තට්ටු දෙකේ ඉස්කෝලේ! සින­මා­වට අලුත් බිල්ඩි­මක්! | සිළුමිණ

තට්ටු දෙකේ ඉස්කෝලේ! සින­මා­වට අලුත් බිල්ඩි­මක්!

ලලිත් රෝහිත එදි­රි­සිංහ නැමැති තරුණ අධ්‍ය­ක්ෂ­ව­රයා තමන් සෑදු “තට්ටු දෙකේ ඉස්කෝලේ” වෙත අපට ආරා­ධනා කරන්නේ ඉතා­මත් අව්‍යාජ හැඟී­ම­කින් යුතුව ය.

මෙහිදී සිය­ඹලා කර­ලක ඇඹු­ලත් කුර­හන් රොටි­යක සුග­න්ධ­යත් ගැන අප තුළ ආව­ර්ජ­න­යක් ඇති වන අත­රම මිරිස් කර­ලක දැවිල්ල ද ඇනෙන කටු­වක වේද­නාව  නිහ­ඬව දරා ගන්නා පුංචි හද­වත් කීප­යක සංවේදී ප්‍රති­ක්‍රියා අපව බර­ප­තල ලෙස කම්පා­වට ද පත් කර­වයි නමුත් අධ්‍ය­ක්ෂ­ව­රයා අපට ඒ බව ප්‍රක්ෂේ­ප­ණය කර­වනු ලබන්නේ දැක්මෙන්ම සුව සදන වැව් දියේ සුන්ද­ර­ත්ව­යත් ගහ­කොළේ හැපී දිව­යන මන්ද මාරු­තයේ සිසි­ල­සත් උදාර මනු­ෂ්‍ය­ත්වය හා මුසු කර­ව­මිනි.

නිල් අව­රිය සාද­ලිං­ගම් මකුළු මැටි අඳුන් දැලි හා ගුරු­ගල් යොදා වැට­කෙ­යියා පින්ස­ල­කින්  අඳිනු ලබන නිර්මල චිත්‍ර­යක් සේ එය අප හමුවේ දිදු­ලන්නේ මේ හේතු කොට ගෙනය.

ළමා චිත්‍ර­ප­ට­යක් ලෙස ගොඩ­නැ­ඟෙන ඔහුගේ නිර්මා­ණ­යට පද­නම සැක­සෙන්නේ නිර්මා­ණා­ත්ම­කව සැක­සුණු සියුම් තිර නාට­ක­යක් මුල් කර ගනි­මිනි. මින් එළි දැක්වෙන්නේ  තමා අත්වි­ඳින වට­පි­ටාවේ ඇති සමාජ දේශ­පා­ලන සංස්කෘ­තික ව්‍යාකූ­ල­ත්ව­යට එරෙහි කලා­ක­රු­වාගේ  ප්‍රති­ක්‍රි­යා­වයි. අධ්‍ය­ක්ෂ­ව­රයා අතින් නාභි­ගත වී ඇත්තේ  ළමා හද­වත් කීප­යක් වුවත් මෙය වූ කලී දශක හතක් තිස්සේ අප රටේ සමස්ත අධ්‍යා­ප­නය ගැන ඇසෙන විවිධ කයි­වා­රු­වල නිරු­වත හෙළි කර­න්නකි. එ නිසා තවත් මාන­යක් ඔස්සේ සලකා බලන කල මෙය ප්‍රබල දේශ­පා­ලන කිය­වී­මක්ද වන්නේය. 

එන­යින් බලන කල මෙය චිත්‍ර­ප­ට­යක් තනනු සඳහා කිය­න්නට දෙයක් සොයන අයෙ­කුගේ වැඩක් නොව කිය­න්නට දෙයක් ඇති මිනි­සෙකු ඒ සඳහා සින­මාව උප­යෝගී කර­ගත් අව­ස්ථා­වක් සේ පෙනී යන්නකි.

ඒ අනුව තම ආත්ම ප්‍රකා­ශ­නය උදෙසා ඔහු විසින් තෝරා ගෙන ඇත්තේ  හොඳම දේ වෙනු­වට නර­කම දේ දරු­වන්ට බව පෙන්වන හොඳම’ තැනකි. ඒ වියළි කලා­පයේ  ඉතා නොදි­යුණු ගමක දුෂ්කර පාසලකි.

