සින්ක් එකෙන් එන දුගඳ ඔබ­ටම එපා වෙලා ද? | සිළුමිණ

සින්ක් එකෙන් එන දුගඳ ඔබ­ටම එපා වෙලා ද?

මුළු­තැන්ගේ වැඩ කරන ගෘහි­ණිය තමා මේ අප­හ­සු­තා­ව­ට පත්වෙ­න්නෙම. මොනවා කළත් ඒ දුගඳ අඩු නොවන්නෙ ඇයි කියලා දන්නෙ නෑ නේද? ප්‍රධා­නම හේතුව අපි­රි­සිදු ජලය ගලා යන නළ පද්ධ­තිය. ඒ නළ මාර්ගය ඇතුළේ තෙත­ම­නය රැඳෙන නිසා බැක්ටී­රියා වර්ධ­නය වෙනවා. දුගඳ එන්න ප්‍රධා­නම හේතුව එයයි. ගෙද­රදී ඔබට මෙයට විස­ඳුම හොයාගන්න පුළු­වන්. දෙහි යුෂ හෝ විනා­කිරි කෝප්ප 1ක් බේකින් සෝඩා කෝප්ප 1ක් අර­ගන්න. දෙහි යුෂ හෝ විනා­කිරි ළිපේ තියලා ටිකක් රත් ක­ර­ගන්න. බේකින් සෝඩා ටිකෙන් ටික රත් වෙන දෙහි හෝ විනා­කිරි එකට දමා හොඳින් දිය කර­ගන්න. මේ ද්‍රාව­ණය දුගඳ හමන තැන නළ මාර්ග­ව­ලට වත් කරන්න. විනාඩි 15 පසු උණු­ව­තුර දමා සේදී­යන්නට සල­ස්වන්න.

අම­ත­ක­ වීම නැති කර­ගන්න හොඳම දේ ව්‍යායාම

අම­ත­ක­ වීම වැනි විය­පත් වීම සමඟ ඇති­ වන තත්ත්ව­යන් පාල­නය කර ගැනී­මට, මොළය වය­සට යාම අඩු කර ගැනී­මට සිදු­ව­නවා. ඇමෙ­රිකා එක්සත් ජන­ප­දයේ විද්‍යා­ඥ­යන් පිරි­සක් විසින් සිදු කරන ලද පරී­ක්ෂ­ණ­ය­කට අනුව මොළය වය­සට යෑම පාලනය කළ හැකි බව සොයා­ගෙන තිබෙ­නවා. එනම් කිසියම් මට්ට­ම­කට කායික ව්‍යායා­ම්වල යෙදෙන අයගේ මොළය වය­සට යාම අඩු­ වන බවයි කියන්නේ. හොඳින් ව්‍යායා­ම්වල නිරත වෙන පුද්ග­ලයන් ගේ මොළය වය­සට යෑම අවුරුදු 10කින් පමණ අඩු­ කරගත හැකි බවයි පවසන්නේ.

නාපු ගමන් ඩියොඩ්‍රන්ට්ස් එපා

හුඟ දෙනෙක් ගමන් - බිමන් යන්න නාපු ගමන් ම අත් යට ඩියො­ඩ්‍රන්ට්ස් ආලේප කර­නවා. මෙය හොඳම නැති දෙයක් බවයි කියැ­වෙන්නෙ. කිහි­ලි­වල ඩියො­ඩ්‍රන්ට්ස් ආලේප කළ යුත්තේ කිහිලි සෝදා අඩුම ගණනේ විනාඩි 15ක් වත් ගිය පසු­වයි. මොකද තෙත පිටින් ඩියො­ඩ්‍රන්ට්ස් ගැල්වීම චර්ම රෝග හටගන්න හේතු වන­වා­මයි.

