රටට නව පෙරවදනක් සැපයූ තෙමසක අසිරිය | සිළුමිණ

රටට නව පෙරවදනක් සැපයූ තෙමසක අසිරිය

ජනාධිපතිතුමා 2019 නොවැම්බර් 18 වැනි දා අනුරාධපුරයේදී වැඩ බාරගත් අවස්ථාව
ජනාධිපතිතුමා 2019 නොවැම්බර් 18 වැනි දා අනුරාධපුරයේදී වැඩ බාරගත් අවස්ථාව

2019 නොවැ­ම්බර් 18 වැනිදා අනු­රා­ධ­පු­ර­යේ‍ ­රු­ව­න්වැ­ලි­සෑය අස­ලදී වැඩ භාර­ගත් ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ප්‍රමුඛ වත්මන් රජය පිහි­ටුවා දැන් තෙමසක් සම්පූර්ණ වී ඇත.

එතෙර මෙතෙර තව­මත් එල්.ටී‍.ටී.ඊ. අඳුරු සෙව­ණැලි තිබි­ය­දීත් තම ආර­ක්ෂාව අඩු­කර ගමන් කරන වාහන ප්‍රමා­ණය 3 ක් දක්වා අවම කළ අපේ රටේ එකම රාජ්‍ය නාය­කයා වන්නේ වත්මන් ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාය. තව­මත් හිටපු අග­මැ­ති­ව­රයා 200 ක ආර­ක්ෂක බළ­කා­යක් ඉල්ලද්දී වත්මන් ජනා­ධි­ප­ති­ව­රයා අවම ආර­ක්ෂාව ය‍ටතේ කොළඹ පාර මැද පැවැති උද්ඝෝ­ෂ­ණ­යක් මැදට ගොස් ඒ ගැට­ලුව ද විස­ඳු­වේය.

අපේ රටේ ඡන්ද ‍පොරොන්දු­ව­ලට ලොකු ඉති­හා­ස­යක් තිබේ. හාල් සේරු දෙකක් දීම, පාන් 3.50 ට දීම, ධාන්‍ය රාත්තල් 8 ක් දීම යනා­දිය ඒ අතර අම­තක නොවන ඡන්ද පොරොන්දු අත­රට ගැනේ. මේ සියලු ආණ්ඩු පිහි­ටු­වී­මට දුන් පො‍රොන්දු­ව­ලින් ඒ ආණ්ඩු අව­සන් වන­තු­රුත් බොහෝ විට ඉටු කරන්නේ සිය­යට 40 – 50 ක් පමණි.

නමුත් රුව­න්වැ­ලි­සෑය අබි­ය­සදී දිවු­රුම් දී වැඩ බාර­ගත් ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා මෙම මාස 3 ඇතු­ළත එතුමා පොරොන්දු වු ඡන්ද පොරො­න්දු­ව­ලින් වැඩි කොට­සක් ඉටු කර ඇත. ඊට අම­ත­රව පසු­ගිය මැති­ව­රණ සමයේ පොරොන්දු නොවූ මහ­ජ­න­තා­වට ප්‍රබල ලෙස සෙත සල­සන පරිදි ජනතා සහන රැසක් ලබා­දී­මට ද එතුමා කට­යුතු කළේ ය.

වසර 60 කට පසු අපේ ඇමැති මණ්ඩ­ලය 16 ට අඩු කිරීම රාජ්‍ය සභා­ප­ති­ව­රුන්ගේ රාජ්‍ය සභා­ප­ති­ව­රුන්ගේ වැටුප ලක්ෂ­යට අඩු කිරීම, අධ්‍යක්ෂ මණ්ඩල වැටුප 25000 කිරීම හා තම­නට හිමි නිල නිවාස නොගෙන තම පෞද්ග­ලික නිවසේ සිටම රාජ­කාරි කට­යුතු කිරීම පිළි­බ­ඳව ජනා­ධි­පති තුමා මැති­ව­රණ සමයේ යටි ගිරි­යෙන් කෑ ගසා පොරොන්දු වූයේ නැත. නමුත් ඒ සියල්ල එතුමා දැන් ඉටු කර­මින් පවතී. ඊට අම­ත­රව එතුමා පසු­ගිය මස 3 ඇතු­ළත මෙරට කිසිම රාජ්‍ය නාය­ක­යෙක් නොකළ ජනතා හිත සුව පිණිස වැඩ­ස­ට­හන් රැසක් ක්‍රියා­වට නංවා ඇත. ශ්‍රී ලාංකේය අන­න්‍ය­තාව සුරැ­ක­මින් ඕනෑම දියුණු රටක් සමඟ සමව සිට­ගත හැකි ආර්ථි­ක­යක් ගොඩ­නැ­ගීමේ ක්‍රියා­ව­ලිය අපේ රටේ අපේ ආණ්ඩුව දැන් අරඹා ඇත.

