පරණ ගෙයක් කඩලා අලුත් ගෙයක් හදන්නෙ බලා­ගෙ­නයි | සිළුමිණ

පරණ ගෙයක් කඩලා අලුත් ගෙයක් හදන්නෙ බලා­ගෙ­නයි

චිත්‍රාගෙ ගෙද­රට ඉස්ස­ර­වෙ­ලාම එන හැම යාළු­වෙක්ම වගේ, ආපහු පිට­ත්වෙලා යද්දී, නොවැ­ර­දීම චිත්‍රාට කියන හෑල්ලක් තිබුණා. 

“මේ පරණ මොඩ්ල් එක අද කාලෙට ගැළ­පෙන්නෙ නැති නිසා අලුත් පන්නෙට ගේ වෙනස් කර­ගන්න බල­පන්. උඩ තට්ටු­වක් කාරිය දාලා.”

එයාල එහෙම කියද්දි චිත්‍රා කියන්නෙ මෙහෙම 

“උඹල නං කියයි. කොහේ තියෙන සල්ලි ද බං..”

“සල්ලි වගේද, ලස්සන ගෙද­රක රැජි­නක් වගේ ඉන්න ලැබෙ­නවා නං ..” මේ වගේ පරණ ගෙවල් යා දෙන්නෙත් නැතිලු...”

යා දෙන්නෙ නෑ කියන කතා­වට නං චිත්‍රාට ටිකක් බය හිතිච්ච නිසාම, ගේ වෙනස් කරන්න ඕන කියල, කො‍හොම හරි අනු­ප­මත් වදෙන් පොරෙන් කැමති කරව ගත්තා. හැබැයි අර­හෙන් මෙහෙන් කඩලා බිඳලා මුක්කු ගහලා හදන්න නං මාස හත අටක් විතර ගියා.. ඒ වෙන­කොට දන්නෙම නැතුව ලක්ෂ පහ­ළො­ව­කට විතර ආසන්න මුද­ලක් ද විය­දම් වෙලා තිබුණා. 

“කීය ගියත් මොකද, දැන් අපිට තට්ටු දෙකක ගෙද­රක් තිය­නව නේ වැටිල ඉන්න. ඒ මදැ..” 

දෙන්නාම සැන­සුනේ එහෙම හිතලා. 

මොඩ් ගෙද­රට වයස මාස­යක් විතර වුණා. 

කර­දර එන්න පටන් ගත්තෙ නෑදෑයො ගෙද­රට එනව වගේ. 

මුලින්ම අනු­ප­මගෙ රස්සාව නැති­වුණා. වැඩ කරපු ආය­ත­නය වහල දාපු නිසා. පාඩුයි කියලා. ගෙදර අග­හි­ඟ­කම් පිරුණා. චිත්‍රා ලෙඩ ගාණ­න­ටම වැටුණා. සතුට හොරු අරන් ගිහින්. 

මේ අතර තමයි ඔවුන්ට ප්‍රවීණ වාස්තු­වේදී ගයාන් එර­මු­දු­ගොඩ මහතා මුණ­ගැ­හුණේ. අපි බලමු ඔහු මේ පිළි­බ­ඳව දරන අද­හස් මොන­වද කියලා. මේ ගෙවල් කැඩිල්ල සහ හැදිල්ල ගැන ඔහු කියන කතාව 

ගෙවල් කැඩිල්ල සහ හැදිල්ල

“අද කාලයේ බොහෝ දෙනෙක් කාලයේ තාල­යට ගැළ­පෙන විදි­යට තමා පදිං­චිව සිටින නිව­සට යම් වෙන­ස්කම් නවීන පන්නයේ ආකා­ර­යට සිදු කිරීම සුලබ දෙයක්. පදිං­චිව සිටින පැරණි නිවෙ­සට යම් යම් වෙන­ස්කම් සිදු කිරීම අලු­තෙන් ගෙයක් හදන තර­ම­ටම හෝ ඊටත් වැඩි­යෙන් අව­ධා­නය යොමු කිරීම වැද­ගත් 

අලුත් නිව­සක් හදද්දි තමන්ට කිසිදු බාහිර බාධ­ක­යක් නැතිව තමන්ට අවශ්‍ය පරිදි එය ගොඩ නගා ගැනීමේ නිද­හස තියෙ­නවා. 

