ගත්තා.‍ උදේ 7.00 වෙද්දී ජනා­ධි­ප­ති­තු­මාගේ පැජට් පාරේ ගෙද­රට ගියා . අර්ජුන් ඉවත් කිරීමේ ලිපිය ජනා­ධි­ප­ති­තු­මාට දුන්නා. ඒ වෙන කොට ආචාර්ය ඉන්ද්‍ර­ජිත් කුමා­ර­ස්වාමී නව මහ බැංකු අධි­පති ලෙස පත් කරන්න ඕනෑ කියලා ජනා­ධි­ප­ති­තුමා තීර­ණය කරලා ඉව­රයි. උදේ 8.30 වෙන කොට ආචාර්ය ඉන්ද්‍ර­ජිත් කුමා­ර­ස්වා­මිට එන්න කියලා පත් වීම දුන්නා. “ ඇමැති ලක්ෂ්මන් යාපා අර්ජුන් මහේ­න්ද්‍රන් මහ බැංකු අධි­ප­ති­ක­මෙන් එළ­වීමේ කතාව නිම කළේය.

“එහෙම කළේ නැත්නම් ඒ අවු­රුදු ගණ­නා­වම මහ­බැංකු අධි­පති අයින් කර ගන්න බැරි වෙනවා“ හිටපු ඇමැති බැසිල් රාජ­පක්ෂ කීවේය. “එහෙ­නම් මහ­බැං­කු­වත් නෑ. රටත් නෑ“ එහි සිටි මාධ්‍ය ප්‍රධා­නි­යෙක් කීවේය.

“කොහො­මත් දකුණේ අය ඔය වගේ වැඩ­ව­ලට දක්ෂ­යිනේ දකුණු පළාතේ මාධ්‍ය අංශ ප්‍රධා­නි­යෙක් කීවේය. “ දැන් ඒක කිව්වේ මටද, ලක්ෂ්ම­න්ටද ?“ හිටපු ඇමැති බැසිල් විමසා සිටියේ සින­හ­වෙ­මිනි. “නෑ නෑ, මමත් දකුණු පළාතේ කෙනෙක්නේ ඒකයි එහෙම ඇහුවේ“ හිටපු ඇමැති බැසිල් එසේ කියන විට සියලු දෙනා­ටම සිනාව පාල­නය කර­ගැ­නී­මට නොහැකි විය.

“සර් ලක්ෂ්මන් ඇම­ති­තුමා මේ ඡන්දෙ­දීත් ඔය වගේම ඔප­රේ­ෂන් එකක් කර­නවා. මේ වන කොටත් එතු­මාගේ දිස්ත්‍රි­ක්කයේ වැඩ­පි­ළි­වෙ­ළක් යනවා. මෙහෙම ගියොත් මාතර ලක්ෂ්මන් වැඩිම මනාප ප්‍රති­ශ­තය ගන්නවා කියලා තමයි ආරං­චිය තියෙන්නේ “ යැයි පක්ෂයේ ක්‍රියා­කා­රි­ක­යෙක් කීය.

“මැති­ව­ර­ණයේ සංවි­ධාන කට­යුතු හා ජන­තාව වෙත යෑමේ වැඩ­පි­ළි­වෙළෙදී ලක්ෂ්මන් ගොඩක් ඉදි­රි­යෙන් ඉන්නවා කියලා ආරං­චියි. හැමෝම මේ විදි­යට මහන්සි වෙන්න. ඔය­ගොල්ල එහෙ­නම් ප්‍රෙස් එක කර­ගෙන යන්න. මම යනවා“ කිය­මින් හිටපු ඇමැති බැසිල් රාජ­පක්ෂ නික්ම ගියේය. ඉන් අන­තු­රුව ඇමැති ලක්ෂ්මන් යාපා, ඇමැති රෝහිත අබේ­ගු­ණ­ව­ර්ධන සහ පොදු­ජන පෙර­මුණේ සභා­පති ජී.එල් පීරිස්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් නව මාධ්‍ය අංශ කාර්යා­ල­යේදී මංගල ප්‍රවෘත්ති සාක­ච්ඡාව පැවැ­ත්විණි.