දේශීය අභි­මා­නය හා ස්වෛරී­භා­වය සුර­කි­මින් ඕනෑම රටක් සමඟ සමව ගනු දෙනු කළ හැකි ගෞර­වා­න්විත පාල­න­යක් ස්ථාප­නය කරන බවට ජනා­ධි­ප­ති­තුමා අට වැනි පාර්ලි­මේ­න්තුවේ සිවු­වන සභා­වා­රය විවෘත කර­මින් සහ ‘සෞභා­ග්‍යයේ දැක්ම’ ප්‍රති­පත්ති ප්‍රකා­ශය සභා­ගත කර­මින් ප්‍රකාශ කළේ ය.

ඒ වෙනු­වෙන් තීන්දු තීරණ රැස­කට පසු­ගිය මාස 3 තුළ එළැඹ තිබේ. විශේ­ෂ­යෙන් ශ්‍රී ලංකාවේ සංව­ර්ධන ක්‍රියා­දා­ම­යට සහ ලෝක ඉල්ලු­මට ගැළ­පෙන ශ්‍රම බළ­කා­යක් බිහි කිරීමේ අර­මු­ණින් තින්දු තීරණ රැසක් ගෙන ඇති අතර පාසල් මට්ටමේ සිටම ඒවා සැල­සුම් කර තිබීම විශේ­ෂ­ත්ව­යකි.

එහි ප්‍රථම අදි­යර ලෙස පාසල් දහ­සක් ජාතික පාසල් ලෙස සංව­ර්ධ­නය කිරීම දැන් අරඹා තිබේ.

උසස් පෙළ සමත් සියලු සිසුන්ට සර­සවි වරම් සහ­තික කිරීම අධ්‍යා­ප­න­යෙන් පිරි­පුන් පර­පු­රක් රටට දායාද කිරීමේ අර­මු­ණින් ආරම්භ කර ඇත.

උසස් අධ්‍යා­ප­නය සඳහා සුදු­සු­කම් නොල­බන තරුණ තරු­ණි­යන් වෘත්තීය පුහු­ණුව සමඟ ඉංග්‍රීසි භාෂාව හා තොර­තුරු තාක්ෂ­ණය මුසු කර­ගත් සුහුරු තාක්ෂ­ණ­වේ­දීන් බවට පත්කි­රීමේ කඩි­නම් වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කර තිබේ.

ඉතා දිළිඳු පවු­ල්වල කිසිදු සුදු­සු­ක­මක් නොලත් තරුණ තරු­ණි­යන්ට කාර්ය සාධන බළ­කා­යක් යටතේ රැකියා ලක්ෂ­යක් බිහි කර­මින් ආර්ථික වශ­යෙන් නඟා සිටු‍වීමේ වැඩ­පි­ළි­වෙළ දැන් ක්‍රියා­වට නංවා තිබේ. එහි සම්මුඛ පර්යේ­ෂණ ද දැන් ආරම්භ වී ඇත.

ඉදිරි කාල සීමාව තුළ හෙද පාඨ­මාලා හදා­රණ අය සහ ගුරු පුහු­ණුව ලබන අය උපාධි අවස්ථා දක්වා රැගෙන යාමට සැල­සුම් සකස් කෙරෙ­මින් පවතී. අධ්‍යා­ප­නය පිළි­බඳ කාර්ය සාධන බළ­කා­යක් පිහි­ටුවා අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ යෝජනා සැල­සුම් සහ­ග­තව හා විනි­විද භාව­ය­කින් යුතුව සිදු කිරී­මට පිය­වර ගෙන තිබී­මත් ජාතික ආර­ක්ෂක විද්‍යා­ය­ත­න­යක් ස්ථාප­නය කොට ජාතික ආර­ක්ෂාව පිළි­බඳ ඉහළ මට්ටමේ පාඨ­මාලා සකස් කිරී­මට කෙටු­ම්පත් සකසා තිබී­මත් රට­ටම සෙතකි.

