ගමේ ගොවීන් නංවන කාගිල්ස් තාක්ෂණය | සිළුමිණ

ගමේ ගොවීන් නංවන කාගිල්ස් තාක්ෂණය

ගොවීන් පන්ද­හ­සක් සමඟ එක්ව වැඩ කරන කාගීල්ස් සමා­ගම, ඔවුන්ගේ උන්න­තිය උදෙසා බොහෝ වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කරයි. පසු­ගිය දිනෙක හඟු­ර­න්කෙත එළ­වළු ගොවීන්, තඹු­ත්තේ­ගම බලා ආවේ ද ඒ සාධ­නීය වැඩ­ස­ට­හන් පෙළේ තවත් එක් පිය­ව­රක් ලෙස ය.

එනම්, සාම්ප්‍ර­දා­යික වගා ක්‍රම තුළ සිරවී නොසිට, කාගිල්ස් සමා­ගම හඳුන්වා දුන් නව වගා සංක­ල්ප­යට අනුව වගාකොට අත­මිට සරු කර­ගත් තඹු­ත්තේ­ගම සහෝ­ද­ර­ව­රුන්ගේ සරු­සාර ගොවි බිම් දැක ඉගෙන ගන්නට ය. දවස පුරා ඒ ගොවි බිම්වල රැඳෙ­මින්, හඳුන්වා දුන් නව සංක­ල්ප­යට අදාළ තාක්ෂ­ණය පිළි­බඳ දැනු­ම්වත් වෙමින් ඔවුහු සිය දැනුම බෙදා හදා­ගත්හ.

සමා­ගමේ සමූහ කළ­ම­නා­කරු කෘෂි ව්‍යාපාර, හරි­දාස් ප්‍රනාන්දු මහතා එම වගා විප්ල­වය පිළි­බඳ හඳුන්වා දුන්නේ මෙසේ ය.

Drip irrigation system හෙවත් ‘බින්දු වාරි’ ක්‍රමය තමයි, මේ අලුත් තාක්ෂ­ණය. මූලික විය­දම අක්ක­ර­ය­කට ලක්ෂ පහක් වගේ වුණාට අවු­රුදු දහ­යක් යන­කල්ම ඒ ආම්පන්න භාවිත කරන්න පුළු­වන්. ඵල­දාව ආර­ක්ෂි­තයි.

ඒ විත­රක් නෙවෙයි. සම්ප්‍ර­දා­යෙන් මිදුණු මේ ක්‍රම­යෙන් ‘පූර්ණ සුර­ක්ෂිත ආහාර වගා­වක්’ කියන සංක­ල්පය සුරැ­කෙ­නවා.

හරි­ය­ටම කිව්වොත් බින්දු කිහි­පය බැගින් හැම­දා­මත් ගහට වතුර සහ පොහොර වැටෙන මේ ක්‍රමය නිසා, ගස් මුල්ව­ලට කොළ­ව­ලට ගෙඩි­ව­ලට පොහොර මිටි ගණන් හැලූ යුගය දැන් අව­සන්.

ඒ අනුව, පොහොර සහ කෘෂි රසා­යන භාවි­තය 65% කින් අඩු­වෙලා. ගොවීන්ගේ අස්වැන්න නොසිතූ ලෙස ඉහළ යන්න පටන් අරන්.

කාගිල්ස් වටා සිටින පන්ද­හ­සක් තරම් වූ මෙරට එළ­වුළු ගොවීන් සියලු දෙනාම ක්‍රම ක්‍රම­යෙන්, මේ නවීන තාක්ෂ­ණය භාවි­ත­යට හුරු කිරීම සිය ආය­ත­නික ඉල­ක්කය බව, තව­දු­ර­ටත් පැව­සීය.

“ගොවියා සහ කාගිල්ස් අතර තිබෙන්නේ ගනු­දෙ­නු­වක් පම­ණක් නොවෙයි. ඉන් ඔබ්බට ගිය බැඳී­මක්. ජාතික මෙහෙ­ව­ර­කට අපි දෙගො­ල්ලොම හද­ව­තින් බැඳී හිඳි­නවා‍. ඒ නිසා තව­දු­ර­ටත් කෘෂි රසා­යන ගෝණි ගණන් හළන මේ වගා ක්‍රමය තුළ අපේ ගොවීන් සිර වී නැහැ.