බැසිල් විධා­යක සභා­වට ෆයිල් මිටි­යක් අරන් එයි 

 

ශ්‍රී ලංකා පොදු­ජන නිද­හස් සන්ධා­නයේ පළමු විධා­යක සභා රැස්වීම පසු­ගි­යදා අර­ලිය ගහ මන්දි­ර­යේදී පැවැ­ත්විණි. සන්ධා­නයේ මහ ලේකම් බැසිල් රාජ­පක්ෂ මහතා වෙනදා මෙන්ම ෆයිල් මිටි­යක්ද රැගෙන පැමිණ සිටියේ ඕනෑම අව­ස්ථා­ව­කට පිළි­තුරු දීමේ පෙර සූදා­න­ම­කිනි.

පොහොට්ටු සන්ධා­න­යට ප්‍රධාන පක්ෂ 14ක්

විධා­යක සභා රැස්වී­මට ජනා­ධි­ප­ති­ව­රුන් තිදෙ­නෙකු සහ­භාගි වීම විශේ­ෂ­ත්ව­යකි. නැඟි සිටි බැසිල් රාජ­පක්ෂ මහතා “පස්වැනි හය­වැනි විධා­යක ජනා­ධි­ප­ති­ව­රු­න්ගෙන් සහ වත්මන් හත්වැනි විධා­යක ජනා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් අව­ස­රයි” යනු­වෙන් පව­ස­මින් සිය කතාව ඇර­ඹීය. පස්වැනි විධා­යක ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා, හය­වැනි විධා­යක ජනා­ධි­පති මෛත්‍රි­පාල සිරි­සේන මහතා, හත්වැනි විධා­යක ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා එම අව­ස්ථා­වට සහ­භාගි වී සිටි අතර බැසිල් රාජ­පක්ෂ මහ­තාගේ අව­සර ගැනී­මත් සමඟ සභාවේ සිටි අයෙක් “මේක නම් ඓති­හා­සික අව­ස්ථා­වක්” යැයි සඳ­හන් කළේය.

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ, ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය, මහ­ජන එක්සත් පෙර­මුණ, සම­ස­මාජ පක්ෂය, කොමි­යු­නිස්ට් පක්ෂය, මහ­ජන පක්ෂය, ජාතික නිද­හස් පෙර­මුණ, ප්‍රජා­තා­න්ත්‍රික වාමාං­ශික පෙර­මුණ, දේශ­වි­මුක්ති ජනතා පක්ෂය යන පක්ෂ නියෝ­ජි­තයෝ එම අව­ස්ථා­වට සහ­භාගි වූහ. “මේ සන්ධා­නයේ සිටින්නේ ලියා­ප­දිංචි දේශ­පා­ලන පක්ෂ නව­යක් විත­රයි. පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී පොදු­ජන පෙර­මුණ සමඟ සන්ධා­න­ගත වූ අනෙ­කුත් දේශ­පා­ලන පක්ෂ­වල ලියා­ප­දිං­චිය සම්පුර්ණ වුණාම ඒ පක්ෂත් අපි මේ නව සන්ධා­න­යට ඇතුළු කර­ග­න්නවා” යැයි සභාව අම­ත­මින් බැසිල් රාජ­පක්ෂ මහතා සඳ­හන් කළේය.