අලුත් විශ්ව­වි­ද්‍යාල හා‍ වි­ද්‍යා­ය­තන 100 ක් අරඹා, මේ වසරේ පම­ණක් සිසුන් 181000 කට උපාධි වරම් ලබා­දී­මට රජය සූදා­නම් ය. රැකියා අපේ­ක්ෂිත සියලු උපා­ධි­ධා­රීන් ජාතික ආර්ථි­ක­යට ඍජුව දායක කර ගැනීමේ වැඩ­පි­ළි­වෙළ ආරම්භ කර­මින් රැකියා විර­හිත උපා­ධි­ධා­රීන් ඩිප්ලෝ­මා­ධා­රීන් 54000 කට රැකි­යා­දීමේ වැඩ­ස­ට­හන දැන් අරඹා ඇත. රැකියා විර­හිත උපා­ධි­ධා­රීන් සේවා නියුක්ත කිරීමේ ව්‍යාපෘ­තිය යටතේ අයැ­ඳුම් කළ හැකි වයස් සීමාව අවු­රුදු 45 දක්වා ඉහළ නැංවී­මට පිය­වර ගෙන තිබේ.

රාජ්‍ය ආය­ත­න­වල ජනා­ධි­ප­ති­ව­ර­යාගේ හා විෂය බාර අමා­ත්‍ය­ව­රුන්ගේ ඡායා­රූප ප්‍රද­ර්ශ­නය වෙනු­වට රාජ්‍ය ලාංඡ­නය ප්‍රද­ර්ශ­නය කිරීම ආරම්භ කළ අතර රාජ්‍ය ආය­තන ප්‍රධා­නීන්ගේ වැටුප් සංශෝ­ධ­නය කර ලක්ෂ 20 ක් වූ ටෙලි­කොම් සභා­පති වැටුප ලක්ෂ දෙක හමා­රක් දක්වා අඩු කිරීම සිදු කළේ ය.

රාජ්‍ය ආය­තන ප්‍රස­ම්පා­දන ක්‍රියා­ව­ලිය පූර්ණ විනි­විද භාව­යෙන් සිදු කිරී­මට උප­දෙස් දුන් අතර රාජ්‍ය ආය­ත­න­වල අන­වශ්‍ය සියලු උත්සව නතර කිරී­මට උප­දෙ­ස්දීම ද සිදු කර ඇත.

සියලු රාජ්‍ය ආය­තන ලාබ ලබන සහ කාර්ය­ක්ෂ­ම­තා­වෙන් ඉහළ ආය­තන බවට පත් කිරීමේ වැඩ­පි­ළි­වෙළ සකස් කිරීම සිදු කළ අතර ලාභ අපේක්ෂා නොක­රන ආය­තන ජන­තා­වට සතුටු විය හැකි හොඳ මහ­ජන සේවා­වක් සප­යන ආය­තන බවට පත් කිරීමේ වැඩ­පි­ළි­වෙළ යටතේ කාර්ය­ක්ෂම ජනතා සේව­යක් උදෙසා සියලු රාජ්‍ය ආය­තන එකම දත්ත ජාල­ය­කට යොමු කිරී­මට ද පිය­වර ගෙන ඇත.

1919 රාජ්‍ය තොර­තුරු කේන්ද්‍රය වහාම යාව­ත්කා­ලීන කිරීම සිදු කර ඇත.

ආර්ථික පුන­රු­දය සඳහා සංචා­රක කර්මා­න්තයේ වේග­වත් ප්‍රව­ර්ධ­න­ය­කට සැල­සුම් කර තිබේ. 2025 වන විට ඇම­රි­කන් ඩොලර් මිලි­යන 10 ක වාර්ෂික ආදා­ය­මක් ඉලක්ක කර ගනී. රුපි­යල් මිලි­යන 300 නොඉ­ක්ම­වන සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යාපාර විසින් ලබා­ගෙන ඇති ණය ආපසු අය කර ගැනීමේ දී ඇප­යට තබා ඇති දේපළ වෙන්දේ­සිය වහාම අත්හි­ටු­වී­මට උප­දෙස් දීමත් ඒ ව්‍යාපා­ර­වල දියු­ණු­වට හා එහි සේවය කළ අයට ලොකු සෙතකි.

