රට­ගිය ඇත්තන්ගේ දුක්බර කතාව පිටු­පස ඇති ලොක්කන්ගේ කෙරු­වාව | සිළුමිණ

රට­ගිය ඇත්තන්ගේ දුක්බර කතාව පිටු­පස ඇති ලොක්කන්ගේ කෙරු­වාව

ශ්‍රී ලංකාවේ කෘෂි අප­න­යන ආදා­ය­මෙන් ලැබෙන මුදල මෙන්ම සංචා­රක කර්මා­න්ත­යෙන් ලැබෙන අදා­ය­ම­ටත් වඩා තුන්ගු­ණ­යක් විදෙ­ස්ගත ශ‍්‍රමි­ක­යි­න්ගෙන් අපේ රටට විදේශ විනි­මය ලෙස ලැබේ. ඒ අයු­රින් ගත් කල විදේ­ශ­ගත ශී‍්‍ර ලාංකි­ක­යි­න්ගෙන් අපේ රටට ලැබෙන ආදා­යම විශාල ප්‍රමා­ණ­යකි. 2013 වර්ෂය ගත­හොත් විදෙ­ස්ගත ශී‍්‍ර ලාංකි­ක­ය­න්ගෙන් ලැබුණු විදේශ විනි­මය ඇම­රි­කන් ඩොලර් මිලි­යන 6407කි. නමුත් 2013 වසරේ සංචා­රක කර්මා­න්ත­යෙන් ලැබුණු ආදා­යම ඩො.මි. 1715කි. මේ ආකා­ර­යෙන් ශ්‍රී ලංකාවේ ආර්ථි­ක­යට විශාල සේවා­වක් සිදු­ක­රනු ලබන විදෙ­ස්ගත ශ‍්‍රමි­ක­යින් සම්බ­න්ධ­යෙන් අප රට දක්වන සැල­කිල්ල ප්‍රමා­ණ­වත් ද යන්න සොයා බැලිය යුතු කරු­ණකි.

කෙසේ නමුත් අද වන­විට විදෙ­ස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමි­ක­යින් හට බොහෝ සෙයින් සිදු­වන අන­තුරු මෙන්ම නොසැ­ල­කීම් හේතු­වෙන් ඔවුන් මෙන්ම ඔවුන්ගේ පවු­ල්වල සාමා­ජි­ක­යින් ද දැඩි අසීරු තත්ව­ය­කට පත්වී­මට සිදුව ඇතත් ඒ සම්බ­න්ධ­යෙන් බල­ධා­රීන්ගේ අව­ධා­නය ද නිය­මිත පරිදි නොලැ­බීම තුළ ඔවුන්ට අත්වන ඉර­ණම ශෝච­නීය කරු­ණක් වී තිබේ .

අම්බ­ල­න්තොට ඔලු­විල් ප්‍රදේ­ශයේ පදිං­චිව සිටින තිදරු පියෙකු වන ඩබ්ලිව්.කේ.පි ලසන්ත මහතා ද පත්ව ඇත්තේ එවන් ශෝච­නීය ඉර­ණ­ම­ක­ටය. ඔහුගේ බිරිඳ වූ ඩබ්ලිව්.ආර්.නිරෝෂා දීප්ති 2018 නොවැ­ම්බර් මස 08 වන දින මිය යන්නේ වසර ගණ­නා­වක් සෞදි ආරා­බියේ ගෘහ සේවි­කා­වක ලෙස සේවය කර­මින් සිටින අත­ර­තුර වැරදි එන්න­තක් ශරීර ගත­වී­මෙන් පසු ලංකා­ව­ටද පැමිණ දුක් විඳී­මෙන් අන­තු­රුව ය.

