කොර­ළ­ව­ලට යන්න කියමු | සිළුමිණ

කොර­ළ­ව­ලට යන්න කියමු

නී රෝගි පැහැ­පත් සුන්දර සමක් කියන්නේ හැම තරු­ණි­ය­ක­ගේම හීන­යක්. ඒත් සම අධික ලෙස වේළී ඉරි තැලෙ­නවා, කස­නවා නම් ඒ නිසා­ සමේ සොඳුරු බව මැකී යන්න පටන් ගන්නවා. මේ දින­වල පව­තින දැඩි උණු­සුම එක්ක බොහෝ අය වියළි සම­කින්, කොරළ ඇති වීමෙන් දැඩි පීඩා­වට අප­හ­සු­වට පත් වෙලා. කොරළ කියන්නේ ශරී­රයේ අධික උෂ්ණ­ත්වය වගේම ශරී­ර­යට අවශ්‍ය ආහාර සහ පෝෂක නොලැ­බීම නිසා වයස් භේද­ය­කින් තොරව ඇති­ වන ගැට­ලු­වක්.

බොහො­ම­යක් කොරළ රෝගී තත්ත්ව පාර­ම්ප­රි­කව එන්නත් පුළු­වන්. නැති­නම් කලින් කිව්වා වගේම තමන්ගේ නොසැ­ල­කි­ලි­ම­ත්කම නිසා ඇති වෙන්නත් පුළු­වන්. කොහොම වුණත් සමෙහි තෙත­ම­නය රඳා පවත්වා ගනි­මින් නිර­තු­රුව පිරි­සු­දුව සිටීම ඉතා වැද­ගත්. සමෙහි තෙත­ම­නය රඳවා ගන්න නම් ඔබ ජලය වතුර ලීටර් තුන­ක්වත්  පානය කළ යුතු­මයි. 

වැඩි­හිටි පුද්ග­ල­යෙක් අවම වශ­යෙන් තමන්ගේ සිරුරේ බර තිහෙන් බෙදු­වාම එන අගයේ ප්‍රමා­ණ­ය­ට­වත් වතුර පානය කළ යුතුයි. උදා­හ­ර­ණ­ය­කට අපි හිත­මුකෝ ඔබේ බර 60kg  කියලා. එත­කොට එය තිහෙන් බෙදු­වාම ලැබෙන්නේ 2යි. ඒ කියන්නේ දව­සක ලීටර් දෙක­ක්වත් අවම වශ­යෙන්  ජලය පානය කළ යුතුයි. එය පුංචි උදා­හ­ර­ණ­යක් විත­රයි. ඔබේ ශරී­රයේ වතුර ප්‍රමා­ණය අඩු වෙනවා කියන්නේ ඔබේ සමේ විය­ළී­මත් වැඩි වෙනවා. 

ඔබේ සිරු­රට ගැළ­පෙන මොයි­ස්ච­ර­යි­සර් ක්‍රීම් එකක් සහ සන් බ්ලොක් ක්‍රීම් එකක් තෝරා ගන්න. අව්වට යනවා නම් විනාඩි විස්ස­කට කලින් අනි­වා­ර්යයෙන් ම සන් බ්ලොක් එක ආලේප කරන්න. පැය දෙක­කට වතා­වක් නැවත ආලේප කර­න්නත් අම­තක කරන්න එපා. මොකද ඕනෑම ආලේ­ප­න­යක ක්‍රියා­කා­රි­ත්වය රඳා­ප­ව­තින කාල සීමා­වක් තියෙ­නවා.  

හැකි තරම් සබන් භාවි­තය අඩු කිරී­මත් වැද­ගත්. සම­හර සබ­න්වල තිබෙන සංඝ­ටක සම විය­ළී­ම­කට ලක් කර­නවා වගේම ස්වභා­වික තෙත­ම­නය නැති කර­නවා. හැකි නම් බොඩි වොෂ් එකක් පාවිච්චි කරන්න. කිසිම වෙලා­වක ස්නානය සඳහා උණු­සුම් ජලය භාවිත කරන්න එපා. සම විය­ළෙන්න වගේම තවත් විවි­ධා­කාර රෝග ඇති වීමට එය එක් හේතු­වක්.  උණු­සුම් ජලය නිසා හිස­කෙස් වුණත් ගැලවී යන්න පටන් ගන්නවා. නිත­රම යටි­ප­තුල් මැද පිරි­සුදු කර­ගන්න, බේබි ක්‍රීම් වැනි ආලේ­ප­න­යක් ආලේප කර හොඳින් සම්බ­හා­නය කරන්න. ඒ වගේම මතක තියා­ගන්න ඕනි කාර­ණාව තමයි දිය­වැ­ඩියා රෝගී තත්ත්ව­ය­කින් පෙළෙන කෙනෙක් නම් සමේ ඉරි­තැ­ළුණු හම කොටස් කපන්න හොඳ නැහැ. 

හැකි තරම් සමේ තෙත් ගතිය සුර­කින ආහාර පාන වර්ග ලබා ගන්නත් අම­තක කරන්න එපා. බාර්ලි ඇට, සව්, කස කසා ඇට බොන්න. හැකි නම් කොමඩු කැබැ­ල්ලක්, පිපිඤ්ඤා වැනි ඇඟ නිවෙන, සිසිල් කරන ආහාර පාන එකතු කර­ගන්න. යෝගට් එකක්, අලි ගැට පේර ගෙඩි­ය­කින් කොට­සක් ආහා­ර­යට අර­ගෙන ඉතිරි වුණොත් පොඩි කරලා පැක් එකක් වගේ කොරල තියෙන තැන්ව­ලට ආලේප කරලා සාමාන්‍ය ජල­යෙන් විනාඩි විස්ස­කින් විතර සෝදන්න. 

ඒ වගේම කෝමා­රිකා මද­යත් සුරලා අර­ගෙන මුහුණේ ගාන්න. මේ දේව­ල්ව­ලට ඔබේ සම ආරක්ෂා කරන්න පුළු­වන්. ඔලිව් තෙල් ආලේප කිරී­මත් සමට හිත­ක­රයි. ඒ වගේම මතක කියා­ගන්න ශීත කළ ජලය, වර්ණ යෙදු පැණි බීම පාන­යෙන් හැකි තාක් වළකින්න. ගොඩක් උෂ්ණ ආහාර නම් සුදු­සුම නැහැ. 

සමේ රෝම කුප ඉවත් කරන කොටත් සම විය­ළෙනවා වගේම සමට හානි වෙනවා. ඒ නිසා රූප­ලා­වණ්‍ය ශිල්පි­නි­ය­කගේ උප­දෙස් මත වැක්ස් කරන්න. සහ ඔබේ සමට ගැළ­පෙන ආලේ­පන තෝරා ගන්න. මතක තියා ගන්න ආලේ­පන ගල්වන කොට රෝම කූප ඇති පැත්තට ආලේප කරන්න. 

විශේ­ෂ­යෙන්ම දැඩි උෂ්ණ­ත්වය පව­ති­ද්දී සිල්ක් ඇදුම් ඇඳී­මෙන් වළකින්න. හැකි තරම් දහ­දි­යට ඔරොත්තු දෙන කපු ඇඳුම් අඳින්න පුළු­වන් නම් එය ඔබට පහ­සු­වක් ගෙනේවි…

Comments