මස­කට රුපි­යල් ලක්ෂ 210 ක කුලි­යක් ගෙවා පව­ත්වා­ගෙන ගිය කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශය පෞද්ග­ලික ගොඩ­නැ­ගි­ල්ලෙන් ඉවත් කොට යළි ගොවි­ජන මන්දි­ර­යට ගෙන යාමට රජය කට­යුතු කළේ ය. ඒ අනුව වස­ර­කට රටට ඉති­රිවූ මුළු මුදල රුපි­යල් කෝටි 33 කි. ඒ ගොඩ­නැ­ගි­ල්ලට රජය ගෙවූ මුළු කුලිය හා එහි නඩත්තු විය­දම රුපි­යල් කෝටි 200 ක් පමණ වේ.

පන්ස­ල්වල දායක සභාවේ ගිණු­මෙන් හා පුංචි දරු­වන්ගේ ගිණු­මෙන් පවා ගෙවූ රඳවා ගැනීමේ බද්ද අග්‍රා­මාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ මෙහෙ­ය­වීම මත දැන් සම්පූ­ර්ණ­යෙන් ඉවත් කර ඇත. ඊට අම­ත­රව වැට් බද්ද සිය­යට 15 සිට 8 දක්වා අඩු කළේ ය. දුර­ක­ථන බද්ද 25% කින් පහත හෙළීය. ඊට අම­ත­රව උප­යන විට බද්ද සීමාව ලක්ෂ 1.5 දක්වා වැඩි­කළ අතර තවත් බදු රැසක් ද අඩු­කර තිබේ. එය හැම­ටම සෙතකි.

ඒ සම­ඟම පසු­ගිය මාස 3 ඇතු­ළත සරුං­ගල්, පහන් කූඩු, හඳු­න්කූරු වැනි නිෂ්පා­දන පිට­ර­ටින් ආන­ය­නය පාල­නය කිරී­මට නීති සැක­සීම ද රාජ්‍ය ආයෝ­ජන, ජාතික සංව­ර්ධන සැල­සුම්, ප්‍රස­ම්පා­දන ව්‍යාපෘති විශ්ලේ­ෂණ සහ කළ­ම­නා­ක­රණ අංශ කාර්ය­ක්ෂම කිරී­මට ජාතික ප්‍රති­පත්ති හා ක්‍රම­ස­ම්පා­දන කාර්යාං­ශ­යක් පිහි­ටු­වීම ද සිදු කරන ලදී.

කර්මාන්ත හා ව්‍යව­සාය සංව­ර්ධ­නය සඳහා ගරු ජනා­ධි­ප­ති­තු­මාගේ සහ­භා­ගි­ත්ව­යෙන් අන්තර් අමා­ත්‍යාංශ කාර්ය සාධන බළ­කා­යක් ස්ථාප­නය කළ අතර දේශීය කර්මාන්ත සහ ඉදි­කි­රීම් ක්ෂේත්‍රයේ අමු­ද්‍රව්‍ය මිල පාල­නය ඉලක්ක කර ගනි­මින් වැලි පස් හා මැටි ප්‍රවා­හ­නය සඳහා වූ බල­පත්‍ර ක්‍රමය අහෝසි කිරීම ද සිදු කළේය.

සාම්ප්‍ර­දා­යික සුළු කර්මාන්ත ක්ෂේත්‍රයේ නිරත කර්මා­න්ත­ක­රු­වන්ට අමු­ද්‍රව්‍ය ලබා ගැනී­මේදී සිදුවූ අප­හ­සුතා වැළැ­ක්වී­මට අදාළ සංශෝ­ධන හඳුන්වා දී ඇත.

තිරිඟු පිටි ඒකා­ධි­කා­රිය නිසා පීඩා­වට පත් ජන­තා­වට සහ­න­යක් ලෙස සෙසු ආන­ය­න­ක­රු­වන්ට ද තිරිඟු පිටි ගෙන්වී­මට ඉඩ ප්‍රස්ථාව සැල­සීම සුවි­ශේෂී පිය­ව­රකි. ඒ නිසා වරින් වර තිරිඟු පිටි මිල වැඩි කිරී­මට අප­හසු වී තිබේ.

කෘෂි­කර්ම, ව්‍යාපාර හෝ නිවාස ඉදි­කර ගැනීම සඳහා තිස් අවු­රුදු බදු පද­නම මත ඉඩම් කැබලි ලක්ෂ­යක් ලබා­දී­මත් ගම්මි­රිස්, කුරුඳු, ඉඟුරු ඇතුළු සුළු අප­න­යන භෝග ආන­ය­නය නතර කිරී­මත් කෘෂි සංව­ර්ධ­න­යට ඉතා වැද­ගත් ය.