නමුත් පැරණි නිවෙ­සක් වෙනස් කරන්න යෑමේදී ඇති­වන ප්‍රශ්න බොහෝ­මයි. මේ වෙනස් කිරී­මට වාස්තු විද්‍යාව අතින් කිසිදු බාධා­වක් නැහැ. නමුත් ඉදි­කි­රීම් කර­ගෙන යෑමේදී ඇති­වෙන ගැටලු ද බොහො­මයි. 

මොකද අලු­තින්ම ගෙයක් හැදී­මේදී ඒ සඳහා යෝජි­තව ඇති බිම් කඩේ පව­තින ඉඩ පරා­ස­යන් ඔබට හොඳින්ම පෙනෙ­නවා. නිවෙසේ වැඩ කට­යුතු ආර­ම්භයේ සිදු කරන ලණු ගැසීමේ සිට එහි ඉදිරි සිය­ලුම ඉදි­කි­රීම් කට­යුතු හොඳින් කර­ගෙන යාමට මෙම නිද­හස් ඉඩ­ක­ඩෙන් ඔබට ලැබෙන්නේ ලොකු රුකු­ලක්. ඒ වගේම හදන නිවෙ­සට ශක්ති­යක්. 

සර­ල­වම කිය­නවා නම් නිවෙස ඉදි­කි­රී­මේදී කළ යුතු එක් එක් කාර්ය­ය­න්ව­ලට, තවත් දෙයක් නිසා ඇති­වෙන බාධා­වීම් නොමැති හෝ අඩු­ක­ර­ගත හැකි අව­ස්ථා­වක් තමයි අලු­තින්ම ගේ හදන්න යොමු වීම. 

නමුත් ඒ වගේම පැරණි නිවෙස වෙනස් කිරී­මට වාස්තු විද්‍යාව අතින් හෝ තාක්ෂ­ණය අතින් කිසිම බාධා­වක් නැහැ. හැබැයි පදිංචි නිවෙ­සක් වෙනස් කිරී­මේදී මෙන්න මේ මේ ගැටලු ඇති­විය හැකියි. ඒවා අව­බෝධ කර­ගන්න. 

සම­හරු තනි තට්ටුවේ නිවෙසේ වහ­ලය ඉවත් කරලා තට්ටු දෙක­කට හදන්න උත්සාහ කර­නවා. වහ­ලය ඉවත් කළා කියන්නේ නිවෙසේ තිබෙන වටි­නා­කම සෑහෙන්න අඩු­වී­මක්. සිය­ලුම විදුලි තත් (wiring) ඇදීම් නැවත සිදු කිරීම, අලුත් ස්ලැබ් එක සඳහා අවශ්‍ය කණු නිවෙ­සට පිටින් සහ ඇතු­ළ­තින් ගැනීම, බේස් කණු සහ බිම් බිත්ති­ව­ලට පිට­තින් දැමී­මේදී ඇති­වෙන අව­ල­ස්සන බවට ප්‍රති­කර්ම, ටයිල් කළ නිවෙ­සක් නම් ඒවාත් බේස් වළේ ප්‍රමා­ණ­ය­ටම කැපීම, ඒ හිස් තැන්ව­ලට නැවත ටයිල් ඇල්ලී­මේදී එම ටයිල් වර්ග­යම සොයා ගැනීම, පැවති නිවෙස වෙනස් කළ පසුව එම වෙන­ස්කම් කිරී­මේදී සිදු­වෙන බාහිර අව­ල­ස්සන මුළු­ම­නින්ම මකා හැරී­මට, පව­තින බිත්ති බේර­මින් බොහොම සීරු­වෙන් සංය­ම­යෙන් ඉදි­කි­රීම් කට­යුතු කිරීම ආදී දහ­සක් කරුණු ගැන අව­ධා­නය යොමු විය යුතුයි.

මේ සඳහා ගත කරන කාලය සහ ඒ වෙනු­වෙන් යොදන මුදල ද වැඩි­විය හැකියි. සමස්ත විය­දම ගැන බැලී­මේදී අලු­තින් ගෙයක් හැදී­මත්, තිබෙන ගෙදර කඩා වෙන් කිරී­මත් අතර ඇත්තේ විශාල වෙන­සක්.