මේ තාක්ෂ­ණය අපි ඉගැ­න්නුවේ තෝරා­ගත් ගොවීන් කණ්ඩා­ය­මක් ආය­ත­නික විය­ද­මින් ඉන්දි­යා­වට අරන් ගිහින් පෙන්වලා. අත්දැ­කීම් ලබන්න සල­ස්වලා. ගොවීන් විත­රක් නෙවෙයි. ඔවුන්ගේ දෙවැනි පර­ම්ප­රාවේ නියෝ­ජ­න­ය­කුත් මේ ගම­නට සහ­භාගි කරවා ගත්තා. කියන්න බැරි තරම් සතු­ටුයි. දැන් මේ ගොවි පුතුන් එක්කෙනා දෙන්නා වගා­වට එන්න අරන්. ඔවුන් වගා කරන්නේ මේ අලුත් තාක්ෂ­ණ­යට අනු­වයි.

ගොවි­තැන් අත්හැර දමන බහු­තර දෙවැනි පර­ම්ප­රාව යළි වගා­වට පොල­ඹවා ගන්නට ලැබීම රටක් හැටි­යට මොන තරම් වටි­න­වද...”

අලුත් වගා ක්‍රමය තුළ ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන පිබි­දීම ගැන ඔහු තව­දු­ර­ටත් පැහැ­දිලි කළේ එසේ ය.

තඹු­ත්තේ­ගම - මකු­ලෑව ගමේ සුනිල් අබේ­සේ­කර යනු, මේ අත්දැ­කීම් සිය වගා ජීවි­ත­යට ඈඳා ගත් 53 හැවි­රිදි කාගිල්ස් ගොවි මහ­තෙකි.

“අවු­රුදු 16 ක් තිස්සේ එළ­වුළු වවන මං, ඒ කාලෙ දුන්නෙ ආර්ථික මධ්‍ය­ස්ථා­න­යට. ඒ කාලෙ අපි හරි­යට මහන්සි වුණා. කාගිල්ස් සමා­ග­මට එළ­වුළු දෙන්න අරන් අවු­රුදු 15 ක්. ඉස්සර අපි වැව්වේ ලියැදි ක්‍රම­යට. වතුර හුඟක් ඕනේ. මහ­න්සි­යත් ඒ වගේ. ඔහොම ඉන්න කොට තමයි, කාගිල්ස් මහ­ත්තුරු දැනට මාස කිහි­ප­ය­කට කලින් රැස්වී­මක් තියලා අපිට කිව්වේ දැන් සම්ප්‍ර­දා­යික විදි­යට වැව්වා ඇති, අලුත් ක්‍රම­යක් තියෙ­නවා ඉන්දි­යාවේ, මේ මධ්‍ය­ස්ථා­න­යෙ­නුත් ගොවීන් දෙන්නෙක් යව­නවා ඉගෙන ගෙන එන්න කියලා. මටත් ඒ වටිනා අව­ස්ථාව ලැබුණා.

අපි සති­යක් ඒ වගා­බි­ම්වල හිටියා. අත්දැ­කීම් ලැබුවා. ඉගෙන ගත්තා. එත­කොට තමයි දැනුණෙ අපි මොන තරම් විය­දම් දරා­ගෙන, මොන­ත­රම් දුක් විඳින ක්‍රම­ය­කට ද මේ එළ­වුළු වවන්නෙ කියලා‍. ඒ දව­ස්වල වතුර නැති එකත් ප්‍රශ්න­යක්. දැන් නියං කාලෙදී වුණත් මේ බින්දු ජල ක්‍රමය නිසා, වතුර ටික පිරි­මහ ගන්න පුළු­වන්.