වෘතා­න්තය නිසි පරිදි ආරම්භ වන්නේ මැලේ­රියා වසං­ග­ත­යට බියෙන් පාසැ­ලෙහි විදු­හ­ල්ප­ති­ව­රයා මෙන්ම සෙසු ගුරු­ව­රුන් දෙතුන් දෙනා ද පාසල අත­හැර දමා යන අව­ස්ථා­ව­කිනි. පාස­ලෙහි ඉතිරි වන්නේ දුර පළා­ත­කින් පැමිණ මුර­ක­රු­වෙකු ලෙස ස්වේච්ඡා­වෙන් සේවය කරන සුග­ත­පාල නම් තැනැ­ත්තෙකි. අපොස උසස් පෙළ සමත් නමුදු ගුරු­ව­ර­යෙකු වීමේ බලා­පො­රො­ත්තුව සුන්වූ අයෙකි.

පාසල වසා දැමී­මත් සමඟ අධ්‍යා­ප­නය අඩාළ වූ දරු දැරි­යන් දහ පහ­ළොස්  දෙනෙ­කුගේ ගුරු­පි­යා­ණන් බවට පත් වන්නේ ඔහු ය. ලලිත් රෝහ­ණගේ තට්ටු දෙකේ ඉස්කෝලේ අන්ත­ර්ග­තය වන්නේ එයයි.

චිත්‍ර­ප­ටයේ අපූ­ර්ව­ත්වය වන්නේ ළමා චිත්‍ර­ප­ට­යක අන­න්‍ය­තා­ව නොබි­ඳෙන අයු­රින් මෙම වැඩි­හි­ටි­යාගේ චරි­තය  ගොඩ­නඟා තිබීම ය. මෙන­යින් පෙනී යන්නේ අධ්‍යක්ෂ ලලිත් රෝහ­ණගේ තිර රච­නයේ සියුම් ම වප­ස­රිය ළම­යින් සහ මුර­කරු අතර ගුරු ගෝල සබ­ඳතා නිරූ­ප­ණය පිණිස වෙන් වී ඇති බව ය.

බොහෝ ළමා චිත්‍ර­පටවලදී දක්නට ලැබෙන පරිදි පාසලේ දිවි ගෙවන මෙම අපූර්ව චරි­තය භෞති­කව ප්‍රාති­හාර්ය පාන ගුරු­ව­ර­යෙකු බවට  පත්කි­රී­මක් හෝ දරි­ද්‍ර­තා­වේ පතුලේ සිටින ළමයා එක්ව­රම කුමා­ර­යකු සේ ඉස්මතු කිරී­මක් මෙහි දක්නට නොලැබේ. අධ්‍ය­ක්ෂ­ව­රයා සැම­වි­ටම ළමා චරි­ත­වල ස්වාභා­වි­ක­ත්වය රඳවා ගැනී­ම­ටත් ඒ සුන්ද­ර­ත්වය ඉස්මතු කිරී­ම­ටත් උත්සාහ ගන්නා නමුත් ඔවුන් නිර­න්ත­ර­යෙන් පෙළෙන ජීවි­ත­වල පසු­බිම් වූ කටුක යථා­ර්ථය අම­තක කර­ව­න්නට කිසි­වි­ටක තැත් නොක­රයි.

ජීවි­තය නම් සංකීර්ණ ප්‍රපං­ච­යෙහි අරුත සොබා දහම ඇසුරේ තම නැණ පම­ණින් අව­බෝධ කර­ගත් සරල මිනි­සෙකු වූ සුග­ත­පාල මෙම සිනමා වෘත්තා­න්තයේ කේන්ද්‍රීය චරි­තය බව එක්ව­රම පෙනී යන දෙයකි.

එහෙත් ළම­යින්ගේ අධ්‍යා­ත්මය ප්‍රකාශ කිරීම සඳහා මෙම මුර­කාර ගුරු­ව­රයා ද ගුරු­ව­ර­යාගේ ආත්ම ප්‍රකා­ශ­නය සඳහා ළම­යින් ද වශ­යෙන් අනො­න්‍යව  බද්ධ වූ මේ දෙකො­ටසේ ම මහා පොදු සාධ­කය ලෙස ගහ කොළින් සුසැදි පරි­ස­රය මෙන් මල වැව ද යොදා ගන්නට සින­මා­ක­රුවා අව­ධා­නය යොමු කර තිබේ. ගසට පොත්ත මෙන් සොබා දහම හා වූ මෙම ගනු­දෙ­නුව ඉතා සාර්ථ­කව ඉටු කර ගණ­නට ඔහුට පුළුවන් වී ඇත්තේ එහෙ­යිනි. 

ඒ නිසා මෙහි නළු නිළි­යන් තර­මට ම පාසැල් මිදුලේ වූ සිය­ඹලා ගස ද සජීවී සංකේ­ත­යක් බවට පත් වෙයි. විටෙක දරු­වන්ගේ මුල් ගුරු­තුමා ලෙස ද තවත් විටෙක මවක ලෙස ද සැල­කෙන සිය­ඹලා වෘක්ෂය මේ සිය­ල්ලට ම වඩා සුග­ත­පා­ලගේ ආත්මය සංකේත කර­න්නකි. තමා  අද­හන සොබා දහම් නිය­ම­යන්ගේ සංකේ­තය ලෙස ද පෙනෙන මේ මහා සිය­ඹලා ව සිනමා වෘත්තා­න්තය  තුළ මහා ගෞර­ව­යක් අත්පත් කර ගන්නේ අම්මා අප්පා නොමැති බණ්ඩාට මවක්ද වීමෙනි. 