රටට සහ ජන­තා­වට හිතැති රාජ්‍ය පාල­න­යක් වෙනු­වෙන් ද ජන­පති ලබා­දුන් ආද­ර්ශ­ බොහෝ ය.

කලින් පැවැති ආණ්ඩු විවේ­ච­නය නොකර නව රජයේ වැඩ­පි­ළි­වෙල කාර්ය­ක්ෂම ඉදි­රි­යට ගෙන යෑම සුවි­ශේෂී ක්‍රියා­දා­ම­යකි. රාජ්‍ය මාධ්‍ය ස්වාධීන ආය­තන බවට පත් කිරීම ද හැම­ටම ආද­ර්ශ­යකි.

මහ­ජන මුද­ලින් සංව­ර්ධ­නය කෙරෙන මාර්ග සඳහා දේශ­පා­ල­න­ඥ­යන්ගේ රුව සහිත නාම පුවරු වෙනු­වට මාර්ගයේ නම සහි­තව රාජ්‍ය ලාංඡ­නය පම­ණක් ප්‍රද­ර්ශ­නය කිරී­මට ජනා­ධි­ප­ති­ව­රයා උප­දෙස් දීම නිසා එම නාම පුවරු ගැසී­මට යන විය­දම ද ඉතිරි වී ඇත.

තම ධූර කාලය ඇතු­ළත පාර්ලි­මේන්තු සැසි­වාර ආරම්භ කිරී­මේදී සිදු­වන මුදල් නාස්තිය වැළැ­ක්වී­මට ජන­පති විසින් හමුදා උත්ත­මා­චාර අව­ලංගු කිරීම ද ජන­තාව අගය කරන කරු­ණකි.

උද්ඝෝ­ෂ­ණ­යක් අත­රට පැමිණි මෙරට පළමු සහ එකම පාල­කයා ලෙස ‍ඩෙංගු මර්දන උද්ඝෝ­ෂ­ණ­ක­රු­වන්ට හමු­වට ගොස් ඔවුන්ගේ ගැටලු සොයා බැලී­මට ජනා­ධි­ප­ති­තුමා කට­යුතු කළ අතර එහිදී ඔවුන්ට විස­ඳුම් ද ලබා දුන්නේය.

වැලි­කඩ බන්ධ­නා­ගා­රයේ නිරී­ක්ෂණ චාරි­කා­වක නිරත වෙමින් සිර­ක­රු­වන්ගේ තොර­තුරු සොයා බැලීම සහ ඔවුන්ගේ ගැටලු පිළි­බඳ සොයා බැලී­මට කමි­ටු­වක් පත් කිරීම පිළි­බ­ඳව සිර­ක­රු­වන්ගේ පවු­ල්වල අයගේ ප්‍රසා­දය ද රජ­යට හිමිවී ඇත.

මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ වාහන රියැ­දුරු බල­පත් ලබා­ගැ­නීමේ ගැටලු පිළි­බ­ඳව කළ නිරී­ක්ෂණ චාරි­කා­වෙන් අන­තු­රුව ඊට අදාළ වෛද්‍ය පරී­ක්ෂණ රජයේ රෝහ­ල්ව­ලින් සිදු කර­ගැ­නී­මට අව­ස්ථාව සලසා ඇත. රිය­දුරු බල­ප­ත්‍රය ද කඩි­න­මින් ලබා­දී­මට පිය­වර ගෙන තිබේ.

කටු­නා­යක ගුවන් තොටු­පළේ ජන­පති කළ නිරී­ක්ෂණ චාරි­කා­වෙන් පසු එහි ගැටලු රැසක් විසඳා ඇත. ගුවන් තොටු­ප­ළට මිනු­ව­න්ගොඩ දෙසින් නව ගමන් මාර්ග­යක් පිහි­ටු­වී­මට ද කට­යුතු කර තිබීම ගුවන් මගීන්ට සංචා­ර­ක­යන්ට මහත් පහ­සු­වක් වනු ඇත. රටින් පිට­වී­මේදී හා ඒමේදී කිසිදු ගුවන් මගි­යකු ප්‍රමා­ද­ය­කට ලක් නොවන අයු­රින් ගුවන් තොටු­පළ කට­යුතු විධි­මත් කර තිබේ.

මෙරට රාජ්‍ය නාය­ක­යකු හා රජ­යක් නොකළ අයු­රින් පොදු­ජන යහ­පත වෙනු­වෙන් වැද­ගත් තීන්දු තීරණ රැස­කට පසු­ගිය දින 100 ඇතු­ළත එළඹී ඇත.

