ඇත්ත! සහතික ඇත්ත!! | සිළුමිණ

ඇත්ත! සහතික ඇත්ත!!

ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා අග­මැති මහින්ද රාජ­පක්ෂ මහතා බල­යට පැමිණ දින සිය­යක් ගත වී තිබෙ­නවා. වර්ත­මාන රජය පිළි­බ­ඳව ඔබ දරන මතය?

මේ රජය බල­යට පත් වුණේ බොහෝ පොරොන්දු ජන­තා­වට ලබා­දීලා අද ජන­තාව අන්ත අස­රණ තත්ත්ව­ය­කට පත්වෙලා. යහ­පා­ලන රජය තිබි­යදී ජන­තාව මේ තරම් අස­රණ වුණේ නැහැ. අපේ රජය ජන­තා­වට පුළු­වන් තරම් සහන ලබා දුන්නා.

අද ලූනු කිලෝ එකක් ගෙදර ගෙනි­යන්න බැහැ. ලූනු ගෙඩි­යක් තමයි ගෙදර ගෙනි­යන්න පුළු­වන්. එළ­වළු, හාල්, පරිප්පු, සීනි වගේ අත්‍ය­වශ්‍ය භාණ්ඩ සියල්ල අසී­මිත ලෙස ඉහළ ගිහිල්ලා. මේ රජය ඒ වෙනු­වෙන් කිසිදු සහ­න­යක් ලබා දෙන පාටක් නැහැ. රට ලූනු කිලෝ­වක් රුපි­යල් 190 ට දෙන්න කියලා රජය නියෝග නිකුත් කරද්දී වෙළෙඳ පොළේ ලූනු කිලෝ­වක් රුපි­යල් 220 – 240 මොකක්ද මේ ආණ්ඩුව කරන්නේ කියලා අපි අහ­නවා.

ඒ වගේ ම පොහොර සහ­නා­ධාර දෙනවා කිව්වා ගොවි­යාට හොඳ ස්ථාවර ජීවි­ත­යක් ලබා දෙනවා කිව්වා මේවා තව­මත් ක්‍රියා­ත්මක වෙන්නේ නැහැ. සුපු­රුදු පරිදි ඡන්ද පොරොන්දු පම­ණක් බවට පත් වෙලා ඉදිරි මහ මැති­ව­ර­ණ­යේදී ජන­තාව මේවාට පිළි­තුරු ලබා දෙයි කියන එක අප දන්නවා.

හොරු අල්ල­නවා, නීතිය අකු­රට ක්‍රියා­ත්මක කර­නවා කියලා බල­යට ආපු මේ ආණ්ඩුව අල්ලපු හොරෙක් නැහැ. බැදු­ම්කර මග­ඩිය ගැන අප රජ­යට චෝදනා කළා. ඒවා බොරු චෝදනා කියලා ජන­තා­වට දැන් හොඳ­ටම තේරෙ­නවා. දැන් බලය තිබෙන්නේ රාජ­ප­ක්ෂ­ලාට ඒ නිසා අපි කිය­නවා බොරු චෝදනා එල්ල කර කර ඉන්නේ නැතිව බැදු­ම්කර හොරු මහ බැංකු වංචා­වට සම්බන්ධ අය අත්අ­ඩං­ගු­වට ගන්න කියලා.

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී රටේ ආර­ක්ෂාව මහ ලොකු­වෙන් කතා කළා සහ­රාන්ලා ගැන කිය­මින් රටේ නීතිය අකු­ර­ටම ක්‍රියා­ත්මක කර­නවා කිව්වා. ඒත් අද මේ රටේ නීතිය වල් වැදිලා. තැන තැන පාතාලේ අය වෙඩි තියා­ග­න්නවා. මිනී මර­නවා. කුඩු ව්‍යාප­රි­ක­යින් මත්ද්‍රව්‍ය අලෙවි කර­න්නන් වැඩි වෙලා. ඔවුන් මත්ද්‍රව්‍ය ජාවා­රම රැක­ගන්න පුද්ග­ල­යින් පැහැ­ර­ගෙන යනවා. මොකක්ද මේ රටේ ආර­ක්ෂාව කියලා අපි ආණ්ඩු­වෙන් අහන්න කැමැ­තියි.