“අද එක්සත් ජාතික පක්ෂය තුළ තිබෙන අර්බුද අපේ පක්ෂය ඇතු­ළට එන්න ඉඩ තියන්න පුළු­වන් කමක් නැහැ. එහෙම එන්න ඉඩ තියන්න දෙන්නෙත් නැහැ. අපි අමා­රු­වෙන් හදා­ගත්ත ආණ්ඩු­වක් මේ තියෙන්නේ. පාර්ලි­මේන්තු බලය අපිට ලබා­ගන්න අව­ශ්‍යයි.” අග්‍රා­මා­ත්‍ය­ව­ර­යාද මෙහිදි අද­හස් දක්ව­මින් පැව­සීය. ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය ඉදි­රි­යට ගෙනි­යන්න නම් පාර්ලි­මේ­න්තුවේ වැඩි බල­යක් ලබා­ගැ­නීමේ අව­ශ්‍ය­තා­වක් මතුව තිබෙන බවත් ඒ සඳහා නව සන්ධා­නය ශක්ති­මත්ව ඉදි­රි­යට ගෙන යෑමට සියලු දෙනාගේ සහාය අවශ්‍ය කරන බවත් පැමිණ සිටි සියලු දෙනා අම­ත­මින් අග­මැ­ති­ව­රයා සඳ­හන් කළේය.

“නව සන්ධා­නයේ දැනට පක්ෂ 09ක් ලියා­ප­දිං­චියි. තවත් පක්ෂ 05කින් සන්ධා­න­යට ඇතුළු කර­ගන්න කියලා ඉල්ලීම් ඉදි­රි­පත් වෙලා තියෙ­නවා” බැසිල් රාජ­පක්ෂ මහතා නැව­තත් සඳ­හන් කළේය. සන්ධා­න­යට ඇතුළු කර­ගන්නා ලෙස ප්‍රසන්න රණ­තුංග ඇමැ­ති­ව­රයා ඉල්ලීම් ඉදි­රි­පත් කර ඇති දේශ­පා­ලන පක්ෂ සන්ධා­න­යට එක් කර­ගැ­නීම සම්බ­න්ධ­යෙන් වූ යෝජ­නාව ඉදි­රි­පත් කළ අතර තිලංග සුම­ති­පාල ඇමැ­ති­ව­රයා යෝජ­නාව ස්ථීර කළේය.

ඒ අනුව ඊලාම් ජනතා ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පක්ෂය, ලංකා කම්කරු කොංග්‍ර­සය, ජාතික කොංග්‍ර­සය, දමිළ මහ­ජන විමුක්ති සංවි­ධා­නය, එක්සත් මහ­ජන පක්ෂය යන පක්ෂ ශ්‍රී ලංකා නිද­හස් පොදු­ජන සන්ධා­න­යට ඇතුළු කර­ගැ­නීම සඳහා විධා­යක සභාවේ අනු­මැ­තිය හිමි විය. ඒ සමඟ නව සන්ධා­න­යට දේශ­පා­ලන පක්ෂ 14ක් ඇතු­ළත් වේ.

සන්ධා­නයේ නියෝජ්‍ය සභා­ප­ති­ව­ර­යෙකු ලෙස දිනේෂ් ගුණ­ව­ර්ධන මහ­තාගේ නමත්, ජාතික සංවි­ධා­යක ධුරය සඳහා විමල් වීර­වංශ මහ­තාත්, උප උප­ස­භා­ප­ති­ව­රුන් ලෙස වාසු­දේව නානා­ය­ක්කාර, තිස්ස විතා­රණ, ඩිව් ගුණ­සේ­කර යන මහ­ත්ව­රුන්ද, උප ලේක­ම්ව­රුන් ලෙස අසංක නව­රත්න, ඩී කලං­සූ­රිය යන මහ­ත්ව­රුන් ද පත් කිරීම සඳහා විධා­යක සභාව තීර­ණය කළේය.

සංචා­රක ව්‍යාපා­රි­ක­යන්ට ප්‍රස­න්න­ගෙන් විසැ­ඳුම් 

 

ප්‍රසන්න පසු­ගිය බදාදා බේරු­වල ගියේ පියල්ගේ ඉල්ලී­මක් අනු­වය. පියල් ප්‍රස­න්නට එන්න කියා තිබුණේ බේරු­වල සංචා­රක ව්‍යාපා­රයේ ගැටලු සම්බ­න්ධ­යෙන් සාකච්ඡා කිරී­ම­ටය. ඒ අනුව ප්‍රසන්න එදින උදේ වරුව බේරු­වල ප්‍රදේ­ශයේ සංචා­රක ව්‍යාපා­රයේ නියැ­ළෙ­න්නන් සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ ගැට­ලු­ව­ලට විසැ­ඳුම් දුන්නේය. පහු­ගිය ආණ්ඩුව සිටි සංචා­රක ඇමැ­ති­ව­රුන් සම්බ­න්ධ­යෙන් එහිදී කතා­බ­හක් ඇති විණි.