පළමු වතා­වට නිව­සක් මිලදී ගැනී­මේදී සහන පොලි­යක් සහිත දිගු­කා­ලීන ණය ප්‍රදා­නය කරන අතර අනු­කූ­ලතා සහ­ති­කය (COC) එක් දින­කදී නිකුත් කිරීම ද සිදු කෙරේ.

නිවාස හෝ සුළු ව්‍යාපාර ඉදි­කි­රී­මේදී නිසි පරිදි සම්පූර්ණ කර ඇති සැල­සුම් එක් දින­කදී අනු­මත කිරීම සඳහා උප­දෙස් දී තිබේ.

ග්‍රාමීය යටි­තල පහ­සු­කම් නැංවී­මට ග්‍රාමීය මාර්ග කි.මී. ලක්ෂ­යක් සංව­ර්ධ­නය කිරීම ද අතුරු මාර්ග කි.මී. 10000 ක් ප්‍රති­සං­ස්ක­ර­ණය කිරීම ද සිදු කෙරිණි. එහි සමා­ර­ම්භය පසු­ගිය අග­හ­රු­වාදා සිදු­ විය.

ග්‍රාමීය ජන­තාව වෙනු­වෙන් පානීය ජල සම්බ­න්ධතා එක් ලක්ෂ පනස් දහ­සක් ලබා­දී­මට පිය­වර ගෙන ඇත.

ආපදා අව­ස්ථා­වල සහන සැල­සී­මට බාධා වන චක්‍ර­ලේ­ඛන සංශෝ­ධ­නය කිරි­මට උප­දෙස් ලබාදී ඇත. අන­තු­රු­දා­යක ලෙස රක්ෂි­ත­වල වාසය කරන පිරිස් සුදුසු ස්ථාන­වල පදිංචි කිරී­මට පිය­වර ගෙන ඇත.

සැහැල්ලු වාහන සඳහා රිය­දුරු බල­පත්‍ර නිකුත් කිරී­මේදී අක්ෂි පරී­ක්ෂාව පම­ණක් සිදු කිරී­මට ද කට­යුතු යෙදීම ඔවුන්ට ඉතා පහ­සු­වකි.

දිව­යින පුරා කුඩා නගර අලං­කා­ර­වත් ලෙස නවී­ක­ර­ණය කොට හරිත නගර ලෙස සංව­ර්ධ­නය කිරී­මට පිය­වර ගැනීම පරි­සර හිත­කාමී පිය­ව­රකි. වන ජීවීන් හා අලි පරපුර සුරැකීම සඳහා කි.මි 1000ක් දිග අලි විදුලි වැට ඉදිකිරීමට පියවර ගැනේ.

ජන­වාරි 01 දා සිට මාධ්‍ය­වල ප්‍රචා­රය වන ගීත සඳහා අදාළ ගායක ගායි­කා­වන්ට කර්තෘ භාග ගෙවීම ආරම්භ කළ අතර ගීත රච­ක­යන්ට ද කර්තෘ භාග ගෙවී­මට කට­යුතු කෙරේ.

පාතා­ලය හා මත්ද්‍රව්‍ය වැට­ලීම් සඳහා පොලිස් විශේෂ කාර්ය බළ­කා­යට බලය දීමත් පළාත් නවයේ ආර­ක්ෂාව සම්බන්ධ විශේෂ වග­කීම හමු­දා­වට බාර කර­මින් ගැසට් නිවේ­ද­න­යක් නිකුත් කිරී­මත් පරි­සර පවි­ත්‍ර­තාව පොලි­සියේ සහ සෙසු කණ්ඩා­ය­ම්වල අව­ධා­න­යට ලක් කිරීම සඳහා වන ක්ෂණික වැඩ­පි­ළි­වෙ­ළක් රටේම හැම­ටම සෙතකි.

මාර්තු 01 වැනිදා සිට වතු­ක­ම්ක­රු­ව­කුගේ දෛනික අවම වැටුප රු. 1000 කින් වැඩි කිරී­මත් අඩු ආදා­ය­ම්ලාභී ජන­තා­වට අඩු මිලට අත්‍යා­වශ්‍ය ආහාර සැප­යීමේ ජාතික වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­වට නැංවී­මත් අඩු ආදා­ය­ම්ලා­භීන් වෙනු­වෙන් ආහාර මිලදී ගැනී­මට විශේෂ ඉලෙ­ක්ට්‍රෝ­නික කාඩ්ප­තක් නිකුත් කිරී­මත් පොදු­ජන යහ­පත වෙනු­වෙන් ජන­පති කළ සත්කා­ර­මය සේවා අතර ප්‍රධාන තැනක් ගනී.

