පුංචි තිරේ පෑ විශි­ෂ්ට­ත්වය සමඟ තුසිත ද සිල්වා යළි වේදි­කා­වට | සිළුමිණ

පුංචි තිරේ පෑ විශි­ෂ්ට­ත්වය සමඟ තුසිත ද සිල්වා යළි වේදි­කා­වට

අවු­රුදු 40 කට පස්සේ තමා වේදි­කාව දෙසට යළි මම හැරුණේ... ඇත්ත­ටම විශේ­ෂයි... මගේ මුල් කාලේ වේදි­කාව ඉතා­මත් හොඳින් ස්පර්ශ කරන්න ඉඩ ලැබුණා. ඒත් සම­ඟම පුංචි තිරය හරහා එක දිග­ටම අවු­රුදු ගණ­නා­වක් කාර්ය­බ­හුල වෙන්න සිදු වුණා. ගුණා­ත්මක ටෙලි නාට්‍ය හරහා තමා රූප­වා­හි­නියේ මා රැඳී වුන්නේ.. මම සතුටු වෙනවා හොඳ නිර්මාණ කරන්න ඉඩ ලැබීම ගැන. අවස්ථා රැසක මාව ඇග­යී­ම්ව­ලට ලක්වුණා. ටෙලි නාට්‍ය 17ක් පමණ කළාට පස්සේ පොඩි විවේ­ක­යක් මට ඕන වුණා. 

ඒ විවේ­කය මාව රැගෙන ආවේ වේදි­කාව දෙසට. යළිත් මට මගේ මුල්ම වේදිකා නාට්‍ය මතක් වුණා. වේදි­කාවේ එදා ලබපු රසය නැවුම් වෙන්නට ගත්තා. ඒ නිසා තමා යළි මම අලුත්ම වේදිකා නාට්‍ය­යක් ඔස්සේ කර­ළි­යට එන්න අද­හස් කළේ.. මොකද වේදිකා නාට්‍ය­යක් කරලා සජී­වීව රසික ප්‍රති­චාර ලබන්න මට ඇත්තෙ පුදුම ආසා­වක්. 

ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ තුසිත ද සිල්වා මේ විදි­හට බොහෝම සතු­ටින් කතා­බහ කළේ වසර 40 කට පසු ඔහු කරන වෙනස්ම මඟක් ගත් අපූ­රු­තම වේදිකා නාට්‍යයේ පෙර­හුරු කට­යුතු අතර මඟය. 

‘මම හිත­නවා යුග­යට ගැළ­පෙන වේදිකා නාට්‍ය­යක් බවට මෙය පත්වෙයි කියලා. මොකද මෙය දේශ­පා­ලන ප්‍රහ­ස­න­යක්. ‘රේ කුනී’ කියන නාට්‍ය­ක­රු­වාගේ ‘ටු - ඉන්ටු - වන්’ කියන නාට්‍යය ඇසු­රින් නිර්මා­ණය වූවක්. එක දිගට සින­හව අව­සා­නය දක්වාම තබා­ගත හැකි මේ නාට්‍ය නැර­ඹී­මෙන් අපේ මේ සින­හව යට ඇති ජීවි­තය හැමෝ­ටම පසක් වෙනවා. ආණ්ඩු පක්ෂ ඇම­ති­ව­ර­යෙක් විප­ක්ෂයේ මන්ත්‍රී­ව­රි­යක් රැගෙන හෝට­ල­ය­කට යනවා. පාර්ලි­මේන්තු විවා­ද­යක් අත­ර­තු­රයි මේ සිදු­වීම සිදු වන්නේ. මේ නිසා විශාල අර්බු­ද­යක් හෝට­ලය තුළ හට­ග­න්නවා... කතාවේ ආර­ම්භය තමා මේ ... පැය 1 1/2 ක් පුරා මෙය වේදි­කාවේ දිග හැරෙ­නවා. හොඳ ආස්වා­ද­යක් රසි­ක­යින්ට ගෙන­දේවී කියලා මට හිතෙ­නවා. 

සින­හව යට ගැඹුරු දෙයක් මේ නාට්‍යය තුළ දැක ගන්න පුළු­වන්.. ඉතිං මං ආරා­ධනා කර­නවා පුංචි තිරය හා මගේ ටෙලි නාට්‍යය රසය විදි සැමට වේදි­කාවේ මේ නැවුම් වෙනස අත්වි­ඳ­ගන්න සූදා­නම් වෙන්න කියලා.. ජීවි­තය කොත­නද එතන ඇත්තේ සින­හ­වයි. සින­හව කොත­නද එතන ඇත්තෙ ජීවි­ත­යයි. 

මේ මැයි මස 23 චරිත 5ක් කේන්ද්‍ර කර­ග­නි­මින් නිර්මා­ණය වූ ‘යතුරු හිලෙන් බලන්න’ප්‍රථම දිග­හැ­රුම මර­දාන - එල්පි­න්ස්ටන් හිදී පැවැත්වේ. ශ්‍රීයන්ත මෙන්ඩිස් , පබෝධා  සංදී­පනී, කුසුම් රේණු, අජිත් ලොකුගේ ඇතුළු ප්‍රවීන නළු නිළි පිරි­සක් රඟන මෙම නාට්‍යය පරි­ව­ර්ත­නය ප්‍රවීණ මාධ්‍ය­වේදී කුමාර සිරි­ව­ර්ධ­න­ගෙනි. ඔහුද මෙහි රංග­නයේ යෙදෙන අතර මුළු නාට්‍ය­යේම චරිත ගණන පහකි. සමන් නානා­ය­ක්කාර - කාමිනී රාජ­පක්ෂ නිෂ්පා­ද­න­යෙන් දායක වන මෙහි කලා අධ්‍ය­ක්ෂ­ණය චමින්ද ඉලු­ක්ව­ත්ත­ගෙනි. අධ්‍ය­ක්ෂ­ණය හා තිර රච­නය ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ තුසිත ද සිල්වා ගෙනි. 

Comments