වෙනදා අක්ක­ර­යක් වගා කරලා අස්වනු ගනිද්දී සේවක විය­දම, තෙල් පොහොර විය­දම දරා­ගන්න බැහැ. කිලෝ දාහක් කැඩු­වොත් හොඳ ඵල­දාව කිලෝ පන් හය­සී­යයි. පසු අස්වනු නාස්තිය වැඩියි. අද මං කිලෝ 1600 ක් පිපිඤ්ඤා කැඩුවා. කිලෝ හත­ළි­හයි අයින් වුණේ. පොලි­තින් ආව­ර­ණය උඩ වැල යන­කොට ගෙඩි බිම ගෑවෙන්නෙ නැහැ. ඇදක් පළු­ද්දක් නැහැ. මාස තුනෙන් අස්වැන්න ගන්නවා. වතු­රත් ටිකයි. පොහො­රත් ටිකයි. වටේ­ටම උස සුදු දැල නිසා කෘමීන් - මැස්සො එන්නෙ නැහැ. ඒ විත­රක් නෙවෙයි පොළොව හාරා­ගෙන ඌරො. ඉත්තෑවො එන්නෙ නැහැ. අක්කර බාගෙක පිපිඤ්ඤා වවලා කිලෝ හය හත්දා­හක මුර හය හතක් කඩ­න්නත් පුළු­වන්. හරි­යට බැලු­වොත් ලක්ෂ තුනක විතර ආදා­ය­මක්. පළ­වෙනි දෙවැනි මුර­ව­ලින් ම අපි මූලික මුදල හොය­ලත් ඉව­රයි. ආයේ කඩන හැම මුර­යක් ම ලාබේ. ඇත්ත­ටම රුපි­යල් ලක්ෂ දෙක හමා­රක ආධාර මුද­ලක් සහ තවත් ලක්ෂ දෙකහමා­රක ණය මුද­ලක් සමා­ග­මෙන් අපිට දීලා තමයි මේ වැඩේට අපිව උනන්දු කළේ. දැන් හිතෙ­නවා, අපේ ගංවල අනෙක් ගොවි­­න්ටත් මේ ඩ්‍රිප් ඉරි­ගේ­ෂන් ක්‍රම­යට යන්න ආණ්ඩුව හරි උදව් කර­නවා නම් මොන තරම් හොඳද කියලා.

විමල් දයා­ර­ත්න
සුනිල් අබේ­සේ­කර

එත­කොට, ගොවීන්ගේ අස්වනු අපතේ යන්නෙ නැහැ. අඩුම මුද­ල­කින් ‍හොඳ අස්වැ­න්නක් ගන්නත් පුළු­වන්. මහ­න්සි­යත් අව­මයි. ගොවි තැන අත්හැර දමන්න හිතෙ­න්නෙත් නැහැ. මම දැන් වැඩ කරන්නෙ හුඟක් සතු­ටින්. මගෙ දරු­වොත් දැන් ගොවි­තැ­නට ආසයි. මඩ නාගෙන ලියැදි කොටා­ගෙන, වතුර ඇද­ගෙන දහ දුක් විඳින්න දෙයක් නැහැ.”

තඹු­ත්තේ­ගම විමල් දයා­රත්න ගොවි මහතා ද සිය ගොවි ජීවි­තයේ හැර­වුම් ලක්ෂය ලෙස සල­ක­නුයේ ඉන්දි­යා­වට ගොස් ඉගෙන ගන්නට ලැබුණු මේ නව වගා සංක­ල්ප­යයි.

“ඇත්ත­ටම මං තව­මත් හිත­නවා, ඇයි අපි මේ ක්‍රම­යට වගා කරන්න මේ තරම් පමා වුණේ කියලා. ඉන්දි­යාවේ ගොවි බිම් දැකපු වෙලා­වෙයි මට දැනුණේ අපේ මහ පොළොව මොන තරම් වටි­න­වද කියලා.

අපේ පස තරම් සාර­වත් නැති ජල­යත් අවම ඒ බිම්වල ඔවුන් ඩ්‍රිප් ඉරි­ගේ­ෂන් සිස්ටම් එකෙන් උප­රිම ප්‍රයෝ­ජන අරන් තියෙන හැටි දැක්කම හිතුණා, අපේ මේ මහ පොළොවේ මොන­වද වවන්න බැරි කියලා‍. මට ඇත්ත­ටම ලංකා­වට ඇවිත් මගේ ගොවි බිමේ මේ ක්‍රමය හද­න­කම් ඉව­සි­ල්ලක් නැතිව හිටියේ.