පදිංචි නිවෙ­සේම හිඳ වෙන­ස්කම් කිරී­මට පෙල­ඹෙන්න එපා. 

නවී­ක­රණ කට­යු­තු­ව­ලදී වහළ ගැල­වී­මට සිදු­වී­මත්, බිත්ති කොටස් කැඩී­මට සිදු­වී­මත්, විදුලි බල පද්ධ­තියේ ඇතැම් කොටස් තාව­කා­ලි­කව ඉවත් කිරී­මට සිදු­වී­මත් තුළ එම කාලය ඇතු­ළ­තදී නිවෙසේ රැදී සිටීම සුදුසු නැහැ. මොකද දුහු­විල්ල නිසා කුඩා දරු­වන්ට පවා ඇති­වෙන අතුරු ආබා­ධ­යන් ගැන අපි බෙහෙ­වින්ම සැල­කි­ලි­මත් විය යුතුයි. අස­නීප ඇති­වීමේ අව­දා­න­මත් වැඩියි. 

ඒ නිසා අලුත් නිවෙස හදා නිම කරන තුරු නිවැ­සි­යන් වෙනත් ස්ථාන­යක තාව­කා­ලි­කව පදිංචි වීම තමා වඩාත්ම සුදුසු 

මෙන්න මේ දේත් කියන්න ඕන. නිවෙස වෙනස් කිරී­මට කලින් ඒ සඳහා යන විය­දම ගැන මනා අව­බෝ­ධ­යක් ලබා ගන්න. විශේෂ හේතු­වක් නැත්නම් තියෙන ගෙදර කඩා බිඳ වෙනස් කර­න­වාට වඩා අලු­තෙන් ගෙයක් හැදීම ලාබ­යක් වගේම මුදල් ඉතු­රු­වක් ද වෙනවා. ඒ නිසාම ඔබ­ටත් ඇති­වෙන්නෙ සතු­ටක්. 

එකක් කඩ­තොළු මකා­ග­න්නට ගිහින් වෙච්ච දෙයක්

මං තවත් උදා­හ­ර­ණ­යක් කිය­න්නම්. අපි වාස්තු පරී­ක්ෂා­ව­කට ගිය එක් නිවෙ­සක. නිවැ­සි­යන්ට අවශ්‍ය වෙලා තිබුණේ තනි තට්ටුවේ නිවෙ­සම විශාල කරලා නවීන පෙනු­මක් ලබා දෙන්නට.

එයා­ලට නිවාස සැල­සුම් අව­ස්ථා­වේදී හෝ ඉදි­කි­රීම් අව­ස්ථා­වේදී නිවැ­රදි උප­දෙස් ලැබී තිබුණේ නැහැ. 

නිවෙසේ බිත්ති පිපිරී තිබුණු ස්ථාන­ව­ලට ඊට පිළි­ය­මක් විදි­යට කොන්ක්‍රීට් කණු යොදල තිබුණා. එකක් දෙකක් නෙමෙයි, කණු දොළ­හක්ම. කරුණු විම­සු­වාම කිව්වේ ඒ විදි­යට උප­දෙස් ලැබුණා කිය­ලයි. එහෙම කළේ වහලේ බර දර­න්නලු. 

පැරණි ගෙද­රට අලුත් අත්ති­වා­රම් කොටස් දමා තිබුණේ සොහොන් රාමු හැදෙ­න්නට. ඒ කියන්නේ සොහොන් පරාල රාමු. 

මේ සොහොන් පරාල රාමු නිවෙ­ස­කට යෙදීම තුළ තද බල අසුබ ඵල උදා­වෙ­නවා. පරාල ගහන වැරදි ක්‍රම­ව­ලින් එහෙම නැත්නම් පරාල මූට්ටු කරන ක්‍රම­වේද තුළින් අසු­බම ක්‍රම­වේ­ද­යක් තමයි මේ සොහොන් පරාල රාමු ක්‍රමය. අපි ඒ ගැන ඉදිරි සති­ය­කදී කතා කරමු. 