අන්තිමේ දී මෙහි යටි පෙළ තුළින් අප දකින්නේ මෙහි සියලු චරිත අති­ක්‍ර­ම­ණය කර­මින් මහා සිය­ඹ­ලාව ප්‍රධාන චරි­තය වී ඇති බවයි.

මේ අයු­රින් විවිධ මාන­යන් ඔස්සේ විය­ම­නක යෙදුණ ද එය අවු­ලක් නොවන නිර්මල රටා­වක් සේ කූට ප්‍රාප්තිය කරා ගෙන ඒමට චිත්‍ර­පට­ක­රුවා සමත් වෙයි. ඉතා­මත් යථා­ර්ථ­වාදී ලෙස ප්‍රායෝ­ගික සත්‍යය ඉදි­රියේ මෙහි වීරයා මිය ගියත් එය ජය­ග්‍ර­ණයේ උප­තක් බව ප්‍රකාශ කර­න්නට අධ්‍යක්ෂ ලලිත් රෝහිත සමත් වෙයි. සුග­ත­පාල නම් නිල­නො­ලත් ගුරු­ව­රයා රුසි­යානු සාහි­ත්‍යයේ එන දුයි­ෂෙන්  මෙන්ම  පාවෙල් කෝර්චා­ගින් හා  සැබෑ මිනි­සෙ­කුගේ කතාවේ කොමි­සාර්ගේ චරි­ත­යට සමාන යයි අපට හැඟෙන්නේ එහෙ­යිනි. මෙසේ ප්‍රසි­ද්ධි­යට පත් නොවු­ණද අපගේ ජීවි­තයේ ඉඳ­හිට හමුවූ  මෙන්ම සමා­ජය තුළ අද­ටද අප්‍ර­ක­ටව වෙසෙන සියලු දුයි­ෂෙ­න්ලාගේ නියෝ­ජ­න­යක් ලෙස සුග­ත­පාල අප හද­වත තුළ රැඳේ. 

මේ ආකා­ර­යට මෙම වෘත්තා­න්තය අප තුළ කම්ප­න­යක් ඇති කර­වන නිර්මා­ණ­යක් බවට පත් වී ඇත්තේ කුඩා දරු­වන් නිසි ලෙස අධ්‍ය­ක්ෂ­ණය කිරීමේ  කාර්යය මෙන් ම සෙසු මූලිික කලාං­ග­යන් ප්‍රමා­ණ­වත් ලෙස ඒ සඳහා උප­යෝගී කර ගන්නට ලලිත් රෝහිත සිය ප්‍රථම නිර්මා­ණ­යෙන්ම සමත් වීම නිසාය. සියලු ළමා නළු නිළි­යන් එකි­නෙ­කාට අන්‍යන්‍ය වූ  චරිත නිරූ­ප­ණ­යන්ට යොමු කර­ව­න්නට අධ්‍ය­ක්ෂ­ව­ර­යාට හැකි වීම එයට හේතු­වයි.

තට්ටු දෙකේ ඉස්කෝ­ල­යක් ඉල්ලා සිටින මුතු ද රම්බා නමැති  දෙපා කොර ගසන දරු­වාද  දමිතා අබේ­ර­ත්නගේ කුඩා කාලය රඟන නිළිය ද මෙතුල කැපී පෙනෙන්නේ ඔවුන්ගේ කට­කාර බව නිසා නොවල සහජ රංගන හැකි­යා­වද පිළි­බිඹු කරන බැවිනි.

මයුර කාරි­ය­ව­සම්ගේ කැමරා කර­ණය සුනෙත් නන්ද­ලාලගේ කලා අධ්‍ය­ක්ෂ­ණය, උහාන් ඕවි­ටගේ අංග රච­නය, ජගත්  රස්නා­ය­කගේ  සංගීත නිර්මා­ණය, ප්‍රවීන් ජය­ර­ත්නගේ සංස්ක­ර­ණය, සසින් ගිම්හා­නගේ  ශබ්ද පරි­පා­ල­නය, නිලන්ත සේනා­ධීර සහ තාරක කාරි­ය­ව­සම්ගේ සම්බ­න්ධී­ක­ර­ණය ආදී අංශ­වල සහාය නිසි පරිදි ලබා ගන්නා අධ්‍ය­ක්ෂ­ව­රයා සිංහල සින­මා­ක­ර­ණ­යේදී  බොහෝ තන්හි නොස­ලකා හරින ලද මෙම කාරණා  සිය  ප්‍රකා­ශ­නය සාර්ථ­කව සංනි­වේ­ද­නය කිරී­මෙහි ලා නොම­ඳව සහය කර­ගනී.  