දැන් අවු­රු­ද්දක් තිස්සේ මං මේ අලුත් වගා සංක­ල්පයේ ඵල නෙළා ගන්නවා. වෙනදා කන්න­යෙන් කන්න­යට පොළොව හදා ගත්තු විය­දම් කරපු මං එක සැර­යක් පොළොව හදා­ගෙන, කන්න තුන හත­රක් නෙවෙයි, එක දිගට ම වගා කර­නවා. මේ වෙන­කොට එළ­වුළු කිලෝ පහ­ළොස් දාහ­කට වඩා නෙළා ගත්තා. හිතා­ගන්න බැරි තර­මට ජලය සහ පොහොර යෙදීම අඩු වුණා. හරි­ය­ටම කිවු­වොත් අක්ක­ර­යක් තෙමන්න පැය තුනක් තිස්සෙ වතුර දාපු අපි, දැන් අක්කර දෙක­ක­ටම පැයයි වතුර දාන්නේ. යූරියා පොහොර ගියේත් බිඳිති හැටි­යට නිසා මුළු අවු­රු­ද්ද­ටම පොහොර මිටි­යක් පාවිච්චි කරන්න වුණේ නැහැ. අකැ­මැ­ත්තෙන් අත ගැහු­වට දැන් මගේ මුළු ඉදිරි ජීවිත කාලෙම මං වවන්නෙ මේ ක්‍රම­යට...”

විමල් දයා­ර­ත්නගේ මෙන් ම, තව­මත් තාරු­ණ්‍යයේ පසු­වන නලින් විජේ­ර­ත්නගේ කතාව ද සිය ජීවි­ත­ව­ලට පන්න­ර­යක් එක් කළ බව, හඟු­ර­න්කෙත ගොවීහු කිය­න්නට මැළි වූයේ නැත.

මගේ අම්මා ගුරු­ව­රි­යක්. තාත්තා බැංකු නිල­ධා­රි­යෙක්. උසස් පෙළට කළේ ගණිත විෂය. ටෙක්නි­කල් පාඨ­මා­ලා­වක් කළත් මට ඕන වුණේ නැහැ, අනුන් යටතේ වැඩ කරන්න.

ඉස්කෝලෙ යන කාලෙ කුඹු­රට බැහැ­ල­වත් තිබුණේ නැති මං අප්පච්චි අරන් දීපු ඉඩමේ ගොවි­තැන් කරන්න තීර­ණය කළා. අද මං අක්කර 7 – 8 ක වී වව­නවා. තවත් අක්කර තුන හත­රක එළ­වුළු වව­නවා.

ගිය පාර අක්ක­ර­යක පිපිඤ්ඤා වවලා මං කිලෝ පහ­ළොස් දාහ­කට වඩා කැඩුවා. රුපි­යල් ලක්ෂ අටක් විතර හෙව්වා. ලක්ෂ තුනක් යට කළත් මට පහක් ලාභයි. මං වගේ තරුණ අය ගොවි­තැ­නෙන් ඈත් වෙන­කොට, මං ගොවි­තැ­නට ආවා. කාගිල්ස් අලුත් තාක්ෂ­ණය නිසා ඉස්සර වගේ මඩ නාගෙන දුක් විඳින්න ඕනෙ නැහැ. මගේ අයි­යයි අක්කයි ඉහළ නිල­ධා­රීන්. නමුත් ඒ දෙන්නට මං ගැන ආඩ­ම්බ­රයි. අනික මං ඉන්ට­ර්නෙට් එකත් නිතර අලුත් තාක්ෂ­ණය, ගොවි­තැන් ක්‍රම අධ්‍ය­ය­නය කර­නවා.

මං හරි ආඩ­ම්බ­ර­යෙන් කියන්නෙ, මං කරන්නෙ ගොවි­තැන් කියලා. ඒ වගේ ම මගේ දරු­වොත් ගොවි­තැන් කර­න­ව­ටයි මං කැමැති. අවු­රුදු දහ­යක් තිස්සෙ කාගිල්ස් එක්ක වවන මං, තව තවත් නවීන තාක්ෂ­ණය හොය­මින් ගොවි­තැනේ යෙදෙ­නවා...”

ගමේ කෘෂි ආර්ථි­ක­යට උර­දෙන අතරේ රටේ කෘෂි කර්මා­න්තය නංවා­ලී­මට දහ­ඩිය හෙලන මෙවැනි කාගිල්ස් ගොවීන් රටට සප­යන්නේ පූර්වා­ද­ර්ශ­යකි. උත්තේ­ජ­න­යකි.

Comments