'මගේ නෝනා සෞදි ආරා­බියේ ගෘහ සේව­යට ගිහින් වසර ගණ­නා­වක් හිටියා. ඒ අත­ර­තුර විටින් විට ඉන්න තැන හොඳ නැ කියලා හිටපු ගෙද­රින් පැනලා වෙනත් තැනක සේව­යට ගිහින් තියෙ­නවා . ඒ අත­ර­තුර මෙයා අස­නී­ප­යක් වෙලා රෝහල් ගත කළාම එහිදී දුන් එන්න­තක් වැර­දිලා එයාට හරි­යට ප්‍රති­කාර නොකර 2016 ලංකා­වට එව්වා. එදා සිටම මිය යන­තෙක් ඉඩ­ක­ඩම් පවා උකස් තියලා එයාව බේර­ගන්න හැදු­වත් වැඩක් උනේ නෑ. අද දරු­වන්ගේ වැඩ ටික කර­ග­න්නත් විදි­යක් නැති තර­ම­ටම අපි අස­රණ වෙලා'

ලසන්ත යනු මේ ඉර­ණ­මට ලක්වූ එක් පියෙකු පමණි. මේ ආකා­ර­යෙන් විදේශ රැකි­යා­වන්හි නියුක්ත වු මවු­ව­රුන්, පිය­ව­රුන් දහස් ගණ­න­කට මෙම ඉර­ණම අත් වි තිබෙන බව තොර­තුරු දැන­ගැ­නීමේ පනත හරහා විදේශ සේවා නියුක්ති කාර්යං­ශය මගින් ලබා ගත් නිල තොර­තු­රු­ව­ලින් අනා­ව­ර­ණය වේ. ඒ අනුව 2015 වර්ෂයේ 313 , 2016 වර්ෂයේ 295, 2017 වර්ෂයේ 291 ,2018 වර්ෂයේ 239 ,2019 වර්ෂයේ 242ක් වූ විදෙ­ස්ගත ශ‍්‍රමික ප්‍රමා­න­යක් මිය­ගොස් ඇති අතර ඒ අනුව පසු­ගිය වසර පහ තුළ පම­ණක් විදෙ­ස්ගත ශ්‍රමි­ක­යින් 1380 දෙනෙකු මිය­ගොස් තිබේ.

බොහො­ම­යක් විදෙස් ශ්‍රමි­ක­යින් මිය­ගොස් ඇත්තේ මැද පෙර­දීය රට­ව­ල­දීය. එහිදී 2015 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා වූ වසර 05 තුළ සෞදී අරා­බි­යේදී 505ක්, කුවේට් හිදී 261 ක් , කටාර් වලදී 189ක් එක්සත් එමීර් රාජ්‍ය­යේදී 154 දෙනෙකු මිය­ගොස් තිබෙන බව අනා­ව­ර­ණය වේ .

විදේශ සේවා නියුක්ති කාර්යාං­ශයේ 2017 වර්ෂයේ රැකියා සඳහා විදෙ­ස්ගත වුවන් පිළි­බ­ඳව දැක්වෙන වාර්තා­වන්ට අනුව පිරිමි කම්ක­රු­ව­න්ගෙන් සිය­යට 65 කට වැඩි ප්‍රමා­ණ­යක් විදේශ රැකියා සඳහා ලියා­ප­දිංචි වී ඇති බව වාර්තා වේ. කාන්තා සේවි­කා­වන්ගේ මුළු පිට­වීම සිය­යට 34 ක් වූ අතර, ඉන් 26% ක් ගෘහ සේවි­කා­වන් ලෙස වාර්තා වි තිබේ.

‘එතෙර අපි‘ සංවි­ධා­නයේ කටාර්හි මධ්‍යම කමිටු සාමා­ජික සුනිල් ජය­ති­ලක මහතා මේ සම්බ­න්ධ­යෙන් දැක්වූයේ මෙවන් අද­හ­සකි.

' ඇත්ත­ටම විදෙස් රට­ව­ලදී ගොඩක් කර­ද­ර­යට පත්වන්නේ හොර විදේශ රැකියා ආය­තන මගින් යන අය. ඒ ගැන රජය මිට වඩා සොයා බැලිය යුතුයි. යම් අන­තු­රක්, කර­ද­ර­යක් උනාම මොනවා හරි දෙයක් කර­න­වට වඩා එහෙම දෙයක් නොවෙන ආකා­ර­ය­කට රාජ­තා­න්ත්‍රි­කව යමක් කළ යුතුයි. තානා­පති කාර්යාල මඟින් ඉටු­විය යුතු සේවා­වන් නිසි අයු­රින් ඉටු නොවී­මද විදෙස් ගත ශ්‍රමි­ක­යින් මෙවැනි කර­ද­ර­යන්ට පත්වීම වැඩි වෙනවා '