“පහු­ගිය ආණ්ඩු­ව­ලත් සංචා­රක ඇමැ­ති­ව­රුන් හිටියා. ඒ අයට සංචා­රක කර්මා­න්තය ප්‍රව­ර්ධ­නය කර­න­වාට වඩා තිබුණේ වෙන වැඩ. වෙන වෙන දේවල් තමයි ඒ අය ප්‍රව­ර්ධ­නය කළේ“ පියල් කීවේ පසු­ගිය කාලයේ හිටපු සංචා­රක ඇමැ­ති­ව­රයා ගැනය.

“ඒක නම් ඇත්ත. පාස්කු ප්‍රහා­රය හින්දා සංචා­රක කර්මා­න්තය බින්දු­ව­ටම වැටු­ණත් ඒ ඇමැ­තිට ගාන­ක්වත් තිබ්බේ නැහැ. හැම තිස්සෙම මොකක් හරි විහිළු කතා­වක් කිය කියා හිටියා ඇර වෙන කිසිම දෙයක් එයා කළේ නැහැ“ ප්‍රසන්න පැව­සීය.

“ඒක නෙමේ ඇමැ­ති­තුමා මම අහ­න්න­මයි හිටියේ පහු­ගිය දව­සක අලුත් සභා­ප­ති­තු­මාත් හමු වුණාලු නේද? පියල් ඇසුවේ පසු­ගිය දා පැවැති ශ්‍රි ලංකා පොදු­ජන නිද­හස් සන්ධා­නයේ විධා­යක සභා රැස්වීම ගැනය.

“මෙහෙ­මයි, මහින්ද මහ­ත්ත­යලා තීන්දු­වක් අර­ගෙන තියෙ­නවා එතු­මාට සභා­පති ධුරය දෙන්න. මගේ ස්ථාව­රයේ කිසිම වෙන­සක් නැහැ. මාවත් විධා­යක සභා­වට දාලා තියෙන නිසා යන්නම වෙන­වනේ“ ප්‍රසන්න පැව­සීය.

“ඒ කතාව නම් හරි. ඒත් තිබ්බ විරෝ­ධයේ හැටි­යට මම කල්පනා කළේ කොහො­මද ඔබ­තුමා එතු­මත් එක්ක එකට වැඩ කරන්නේ කිය­ලයි“ පියල් කීවේය.

“මම කිව්වනේ විරෝ­ධයේ අඩු­වක් නැහැ. මම වැඩ කරන්නේ මහින්ද මහ­ත්තයා එක්ක. මුලින් මම හිතුවා විධා­යක සභා­වට නොගි­හින් ඉන්න. පස්සේ මට හිතුණා යන්න ඕනෑ කියලා. මොකද මේ වෙලාවේ තමයි පෙරේ­තයෝ, කුම්භා­ණ්ඩයෝ පොහො­ට්ටු­වට කිට්ටු කරන වේලාව. මම හිටි­යොත් තමයි ඔය පෙරේ­ත­ය­න්ගෙන්, කුම්භා­ණ්ඩ­ය­න්ගෙන් පක්ෂය බේරා­ගන්න පුළු­වන් වෙන්නේ“ ප්‍රසන්න පැව­සීය.

