DFCC වාර්තාවක | සිළුමිණ

DFCC වාර්තාවක

DFCC බැංකුව මේ වන­විට දිව­යින පුරා වෙසෙන ශ්‍රී ලාංකි­ක­යන්ට අති­ශය පුළුල් පරා­ස­යක පැති­රුණු බැංකු හා මූල්‍ය සේවා­වන් සප­යන පූර්ණ සේවා වාණිජ බැංකු­වක් බවට පත්වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑත­කදී ප්‍රකා­ශ­යට පත්ක­රන ලද ණය දීම් අනු­පාත සම්බන්ධ විධි­වි­ධාන මාලා­වට අනුව තමන් කට­යුතු කරන බව පසුගියදා නිවේ­ද­නය කළේ ය.

මේ සම්බ­න්ධ­යෙන් අද­හස් දක්ව­මින් එම බැංකුවේ ප්‍රධාන විධා­යක නිල­ධාරී ලක්ෂ්මන් සිල්වා මහතා මෙසේ පැවසී ය.

“DFCC බැංකුව අනු­ග­ම­නය කරන ආය­ත­නික යහ­පා­ලන ක්‍රම­වේ­ද­යන්ට සම­ගා­මීව සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබා­දෙන ලද මාර්ගෝ­ප­දේ­ශ­යන්ට අනු­කූ­ලව, 2019 අප්‍රේල් 26 වෙනිදා පැවති අග­යන්ට සාපේ­ක්ෂව නොවැ­ම්බර් 01 දින වන විට සති­පතා බර තැබීමේ සාමාන්‍ය ප්‍රමුඛ ණය අනු­පා­ති­කය (Average Weighted Prime Lending Rate - AWPR) පද­නම් ලකුණු Basis Points -BPS) කින් අඩු කිරී­ම­ටත්, දෙසැ­ම්බර් 27 වන විට එම අගය පද­නම් ලකුණු 250 කින් අඩු කිරී­ම­ටත් අප පිය­වර ගත්තා.”

Comments