හැමෝ­ටම බෙර­ග­හන්න නම් පුළු­වන්, හැබැයි තාල­යට බෙර­ග­හන්න හැමෝ­ටම බෑ | සිළුමිණ

හැමෝ­ටම බෙර­ග­හන්න නම් පුළු­වන්, හැබැයි තාල­යට බෙර­ග­හන්න හැමෝ­ටම බෑ

සන්නි­වේ­දන මාධ්‍ය අධ්‍ය­ය­නය පුළුල් විෂ­ය­යක් කිව්වොත් හරි­ය­ටම හරි. දැන ගියොත් කත­ර­ගම. නොදැන ගියොත් නම් ඉතින් අත­ර­ම­ඟම තමයි. පසු­ගිය දව­සක පත්තර මහ­ගෙ­ද­රට ගොඩ­වැ­දුණ ඔහු සන්නි­වේ­දන මාධ්‍ය අධ්‍ය­ය­නය උග­න්ව­මින් මාධ්‍ය­වේ­දීන් නිර්මා­ණය කර­න්නට උත්සාහ කරන තරුණ ගුරු­ව­ර­යෙක්. නමින් ගයාන් ඉද්ද­ම­ල්ගොඩ. ඔහුගේ උත්සා­හය සාර්ථක වේවිද? බලමු. මේ රස­ඳුන අප ඔහු සමඟ තැබූ සංවාද සට­හ­නකි.  

 ඇත්ත­ටම කවුද මේ ගයාන් ඉද්ද­ම­ල්ගොඩ?  

සර­ලව එක වච­න­ය­කින් මම කවුද කියලා නම් කියන්න අමා­රුයි. ඒ නිසා මම මෙහෙම කිය­න්නම්. මම ඉද්ද­ම­ල්ගොඩ මීඩියා ඇක­ඩ­මියේ අධි­පති‍. ඒ වගේ ම සන්නි­වේ­දන මාධ්‍ය අධ්‍ය­ය­නය දේශ­ක­ව­ර­යෙක්. නව දැනුම සොය­මින් ඒ දැනුම අවශ්‍ය අයට ලබා­දෙ­මින් ජන­මා­ධ්‍ය­ක­රු­වන් වෙනු­වට ජන­මා­ධ්‍ය­වේ­දීන් හද­න්නට මහන්සි වෙන සන්නි­වේ­දන ළබැ­දි­යෙක්.  

 ජන­මා­ධ්‍ය­වේ­දි­යෙක් වෙන්න නම් න්‍යායික වගේ ම ප්‍රායෝ­ගික දැනු­මත් අත්‍ය­ව­ශ්‍ය­මයි‍. ගුරු­ව­ර­යෙක් විදි­යට ඔබට පුළු­වන් වෙයිද ඒ රික්තය පුර­වන්න.  

මම ජන­මාධ්‍ය අංශ ගණ­නා­වක් ම ස්පර්ශ කර­මින් ඒ තුළම ජීවත් වුණ කෙනෙක්. ජාතික රූප­වා­හි­නියේ අතුරු මිතුරු ළමා වැඩ­ස­ට­හ­නින් මාධ්‍ය ජීවි­තය ආරම්භ කරලා ඒ ඔස්සේ දිගු ගම­නක් යමින් සිටින කෙනෙක්. ගුරු­ව­ර­යෙක් විත­රක් ම නෙවෙයි. MAXTV, Srilak වාහිනී, සියත TV නාළි­කා­වල වැඩ­ස­ට­හන් නිෂ්පා­ද­ක­යකු වගේ ම නිවේ­ද­ක­යකු ලෙස ද කට­යුතු කළා.  අමා­ත්‍යාංශ ද්විත්ව­යක රාජ්‍ය මාධ්‍ය ලේකම් විදි­යට වගේ ම මාධ්‍ය නිල­ධා­රි­යකු විදි­ය­ටත් වග­කීම් දර­න්නට අව­ස්ථාව ලැබුණා. මේ වන­විට තිනෙත TV නාළි­කාවේ දේශ­පා­ලන වැඩ­ස­ට­හ­නක් හසු­ර­ව­නවා. ඉතින් මට විශ්වා­සයි මාධ්‍ය­ක­ර­ණයේ නියැ­ළෙ­න්නට කැමැති අයට සාධා­ර­ණ­යක් ඉටු කරන්න මට පුළු­වන් කියලා.  

 කොහො­මද ඔබේ ජන­මාධ්‍ය අධ්‍ය­ය­නය කට­යුතු ඇර­ඹෙන්නේ?  

කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යයි මුල් ම ආර­ම්භය. ඒ ජන­ස­න්නි­වේ­දන අධ්‍ය­යන අංශයේ ශිෂ්‍ය­යෙක් විදි­යට. ආද­ර­ණීය දක්ෂ ඇදුරු මඬු­ල්ල­කින් ජන­ස­න්නි­වේ­දන හැදෑ­රීම ආරම්භ කළා. ඉන්පස්සේ රජයේ ශිෂ්‍ය­ත්ව­ය­කින් ඉන්දි­යාවේ මයි­සූර් විශ්ව­වි­ද්‍යා­ල­යෙන් සන්නි­වේ­ද­නය පිළි­බඳ ශාස්ත්‍ර­පති උපා­ධි­යක් ලබා­ගත්තා.  