උප­රිම සතුට ලබන අයට තරු­ණ ­වෙන්න ඖෂධ ඕනෑ නැහැලු

අද වන ­විට මුළු ලෝක­යේම මිනි­සුන් වැඩි ප්‍රමා­ණ­යක් තරුණ භව හැම­දාම රැක­ගන්න නොක­රන දෙයක් නැති තර­මට පත් වෙලා. මේ නිසා රූප­ලා­ව­ණ්‍යා­ගා­ර­ව­ලට නම් ඇත්තෙ ලොකු ඉල්ලු­මක්. මෑත කාලය වන ­විට තරුණ බව හැම­දාම තබා­ගන්න යම්... යම් ඖෂධ අර­ගන්න පිරිස අසී­මිත ලෙස වැඩි වෙලා තිබෙ­නවා. මේ ඖෂධ අනා­ග­තයේ අතුරු ආබාධ රැසක් ගෙන දෙන්න සමත් වෙන­වාලු. ඉන්දීය වෛද්‍ය­ව­රි­යක වූ ආශී එක්තරා දේශ­න­ය­කදී මේ ගැන කියලා කියා තිබෙන්නෙ තරු­ණ­කම හැම­දාම ළඟ තබා­ගන්න නම් මේ දේවල් නොව පුද්ග­ල­යකු කායික සතුට උප­රි­ම­යෙන් ම ලැබිය යුතු බවයි. ‘දැන් බලන්න සාර්ථක පවුල් ජීවිත ගත කරන අය දිහා, 60 – 70 ඔවුන්ට පැනලා කියලා සිත­න්න­වත් බෑ.’ එයට හේතුව කායික ජීවිතේ උප­රිම සතුට ඔවුන් ලබන නිසා බවයි ඇය කියා සිටියේ. ඔබේ කායික ජීවි­ත­යේත් ඔබ අති­ශය තෘප්ති­මත් නම් විය­පත් වෙද්දී තරුණ වෙන්න පෙති බොන්න ඕනෑ වෙන්නේ නැති‍ ­වේවි.

 

පීඩ­න­යෙන් ද ඉන්නේ, පූස් පැටව් දෙස බලන්න

ජීවි­තයේ අප­හ­සු­තා­ව­ලට ලක් වන වෙලා­වල් බොහෝ­මයි. හිතේ තියෙන විඩාපත් ගතිය, මාන­සික පීඩ­නය, කාංසාව, ශෝකී ස්වභා­වය වගේ දේ නැති කර­ගන්න ඇතැම් සතුන්ගේ ක්‍රියා­කා­ර­කම් රැගත් වීඩියෝ පට හේතු වන බව විද්‍යා­ඥ­යන් පව­ස­නවා. පූස් පැටව් සෙල්ලම් කරන අපූ­රුව ඉන්ට­ර්නෙට් එක ඔස්සේ දැක­ගන්න ඕන තරම් පුළුවන්. විද්‍යා­ඥ­යන් කියන විදි­හට ඒවාගේ වීඩියෝ බැලීම මනස නැවුම් භාව­යට පත්ක­ර­නවා. මේ වාගේ සුර­තල් සතුන්ගේ දඟ­කාර වීඩියෝ බැලුවා­යින් පසුව ඕනෑම බැරෑ­රුම් වැඩක් වුණත් සැහැල්ලුවෙන් කරන්න හැකි­යා­වක් ලැබෙන බවයි කියන්නේ.

 

ඖෂධ දින­පතා බොන ඔබ මේ ගැන දන්න­වාද?

බොහෝ දෙනකු ජීව­ත් වන්නේ පෙති අහුරු ගණන් දව­ස­කට ගිල දම­මින්. සම­හ­රුන්ට එක වේලක් පෙති නොබී ඉන්න බෑ. ශරී­රය ඒවාට ඒ තර­මට හැඩ­ගැ­හිලා. ආහා­ර­යට පෙර (හිස් බඩ) ඖෂධ ලබා­ගන්න කියලා කිය­නවා. ඔබ කෑම කන්න විනාඩි දෙක තුන­කට කලින් කෑමට පෙර පෙති බොනවා. එය එහෙම නොවේ විය යුත්තේ. ආහාර ගැනී­මට පැය­ක­ට­වත් කලින් පෙති බොන්න ඕනා. ආමා­ශ­යට හානි කරන ඖෂධ ලබා­ගත යුත්තේ ආහාර ගැනී­මෙන් පසු­වයි. ආහා­ර­යට පසු ගැනී­මට නිර්දේශ කර­න්නා වූ පෙති ආහාර ගැනීම අව­සන් කළ සැනින් ගත යුතුය. ඒ නමුත් දිය­වැ­ඩි­යාව සඳහා බොන පෙති කෑමට සුළු වෙලා­ව­කට පෙරයි ගත යුත්තේ.

(පොත පත ඇසු­රෙනි)

Comments