ජාතික සන්නි­වේ­ද­ක­යාට ජාත්‍යන්තර සම්මා­න­යක් | සිළුමිණ

ජාතික සන්නි­වේ­ද­ක­යාට ජාත්‍යන්තර සම්මා­න­යක්

ශ්‍රී ලංකා ටෙලි­කොම් සමා­ගම “ආසි­යාවේ වඩාත්ම විශ්වා­ස­දා­යක සමා­ගම් 2019“ සම්මාන උළෙ­ලේ දී සම්මා­න­යට පාත්‍ර­විය. ඒ තායි­ල­න්තයේ බැංකොක් නුව­ර දී පසු­ගි­යදා පැවැති සම්මාන ප්‍ර­දා­නෝ­ත්ස­ව­යේ­දීය. අැමෙ­රිකා එක්සත් ජන­ප­දයේ ජාත්‍යන්තර සන්නාම උප­දේ­ශන ආය­ත­නය විසින් සකස් කරන ලද සංක­ල්ප­යක් අනුව ආසි­යාවේ වඩාත්ම විශ්වා­ස­දා­යක සමා­ගම් වෙත මෙහි දී සම්මාන පිරි­නැමේ. ශ්‍රී ලංකා ටෙලි­කොම් සමා­ගම වෙනු­වෙන් මෙම සම්මා­නය සාමා­න්‍යා­ධි­කාරී රෝහණ එල්ලා­වල මහතා සහ නියෝ­ජ්‍ය සාමා­න්‍යා­ධි­කාරී අසිත ජය­සේ­කර මහතා විසින් ලබා ගන්නා ලදී.

Comments