නමුත් මේ මොහොතේ දී වුව සියුම් කළ හැකි නොසි­යුම් තැනක් වූ කළ­යක් රැගෙන යන ගැහැ­නි­යගේ අඟර දඟර ගමන් විලා­ශය සහිත තත්පර ගණ­නාව මුළු සිනමා පට­යට ම ඇති කර­වන්නේ ලාබ­යක් නොවල අලා­බ­යකි අනික් පැත්තෙන් තමාගේ ප්‍රකා­ශ­නයේ සාර්ථ­ක­ත්වය පිළි­බඳ නිර්මා­ණ­ක­රු­වාගේ ආත්ම විශ්වා­සය පළුදු වූ බව පෙන්නුම් කර­ව­න්නකි. මේ තරම් ම ගැටලු සහ­ගත නොවූ­වත් බණ්ඩාර නමැති කුඩා දරුවා පිළි­බ­ඳව අනු­ක­ම්පා­ව­කින් පසු­වන සෝමා නැමැති දැරි­යගේ මුහුණේ හැඟී­ම්බර සමීප රූපය ද සමස්ත චිත්‍ර­ප­ටියේ රිද්ම­යට සාපේ­ක්ෂව එත­රම් ගැළ­පෙ­න්නක් නොවේ. සින­මා­ප­ටයේ සමස්ත රූපා­ව­ලියේ ඇති කලා­ත්මක ස්වභා­වය හා සස­ඳන කල ආර­ම්භක දර්ශන පෙළෙහි සෝමාගේ සමීප රූපය හා ඒ පසු­බිම තුළ පෙර කී සුන්ද­ර­ත්වය දක්නට නොලැබේ. මේ කියන කරුණු කිහි­පය හෝ  අපට දක්නට නොලැ­බුණා නම් තට්ටු දෙකේ ඉස්කෝ­ලය ගොඩ­නැ­ඟී­මට ගත් උත්සා­හයේ  ඇද පළු­ද්දක්  ඉතිරි නොවන්න ඉඩ තිබුණා යයි සිතේ.

සුග­ත­පාල මෙන් විශිෂ්ට රංග­න­යක යෙදෙන ජගත් චමිල මෙන් ම චරිත ළමා චරිත නිරූ­ප­ණ­යන් හි යෙදෙන සුදම් කටු­කි­තුල, ලංකා­නාත් රන්දීප, රවීෂා දිව්‍යාං­ජලී, දහම්සා තරු­දිසි සහ අලන්යා සේම සෙසු වැඩි­හිටි චරිත නිරූ­ප­ණ­වල යෙදෙන ජනක් ප්‍රේම­ලාල්, දමිතා අබේ­රත්න, මංජුලා කුමාරි තරුෂි සුරම්‍යා, වොල්ගා කල්පනී, සූර්ය්‍යා දයා­රු­වන්, අනු­රාධා එදි­රි­සිංහ, ප්‍රියන්ත සිරි­කු­මාර, නයනා හෙට්ටි­ආ­රච්චි, අංජලී ලිය­නගේ, හර්නි රෝෂණි, නෙතලි නානා­ය­ක්කාර, අයෝධ්‍යා දක්ෂිකා, ජයන්ත වාසල, මෞලී දම­යන්ත, චමීර ලිය­නගේ සහ ජීවන්ත ආදී නළු නිළි­යන් සිය­ලු­දෙනා තට්ටු දෙකේ ඉස්කෝලේ සවි­මත්ව ගොඩ­න­ඟ­න්නට කැප­වූවෝ වෙති.

මේ අයු­රින් සාර්ථක ළමා නිර්මා­ණ­යක් බිහි කිරීම යනු සින­මාවේ පෝෂ­ණ­යට එහා ගිය ජාතික මෙහෙ­ව­රකි. එය අපේ සින­මා­වට අලුත් බිල්ඩි­මක් පම­ණක් නොවන බව බල­ධා­රීන් වටහා ගන්නේ නම් තට්ටු දෙකේ ඉස්කෝලේ වැනි සිනමා පට අපට දුලබ දසු­නක් නොවනු ඇත. වෛද්‍ය නිශාන්ත ප්‍රගීත් වැනි  බොහෝ විට පාඩුව ලබන අවංක අර්ථ­ප­ති­යන්ද සිය ඊළඟ නිර්මා­ණ­යට  නොබි­යව එකතු වනු ඇත්තේ එවි­ටය.

Comments