 ඒ කියන්නේ ඔබ කරන්න හදන්නේ අලුත් වැඩක් ද?  

ඔව්; මම හිතන්නේ මේක අලුත් වැඩක්. කැම­රාවේ ඉති­හා­සය දැන­ග­ත්තට කැමරා කරන්න ෆොටෝ ගහන්න බෑ. එකට කැම­රාව අල්ල­න්නම අව­ශ්‍යයි. සන්නි­වේ­දන මාධ්‍ය අධ්‍ය­ය­නය කරන්න ඕන ඒ විදි­යට අත්දැ­කී­මෙ­න්මයි. බොහෝ දෙනෙක්ට බෙර­ග­හන්න පුළු­වන්. හැබැයි තාල­යට බෙර­ග­හන්න හැමෝ­ටම බෑ. මම කියලා දෙන්නේ බෙර ගහන්න දක්ෂ, කැමැති අයට කොහො­මද තාල­යට බෙර ගහන්නේ කියලා.  

 ඒ කියන්නේ ඔබ මැජික් එකක් කර­න්නද යන්නේ?  

හැමෝ­ටම හිතෙයි මේක මැජික් එකක් කියලා. ඒත් අපේ කණ්ඩා­යම ගැන ඇහු­වාම මේ මැජික් එකක් නෙවේ කියලා පැහැ­දිලි වේවි. මාත් එක්ක සන්නි­වේ­දන ක්ෂේත්‍රයේ දක්ෂ­යින් කිහිප දෙනෙක් ම ඉන්නවා. ඔවුන් නමින් සඳ­හන් කළොත් මහා­චාර්ය කමල් වලේ­බොඩ, ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය දර්ශන මාපා පති­ර­ණගේ, ජාතික රූප­වා­හි­නියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ විජය දිසා­නා­යක, සිනමා සංස්ක­රණ ශිල්පී ප්‍රවීන් ජය­රත්න සහ සියත FM නාළි­කාවේ කළ­ම­නා­කා­රිණී තිලිණි පූර්ණිමා කුල­සිරි, ප්‍රවීණ අධ්‍යක්ෂ තරංග බණ්ඩාර, ස්වාධීන රූප­වා­හිනී නිෂ්පා­දක/ නිවේ­දක අසංක සත­ර­සිං­හයි ඔවුන්ගේ දැනුම සහ අත්දැ­කීම් දක්ෂ ජන­මා­ධ්‍ය­වේ­දීන් බිහි­ක­ර­න්නට පාර කියාවි.  

 අධ්‍ය­ය­නය කරන්න කැමැති අය කොහො­මද සම්බන්ධ වෙන්නේ?  

ගාල්ල, මාතර, කොළොඹ සහ ගම්පහ, මහ­නු­වර, කුරු­ණෑ­ගල යන ප්‍රදේ­ශ­වල අපි ජන­වාරි මස සිට නව පාඨ­මාලා ආරම්භ කර­නවා. පාඨ­මා­ලාව කොටස් දෙකයි. ජන­මාධ්‍ය අධ්‍ය­ය­නය යටතේ අධ්‍ය­ක්ෂ­ණය, රංග­නය, හඬ කැවීම, නිවේ­ද­නය, සින­මා­වේ­දය, දැන්වී­ම්ක­ර­ණය, පිට­පත් රච­නය, සමාජ මාධ්‍ය­ක­ර­ණය උග­න්ව­නවා. ඒ වගේ ම ඡායා­රූ­ප­ක­ර­ණය සහ කැම­රා­ක­ර­ණය අනෙක් පාඨ­මා­ලා­වෙන් උග­න්ව­නවා. ඉතින් ජන­මා­ධ්‍ය­වේ­දි­යෙකු වෙන්න කැමැති අයට අපත් එක්ක සම්බන්ධ වෙන්න පුළු­වන්.  

 අව­සන් වශ­යෙන් යමක් සඳ­හන් කළොත්?  

ජන­මා­ධ්‍ය­වේ­දි­යෙක් වීම බොහොම සුන්දර වගේම බැරෑ­රුම් කාර්ය­යක්. ඒත් ඔබ දක්ෂ­යෙක් නම් වෘත්තී­මය වශ­යෙන් දිගු ගම­නක් යන්න ඔබට පුළු­වන්. ඒ සැඟ­වුණු දක්ෂ­තා­ව­යන් ඔප්නං­ව­මින් කුස­ලතා පූර්ණ ජන­මා­ධ්‍ය­වේ­දි­යෙකු නිර්මා­ණය කර­න්නට අප සූදා­නම්. එන්න, ඔබේ දක්ෂ­තා­වය ඔබම දැක­ගන්න‍. ඔබත් වෙනස් විදිහට මාධ්‍ය හදාරන්න කැමති කෙනෙක් නම් අමතන්න ගයාන්ට... (0772991425)   

Comments