ඉතින්, ඒ නිවෙසේ වැඩ පටන් අර­ගෙන ටික දින­කදී නිවෙසේ ඉදි­කි­රීම් වැඩත් නැවතී, ගෙහි­මි­යාගේ රැකි­යා­වත් අහිමි වී ඉතාම අස­රණ තත්ත්ව­ය­කට පත් වී තිබුණා.

නිවෙසේ පව­තින වාස්තු දෝෂ­යන් මෙම ප්‍රති­ඵල උදා­වීම සඳහා බොහෝ දුරට හේතු­වක්. 

ලක්ෂ අටක් පමණ ‍මේ ටිකට විය­දම් වුණාලු. අව­බෝ­ධ­යෙන් යුතුව සියලු වැඩ කට­යුතු කිරීම කළ යුතු වෙනවා. නැත්නං වෙන්නෙ අර එකත් කඩ­තොළු මකා­ග­න්නට ගිහින් දෙකක් කඩ­තොළු හදා­ගත්තු ඉඳු­රුවේ ආචා­රි­යාට වුණ දේමයි.

පරණ ගෙද­රක් යා නොදීම

පරණ ගෙද­රක් යා නොදීම කියල කියන දේ තුළත් ඇත්තක් තිබෙ­නවා. මොකද අපි ගෙයක් හදන්නෙ විශාල විය­ද­මක් දරලා. අවු­රු­ද්දෙන් අවු­රු­ද්දට ගෙවල් හදන්න අපට බැහැ. නමුත් ගෙද­ර­කට වාස­නාව ගෙනෙන එක්තරා කාල සීමා­වක් තිබෙ­නවා.

රජ­වා­ස­ලට වුණත් එහෙ­මයි. දැන් බලන්න වලව් ක්‍රමය. වලව්වෙ මුද­ලි­තු­මාලා ඉස්සර බැබ­ළුණා. නමුත් දැන් වලව් අභා­ව­යට ගිහින්. බොහොම පැරණි ගෙව­ල්වල තත්ත්වය වුණත් ඒකයි. 

හැබැයි ඒවා වෙනස් කරලා අලු­තින්ම ගේ හද­නවා නං අපි ලස්සන වගේම ගෙද­රට සෞභාග්‍ය ඇති­වෙන ක්‍රම­වේද ගැනත් හිතන්න ඕන. වාස්තු බල­නවා කියන්නේ ඒකයි. අපිට හිතූ හිතූ හැටි­යට ගෙවල් ඉදි­ක­රන්න බැහැ. 

පරණ ගෙවල් මොඩ් කරන්න ගිහින් අර­හෙන් මෙහෙන් කඩලා බිඳලා හදන්න ගියොත් වෙන්නෙ විනා­ශ­යක්. 

පරණ ගෙදර වෙනස් කරන්න ඔබ­ටත් අද­හ­සක් ආවොත් වාස්තු ක්‍රම පාවිච්චි කරන්න. සම­හර බාසු­න්නැ­හේලා ඉන්නවා වාස්තු වේදය හොඳින්ම හසු­රු­වන. නමුත් සම­හරු, එයා­ලට වුව­මනා විදි­යට හිතු­මතේ වැඩ කර­නවා. එයා දක්ෂ කෙනෙක් වෙන්න පුළු­වන්. 

නමුත් යා දෙන නිවෙ­ස­කට නැකැත්, පූජා­වන්, වාස්තු, වඩු වැඩ හා ඉදි­කිරී‍මේ ආදී ඔය සිය­ල්ලම එක හා සමා­නව වැද­ගත් වන බව කිව­යු­තුයි. එකම තැනක හෝ අඩු­වක් සිදු වුණොත් ඒ අඩුවේ බර­ප­ත­ළ­කම විනා­ශ­යක් වෙන්නත් ඉඩ තිබෙ­නවා.”

ප්‍රවීණ වාස්තු­වේදී ගයාන් එර­මු­දු­ගොඩ මහතා පැවසූ අද­හස් තමා මෙහි සඳ­හන් කළේ. ඒ වගේම මේ දේත් කිව­යු­තුයි. චිත්‍රාට ලැබුණු යම් යම් සරල වාස්තු උප­දේශ මඟින්, දැන් චිත්‍රා ආයෙත් ජීවි­තය සතු­ටින් ගොඩ නගා­ගෙන තිබෙන බවත් මෙහිදී කිව යුතු­මයි. 

Comments