දිළිඳු හා අඩු ආදා­ය­ම්ලා­භීන් ලෙස හඳු­නා­ගනු ලබන පුද්ග­ල­යන්ට ඉඩම් අමා­ත්‍යාං­ශය, ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­සන් සභාව සහ බිම් සවිය සමඟ සම්බ­න්ධී­ක­ර­ණය කර කෘෂි­කර්ම සංව­ර්ධන සහ නිවාස හා ව්‍යාපාර වෙනු­වෙන් තිස් අවු­රුදු බදු පද­නම් යටතේ ඉඩම් කැබලි ලක්ෂ­යක් ලබා­දී­මට කට­යුතු කිරීම පැස­සුම් සහ­ගත ය.

මෙරට සියලු ඉඩම් ඒකක කඩි­න­මින් මිණුම් කර අව­සන් කිරී­මට අදාළ අංශ­ව­ලට උප­දෙස් දීමත් මධ්‍යම සහ සෙසු අධි­වේගී මාර්ග කඩි­න­මින් ඉදි­කි­රී­මට උප­දෙස් ලබා­දී­මත් රටේ හැම­ටම සෙතකි.

රත්න­පුර අධි­වේ­ග­යට ප්‍රමු­ඛ­තාව ලබා­දී­මත් කොළඹ මාර්ග තද­බ­ද­යට ඉක්මන් පිළි­යම් යෙදී­මත් ගාලු පාරට සමා­න්තර මුහුදු බඩ මග පාන­දුර දක්වා ඉදි­කි­රී­මත් කාර්යාල සේව­ක­යන්ට ඉම­හත් සෙතකි.

පොදු ප්‍රවා­හ­නය නැංවී­මට සැල­සුම් කිරී­මට ඉදි­කි­රීම් දේශීය ඉංජි­නේ­රු­වන්ගේ මූලි­ක­ත්ව­යෙන් පම­ණක් සිදු කිරී­මත් දෑ හිත­කාමී පිය­ව­ර­ය.

සියලු දිස්ත්‍රි­ක්ක­යන්හි ඇති ආයෝ­ජන අවස්ථා හඳු­නා­ගෙන ඒ සඳහා අව­සර දීම රජය මඟින් සිදු­කර විදෙස් ආයෝ­ජ­ක­යන් ආක­ර්ෂණය කර ගැනීමේ වැඩ­පි­ළි­වෙ­ළක් සැක­සීම සිදු කර ඇත. රටට එරෙ­හිව ක්‍රියා­ත්මක වන රාජ්‍ය නොවන සංවි­ධාන දහ­ස­කට අධික සංඛ්‍යා­වක් නියා­ම­න­යට පිය­වර ගැනී­මත් ඉතා ආර­ක්ෂා­කාරී පිය­ව­රකි. දින 60ක් තුළ දුප්පත් පවුල්වලට නිවාස 14000ක් ලබා දීමේ කටයුතු ද දැන් අරඹා ඇත.

කොරෝනා වෛර­සය පැතිර යමින් තිබූ චීනයේ වෙසෙන සියලු සිසුන් ගෙන්වා ගැනී­මට කඩි­න­මින් පිය­වර ගැනීම සහ ශ්‍රී ලාංකීය ජන­තාව ආරක්ෂා කර ගැනීම වෙනු­වෙන් ගත­යුතු කඩි­නම් ක්‍රියා­මා­ර්ග­යන්ට එළැ­ඹීම නිසා අපේ රට එතෙර මෙතෙර ප්‍රශං­සා­ව­ලට ලක් විය.