 ඔබ ඔය චෝදනා කරන ආණ්ඩුවේ අග­මැති මහින්ද රාජ­පක්ෂ මහ­තාට සහය ලබා­දෙ­මින් රජ­යට එක­තු­වෙන්න ඔබ උත්සාහ කළ බවත් ඒ ගැන අග­මැ­ති­ව­රයා හමු­වෙ­න්නට ගොස් ඔබ එළවා දැමූ බවට සමාජ මාධ්‍ය තුළින් ප්‍රචා­රය වුණා. ඇත්තක්ද මෙය?

ඔය කතාව සම්පූර්ණ බොරු එකක්. අපගේ විරු­ද්ධ­වා­දීන් විසින් ප්‍රචා­රය කරපු එකක්. විශේ­ෂ­යෙන් ම මහින්ද රාජ­පක්ෂ මහතා කියන්නේ මගේ ළඟම හිත­ව­තෙක්. අපි දේශ­පා­ල­නික වශ­යෙන් පක්ෂ අතර වෙන්වෙලා හිටි­යට මනු­ස්ස­යන් වශ­යෙන් හොඳ මිතු­රන්. ඒ මිතුරු දමට දශක ගණ­නක් වෙනවා ඒ නිසා මම ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටින්නේ බොරු ප්‍රචා­ර­ව­ලට හසු නොවන ලෙසයි.

තව දින කිහි­ප­ය­කින් ආණ්ඩුව විසු­රුවා හරි­නවා. ඒ කියන්නේ මහ මැති­ව­ර­ණ­යක් අත ළඟ ඔබලා සූදා­නම් ද මේ සඳහා?

කිසිම ගැට­ලු­වක් නැහැ. අපි ඒ සඳහා ඕනෑම වෙලා­වක සූදා­නම්. අපි පක්ෂ­යක් හැටි­යට නොවෙයි සන්ධා­න­යක් හැටි­යට ඒ සඳහා මේ වන­වි­ටත් එකතු වී අව­සන්.

පක්ෂ රැසක් අප සමඟ මේ ගම­නට සහ­යට එකතු වී සිටි­නවා. අප පුළුල් සන්ධා­න­යක් ලෙස සන්ධාන ගත වී මේ බල­වේ­ගය ක්‍රියා­ත්මක කර­නවා.

දිස්ත්‍රික්ක වශ­යෙන්, පළාත් පාලන මට්ට­මින්, ග්‍රාම­සේවා මට්ට­මින් දැන­ට­මත් ඡන්දය සඳහා අවශ්‍ය ජනතා ශක්තිය අප නිර්මා­ණය කර­මින් සිටින්නේ. පොදු­ජන පෙර­මුණ ඇතුළු මේ රජය ජන­තා­වට දී ඇති බොරු පොරොන්දු නිසා ජන­තාව ඔවුන් අත­හැර අප සමඟ එක­තු­වේවි කියන බලා­පො­රොත්තු අප සතුව තිබෙ­නවා.

අපගේ සන්ධා­නයේ නාය­කයා මෙන් ම අග­මැති අපේ­ක්ෂ­කයා සජිත් ප්‍රේම­දාස මහතා. ඔහුට මේ ගමන යා හැකියි කියන එක මගේ මත­යයි. සජිත් ප්‍රේම­දාස මහ­තාට ගම් මට්ට­මින් ජනතා ප්‍රසා­ද­යක් තිබෙ­නවා. ඔහු ගැමි සුවඳ හඳු­නන නාය­ක­යෙක්. ඒක සහතික ඇත්ත.

 සජිත් ප්‍රේම­දාස මහතා ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රිපත් වුණා. ඇයි ඔහුට ජය­ග්‍ර­හ­ණය ලබා­ගන්න බැරි වුණේ?

අපේ කණ්ඩා­යම ප්‍රචා­රණ කට­යුතු හරි­යට සිදු කළේ නැහැ කියලා මට හිතෙ­නවා. අපි කණ්ඩා­ය­මක් හැටි­යට යම් යම් දුර්ව­ලතා තිබෙන්න ඇති. පරා­ජය භාර ගනිද්දී එකි­නෙ­කාට ඇඟිල්ල දිගු කරන එක හොඳ ක්‍රියා­වක් නොවෙයි. අප­ගෙන් වූ වැරැදි සොයා බලා ඒවා නිවැ­රැදි කර­මින් මහ මැති­ව­ර­ණය ජය ගැනීම තමයි අපගේ අර­මුණ.