මේ ආකා­ර­යෙන් 2015 සිට 2019 දක්වා කාලය තුළදී විදේශ රට­වල් තුළදී මිය­ගිය විදෙස් ශ්‍රමි­ක­යින් 1380 අත­රින් මෘත දේහ ගෙන්වා ගැනී­මට විදේශ සේවා නියුත්ති කාර්යාං­ශය මුදල් යොදවා තිබෙන්නේ 96 දෙන­කුට පමණි. අනෙ­කුත් 1284 දෙනාගේ මෘත දේහ ගෙන්වා ගැනී­මට අදාළ මිය­ගිය අයගේ පවුලේ අයගේ විය­ද­මින් හෝ ඔවුහු සේවය කළ ආය­ත­නයේ විය­ද­මින් සිදු­කර තිබේ .එමෙන්ම මිට අම­ත­රව 1178 දෙනෙකු හට රුපි­යල් 30000 බැගින් අව­මං­ග­ල්‍යා­ධාර මුද­ලක් ලබාදී ඇතත් මෙම කාල සීමාව තුළ මිය­ගිය විදෙස් ශ්‍රමි­ක­යින් 121 දෙනෙකු හට ඒ ආකා­ර­යෙන් වූ කිසිදු මුද­ලක් ගෙවා නොමැති බව තහ­වුරු වෙයි.

එමෙන්ම මේ වන­විට විදෙස් ගත­වන ශ්‍රමි­ක­යන් වෙනු­වෙන් විදේශ සේවා නියුක්ති කාර්යාං­ශය මඟින් රක්ෂණ ක්‍රම­යක් හදුන්වා දී ඇති අතර ඉන් මිය­ගිය අයකු වෙනු­වෙන් ලැබෙන්නේ රුපි­යල් ලක්ෂ හත­රක් පහක් පමණ මුද­ලක් බවත් එය මිය­ගිය අයගේ පවුල් සඳහා ජීව­ත්වී­මට කිසි­සේත් සරි­ලන මුද­ලක් නොවන බවත් කුවෙට්හි දී ස්වාමියා මිය­ගිය දිල්කි මහ­ත්මිය කියා සිටියි .

විදෙස් ගතව විවිධ අන­තු­රු­ව­ලට ලක්වී නැවත ගෙන්වා ගත් විදෙස් ශ්‍රමි­ක­යින් සංඛ්‍යාව 2016 වර්ෂ­යේදී 08කි. 2017 වර්ෂයේ 10 ක් , 2018 වර්ෂ­යේදී 03ක් 2019 වර්ෂ­යේදී 05 ක් වේ. එමෙන්ම ඔවුන් ගෙන්වා ගැනීම සඳහා විදෙස් සේවා නියුක්ති කාර්යාං­ශය රුපි­යල් අනු හතර ලක්ෂක් පමණ මුද­ලක් වැය­කොට තිබේ (රු 9437148). නමුත් මේ ආකා­ර­යෙන් ගෙන්වා ගත් කිසිම අයෙකු හට වන්දි ගෙවී­මක් සිදු­කර නොමැත.

අහිං­සක මිනි­සුන් ගේ ජිවිත බිල්ලට තබ­මින් ඔවුන් විදෙස් ගත කරන මුවා­වෙන් මුදල් මෙන්ම ශ්‍රමය මංකොල්ල කමින් මිනිස් ජාවා­රම් වල නිර­තවූ නීති විරෝධී විදේශ රැකියා ලබා­දෙන ආය­තන සම්බ­න්ධ­යෙන් 2015 වර්ෂයේ සිට 2019 දක්වා සිදු­ක­රන ලද වැට­ලීම් මඟින් එවැනි ආය­තන 1046ක් හසු කොට­ගෙන ඇති අතර, ඒ අතු­රින් විදේශ රැකියා ලබා­දෙන ආය­තන 885 ක් සඳහා නීති­මය ක්‍රියා­මාර්ග ගෙන තිබේ. නමුත් 2020 ජන­වාරි 07 දින වන විට ලංකාවේ විදේශ රැකියා නියෝ­ජිත ආය­ත­න­යක් වශ­යෙන් වලංගු බල­පත්‍ර ලබා­ගෙන තිබෙන ආය­තන ඇත්තේ 735 ක් බව විදේශ සේවා නියුක්ති කාර්යාං­ශය මඟින් ලබා­ගත් තොර­තුරු වලින් අනා­ව­රණ වේ.

 

Comments