වුහාන් නග­රයේ සිටි සිසුන් සිය රට ගෙන්වා ගත් සිවු­වන රාජ්‍යය බවට ශ්‍රී ලංකාව පත් කර­මින් අන්තර්ජාතිකව රටට පිළි­ගැ­නී­මක් ලබා­දුන් අතර ඒ මගින් ඔවුන්ගේ පවු­ල්ව­ලට පුදුම සතු­ටක් ලැබිණි. ඒ මෙහෙ­යුම සිදු කිරීම පිළි­බ­ඳව ජනා­ධි­ප­ති­තු­මාට දේශ­හි­තෛෂි හැමගේ ගෞර­වය ලැබෙන අන්තර්ජාතික සබ­ඳතා ප්‍රමුඛ ලෙස දියුණු කර ගැනීම පිණිස ඉන්දි­යා­වට ගරු ජනා­ධි­ප­ති­තුමා හා අග­මැ­ති­තුමා සංචා­රය කළ අතර එහිදී අපේ රටට ප්‍රති­ලාභ රැසක් ද ලැබිණි. ලොව ප්‍රබල රට­වල් සිය­ල්ල­ගේම දෙවැනි තෙවැනි මට්ටමේ නාය­ක­යන් මෙර­ටට පැමිණ ජනා­ධි­ප­ති­තුමා හමුවී රටට සහය දීමට පොරොන්දු වී ඇත.

ඒ සම­ඟම ඉන්දි­යාව චීනය සේම ලොව බල­වත් රාජ්‍යය අප කෙරෙහි විශ්වා­සය තබා අපගේ අන­න්‍ය­තා­වට ගරු කර­මින් ආයෝ­ජන කිරී­මට කට­යුතු කර තිබීම ආයෝ­ජන ප්‍රව­ර්ධ­න­යට රුකු­ළකි.

ඒ සම­ඟම මැති ඇමැ­ති­ව­රු­නට අලුත් වාහන ගෙන්වීම නතර කිරී­මට ජනා­ධි­පති තුමා උප­දෙස් දුන්නේ ය. ඒ අනුව අපේ රටට වස­ර­කට ඉති­රි­වන රුපි­යල් කෝටි 1000 ක් වේ. ජනා­ධි­ප­ති­තු­මාගේ හා වත්මන් රජයේ මුල් මාස තුන ඇතු­ළත මෙත­රම් වැඩ කොට­සක් සිදු කළත් විරුද්ධ පක්ෂ­වල අය පව­සන්නේ කරන්නේ රටේ ජන­තා­වට තවත් සහන අවශ්‍ය බවයි.

නමුත් පසු­ගිය රජය සමයේ මහා­මාර්ග ඉදි­කළ, පොහොර සැපයූ ගම්පෙ­ර­ළිය යටතේ කොන්ත්‍රාත් කළ සේවා සැපයූ විශාල පිරි­ස­කට ගෙවිය යුතු මුදල් ඒ රජය ගෙවා නැත. පසු­ගිය රජය සමයේ රජයේ රෝහ­ල්ව­ලට ගත් ඖෂධ හා සැප­යුම් සඳහා පම­ණක් රුපි­යල් කෝටි 2700 ක් ගෙව­න්නට තිබේ. ඊට අම­ත­රව පෝර සමා­ග­ම්ව­ලට ගෙවිය යුතු මුදල කෝටි 2400 කි. මේ අයු­රින් පසු­ගිය රජය සමයේ ගෙවිය යුතුව තිබූ දේශීය ණය හිඟ මුදල් හා නොපි­යවූ බිල්ප­ත්වල වටි­නා­කම තිබූ රුපි­යල් කෝටි 36700 කි. ඒ මුදල ගෙවී­මට සිදුවී ඇත්තේ වත්මන් රජ­යට බව පසු­ගි­යදා අග්‍රා­මාත්‍ය මහින්ද රාජ­පක්ෂ මහතා පාර්ලි­මේ­න්තු­වේදී පැව­සීය. මේ අනුව ඒ යහ­පා­ලන රජ­යෙන් පිය විය යුතුව තිබූ ණය කෝටි 36700 නොති­බුණා නම් ජනා­ධි­ප­ති­තුමා අග­මැ­ති­තුමා ප්‍රමුඛ මේ වත්මන් රජ­යට මේ දින 90 ඇතු­ළ­ත­දීම තවත් ජනතා සහන රැසක් ලබා­දී­මට ඉඩ­කඩ තිබිණි.

කෙසේ වුවත් මේ දින 90 ඇතු­ළත ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­තු­මාගේ නාය­ක­ත්වය ඇතිව මහින්ද රාජ­පක්ෂ අග­මැ­ති­තු­මාගේ මෙහෙ­ය­වී­මෙන් ක්‍රියා­වට නැංවූ මේ ජන සෙත සල­සන සියලු කට­යුතු මගින් ජන­තා­වට හොඳින් ජීව­ත්වී­මට හැකි සුබ අනා­ග­ත­යක් මෙන් ම රටේ දියු­ණු­වට හේතු­වන තම ආර්ථික මට්ට­මක් ද බිහි­වනු ඇත.

Comments