මෛත්‍රීගේ උපන් ගමට මහින්ද ඇවිත්

හිටපු ජන­පති මෛත්‍රීපා­ලගේ උපන් ගම වන ගම්පහ පහළ යාගොඩ ප්‍රදේ­ශයේ ඉදි කරන ලද වෘත්තීය පුහුණු මධ්‍ය­ස්ථා­න­යක් පසු­ගිය බ්‍රහ­ස්ප­තින්දා අග­මැති මහි­න්දගේ ප්‍රධා­න­ත්ව­යෙන් විවෘත කෙරිණි. එම මධ්‍ය­ස්ථා­න­යට මුල්ගල් තබා තිබුණේ මෛත්‍රීය. ඒ ඔහු ජන­පති ධුරය දැරූ සම­යේය. එබැ­වින් මධ්‍ය­ස්ථා­නය විවෘත කිරීමේ අව­ස්ථා­වට ඔහුට ද ආරා­ධනා ලැබී තිබිණි.

විවෘත කිරීමේ අව­ස්ථා­වට ප්‍රසන්න කල්තියා පැමිණ සිටි­යත් මෛත්‍රී පැමිණ සිටියේ නැත. මෛත්‍රී මහින්ද එන තුරු අත­ර­ම­ඟට වී බලා සිටි­යේය. වේලා­ස­නම උත්සව භූමි­යට ආ ප්‍රසන්න එතැන සිටි සිසිර ජය­කොඩි, සුද­ර්ශනී, සහන් ඇතුළු පිරි­සක් සමඟ සාකච්ඡා කර­මින් සිටි­යේය. මේ අතර අග­මැති මහින්ද එම ස්ථාන­යට ආවේය. හිටපු ජන­පති මෛත්‍රී උත්සව සභා­වට ආවේද අග­මැති මහින්ද එන විටම වාගේය. ප්‍රසන්න ඇතුළු ගම්පහ මැති ඇම­ති­වරු අග­මැති මහින්ද පිරි­ව­රා­ගෙන මධ්‍ය­ස්ථා­නය තුළට ගියහ. හිටපු ජන­පති මෛත්‍රී ඒ පිටු­ප­සින් ගියේය. මධ්‍ය­ස්ථා­නය විවෘත කිරීම සඳහා පීත්ත පටිය කැපී­මට අගමැතිවරයා සූදා­නම් වන විට ප්‍රසන්න ද ඒ අසල සිටි­යේය. එහෙත් ටික­කින් මෛත්‍රී එතැ­නට ආ බැවින් ප්‍රසන්න හෙමින් සැරේ පසු­ප­සට විය. මෛත්‍රි පීත්ත පටිය අසල සිටිනු දුටු අග­මැති මහින්ද විප­රම් කළේ ප්‍රසන්න කෝ කියාය.

“කෝ මේ ප්‍රසන්න? අගමැතිවරයා ඇසු­වේය.

පිටු­ප­සට වී සිටි ප්‍රසන්න “ඉන්නවා සර්“ කීවේය.

“ඔයානේ ගම්පහ ලොක්කා. මොකද මේ පස්සට වෙලා. එන්නකෝ ඉස්ස­ර­හට“ කිය­මින් අග­මැති මහින්ද ප්‍රසන්න ඉදි­රි­යට ගත්තේය.

උත්ස­වය නිමා වී තේ බීමෙන් පසුව අගමැතිවරයා කටු­නා­යක බලා යෑමට නිය­මි­තව සිටියේ තවත් උත්ස­ව­ය­කට සහ­භාගී වීම­ටය. අගමැති මහින්ද කටු­නා­යක යෑමට පෙර ප්‍රසන්න ගැන සොයා බැලු­වේය. “එන්න කෝ ප්‍රසන්න මා එක්ක යන්න“ කිය­මින් සිය රථ­යට ප්‍රසන්න නංවා ගත් අග­මැතිවරයා මෛත්‍රී­ටද යන්නන් කියා කටු­නා­යක බලා පිටත්ව ගියේය.