 එක්සත් ජාතික පක්ෂයේ දැවැන්ත කඩා වැටී­මක් තිබෙ­නවා සජිත් ප්‍රේම­දාස මහතා සහ රනිල් වික්‍ර­ම­සිංහ මහතා පක්ෂ නාය­ක­ත්වය වෙනු­වෙන් නොයෙක් ගැටුම් ඇති කර­ග­න්නවා. මේ තත්ත්වය තුළ ඔබලා මහ මැති­ව­ර­ණය ජය­ග්‍ර­හ­ණය කරන්නේ කොහො­මද?

එක්සත් ජාතික පක්ෂය තුළ පම­ණක් නොවෙයි. ඕනෑම පක්ෂ­යක ගැටුම් ඇති වෙනවා. දේශ­පා­ල­නය තුළ මත ගැටුම් ඇති වුණාම තමයි හොඳ නාය­ක­ත්ව­යක් ශක්ති­මත් පක්ෂ­යක් ගොඩ­නැ­ගෙන්නේ.

එක්සත් ජාතික පක්ෂය තුළ ඕනෑම වේලා­වක ඕනෑම අයෙකු විවේ­ච­නය කළ හැකියි. එය තමයි ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය කියලා කියන්නේ.

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය, ජනතා විමුක්ති පෙර­මුණ මේ හැම පක්ෂ­ය­කම ගැටුම් තිබෙ­නවා. ඒක ‍නැහැ කියන්නේ නෑ. විශේ­ෂ­යෙන් ම පොදු­ජන පෙර­මුණ මේ දින­වල ගැටු­මක් තිබෙ­නවා‍.

එක්සත් ජාතික පක්ෂයේ අර්බු­ද­යක් තිබෙ­නවා. එය පැහැ­දි­ලිව කිව­යු­තුයි. නමුත් මේ තත්ත්වය මැති­ව­ර­ණ­යට පෙර විසඳා ගත හැකියි. අප අතර මත ගැටුම් කුමක් තිබ්බත් මැති­ව­ර­ණ­ය­කට ඉදි­රි­පත් ‍වීමේදී එකම පවු­ලක සාමා­ජි­ක­යින් ලෙසින් අප එක­තුවී මැති­ව­රණ ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් කට­යුතු කර­නවා. මේ බැව් අප ඉකුත් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ජන­තා­වට ප්‍රද­ර්ශ­නය කරා.

 සුදු වෑන් ප්‍රවෘත්ති සාක­ච්ඡා­වට ඔබ විසින් ගෙන ආවා යැයි කියන පුද්ග­ල­යින් දෙදෙනා මුදල් කොල්ල­යක් සම්බ­න්ධව අත්අ­ඩං­ගු­වට ගෙන තිබෙ­නවා. එලෙ­සම ප්‍රවෘත්ති සාක­ච්ඡා­වට සහ­භාගි කර වූ මේ පුද්ග­ල­යන් දෙදෙ­නාට වෙස් ගැන්වීම සඳහා ඔබගේ ලේක­ම්ව­ර­යකු රුපි­යල් 15000 ක මුද­ලක් සැලුන් එක­කට ගෙවා ඇති බව පැව­සෙ­නවා. ඇත්තක්ද මේ කියන්නේ?

සුදු වෑන් සහ එවැනි සිද්ධි පිළි­බ­ඳව ජන­තාව දැන් හොඳින් දන්නවා. මෙයට සහ­භා­ගිවූ පුද්ග­ල­යින් අත්අ­ඩං­ගු­වට අර­ගෙන තිබෙන්නේ. ඉදි­රි­යේදී අනා­ව­ර­ණය වේවි සුදු වෑන් ඇත්තද? බොරු­වක්ද කියන එක. අනික මේ සිද්ධි­ව­ලට අදාළ නඩු විභාග වෙමින් තිබෙ­නවා. ජන­තා­වට සත්‍ය දැන ගැනී­මට හැකි­වේවි.

Comments