කරූගේ චරි­තා­ප­දා­නය ජන­ගත වෙයි

කථා­නා­යක කරූ ජය­සූ­රි­යගේ ජීවන තොර­තුරු හා දේශ­පා­ලන අත්දැ­කීම් පාදක කර­ග­නි­මින් සම්පා­ද­නය කෙරුණු ජීවන චරි­තා­ප­දාන කෘතිය පසු­ගිය බ්‍රහ­ස්ප­තින්දා ජන­ගත කෙරුණේ කොළඹ බණ්ඩා­ර­නා­යක ජාත්‍ය­න්තර සම්ම­න්ත්‍රණ ශාලා­වේ­දීය. දශක තුන­කට ආසන්න දේශ­පා­ලන ලෝකයේ විවිධ හැල­හැ­ප්පි­ලි­ව­ලට මුහු­ණ­දුන් ආකා­රය පොතේ සඳ­හන් වුවද දේශ­පා­ල­න­ඥ­යන් කිසි­ව­කු­ටත් ඇර­යුම් නොකර වෙනස්ම ආකා­රයේ උත්ස­ව­යක් ඒ වෙනු­වෙන් සංවි­ධා­නය කෙරුණේ කරූ ජය­සු­රි­යගේ අද­හ­සක් අනු­වය.

ඒ අනුව ප්‍රධාන වශ­යෙන් පොත පිරි­නැ­මුණේ යොවුන් පාර්ලි­මේ­න්තුවේ මන්ත්‍රී­ව­රුන් සහ මන්ත්‍රී­ව­රි­යන් වෙතයි. ඊට අම­ත­රව විශ්ව­වි­ද්‍යාල ආචාර්ය මහා­චා­ර්ය­ව­රුන් සහ කරු ජය­සු­රි­යගේ පෞද්ග­ලික හිත­ව­තුන් සීමිත පිරි­ස­කට ඒ සඳහා ඇර­යුම් කිරි­මට සංවි­ධා­ය­ක­යන් කට­යුතු යොදා තිබිණි.

විශේෂ දෙසුම් කිසි­වක් නැති උත්ස­වයේ සිය­ලුම අද­හස් දැක්වීම් සඳහා කාල අව­කාශ වෙන් කර තිබු­ණේද තරුණ දූ දරු­වන් වෙනු­වෙනි. තමා­ටද උත්ස­වයේ කතා­වක් වෙන් නොකර එම අව­ස්ථා­වද තරුණ තරු­ණි­යන් වෙතම පිරි­න­මන ලෙස ඉල්ලා සිටි කථා­නා­ය­ක­ව­රයා කීවේ අනා­ගත පර­පු­රෙන් “ගරු මන්ත්‍රී­තුමා”යැයි ආම­න්ත්‍ර­ණය කළ හැකි දේශ­පා­ල­න­ඥ­යන් බිහි වේවා! යන පැතු­මෙන් යුතුව තමා තරුණ දූ දරු­වන් වෙනු­වෙන් සිය ජීවිත චරි­තා­ප­දා­නය පිරි­න­මන බවයි.

වසර 4 ½ තිස්සේ පාර්ලි­මේ­න්තුව දෙස බලා සිටි කථා­නා­ය­ක­ව­ර­යාට ගරු මන්ත්‍රී­තුමා යැයි ආම­න්ත්‍ර­ණය කළ හැකි ජනතා නියෝ­ජි­ත­යන්ගේ අව­ශ්‍ය­තාව දැඩි­වම දැනී ඇති බවට ඒ අනුව පෙනී යන බව උත්සව සභාවේ කතා­බ­හට ලක් විය.

සිය ජිවන චරි­තය ජන­ගත කරන චාම් උත්ස­ව­යට පැමිණි සියලු දෙනා­ටම විශේෂ සමරු සට­හ­නක් යෙදූ පොතක්ද ලබා­දී­මට කට­යුතු කළ කථා­නා­ය­ක­ව­රයා පැව­සූයේ මුළු පොතම තමා වෙනු­වෙන් මාධ්‍ය­වේදී නිහාල් ජග­ත්චන්ද්‍ර මහතා විසින් රචනා කරන නමුත් පිට කව­රයේ පසු­පි­ටුවේ තමා­ගේම අත් අකු­රින් ලියු සට­හ­නක් ඇති බවයි.

Comments